28/03/2026
පවනි සුළඟක් නෙමෙයි කුණාටුවක්.
හය වන කොටස.
හදවතට තුරුලු කරගත් ලිපි ගොනු ව සමඟ ළමා නිවාසයේ කුඩා කාමරයට කඩාවැදුන පවනි හැක් ඉක්මනින් එකින් එක ලිපි පෙරලා ලන්නට වුයේ තම මවගේ මිය යාම පිළිබඳ යම් සටහනක් හදුනා ගැනිම සඳහායි.
පිටු වෙන් පිටුව ලිපි පෙරලෙන විට ඇගේ පපුව කෙලවරින් හටගත් මහා විසාල වේදනාවක් මොහොතකින් පපුව සිර කරන්නා සේ දැනුන බැවින් ඇය වහා වතුර වීදුරුවක් ගෙන බීන බීගෙන ගියේ තොල කට වියලි යාම වලක්වා ගැනීමටයි..
නළලත උපන් දා බිදු පිට අල්ලෙන් පිසදා ගනිමින් නැවත නඩු වාර්තා ගොනු අතරට දෑස් යැවුවේ ඇයගේ මව තුරුලේ ගෙවු සොදුරු අතීතයට හිත ගෙන යමිනි...
ඇයට වයස අවුරුදු පහක් වන තුරුම ඇයගේ මව ජානු ඇය රැකබලා ගත්තේ මැණිකක් මෙනි.. පවනිට මතක සැම සවසකම ඇගේ මව ඇය සමඟ කන්කුන් ම්ටි කඩන්න ගමේ කෙලවරේ වැව් ඉස්මත්තේට යන අයුරු පමනි...
එකල කුඩා පවනි මව සමඟ මේ ගමනට එක්වන්නේ දැඩි කැමැත්තෙනි.. වැව් බංටක පාමුල සරුවට වැවුන කංකුන් දෑකැත්තකින් කපා පොහොර උරයකට දමා හිස මත තබාගෙන ගෙදර ගෙනවිත් කුඩා මිට් බැද පාසල අසල ලොකු අඹ ගහ යට තියාගෙන කංකුන් මිටි විකුණා ලබන මුදල පවනිටයි ජානුටයි හොඳටම ඇති ජිවත් වෙන්න..උදේ වරුවේ පාසල ඇරෙන කම් ඉස්කෝලේ අම්මා කංකුන් විකුණන ගමන් පවනි ඒ ලඟ පෙර පාසලේ ඉගෙන ගත්තා.. පෙර පාසල ඇරිලා අම්මගෙන් කඩචෝරු කකා ආපහු ගෙදර එන පවනි අම්මා ලඟ දැවටෙමින් කලේ ගත කලේ ගොඩාක් සතුටින්...
සවස කංකුන් මිටි කපන්න අම්මා එක්ක වැවට යන්නේ මඟ දිගට ඇති ගඩා ගෙඩි කෑමේ ආසාවට.. සඳසිරි මාමාලාගේ වැටේ තියෙන මල්බෙරි ගහෙන් ඉදුණු මල් බෙරි ගහේම කොලයකින් හදපු ගොට්ටක් පිරෙන්න කඩලා පවනිගේ අතට දීලා අම්මා කංකුන් කපාන එනකම් වැවේ ඔරුකඳකට වෙලා කකා ඉන්න එක තමයි පවනි කරේ.. ඉර බැහැගෙන එන වේලාවේ සීතල වැව් දියේ කකුල් පද්ද පද්ද මල්බෙරි කකා අම්මා දිහා බලාන ඉන්න පවනි ගොඩාක් ආසායි...
එත් එක දවසක ඒ කතාව වෙනස් වුනා..පවනි තාත්තා කියලා කෙනෙක් ඒ වන කොට දැනන් හිටියේ නැ.. පන්සලේ කෙලවරක හදපු කටුමැටි ගෙයක ජානුයි පවනියි විතරමයි ජිවත් වුනේ.. කංකුන් විකුණලා ලැබුන මුදල පවනිලාට ජිවත් වෙන්න හොඳටම ඇති වුනේ අඩුවක් නැතුව කෑම බීම පන්සලේන් ලැබුන නිසා...
