09/11/2024
පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධන ජාතික වැඩසටහන යටතේ
පාසල් මාධ්‍ය සාක්ෂරතාව ප්‍රවර්ධනය කිරීම සඳහා
ජනමාධ්‍ය විෂය භාර අමාත්‍යාංශය, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ
සී/ස ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සමග
අවබෝධතා ගිවිසුමක්....
පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධන ජාතික වැඩසටහන යටතේ පාසල් මධ්‍ය සාක්ෂරතාව ප්‍රවර්ධනය කරමින් පාසල් මාධ්‍ය සමාජ සිසු දරුවන්ගේ සන්නිවේදන කුසලතා ජාතික තලයකට ගෙන ඒමේ හා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ජනමාධ්‍ය අමාත්‍යාංශය, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ සී/ස ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය 2024 ඔක්තෝම්බර් 29 දින අවබෝධතා ගිවිසුමකට එළැඹිණි.
බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ජනමාධ්‍ය විෂය භාර අමාත්‍යාංශ ලේකම් රංජිත් ආරියරත්න මහතා ඇතුලු රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කෙරිණි.
‘දියුණු මාධ්‍ය සාක්ෂරතාවයකින් යුත් ගෝලීය මාධ්‍ය ප්‍රජාවක්’ යන්න ඉලක්ක කර ජාත්‍යන්තර යුනෙස්කෝ සංවිධානයේ ගෘෘන්වෝල් සම්මුතියේ මාර්ගෝපදේශයන්ට යටත්ව අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය 2000 වසරේ දී පාසල් මාධ්‍ය සමාජ මෙරට පාසල් පද්ධතියට හඳුන්වාදීමේ කතිකාව ආරම්භ කරන ලදී.
ඒ අනුව ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන විෂය සමගාමී අංශය හා ඒකාබද්ධව මෙරට ප්‍රථම පාසල් මාධ්‍ය සමාජය හෝමාගම අධ්‍යාපන කොට්ඨාශයෙන් නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළේය.
පාසල් මාධ්‍ය සමාජය මෙරට පාසල් පද්ධතිය තුළ ස්ථාවර වීමේ ප්‍රතිඵලයක් ලෙස 2006 වර්ෂයේ දී සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය අ.පො.ස. සාමාන්‍ය පෙළ විෂය මාළාවට හඳුන්වා දුන් අතර 2009 වර්ෂයේ දී එම විෂය අ.පො.ස. උසස් පෙළ විෂය මාළාවට එක් කළේය.
දශක දෙකකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය පාසල් දරුවන් හදාරන නමුත් ඔවුන්ගේ විෂය ප්‍රායෝගික දැනුම දියුණු කිරීම සඳහා අවශ්‍ය පුහුණුව හා මාර්ගෝපදේශනය අධ්‍යාපන අමාත්‍යාංශයට පමණක් ලබාදීමේ පවතින දුෂ්කරතාවය මඟහරවමින්, රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස මෙරට අධ්‍යාපන පද්ධතිය ගුණාත්මකව පෝෂණය කිරීම මෙන්ම මෙරට පාසල් පද්ධතියේ මාධ්‍ය සාක්ෂරතාවය පුළුල් කිරීමේ අරමුණින් ජනමාධ්‍ය අමාත්‍යාංශය, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම වැඩසටහනට නායකත්වය ලබා දී තිබේ.
National Program to Promote School Media Clubs - DGI Sri Lanka & ITN Sri Lanka