11/08/2023
මං ආදරේ එයාගේ ලස්සනට
මං ආදරේ එයාගේ සල්ලි වලට
මං ආදරේ එයාගේ ඇගට
මං ආදරේ එයාගේ අරකට, මේකට
මේකද ආදරේ මං අහන්නේ ඒක ...
රූප අද තියෙයි හෙට විරූපී වේවි
සල්ලි දැන් තියෙයි හෙට සතයක් නැති වේවි
ඇග අද තියෙයි හෙට නුබ මලකදක් වේවි
මැරුණු ඇගට තිරිසනුන් පමණක් ලොල් වේවි ...
සැපයි කියා නුබ බොහෝ දේ අල්ලාවි
සැපය යනු කුමක්දැයි නුබට අද නොවැටහේවි
අත් හැරීම සැපයි කිවු විට නුබ මට සිනාසේවි
අල්ලාගන්න දේ අත් හැරෙන විට දුක බව නුබ පිලිගනීවි
අල්ලා නොගත්තානම් සැප බව එවිට තේරේවි ...
උඩින් විතරක් ඔපේ පෙන්නා
මරු නටවනවා රූකඩය වී
නුබත් මමත් ලස්සනට නටන විට
නිවන් මග තව තවත් දුර යාවී ...
සැනසීම නමින් ලියමි ... ✍️✍️
#හොෂදි💖🥀