IDB Media

IDB Media Bringing you the latest news and stories of IDB

https://youtu.be/Y2WkBpZBLOM?si=PH_jIM9TIJZWQkMe
12/06/2025

https://youtu.be/Y2WkBpZBLOM?si=PH_jIM9TIJZWQkMe

HAPPY MIND -සංත්‍රාස ප්‍රහාරයක් (Panic Attack) තුළින් සංත්‍රාස අක්‍රමතා (Panic Disorders) (ආබාධ)-භාවාතීෂ මාධ්‍ය වාර්තාකරණයෙන් මානසික ආබාධ .....

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාත්‍යන්තර කර්මාන්ත එක්ස්පෝ 2024 ... International Industry Expo -2024 ..ජූනි 22 දා.... අධ්‍යාපන...
22/06/2024

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාත්‍යන්තර කර්මාන්ත එක්ස්පෝ 2024 ... International Industry Expo -2024 ..ජූනි 22 දා.... අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රෙමජයන්ත මහතා විවෘත කරනු ලැබීය ....

කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි..කර්මාන්ත අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් , කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සංවිධායකත්වයෙන්, රටේ කර්මාන්ත අභිමානය රටට හා ලොවට ගෙනයන, ඉන්ටනැෂනල් ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2024 (International Industry Expo 2024), ප්‍රථම ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ලෙස ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා ඔබට ආරාධනා කරයි.

#නවෝත්පාදන...කේන්ද්‍ර කරගත් නිෂ්පාදන කර්මාන්ත ආර්ථිකයක් වෙත ...අපගේ කර්මාන්තකරුවන් , ව්‍යවසායකයන් යොමුකිරීම අනාගත ඉලක්ක ජයග්‍රහණය කිරීමට හේතු වන බවත් , ඒ සදහා පාසැල් අධ්‍යාපනය කේන්ද්‍ර කරගත්...ශිෂ්‍ය ව්‍යවසායකත්ව කව ඉතා වැදගත් බවත්, එය වටහා ගත්, කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ වනවිටත් අධ්‍යාපන අමාත්‍යාංශය සමග එකතුව පසැල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව ආරම්භ කර තිබෙනවා...එය අනාගතය වෙනුවෙන් කළ විශිෂ්ට ආයෝජකයක් බව...සදහන් කළ යුතුයි " යැයි...අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රෙමජයන්ත මහතා පැවසීය.

මෙම අවස්ථාවට ආරාධිතයින් ලෙස, වයඹ ආණ්ඩුකාර නෂීර් අහමඩ්,කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් සිල්වා , අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, කර්මාන්ත අමාත්‍යාංශයේ හිටපු ලේකම් තිලකා ජයසුන්දර මහත්ම, මහත්මීන්ද සහභාගි විය.

මෙම දැවැන්ත කර්මාන්ත ප්‍රදර්ශනය විවෘත කිරීමෙන් අනතුරුව අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රමුඛ ආරාධිතයින් ප්‍රදර්ශන කුටි කීපයක් ද නැරඹීමට...එක්විය...

මෙම ජාත්‍යන්තර කර්මාන්ත එක්ෂ්පෝ..International Industry Expo 2024, මහා ප්‍රදර්ශනය 2024 ජුනි මස 23දා දක්වා, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

මෙම ප්‍රදර්ශනයට,විවිධ රටවල් නියෝජනය කරමින්.. ජාත්‍යන්තර කර්මාන්ත ව්‍යවසායකයින් මෙන්ම දේශීය මහාපරිමාණ හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් දහසකට අධික ප්‍රමාණයක් සහභාගීවීමට නියමිතය. මෙහි ප්‍රදර්ශන කුටි..1307 ක් පමණ තිබෙන අතර..මෙහි..වෙනම පරිශ්‍රයක්...හරීත කර්මාන්ත කලාපයක් ලෙස පළමු වරට ප්‍රදර්ශනයට එකතු කරතිබීම විශේෂත්වයකි. එමෙන්ම මෙම ප්‍රදර්ශන කාලය තුළ..හරීත කර්මාන්තකරණය පිළිබඳ ..පර්යේෂණාත්මක විද්වත් සමුළුවක්ද...පැවැත්වෙන බව කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා පැවසීය .

මම අවස්ථාවට... අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ , ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම , අධ්‍යක්ෂ ජනරාල් එස්.ජී.සමරකෝන් මහත්ම මහත්මීන්ද සහභාගි විය.

ඩී. එස් .එන්.රාජපක්ෂ
මාධ්‍ය උපදේශක

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාත්‍යන්තර කර්මාන්ත එක්ස්පෝ 2024 ... International Industry Expo -2024 ..ජූනි 21 දා.... විදේශ කට...
22/06/2024

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාත්‍යන්තර කර්මාන්ත එක්ස්පෝ 2024 ... International Industry Expo -2024 ..ජූනි 21 දා.... විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා විවෘත කරනු ලැබීය ....

කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි..කර්මාන්ත අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් , කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සංවිධායකත්වයෙන්, රටේ කර්මාන්ත අභිමානය රටට හා ලොවට ගෙනයන, ඉන්ටනැෂනල් ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2024 (International Industry Expo 2024), ප්‍රථම ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ලෙස ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා ඔබට ආරාධනා කරයි.

#ආයෝජකයින් හා කර්මාන්තකරුවන් රටක ආර්ථික සංවර්ධනය ඇතිකරන ගාමක බලවේගය වන බවත්....ඔවුන්...තම නිෂ්පාදන අපනයනය කරමින් මෙරටට ඩොලර් උපයාදෙන බවත්....එමනිසා...මෙවැනි ප්‍රදර්ශන මගින්....රටේ නිෂ්පාදන කර්මාන්ත ආර්ථික යේ ශක්තිය ගැන ...ලෝකයටම කිවහැකි බව" අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවසීය.

මෙම අවස්ථාවට ආරාධිතයින් ලෙස, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය , පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා, මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහත්වරුද සහභාගි විය.

මෙම දැවැන්ත කර්මාන්ත ප්‍රදර්ශනය විවෘත කිරීමෙන් අනතුරුව අමාත්‍ය අලි සබ්‍රි මහතා ප්‍රමුඛ ආරාධිතයින් ප්‍රදර්ශන කුටි කීපයක් ද නැරඹීමට...එක්විය...

