07/04/2025
ජීලෝන් බංගලාවේ ගතකල සුන්දර දවසක්💚💐
2️⃣0️⃣2️⃣5️⃣💚0️⃣4️⃣💚0️⃣3️⃣
මොනරාගල නගරයට ගියහම ඊට උඩින් පෙනෙන ජීලෝන් කන්දේ වතුයාය මුදුනේ සුද්දන් විසින් ඉදිකළ ලස්සන බංගලාව තමයි ජීලෝන් බංගලාව.ඌව පළාත් සංචාරක අමාත්‍යාංශය යටතේ දැන් පාලනය වන ස්ථානයක් මේ බංගලාව. පවුලේ අය එක්ක යාළුවෝ එක්ක යන්න හොඳම තැනක් ජීලෝන් කියන්නේ.ඒ සඳහා ඌව පළාත් සංචාරක අමාත්‍යාංශයේ අදාල අයට කතා කරලා මුදල් ඔවුන්ගේ ගිණුමට බැර කරලා බංගලාව දිනකටඅවශ්‍ය සියළුම ආහාර පාන සපයා ගත්තා.
අවශ්‍ය සියළුම ආහාරපාන පිටින් රැගෙන යායුතු වෙනවා.උයාගන්න සියළුම පහසුකම් එහි තියෙනවා. මොනරාගල නගරයෙන් යන ගමන් අවශ්‍ය සියලුම දේවල් ගන්න පුලුවන්. බංගලාවට ගියාට පස්සෙ ආපසු නගරෙට එන එක හිතන තරම් ලේසි නැති නිසා අවශ්‍ය ඔක්කොම මතක ඇතුව ගෙනියන්න ඕන.
බංගලාවට යන මාර්ගය ඉතා දුෂ්කර කඳු වංගු සහිත පාරක්. මොනරාගල නගරයේ සිට කිලෝ මීටර් පහ හයක් දුරින් පිහිටා තිබුනත් බංගලාවට යන තුරුම වංගු සහිත පටු පාර නිසා අපි මේ ගමන ගියේ බොලෙරෝ ජීප් රථයක. පොල් පැටෙව්වා වගේ ඕනවටත් වැඩිය අපිම පුලු පුලුවන් විදිහට සීට් වල ඇහිරිලා ගියා.මගට යනකොට තමා තේරුනෙ මේ අය කොච්චර අවදානම් ගමනක්ද මේ ජීවිත ගානක් පරිස්සම් කරන් අරන් යන්නෙ කියලා.
බංගලාවට යන ගමන් මාර්ගය ආරම්භ වෙන්නෙ සුද්දන් විසින් සාදන ලද විශාල රබර් ෆැක්ටරිය ලඟින්. අද මොනරාගල ක්‍රේප් රබර් නිශ්පාදනය කරන්නේ මේ ෆැක්ටරියෙ. එතන ඉඳලා කිලෝමීටරයක් දෙකක් විතර යනකම් දෙමළ ලැයිම් හමුවෙනවා. ඊට පස්සෙ කැඩුනු වලවල් සහිත පර්ණ තාර පාර දිගේ වංගු පල්ලම් වලින් බංගලාවට වතුයාය මැදින් යන්න තියෙන්නෙ. උඩට යන්න යන්න ඉස්සරම කාලේ හිටවපු යෝධ රබර් ගස් තේ ගස් මහෝගනී පයිනස් ගස් පාර දෙපැත්ත ලස්සන කරනවා. ඒවා සේරම සුද්දො හිටවපු ගස් වෙන්න ඇති.ඒ වගේම ඒ කාලේ කඳු සහිත වතුයායක් නිසා ඇතිවන සෝදාපාළුව වළක්වන්න බැඳපු ගල් බැමි හරිම ආඩම්බරයෙක් ඉන්නවා වගේ පෙනුනේ. හරියට අපි නිසා තමයි මේ වත්ත මෙහෙම රැකිලා තියෙන්නෙ කියන්න වගේ.ලොකු සිමෙන්ති ගල් තරම් හැඩේට කළුගල් වලින් නිර්මාණය කරලා හදල තියෙන්නෙ.