පෙර පාසල් ඇරිලා පවනිවත් අරගෙන අම්මා ඉස්සේල්ලාම එන්නේ පන්සලට...දානේ සාලාව බාර කිරිබංඩා සීයා ලොකු බේසමකට බත්මාලු පලතුරු පුරෝලා දෙනවා... ලොකු හමුදුරුවෝ දානේකට පිට වැඩිය දාට කිරිපිටි සීනි තේ කොලත් කිරි බංඩා සීයා අතේ පවනිලාට ලැබෙනවා...
අම්මා එක්ක ගත කල ජිවිතේට තමයි පවනි ගත කල ලස්සනම කාලේ, ඒ ලස්සන විනාස වුනේ වැවේ ගි ලි ලා අම්මා මැරුණ දවසේ. එත් පවන්ට පවිස්වාසයි... අම්මා වැවේ ගිලෙන්න විදිහක් නැ..වැව කියන්නේ අම්මා හැමදාම ගියපු තැන... වැවේ අස්සක් මුල්ලක් නැර අම්මා දන්නවා..මඩ තැන.වැලි තැන් රැල්ල වැඩි වෙලාව, අඩු වෙලා, ගැඹුරු තැන්, වල තැන්. වැව අම්මා එක්ක යාලුයි.. පවනි පිට උඩ තියාන හැතැම්ම ගානක් වුනත් අම්මට පිනන්න පුලුවන්.
වැවේ ගිලෙන්න ගියපු ජිව්ත ගොඩාක් බේර ගත්තේ අම්මා.. පවනිට මතකයි එක දවසක් පිට ගමකින් වැවේ නාන්න ආපු කට්ටියක් ඔරු පදින්න ගිහින් ඔරුව පෙරලුන වේලාවේ හැමෝම කතා කලේ අම්මට..අම්මා වැවට පැනලා පීනලා ගිහින් ඒ සේරමල්ලි බෙර ගත්තා..අම්මගේ නම පත්රෙත් ගියා. පන්සලේ පොඩි හාමුදුරුවෝ අම්මගේ වීර ක්‍රියාව පොටෝ අරන් පත්තරෙත් දාලා තිබුනා...එහෙම වැවත් එක්ක බැදුන අම්මගේ ජිවිතය වැවම ගිල ගනියි කියලා පවනි කවදාවත් හිතන් නැ.
එතකොට වැවේ ගිලිලා අම්මා මැරුනේ කොහොමද.චුටි කාලේ ඉදන්ම පවනිගේ හිතේ තිබුන ප්‍රශ්නයක් ඒක... නඩු වාර්තා ගොනුව අතර පවනිගේ ඇස් එක තැනක නතර වුනා...
පරිවාස නිලධාරි ප්‍රකාශයක එක තැනක සඳහන් වෙලා තිබුන දේයක් ලඟ පවනිගේ ඇස් නතර වුනා.
මිස්.
මට ජිවිතේ ගැන ලොකු බයක් දැනෙනෙවා.මගේ දරුවා ළමා නිවාසයකට දාන්න මිස්. මං ජිවත් වෙලා ඉන්නකම් ඒ දේ කලා නම් මට දරුවා ගැන බය නැ.මං නැතත් දරුවට ඉන්න තැනක් තිනෙවා කියලා මං දන්නවා.
අම්මා ජිවත් වෙලා ඉන්නකම් අපිට දුරුවෙක් ළමා නිවාසයකට දාන්න බැ.. ඔයයි දරුවයි කොච්චර සතුටින්ද ඉන්නේ..කොහොමද ඔයා දරුවගෙන් ඈත් වෙලා ජිවත් වෙන්නේ..
මාව පපුව පැලිලා මැරෙයි මිස්..එත් මගේ ඇස් වලට දකින් ඔින මං නැති දවසක දරුවා හොඳ ආරක්ෂත තැනක ඉන්නවා කියලා...