මෙම ජාත්‍යන්තර කර්මාන්ත එක්ෂ්පෝ..International Industry Expo 2024, මහා ප්‍රදර්ශනය 2024 ජුනි මස 23දා දක්වා, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

මෙම ප්‍රදර්ශනයට,විවිධ රටවල් නියෝජනය කරමින්.. ජාත්‍යන්තර කර්මාන්ත ව්‍යවසායකයින් මෙන්ම දේශීය මහාපරිමාණ හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් දහසකට අධික ප්‍රමාණයක් සහභාගීවීමට නියමිතය. මෙහි ප්‍රදර්ශන කුටි..1307 ක් පමණ තිබෙන අතර..මෙහි..වෙනම පරිශ්‍රයක්...හරීත කර්මාන්ත කලාපයක් ලෙස පළමු වරට ප්‍රදර්ශනයට එකතු කරතිබීම විශේෂත්වයකි. එමෙන්ම මෙම ප්‍රදර්ශන කාලය තුළ..හරීත කර්මාන්තකරණය පිළිබඳ ..පර්යේෂණාත්මක විද්වත් සමුළුවක්ද...පැවැත්වෙන බව කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා පැවසීය .

මම අවස්ථාවට... අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ , ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම , අධ්‍යක්ෂ ජනරාල් එස්.ජී.සමරකෝන් මහත්ම මහත්මීන්ද සහභාගි විය.

ඩී. එස් .එන්.රාජපක්ෂ මාධ්‍ය උපදේශක

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාත්‍යන්තර කර්මාන්ත එක්ස්පෝ 2024 ... International Industry Expo -2024 ..ජූනි 20 දා....ගරු අගමැත...
21/06/2024

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාත්‍යන්තර කර්මාන්ත එක්ස්පෝ 2024 ... International Industry Expo -2024 ..ජූනි 20 දා....ගරු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විවෘත කරනු ලැබීය ....

කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි..කර්මාන්ත අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් , කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සංවිධායකත්වයෙන්, රටේ කර්මාන්ත අභිමානය රටට හා ලොවට ගෙනයන, ඉන්ටනැෂනල් ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2024 (International Industry Expo 2024), ප්‍රථම ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ලෙස ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා ඔබට ආරාධනා කරයි.

#ආයෝජකයින් හා කර්මාන්තකරුවන් දිරි ගන්වන ජාතික කර්මාන්ත ප්‍රතිපත්තියෙන් සකස් කිරීමට රජය පියවර ගෙන තියෙනවා .............

#කර්මාන්ත එක්ස්පෝ ජාත්‍යන්තර මහා ප්‍රදර්ශනය දෙවෙනි දින විවෘත කරමින් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා කියයි...

"මෙරටේ ආර්ථිකය සංවර්ධන කිරීමට නම්...ආයෝජකයන් හා කර්මාන්ත ව්‍යවසායකයන් දිරිමත් කරන....ජාතික කර්මාන්ත හා ව්‍යවසායකත්ව ප්‍රතිපත්තියෙන් ඇති කළ යුතු බවත්, ඒ සදහා රජය මේ වනවිට පියවර ගෙන තිබෙන බවත්,...මේ මගින් අපේ රටේ තිරසාර ආර්ථික සංවර්ධනයක් ඇති කළ හැකියි. එහි වගකීම කර්මාන්ත අමාත්‍යාංශයට හා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයට පැවරෙන බව....අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය ....

මෙම දැවැන්ත කර්මාන්ත ප්‍රදර්ශනය විවෘත කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා ප්‍රදර්ශන කුටි කීපයක් ද නැරඹීමට...එක්විය...

මෙම ජාත්‍යන්තර කර්මාන්ත එක්ෂ්පෝ..International Industry Expo 2024, මහා ප්‍රදර්ශනය 2024 ජුනි මස 23දා දක්වා, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

මෙම ප්‍රදර්ශනයට,විවිධ රටවල් නියෝජනය කරමින්.. ජාත්‍යන්තර කර්මාන්ත ව්‍යවසායකයින් මෙන්ම දේශීය මහාපරිමාණ හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් දහසකට අධික ප්‍රමාණයක් සහභාගීවීමට නියමිතය. මෙහි ප්‍රදර්ශන කුටි..1307 ක් පමණ තිබෙන අතර..මෙහි..වෙනම පරිශ්‍රයක්...හරීත කර්මාන්ත කලාපයක් ලෙස පළමු වරට ප්‍රදර්ශනයට එකතු කරතිබීම විශේෂත්වයකි. එමෙන්ම මෙම ප්‍රදර්ශන කාලය තුළ..හරීත කර්මාන්තකරණය පිළිබඳ ..පර්යේෂණාත්මක විද්වත් සමුළුවක්ද...පැවැත්වෙන බව කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා පැවසීය .

මම අවස්ථාවට...අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ , අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්ච්, රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර , චාමර දසනායක ,ඩී.ඩී.හේරත්, අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ , ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම , අධ්‍යක්ෂ ජනරාල් එස්.ජී.සමරකෝන් මහත්ම මහත්මීන්ද සහභාගි විය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාත්‍යන්තර කර්මාන්ත එක්ස්පෝ 2024 ... International Industry Expo -2024 ..ජූනි 19 දා....ගරු ජනාධි...
21/06/2024

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාත්‍යන්තර කර්මාන්ත එක්ස්පෝ 2024 ... International Industry Expo -2024 ..ජූනි 19 දා....ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විවෘත කරනු ලැබීය ....

කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි..කර්මාන්ත අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් , කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සංවිධායකත්වයෙන්, රටේ කර්මාන්ත අභිමානය රටට හා ලොවට ගෙනයන, ඉන්ටනැෂනල් ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2024 (International Industry Expo 2024), ප්‍රථම ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ලෙස ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා ඔබට ආරාධනා කරයි.

#කර්මාන්තකරුවන් වෙනුවෙන් බැංකුවක් ආරම්භ කරනවා.............

#කර්මාන්ත එක්ස්පෝ ජාත්‍යන්තර මහා ප්‍රදර්ශනය විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියයි...

"මෙරටේ ආර්ථිකය සංවර්ධන කිරීමට නම්...කර්මාන්ත ව්‍යවසායකයන් ශක්තිමත් කළ යුතු බවත්....ඒ සදහා කර්මාන්ත නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම...රජයේ මූලික අරමුණ බවත් ,...ඒ සදහා කර්මාන්ත ව්‍යවසායකයින් වෙනුවෙන් බැංකුවක් ආරම්භ කිරීම කළයුතු...බවත් , එහි වගකීම කර්මාන්ත අමාත්‍යාංශයට හා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයට පැවරෙන බව....ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය ....

මෙම දැවැන්ත කර්මාන්ත ප්‍රදර්ශනය විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ප්‍රදර්ශන කුටි කීපයක් ද නැරඹීමට...එක්විය...