වතුයාය උඩට යනකොට මොනරාගල නගරය ඈත වටපිටාව සොබාදහම හරි ලස්සනය පේනවා. හරිම පාළු ඒත් හිතට අර අපි කතා බහට කියන මාරම නිදහසක් දැනෙනවා එතනට ගියහම.හරිම ලස්සන තැනක බංගලාව හදල තියෙන්නෙ. ඒ අතින්නම් සුද්දොන්ට තියෙන්නෙ මාරම ඇහැක්.අපි එදා බංගලාවට එනකොට දවල් එකොලහට විතර ඇති මේ බංගලාවෙ ලයිට් වතුර තියනවා. සම්පූර්ණ හදලා තියෙන්නෙ කලුගලින්. තට්ටු දෙකක් තියන බංගලාවේ උඩ තට්ටුව හදලා තියෙන්නෙ තේක්ක ලී වලින්. යට තට්ටුවෙ ලොකු කාමර තුනයි.වහල දාපු ඒවත් කීපයක් තිබුනා. නිදන කාමර කෑම කාමරය ටීවී බලන්න වෙනම කාමරක් මුළුතැන්ගෙය විශාල ආලින්දයක් වගේම නාන කාමර පවා පහළ මහලෙ තියනවා. ඒ වගේම නිදන කාමර කීපයක් වගේම විශාල බැල්කනියක් වගේ කොටසක් ඉහළ මහලේ තියනවා.උඩ තට්ටුවට යන්න තියෙන්නෙ තේක්ක පියගැට පෙලකින්.
අමුත්තන්ට භාවිතා කිරීමට අංග සම්පූර්ණ මුලුතැන් ගෙයක් ඒ ආසන්නයේ වෙනමම තියෙනව. අපේ අයට අවශ්‍ය ආහාර පාන සකසා ගත්තෙ අපි ඒ මුළුතැන්ගෙයි.ඒකටම අල්ලලා වාහන නවත්තන ගරාජය හදල තියෙනවා.
බංගලාවෙන් චුට්ටක් පහළ වෙන්න පිහිනුම් තටාකයක් තියනවා. මේක සුද්දො හදල තියෙන්නෙ තනිකරම ලොකු කළුගල් ස්ලැබ්ස් වලින්ලු. ඒත් දැන්නම් ඊට උඩින් ටයිල් අතුරලා. කලුගලින් නිම වූවක් කියලා හොයන්නවත් බැරි තරම්. තටාකයට වතුර එන්නෙත් ගලක් යටින් එන උල්පතක් හරස් කරලා. මොනරාගල ජනතාවගෙ ජල අවශ්‍යතාව සපයන්නෙත් මේ වතුයායේම පිහිටි ජීලෝන් ජලමූලාශ්‍රයෙන්. බංගලාවේ ඉඳලා උඩ පැත්තට වෙන්න පඩිපෙළ නැගලා ගියහම විවේකීව කාලය ගතකරන්න කුටියක් හදල තියනවා. එතනට ගියහම කන්ද පැත්තෙ කොටසකුයි තැනිතලා ප්‍රදේශය ඈතට යනකලුයි හරි ලස්සනට පේනවා.
ගියපු වෙලාවේ ඉඳලා බංගලාව ඇතුලෙ ඇවිද ඇවිද බඩු මුට්ටු කාමර නැරඹුවා. තියෙන සෑම ගෘහ භාණ්ඩයක්ම ලී වලින් හරි ලස්සනට හදලා තිබ්බා. ටීපෝ, මේස, පුටු ආදී හැම දෙයක්ම ලී වලින් තිබුනේ. වේවැල්වලින් හදපු පුටු කීපයකුත් තිබුනා. දිවා ආහාරය ලෙස අපේම අය උයපු කෑම බීම වලින් බඩකට පුරවගෙන පොඩි පොඩි සුහද ක්‍රීඩා කීපයකුත් කරලා අපිම අරන් ගිය සංගීත භාණ්ඩ වලින් සින්දු දාලා ඩාන්ස් කරලා සින්ඳු කියලා ඇඳිරි වැටෙනකොට නැවත අපේ වාසස්ථාන වලට එන්න පිටත් උනා. සංගීත භාණ්ඩ සපයන්නෙ නැති නිසා අපිට ඒවා අරන් යන්න පුළුවන්.
බංගලාවට සමුදීලා නැවත අර දුෂ්කර මාර්ගයේ වංගු ප්‍රපාත හරි සීරුවට බහිනගමන් එකා පිට එකා වාහනේ ඇතුලෙ එහෙ මෙහෙ විසිවෙවී එකතු කර ගත්ත අමතක නොවන සුන්දර අත්දැකීම් ගොඩක් එකතු කරගෙන අපි සැවොම අපගේ ගමන නිමා කරා. ඔයාලත් අනිවාර්යයෙන් යන්න. හැබැයි ඒ ලස්සන පරිසරය විනාශ නොකර.
නැවත දවසක ජීලෝන් බංගලාවේ රාත්‍රියක් ගත කිරීමටද අවස්ථාවක් අනිවාර්යයෙන්ම උදා කර ගත යුතුය කියන හැඟීම හිතේ කොනක තැන්පත් කරගෙන මම බංගලාවට සමුදුන්නා.
✍️සනු❤️