එත් ජානු උසාවි නියෝගයක් නැතුව දරුවෙක් නිවාස ගත කරන්න බැ.. දරුවට ප්‍රශ්නයක් නැතුව කොහොමද උසාවියෙන් ඉල්ලිමක් කරන්නේ අපි..අනික අම්මා ඉද්දි දරුවෙක්ගෙන් අම්මා වෙන්කරන්න අපිට උවමනා නැ..මට ඒක කරන්නත් බැ..බලන්න ඔයාගේ තුරුලේ කොච්චර සැපට නිදිද දුව...
එත් නෝනා..මං මැරුනොත් දරුවා ගොඩාක් අසරණ වෙයි..
ඇයි. හැමවෙලේනම ඔයා මැරුනොත් කියන්නේ...ඔයාට ලොකු අසනීප නැනේ.
අසනීපයක් නිසා නෙමෙයි නෝනා මට බයයි.
ඔයාව කවුරු හරි මරන්න ඉන්නවා කියලද ඔයා කියන්න හදන්නේ...
මං එහෙම හීනයක් දැක්කා...
අයියෝ ජානු..හීනයක් දැකලද මේ ඔයා දරුවා නිවාස ගත කරන්න කියන්නේ, පිස්සු නැතුව ඉන්න.
ඒක හීනයක්ම නෙමෙයි නෝනා..මට දැනෙනවා කවුරු හරි මාව මරන්න ඉන්නවා කියලා..
ඇයි ජානු, ඔයාට මොනවා හරි ප්‍රශ්න තියෙනවා..මට කියන්න කවුද ඔයාව මරන්න හදන්නේ...ඒක දිග කතාවක් නෝනා ඒක පස්සේ කියන්නම්.
ජානු ප්‍රශ්න තියාන මෙතැනින් යන්න එපා..ඔයාට දැනෙනවද දරුවා අනාරක්ෂිතයි කියලා..තමන් පන වගේ රකින දරුවා ළමා නිවාසයකට දාන්න කියලා නිකම්ම අම්මෙක් කියන් නැ.. මට ඇත්ත කියන්න..මොකක්ද එහෙම කියන්න හේතුව.
මට බයක් දැනෙනවා...
ඔයා අද තුන්වෙනි දවස..මාව හමුබවෙලා ඔයාගෙම දරුවා ළමා නිවාසයකට දාන්න කියපු...මං අධිකරණයෙන් ඉල්ලිමක් කරන්නම්..එත් හේතුවක් නැතුව ළමයි නිවාස වලට දාන් නැ. ඔයා මට හේතුව කියන්න.
කිහිප වතාවකම මේ අම්මා මං ලඟට ඇවිත් ඉල්ලිම් කලා කියලා...දරුවා ළමා නිවාසයකට දාන්න කියලා ස්වාමිනි....
ඒ පරිවාස නිලධාරිගේ ප්‍රකාශයෙන් පැහැදිලියි අම්මට මරණය ගැන ඉඟියක් දැනිලා තිබුනා කියලා. අම්මා මැරුණා නෙමෙයි මරලා තියලා පවනිට දැන් හොඳටම විස්වාසයි.. එත් ඒ වර්තාවේ එහෙම කිවුවේ ඇයි කියලා ඒ නිලධාරිනිය කියලා නැ.. වැවේ ගිලි මියයාමක් කියලා මරණ සහතිකේ තිබුනට ඇත්තටම අම්මා මැරුණ විදිහ කොහොම හරි හොයනවා කියලා පවනි තදින්ම හිතා ගත්තා....
ඒකට අර වාර්තාව ලියපු පරිවාස නිලධාරි ඉන්න තැන හොයාගෙන යන්න පවනි තිරණය කලා..මේ මෙහෙයුම පටන් ගන්න හොඳම තැන එතන....
තව කොටසක් තියෙනවා...
පවන්ගේ මෙහෙයුම සාර්තක වෙයිද...
අදහසක් දක්වන්න... මේ කතාව කියවන්න කැමතින්ම් coment එකක් දාන්න..page එක අනතුරේ..රතු වෙලා තිනේනේ..කියවන ඔයාලා උදවු කරේ නැති වුනොත් page එක හොයාගන්න බැරිවෙයි.ඒ නිසා මට page එක බේර ගන්න coment එකක් දාන් යන්න..ඔයාලට ලස්සන කතා ගොඩාක් දෙන්නම්..
නන්දනි දිසානායක
2026/03/29