මෙම ජාත්‍යන්තර කර්මාන්ත එක්ෂ්පෝ..International Industry Expo 2024, මහා ප්‍රදර්ශනය 2024 ජුනි මස 19දා සිට 23දා දක්වා, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

මෙම ප්‍රදර්ශනයට,විවිධ රටවල් නියෝජනය කරමින්.. ජාත්‍යන්තර කර්මාන්ත ව්‍යවසායකයින් මෙන්ම දේශීය මහාපරිමාණ හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් දහසකට අධික ප්‍රමාණයක් සහභාගීවීමට නියමිතය. මෙහි ප්‍රදර්ශන කුටි..1307 ක් පමණ තිබෙන අතර..මෙහි..වෙනම පරිශ්‍රයක්...හරීත කර්මාන්ත කලාපයක් ලෙස පළමු වරට ප්‍රදර්ශනයට එකතු කරතිබීම විශේෂත්වයකි. එමෙන්ම මෙම ප්‍රදර්ශන කාලය තුළ..හරීත කර්මාන්තකරණය පිළිබඳ ..පර්යේෂණාත්මක විද්වත් සමුළුවක්ද...පැවැත්වේ.

මම අවස්ථාවට...අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ , රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර , චාමර දසනායක , අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ , ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම , අධ්‍යක්ෂ ජනරාල් එස්.ජී.සමරකෝන් මහත්ම මහත්මීන්ද සහභාගි විය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාත්‍යන්තර කර්මාන්ත එක්ස්පෝ 2024 ... International Industry Expo -2024 ..ජූනි 19 සිට 23 දක්වා......
16/06/2024

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාත්‍යන්තර කර්මාන්ත එක්ස්පෝ 2024 ... International Industry Expo -2024 ..ජූනි 19 සිට 23 දක්වා......

කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි..කර්මාන්ත අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් , කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සංවිධායකත්වයෙන්, රටේ කර්මාන්ත අභිමානය රටට හා ලොවට ගෙනයන, ඉන්ටනැෂනල් ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2024 (International Industry Expo 2024), ප්‍රථම ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයට, සියලු කටයුතු සූදානම් කර තිබෙන බව ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය පවසයි.

මෙම ජාත්‍යන්තර කර්මාන්ත එක්ෂ්පෝ..International Industry Expo 2024, මහා ප්‍රදර්ශනය 2024 ජුනි මස 19දා සිට 23දා දක්වා, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මෙම ප්‍රදර්ශනයට,විවිධ රටවල් නියෝජනය කරමින්.. ජාත්‍යන්තර කර්මාන්ත ව්‍යවසායකයින් මෙන්ම දේශීය මහාපරිමාණ හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් දහසකට අධික ප්‍රමාණයක් සහභාගීවීමට නියමිතය. මෙහි ප්‍රදර්ශන කුටි..1300 ක් පමණ තිබෙන අතර..මෙහි..වෙනම පරිශ්‍රයක්...හරීත කර්මාන්ත කලාපයක් ලෙස පළමු වරට ප්‍රදර්ශනයට එකතු කරතිබීම විශේෂත්වයකි. එමෙන්ම මෙම ප්‍රදර්ශන කාලය තුළ..හරීත කර්මාන්තකරණය පිළිබඳ ..පර්යේෂණාත්මක විද්වත් සමුළුවක්ද...පැවැත්වේ.

දැවැන්ත වාහන ප්‍රදර්ශනය හා පෙළපාලිය ජූනි 18 දා ගාලුමුවදොර පිටියේදී.....

ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ දැවැන්ත මහා ප්‍රදර්ශනයට සමගාමීව මෙරට එකලස් කරන ලද හා නිෂ්පාදනය කරන ලද , වාහනවල දැවැන්ත ප්‍රදර්ශනයක් ජුනි මස 18 වැනිදා පෙරවරු දහයේ සිට (පෙ.ව.10) ගාලු මුවදොර පිටියේදී පැවැත්වේ. මෙහිදී මෙරට එකලස් කළ හා නිෂ්පාදනය කළ විවිධ වර්ගයේ වාහන දෙසීයකට (200) වැඩි ප්‍රමාණයක් ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබේ.

එදින සවස 4 ට, මෙම වාහන ගාලු මෝදර පිටියේ සිට රථ පෙළපාළියකින් ලේක් හවුස් වට රවුම, ඕල්කෝට් මාවත, ටෙක්නිකල් හන්දිය, සඟරාජ මාවත, පංචිකාවත්ත, මරදාන, පුංචි බොරැල්ල, බොරැල්ල ඔස්සේ කනත්ත වටරවුමට පැමිණ, බෞද්ධාලෝක මාවත ඔස්සේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට පිවිස, එහිදී කර්මාන්ත එක්ස්පෝ මහා ප්‍රදර්ශනයට එක්වේ.

මෙම වාහන ප්‍රදර්ශන කාල සීමාව තුළදී මහජනතාවට නැරඹිය හැකි අතර, එකී වාහන මිලදී ගැනීම, එකී වාහන ඇනවුම් කිරීම ද, මෙහිදී කළ හැකිය. එසේම එම වාහන ධාවනය කර පරීක්ෂා කරග් බැලීමටද අවස්ථාව සළසා තිබේ.

"අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් කේන්ද්‍ර කොටගෙන, රටේ කර්මාන්ත ව්‍යවසායක දායකත්වය කීප ගුණයකින් වැඩි කිරීමේ අපේක්ෂාවෙන්, කර්මාන්ත අමාත්‍යාංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මෙම මහා _ප්‍රදර්ශනය_ පළමුවරට සංවිධානය කරනු ලබන බව" ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා පවසයි...

ඩී.එස්.එන්.රාජපක්ෂ.

කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් ඩිජිටල් තක්ෂණය ඔස්සේ සවිබල ගැන්වීමට ගිවිසුමක් .........ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍යම පර...
28/05/2024

කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් ඩිජිටල් තක්ෂණය ඔස්සේ සවිබල ගැන්වීමට ගිවිසුමක් .........

ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් නවීන ඩිජිටල් තක්ෂණය ඔස්සේ සවිබල ගන්වමින්...ඔවුන්ගේ ව්‍යවසායන් සවිමත් කිරීමට ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය එල්කේ ඩොමේන් රෙජිස්ට්‍රි..LK Domain Registry ආයතනය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය.

මෙම ගිවිසුමට ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය වෙනුවෙන් සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා හා Lk Domain Registry ආයතනය වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරි මහාචාර්ය ගිහාන් ඩයස් මහතා පසුගියදා ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ දී අත්සන් කරනු ලැබීය.

