12/06/2026
ලස්සන දවසක් වේවා💚💐🫶
ගේම අතාරින්න හිතුනොත් මතක් කර ගන්න
ඔයාව හෑල්ලු කරපු උන් තාමත් ඔයාගෙ පරාජය බලාපොරොත්තුවෙන් ඉන්න බව..
ඒ නිසා වැටුණත් ඔයා නැගිටින්න ඕන බව,
මොකද වැටෙන එක පරාජයක් නෙවෙයි,
නැගිටින්න පුළුවන්කම තියෙද්දිත්,
අතාරින එකයි පරාජය..
ජීවිතේ සමහර දවස් හරිම බරයි,
හිතේ ශක්තිය ඉවර වෙලා වගේ දැනෙයි..
ඒත් අඳුරුම රෑකට පස්සෙත් ලස්සනට
ඉර පායනවා වගේ,
දුෂ්කරම කාලෙකට පස්සෙත් හොඳ
දවසක් අපේ ජීවිතේට උදා වෙනවා..
ඒ බලාපොරොත්තුව නිතරම හිතට ගන්න..
තමන්ගෙ ගමන නවත්තන්න හදන අය ඕනතරම් ඉඳීවි,
බැහැ කියලා වට්ටන අය ඕන තරම් ඉඳීවි,
ඒත් තමන්ගෙ වටිනාකම තීරණය කරන්න
කාටවත් ඉඩ දෙන්න එපා..
ඉවසීමෙන් ඉදිරියට යන්න..
අඩියෙන් අඩිය ඉස්සරහට යන්න..
දවසක ඔයාගෙ ජයග්‍රහණය,
අද ඔයාව හෑල්ලුවට ගත්ත හැමෝටම
නිහඬ පිළිතුරක් බවට පත් කරලා පෙන්නන්න..
ඒ නිසා හයියෙන් පෙළොවෙ
පය තියලා හිටගන්න..
තව එක පියවරක් ඉස්සරහට
තියන විදිහ ගැන කල්පනා කරන්න..
හිතනවට වඩා ඔයා හුගක් ශක්තිමත්,
හිතනවට වඩා දුරක් යන්න ඔයාට පුළුවන්..
ඒ විශ්වාසයෙන් ඔයාගෙ හීන
පස්සෙ ඇවිදන් යන්න..💚💐🫶
゚