මෙම ගිවිසුම මඟින් උපායමාර්ගික හවුල්කාරිත්වය ඔස්සේ...ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සවිබල ගැන්වීමට පියවර රැසක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.

ඒ අනුව මාර්ගගත පැවැත්ම වැඩි දියුණු කිරීම, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් සඳහා විශේෂ මිල ගණන් යටතේ ඩොමේන් නාම ලියාපදිංචියට පහසුකම් සැලසීම, මෙන්ම ශක්තිමත් සබැඳි අනන්‍යතාවයක් ස්ථාපිත කිරීමට ඔවුන්ට ඉඩ සැල්සීමත්,
ඩිජිටල් පරිවර්තන සහාය මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ව්‍යාපාර වර්ධනය සඳහා අන්තර්ජාලයේ බලය උපයෝගී කර ගැනීම සඳහා සම්පත් සහ මාර්ගෝපදේශ සැපයීමත් සිදුකෙරේ. එසේම
දියුණු වන ඩිජිටල් පරිසර පද්ධතියක් ගොඩනැගීම සදහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ඩිජිටල් යුගයේ දියුණුව සඳහා ආධාරක පරිසරයක් නිර්මාණය කිරීමට සහයෝගය ලබා දීමටද මෙම ගිවිසුමේ අරමුණයි.

මෙහිදී අදහස් දක්වමින් කතා කළ ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා මෙසේ පැවසීය.

"අපේ රටේ ශ්‍රම බලකායෙන් ව්‍යවසායකයන් සිටින්නේ සියයට 2.8 යි....එය ආසියානු කලාපයේ...අඩුම ප්‍රතිශතයයි...රටේ ආර්ථික සංවර්ධනය සවිමත් කිරීමට නම්...නිෂ්පාදන කර්මාන්ත ආර්ථිකයක් රට තුළ ගොඩනැගීය යුතුයි ....ඒ සඳහා අපේ රටේ ව්‍යවසායකත්වය සියයට 10 දක්වාවත් වර්ධනය කළ යුතුයි .......ඒ සදහා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ වන විටත් පියවර රැසක් ගෙන තිබෙනවා ....එතුමාගේ බලාපොරොත්තුව වන්නේ වසර 2030 වනවිට අපේ ව්‍යවසායකත්වය සියයට 10 දක්වා වර්ධනය කිරීමයි....එසේම රටේ ව්‍යවසායකත්වයේ කොදු නාරටිය වන වන...කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ගේ සංවර්ධනය උදෙසා...එල්කේ ඩෝමේන් රෙජිස්ට්‍රි ආයතනය සමඟ අත්සන් කළ මෙම ගිවිසුම ඉතා වැදගත් වෙනවා ....මේ මඟින් තව දුරටත්
ඩිජිටල් බෙදීම (Digital Divide) සමනය කිරීමටත්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ඩිජිටල් පරතරය පියවා ගැනීමට මෙවලම් සහ දැනුමෙන් සන්නද්ධ කිරීමටත්, DigiGo හරහා ඵලදායී ලෙස තරඟ කිරීමට කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් ට සවියක් ලබාදීමටත්, කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ IDB Training LMS, Bizconnect, Business Clinic & Ceylon Plaza ආදිය මඟින් සංවර්ධනය කරන ලද ඩිජිටල් යෙදුම් ගණනාවක් මගින්
අපේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ වර්ධනයට සහ සාර්ථකත්වයට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමටත් මේ මඟින් හැකියාව ලැබෙනවා." යැයි පැවසීය.

මෙම අවස්ථාවට ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.එස්.සමරකෝන්, අධ්‍යක්ෂ (ව්‍යවසායකත්ව සංවර්ධන ) රේණුකා ජයලත්, අධ්‍යක්ෂ (ඉංජිනේරු සේවා ) ඩබ්.ඒ.පී.කපිල නිශාන්ත මහත්ම මහත්මීන් සමඟ LK Domain Registry ආයතනයේ නිළධාරීන්ද සහභාගි විය.

චායාරූපයේ දැක්වෙන්නේ ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා හා Lk Domain Registry ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි මහාචාර්ය ගිහාන් ඩයස් මහතා අවබෝධතා ගිවිසුමට අත්සන් කළ ආකාරයයි.../ ගිවිසුම හුවමාරු කරගත් ආකාරයයි .

මාධ්‍ය හා ප්‍රචාරක අංශය
ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය.
2024-05-26

ජාත්‍යන්තර කර්මාන්ත එක්ෂ්පෝ දැවැන්ත ප්‍රදර්ශනයශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාත්‍යන්තර කර්මාන්ත එක්ෂ්පෝ 2024 ... International...
21/05/2024

ජාත්‍යන්තර කර්මාන්ත එක්ෂ්පෝ දැවැන්ත ප්‍රදර්ශනය
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාත්‍යන්තර කර්මාන්ත එක්ෂ්පෝ 2024 ... International Industry Expo -2024 ..ජූනි 19 සිට 23 දක්වා......

කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි..කර්මාන්ත අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් , කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සංවිධායකත්වයෙන්, රටේ කර්මාන්ත අභිමානය රටට හා ලොවට ගෙනයන, ඉන්ටනැෂනල් ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2024 (International Industry Expo 2024), ප්‍රථම ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයට, සියලු කටයුතු සූදානම් කර තිබෙන බව ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය පවසයි.

මෙම ජාත්‍යන්තර කර්මාන්ත එක්ෂ්පෝ..International Industry Expo 2024, මහා ප්‍රදර්ශනය 2024 ජුනි මස 19දා සිට 23දා දක්වා, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මෙම ප්‍රදර්ශනයට,විවිධ රටවල් නියෝජනය කරමින්.. ජාත්‍යන්තර කර්මාන්ත ව්‍යවසායකයින් මෙන්ම දේශීය මහාපරිමාණ හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් දහසකට අධික ප්‍රමාණයක් සහභාගීවීමට නියමිතය. මෙහි ප්‍රදර්ශන කුටි..1300 ක් පමණ තිබෙන අතර..මෙහි..වෙනම පරිශ්‍රයක්...හරීත කර්මාන්ත කලාපයක් ලෙස පළමු වරට ප්‍රදර්ශනයට එකතු කරතිබීම විශේෂත්වයකි. එමෙන්ම මෙම ප්‍රදර්ශන කාලය තුළ..හරීත කර්මාන්තකරණය පිළිබඳ ..පර්යේෂණාත්මක විද්වත් සමුළුවක්ද...පැවැත්වේ.

අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් කේන්ද්‍ර කොටගෙන, රටේ කර්මාන්ත ව්‍යවසායක දායකත්වය කීප ගුණයකින් වැඩි කිරීමේ අපේක්ෂාවෙන්, කර්මාන්ත අමාත්‍යාංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මෙම දැවැන්ත _ප්‍රදර්ශනය_ සංවිධානය කරනු ලබන බව ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා පවසයි...

මාධ්‍ය හා ප්‍රචාරක අංශය
ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය.

කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සමඟ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව සංසදය ගිවිසුම් ගතවෙයි. “ව්‍යවසායකත්ව සංස්කෘතියක...
15/05/2024

කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සමඟ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව සංසදය ගිවිසුම් ගතවෙයි.

“ව්‍යවසායකත්ව සංස්කෘතියක ප්‍රමුඛ භූමිකාවක් ක්ෂ්‍රද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට හිමිවෙනවා”

කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම කියයි.

අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමේ සංකල්පය යථාර්තයක් කිරීමට නම්, ව්‍යවසායකත්ව සමාජයතුළ වැඩි ඉඩකඩක් හිමිව සිටින ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් සංවර්ධනය කිරීම සඳහා සැලසුම් සහගත වැඩ පිළිවෙලක් මේවන විටත් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය දියත් කරතිබෙන බවත්, ඒ සඳහා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ සහයෝගය ප්‍රායෝගිකවම, ක්‍රියාශීලීව, අවශ්‍ය වන බැවින් ඒ සඳහා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ, ව්‍යවසායක සංසදය සමඟ කර්මාන්ත සංවර්ධන මණ්ඩලය ගිවිසුම් ගතවීම සුවිශේෂී අවස්ථාවක් වන බව ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා පැවසීය.

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව සංසදය පසුගියදා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේදී, එම මණ්ඩලය සමඟ ද්වීපාර්ශවික අවබෝධාත්මක ගිවිසුමකට අත්සන් තබනු ලැබීය. මෙහිදී කර්මාන්ත සංවර්ධන මණ්ඩලය වෙනුවෙන් එහි සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා හා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව සංසදය වෙනුවෙන් එහි සභාපතිනි සසිකා ද සිල්වා මහත්මිය අත්සන් කරනු ලැබීය.

මෙම අවබෝධතා ගිවිසුම මඟින් ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ, ව්‍යවසායකයින්ගේ ගැටළු විසඳාදෙමින් ව්‍යවසායකත්වයට උචිත පරිසරයක් නිර්මාණය කරදීමට සහාය දක්වමින්, ඔවුන්ව දිරිමත් කිරීමට පියවර ගනුඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතාකළ කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා මෙසේද පැවසීය.

“කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ මගපෙන්වීම මත මේ වනවිටත් ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය, මුළු රටේම දිස්ත්‍රික් 25 තුළ, මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාල ඔස්සේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගා සිටුවන්නට සක්‍රීයව මැදිහත්වී සිටිනවා. ඒ සඳහා අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම සඳහා මණ්ඩලයේ දිස්ත්‍රක් කාර්යාල සූදානමින් සිටිනවා. ඒවගේම මණ්ඩලය මඟින් මේ වනවිටත් ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන අලෙවිය සඳහා හොඳ වේදිකාවක් සිලෝන් ප්ලාසා නමින් දියත්කරල තියෙනවා. මේ මඟින් අපගේ සියලුම ව්‍යවසායකයින්ට නොමිලේම සේවය ලබාගැනීමට පුළුවන්. ඒවගේම ඉදිරියේදී ඔබගේ සංසදය සමඟ එකතුව ඔබගේ ගැටළු විසඳාදීමටත්, අවශ්‍ය සහාය, සහයෝගය හා දායකත්වය ලබාදෙනවා. ඒවායේ ප්‍රයෝජන ගැනීමට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ද උනන්දු විය යුතුයි. එමඟින් අපගේ ආර්ථික සංවර්ධනයේ ගාමක බලවේගයක් ලෙස ව්‍යවසායක ඔබටත් හවුල්වීමට පුළුවන් වෙනවා” යැයි පැවසීය.

මෙහිදී ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායක සංසදයේ සභාපති සසිකා ද සිල්වා මහත්මියද අදහස් දැක්වීය.

මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.එස්.සමරකෝන්, අධ්‍යක්ෂ / ප්‍රාදේශීය සංවර්ධන - පී.පී.පී.එස්.දික්වැල්ල, අධ්‍යක්ෂ / කාර්මික ජනපද - අයි.එම්.ජේ.ඉලංගකෝන් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව සංසදයේ උපසභාපතිවරුන් වන මහේන්ද්‍ර පෙරේරා, එස්.එන්.රාඝවන්, ජාතික සංවිධායක අජිත් කුමාර, භාණ්ඩාගාරික - ෂෙහාන් විජේසිංහ, ලේකම් - නන්දලාල් ලේකම්ගේ, නිර්මාතෘ සුරාන් වීරරත්න මහත්ම මහත්මීන්ද සහභාගීවිය.

රට ගොඩදාන්න නම්පළමුවත් , දෙවනුවත් , තෙවනුවත් කර්මාන්තම අරඹන්න ඕන..එහෙම කියන්න හේතුව දැනගන්න රටේ හැමෝම මේක බලන්නම ඕන...රට...
12/05/2024

රට ගොඩදාන්න නම්
පළමුවත් , දෙවනුවත් , තෙවනුවත්
කර්මාන්තම අරඹන්න ඕන..
එහෙම කියන්න හේතුව දැනගන්න
රටේ හැමෝම මේක බලන්නම ඕන...

රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් කර්මාන්ත ආරම්භ කිරීමේ අවශ්‍යතාවය කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා දත්ත හා තොරතුරු සහිතව පැහැදිලි කිරීම

https://www.facebook.com/share/72yaPUbQ84CEiCho/?mibextid=WC7FNe

රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් කර්මාන්ත ආරම්භ කිරීමේ අවශ්‍යතාවය කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අල....

 #ශ්‍රී ලංකාවේ පළමුවරට රාජ්‍ය අනුග්‍රහයන් ජාතික විශිෂ්ඨතා සන්නාම (Brands) සම්මාන උළෙලශ්‍රී ලංකාවේ පළමුවරට රාජ්‍ය අනුග්‍ර...
06/05/2024

#ශ්‍රී ලංකාවේ පළමුවරට රාජ්‍ය අනුග්‍රහයන් ජාතික විශිෂ්ඨතා සන්නාම (Brands) සම්මාන උළෙල

ශ්‍රී ලංකාවේ පළමුවරට රාජ්‍ය අනුග්‍රහයන් ජාතික විශිෂ්ඨතා සන්නාම සම්මාන උළෙලක් (Brands Excellence Awards Ceremony) පැවැත්වීමට කර්මාන්ත අමාත්‍යාංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සූදානම්වේ.

"මෙරටේ වෙළෙඳ සන්නාම සඳහා සම්මාන උළෙලවල් කීපයක් පැවැත්වුණත්, කර්මාන්ත අංශයටම වෙන්වූ සන්නාම සම්මාන උළෙලක් මෙතෙක් පැවැත්වී නොමැති බවත්, එමනිසා ශ්‍රී ලාංකීය නිෂ්පාදන කර්මාන්ත ආශ්‍රිත සන්නාමයන් විදෙස් වෙළෙඳ පොළවෙත ගෙනයාමට බාධාවක්ව පැවති බවත්, ඒ පිළිබඳව අවධානය යොමුකළ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි පළමු වරට කර්මාන්ත නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශේෂිත සන්නාම සම්මාන උළෙලක් පැවැත්වීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මේ වනවිටත් සියලු කටයුතු සංවිධානය කර තිබෙන බව" ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා පවසයි.

“මේ ආකාරයට කර්මාන්ත ක්ෂේත්‍ර 25ක් හා උපක්ෂේත්‍ර 125ක් පමණ ආවරණය වන පරිදි මෙම සන්නාම විශිෂ්ඨතා සම්මාන උළෙල පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත්, ඒ සඳහා මේ වනවිටත් සුළු, මධ්‍යම හා මහා පරිමාණ කර්මාන්තකරුවන් දැනුවත් කිරීමට පියවර ගෙනඇති බවත්, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය පවසයි.”
“මෙම සන්නාම සම්මත උළෙල සුළු, මධ්‍යම හා මහා පරිමාණ ලෙස පවත්වන බැවින්, ඒ සඳහා වෙනමම අයඳුම්පත් යොමුකළයුතු වෙනවා. අපි මෙම සම්මාන උළෙල දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ජාතික මට්ටමින් සිදුකෙරෙනවා. ඒ සඳහා අයඳුම්පත්‍ර පිරවීමේ සිට, ඒවා නිසි ආකාරයට යොමුකිරීම සඳහා අවශ්‍ය සියලුම උපදෙස් අපගේ දිස්ත්‍රික් කාර්යාල වල සිටින නියෝජ්‍ය හා සහකාර අධ්‍යක්ෂවරුන්ගෙන් ලබාගත හැකි වෙනවා. මෙසේ යොමුකරන කර්මාන්තකරුවන්ගේ සන්නාම ආශ්‍රිත අයදුම්පත් විද්වත් මණ්ඩලයක් අධීක්ෂණයට ලක්කර රටපුරාම දිස්ත්‍රික් මට්ටමින් පළාත් මට්ටමින් තෝරාගෙන සම්මාන 120ක් පමණ ලබාදීමට බලාපොරොත්තු වෙනවා.” යැයි ලංකා කාර්මික කාර්මික සංවර්ධන මණ්ඩලයේ ව්‍යවසායකත්ව සංවර්ධන අංශයේ අධ්‍යක්ෂිකා රේණුකා ජයලත් මහත්මිය පවසනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතාකරන ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා මෙසේද පවසයි.

"කර්මාන්ත ක්ෂේත්‍රය පවතින්නේ වෙළෙඳ නාම හෙවත් සන්නාම (Brands) මතයි. අපේ සිලෝන් ටී සන්නාමය නිසා මුළු ලෝකයම අපේ රට ගැන දන්නවා. ඒ වගේම අපේ රටේ කර්මාන්තකරුවන්ද සිය නිෂ්පාදන සන්නාමයන් නිසා රටතුළ පාරිභෝගික ජනතාව අතර ජනප්‍රියව සිටිනවා. ඒවගේම ඔවුන්ගේ නිෂ්පාදනයන්ට හොඳ අලෙවියක්ද ලැබී තියෙනවා. එමනිසා කර්මාන්තකරුවාගේ පැවැත්මට ඔවුන් නිෂ්පාදනය කරන භාණ්ඩවල සන්නාම ඉතාමත් වැදගත් වෙනවා. අපි මේ ආකාරයට පළමුවරට කර්මාන්ත ක්ෂේත්‍රයේ නිෂ්පාදන සන්නාම වලට රාජ්‍ය අනුග්‍රහයෙන් සම්මාන උළෙලක් පවත්වන්නේ, අපේ කර්මාන්තකරුවාගේ නිෂ්පාදන සන්නාම ඔස්සේ ජාත්‍යන්තර වෙළෙඳපොළ දක්වා ගෙනයාමටයි. මේ මඟින් අපි කර්මාන්ත ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයේ පුනරුදයක් මෙන්ම රටේ ආර්ථික සංවර්ධනයක් අපේක්ෂා කරනවා. අපි වසරක් පාසා මෙම සන්නාම සම්මාන උළෙල පවත්වන්න බලාපොරොත්තු වෙනවා. මේ මඟින් සන්නාමයට වටිනාකමක් ලබාදී අපේ නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රය තිරසාරව පවත්වාගෙන යමින් රටේ ආර්ථිකයට කර්මාන්ත ක්ෂේත්‍රයේ දායකත්වය දෙගුණයකින් වැඩිකිරීමට අපේක්ෂා කරනවා” යැයි පැවසීය.

2024 ජූනි මාසයේ අගදී පැවැත්වීමට අපේක්ෂිත මෙම ජාතික විශිෂ්ඨතා සන්නාම සමාමන උළෙල සඳහා අවශ්‍ය තොරතුරු හා අයදුම්පත මොරටුව කටුබැද්දේ පිහිටි ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ හා දිස්ත්‍රික්ක 25හේම සිටින ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්ගෙන්ද ලබාගතහැකිය. මෙසේ පළමුවරට පවත්වන සන්නාම සම්මාන උළෙලට අයඳුම්කරන කර්මාන්තකරුවන්ට අවශ්‍ය උපදෙස් හා මාර්ගෝපදේශන ඉදිරි කාලයේදී ලබාදීමට සැලසුම්කර තිබෙන බව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය පවසයි.

මේ පිළිබඳ වැඩි විස්තර www.idb.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන්ද ලබාගත හැකිය.

රටේ ව්‍යවසායක සංස්කෘතියක් ගොඩනැගීමට නම්, කර්මාන්ත සඳහා රජයේ උපරිම සහයෝගය ලබා දිය යුතුයි ......... #රට ගොඩනගන ව්‍යවසායක ස...
28/04/2024

රටේ ව්‍යවසායක සංස්කෘතියක් ගොඩනැගීමට නම්, කර්මාන්ත සඳහා රජයේ උපරිම සහයෝගය ලබා දිය යුතුයි .........

#රට ගොඩනගන ව්‍යවසායක සංස්කෘතියක් ඇති කිරීමේ භික්‍ෂු කතිකාවේ දී,..
#ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක ගරු පූජ්‍ය ආචාර්ය වලේබොඩ ගුණසිරි අනු නා හිමියන් පවසයි.

"අපේ කර්මාන්ත කරුවන්ට ඒවා පටන්ගෙන එම කර්මාන්ත සංවර්ධනය කරගෙන යාමට පහසුකම් ... නැතිනම් එවා දුර්වල වෙනවා. ඒ නිසා කර්මාන්ත කරුවන්ට, ව්‍යවසායකයින්ට, රජය මගින්, රාජ්‍ය ආයතන මගින් උපරිම සහයෝගය, මඟ පෙන්වීම ලබාදිය යුතු වෙනවා. ඒ සඳහා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය මේ ආකාරයට ගරුතර මහා සංඝ රත්නයේ ආශිර්වාද අවවාද අනුශාසනා ලබාගෙන ඉදිරියට ගෙනයාම සඳහා භික්ෂු කතිකාවක් ඇති කිරීම අගය කළ යුතු වෙනවා" යැයි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක ගරු පූජ්‍ය ආචාර්ය වලේ ගොඩ ගුණසිරි නාහිමියන් පැවසීය .

උන්වහන්සේ එසේ පැවසුවේ ඊයේ (27දා) කටුබැද්ද කර්මාන්ත සංවර්ධන මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවති " රට ගොඩනඟන නිෂ්පාදන කර්මාන්ත ව්‍යවසායකත්ව සංස්කෘතියක් ගොඩනැගීමේ භික්ෂු කතිකාවේ" දීය.

කර්මාන්ත සංවර්ධන මණ්ඩලය මගින් සංවිධානය කරනු ලැබූ, මෙම භික්ෂු කතිකාව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක, ගරු පූජ්‍ය ආචාර්ය වලේබොඩ ගුණසිරි නායක හිමි, කැලණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් පාලි හා බෞද්ධ අධ්‍යයන ආයතනයේ, මහාචාර්ය පූජ්‍ය මැදවච්චියේ ධම්මජෝති නාහිමි, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ අංශාධිපති පූජ්‍ය මහාචාර්ය එළ මල්දෙණියේ සාරානන්ද නා හිමි, කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍යය ආචාර්ය මඩියේ සුගත සිරි නාහිමි වරුන්ගේ ප්‍රධානත්වයෙන් විචිත්‍ර ධර්ම කථික සංඝයා වහන්සේලා හැට(60) නමකගේ සහභාගිත්වයෙන් මෙම ව්‍යවසායකත්ව භික්ෂු කතිකාව පැවැත්වුණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක ගරු පූජ්‍යය ආචාර්ය වලේබොඩ ගුණසිරි අනු නා හිමියන් මෙසේද පැවසීය...

" අර්ථයෙන් ධර්මයෙන් යහපතක් වෙන්න තමයි අපි බණ කියන්නේ ....මේ මගින් යහපත් දිවි පැවැත්මක් අපේක්ෂා කරනවා... එසේම යහපත් වෙළඳාම, ව්‍යවසායකත්වය, නිෂ්පාදනය ද, ගුණධර්ම පිරි සමාජයකට රටකට ඉතා වැදගත් වෙනවා.... අද මෙහි සහභාගිව සිටින අපේ භික්ෂූන් වහන්සේලා උගත් ඒ වගේම විචිත්‍ර ධර්ම කථික භික්ෂූන් වහන්සේලා ...පිරිසක් ....උන්වහන්සේලා මගින් මෙම ව්‍යවසායකත්ව පණිවිඩය රටට ගෙනියන්න පුළුවන් ....අපේ භික්ෂූන් වහන්සේලා තමයි හොඳම සන්නිවේදක පිරිස.... ඔවුන්ට පන්සල් , පාසල්, දහම් පාසල්, මෙන්ම සමාජයේ වැඩිහිටි, තරුණ, කාන්තා සමිති, පුරවැසි සමිති මගින් මේ පණිවිඩය රටට ගෙනයාමට පුළුවන්. එසේම බුදු දහමේ හේතුඵලවාදය අනුව අපේ රටේ...ආර්ථිකය කඩා වැටීමට හේතු සොයාගෙන එයට පිළියන් යෙදීම මගින් යළිත් ඒවා යථා තත්ත්වයට පත් කර ගැනීමට පුළුවන්. නමුත් එය ව්‍යවසායකත්වයට තනියම කරන්නට බැහැ .... ඔවුන්ට ....පවතින විවිධ ගැටලු, බාධක ...ආදිය විසඳා දීමට කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම අධික බඳු ක්‍රම, ඉන්ධන මිල, විදුලිබිල, වැනි බාධක ඉවත් කරලා කර්මාන්තවලට හිතකර, ව්‍යවසායකයන් දිරි ගන්වන, පරිසරයක් ඇති කිරීමට පියවර ගත යුතුයි.....ඒ සඳහා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය මෙන්ම රජයෙන් පූර්ණ සහයෝගය ලැබිය යුතුයි. ඒ වගේම අපේ ජනතාවගේ, තරුණ පරපුරේ, ඉච්ඡා භංගත්වයට පත් වූ විඳවැටුණු ආත්ම විස්වාසය නැවත ඇති කළ යුතුයි.... ඒ සඳහා රජය විශ්වාසයක් ඇති කළ යුතුයි. ඒ ආකාරයටම ව්‍යවසායකයන් දිරිගැන්වීම කළ යුතුයි..... අපේ රටේ ඉතා දක්ෂ ව්‍යවසායකයන් සිටිනවා. ඔවුන්ගේ දක්ෂකම් , චරිත කතා අපේ රටේ සිසු පරපුරට දැන ගැනීමට සැලැස්විය යුතුයි..... එවිට මේ රටේ ව්‍යවසායකයන්ගේ චරිත කතා තුළින් ඔවුන්ට ගෞරවයක් ඇති කරන්නට පුළුවන්කම ලැබෙනවා ...අපි පූජ්‍ය පක්ෂය හැටියට මෙම කර්ත්‍යවයට අපේ සහය ලබා දෙනවා.... විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ.... මීට දේශපාලනය ගාවගන්න එපා එපා..... මේ රට හදන්නට අපි අවශ්‍ය සහයෝගය ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන්නේ කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සමඟයි ....අද මෙහි සහභාගී වන අපේ භික්ෂූන් වහන්සේලා සියලුම දෙනා ඉදිරියේදී කර්මාන්ත සංවර්ධන මණ්ඩලය මෙරටේ ව්‍යවසායකත්ව සංස්කෘතියක් ඇති කිරීමට ගෙනයන පියවරට අවශ්‍ය සහයෝගය ලබා දීමට පෙරමුණ ගන්නා බව සතුටින් සඳහන් කිරීමට කැමතියි..." යැයි පැවසීය .

මෙහිදී අදහස් දක්වමින්, අරමුණ පැහැදිලි කරමින් කතා කළ ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා මෙසේ පැවසීය...

" කර්මාන්ත අමාත්‍යය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ කර්මාන්ත සංකල්පය වන්නේ, අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් තුළ රටේ ආර්ථික සංවර්ධනය සක්‍රීය කිරීමයි.....ඒ සඳහා අපේ රට තුළ ව්‍යවසායකත්ව සංස්කෘතියක් මෙන්ම, ව්‍යවසායකත්ව මානසිකත්වයක්, ඇති කළ යුතු වෙනවා.... අප රජයක් ලෙස එය ඉටු කිරීමේදී අප ...අපේ සමාජයේ ගෞරවනීය පුරවැසි කණ්ඩායමක් වන ගරුතර මහා සංඝරත්නයේ මග පෙන්වීම, ආශිර්වාද, අවවාද, අනුශාසනා ලබාගෙන සාර්ථක කර ගැනීම සඳහා අද අපි මේ ගෞරවනීය භික්ෂු කතිකාව ඇති කර ගැනීමට අපේක්ෂා කරනවා. එහිදී ගරුතර නායක හිමිපාණන් වහන්සේලාගේ හා විචිත්‍ර ධර්ම කථික ගරුතර මහා සංඝරත්නයේ සහයෝගය අපේක්ෂා කරනවා.....අපේ රටේ තිස්තුන් වසරක් පැවති යුද්ධයේදී රණවිරුවා රටේ ධුරාවලියේ ඉහළම මට්ටමේ තැබුවා වගේ, කොරෝනා ව්‍යසන සමයේදී සුව විරුවා රටේ ධුරාවලියේ ඉහළම මට්ටමේ තැබුවා වගේ, මේ රට බේරා ගන්න නම් මේ දසකයේ ව්‍යවසායක විරුවන් ධූරාවලියේ ඉහළටම ගේන්න ඕන..... ඒ සඳහා ගෞරවනීය ඔබ වහන්සේලාගේ මග පෙන්වීම අනුශාසනා හා ආශිර්වාද අවශ්‍ය වෙනවා..."යැයි පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කථා කළ ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා මෙසේ ද පැවසීය ....

" අපේ රටේ ශ්‍රම බලකායෙන් රාජ්‍ය සේවයේ සිටින්නේ ලක්ෂ (15) පහළොවක් පමණ, නමුත් ලක්ෂ (70) හැත්තෑයකට වැඩි පිරිසකට, රැකියාව ලබාදීලා තියෙන්නේ පුද්ගලික අංශයේ ව්‍යසායකයනුයි. ඒ වගේම මේ ව්‍යසායකයින් තමයි වැඩිපුරම බදු ගෙවන්නේ, ඔවුන් වටිනාකම වටිනාකම අඩු අමුද්‍රව්‍ය යොදාගෙන , වටිනාකම වැඩි භාණ්ඩ නිෂ්පාදනය කරලා අපේ රටට අවශ්‍ය ඩොලර් ගේනවා..... ඒ නිසාම ඔවුන් අපේ සමාජයේ ධූරාවලිය තුළ ගෞරවයට පාත්‍ර විය යුතුයි....අපි ඔවුන්ව අගය කරමින් වටිනාකමක් ලබා දිය යුතුයි.....ඒ නිසා මේ ව්‍යවසායකයා සමාජ බලවේගයක් බවට පත් කර ගත්තොත් විතරයි අපේ රට ඉදිරියට ගෙනයාමට පුළුවන් වන්නේ...... ඒ නිසා අපේ රට තුළ ආර්ථික සංවර්ධනය ඇති කිරීමේ ගාමක බලවේගය වන ව්‍යවසායකයන් දිරි ගැන්වීම සඳහා අපි ...කාර්මික සංවර්ධන මණ්ඩලය විදිහට පියවර රැසක් ගෙවී ගිය කාලය තුළ අරගෙන තියෙනවා...... අපි රට පුරාම මෙම ව්‍යසායක සංස්කෘතියක්, ව්‍යවසායක මානසිකත්වයක් ගොඩනගන්න විශාල වැඩ කොටසක් මේ වන විටත් ඉටු කරමින් සිටිනවා...... ඒ සඳහා ඔබ වහන්සේලාගේ සහයෝගය ලබා ගෙන, මේ ගැන කතිකාවක් ඇති කරගෙන, අපේ රටට උචිත ව්‍යවසායක සංස්කෘතියක් .....හදා ගන්නට ඔබ වහන්සේලාගේ අවවාද, අනුශාසනා, මග පෙන්වීම් හා ආශිර්වාදය ලබා ගැනීම මෙම භික්‍ෂු සංවාදයේ අරමුණ වනවා...." යැයි පැවසීය.

මෙම අවස්ථාවට සහභාගි වූ විචිත්‍ර ධර්ම කථික ගරුතර මහා සංඝයා වහන්සේලා කීප නමක් ද මෙහිදී.. අදහස් දැක්වීය.

මෙම අවස්ථාවට කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.එස්. සමරකෝන්, අධ්‍යක්ෂකා (ව්‍යවසායක සංවර්ධන) රේණුකා ජයලත්, අධ්‍යක්ෂ (ප්‍රාදේශීය සංවර්ධන) පී.පී.එස් දික්වැල්ල මහත්ම මහත්මීන්ද සහභාගි විය.

ඩී.එස්.එන්.රාජපක්ෂ.
මාධ්‍ය උපදේශක
මාධ්‍ය හා ප්‍රචාරක අංශය ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය.රටේ ව්‍යවසායක සංස්කෘතියක් ගොඩනැගීමට නම්, කර්මාන්ත සඳහා රජයේ උපරිම සහයෝගය ලබා දිය යුතුයි .........

මාධ්‍ය හා ප්‍රචාරක අංශය ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය.

Address

615, Galle Road, Katubadda
Moratuwa
10400

Opening Hours

Monday 08:30 - 04:30
Tuesday 08:30 - 04:30
Wednesday 08:30 - 04:30
Thursday 08:30 - 04:30
Friday 08:30 - 04:30

Alerts

Be the first to know and let us send you an email when IDB Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share