The dancing kitchen

Sito Web

The dancing kitchen cooking is the latest fashion nowadays join with us to explore your dish.
ශ්‍රී ලාංකීය මෙන්ම විදේශීය කෑම වට්ටෝරු සමග එක් වෙන්න
(2)

"එදා රෑ" ශ්‍රී ලාංකේය ගීතයේ සදාතනික ප්‍රේමවන්තයාගේ ජීවිත කතාව රිදී තිරයේ අත්විඳින්න! ❤️🎶ඔබේ ආදරණීයයන් සමඟ එන්න…🗓️ නොවැම්...
19/10/2026

"එදා රෑ"
ශ්‍රී ලාංකේය ගීතයේ සදාතනික ප්‍රේමවන්තයාගේ ජීවිත කතාව රිදී තිරයේ අත්විඳින්න! ❤️🎶

ඔබේ ආදරණීයයන් සමඟ එන්න…

🗓️ නොවැම්බර් 21 වන සෙනසුරාදා
⌚ සවස 02.00 ට
📍 Cinema Loreto – Pesaro
(Via Giovanni Mirabelli, 3,Pesaro)

Powered by : Epicwave Events
Centro immigranti e Caf( මෙම ස්තානයෙන්ද ටිකට් පත් ලබාගත හැක)
Via Vincenzo Rossi 128, Pesaro
📞 351 129 4491

ප්‍රවේශ පතක මිල :
වැඩිහිටියන් – €15
අවුරුදු 6-12 – €10

ප්‍රවේශපත් වෙන්කරවා ගැනිම සදහා දැන්ම අමතන්න
📞 Ashan – 328 7127470
📞 Shan – 331 7029804
📞 Thilan – 333 7742094

Epic wave events

සමහර දවස් තියෙනවා ගෙදර තියෙන හට්ටි මුට්ටි ඔක්කොම පිරෙන්න උයන්න හිතෙන දවස්. තව සමහර දවස් තියෙනවා මෙන්න මේ වගේ උයාගෙන කන්න...
19/10/2026

සමහර දවස් තියෙනවා ගෙදර තියෙන හට්ටි මුට්ටි ඔක්කොම පිරෙන්න උයන්න හිතෙන දවස්. තව සමහර දවස් තියෙනවා මෙන්න මේ වගේ උයාගෙන කන්න හිතෙන. මේ එහෙම දවසක හදපු කෑම එකක්...

කංකුං ගාර්ලික් රයිස් හදන රීල් එකක් මම අවුරුදු කිහිපයකට කලින් ශෙයා කලා. ආයේම එක රීපෝස්ට් කරන්නම් පස්සේ. ඔය කංකුං රස්නේ දවස් වල ගෙනාව මිටියක්. දඬු ටික හස්බන්ඩ් මම මල් දාන වාස් එකක දාලා වතුර දාලා තිබ්බා. Indoor plant එකක් වගේ ගෙදර තියලා තිබුණා. දෙපාරක්ම කොළ ටික කඩාගෙන කෑවා මේ අන්තීම වතාවට කොළ ටික කඩලා රයිස් හැදුවා. දැන් ඒ දඬු ටික විසි කලා තව හැදෙන්නේ නැති පාටයි ඒ ටික...

ඉස්සෝ නම් ඩෙවල් දැම්මේ හැබැයි කෑලි මිරිස් නැතුව. දෙකක්
හද්න්න කම්මැලි නිසා 🫣
එකම කෑම ජාති දෙකකට උයන්න කම්මැලි නැද්ද අනේ ඔයාලට. මම
ඒ හින්දා කරන්නේ අපි කනකොට චිලි ඔයිල්/ චිලි පේස්ට් වගේ දාලා කනවා අපේ ටික.
කොහොමද ටිකිරි මොළේ 🙊

අඹර තඹර නාඹර කියන ටික නහය ඇඟිලි වලින් තද කරගෙන කියලා බලන්න. අන්න ඒ ටෝන් එකට තමා මේ දවස් වල අපි තුන්දෙනාත් කතා කරන්නේ. ඒක...
18/10/2026

අඹර තඹර නාඹර කියන ටික නහය ඇඟිලි වලින් තද කරගෙන කියලා බලන්න. අන්න ඒ ටෝන් එකට තමා මේ දවස් වල අපි තුන්දෙනාත් කතා කරන්නේ. ඒකෙත් ලෙවල් තුනක තුන්දෙනා ඉන්නේ. මමයි ෆ්‍රේයා නම් ශේප් එකේ ඉන්නවා.
මේ දවස් වල පිච් එක වැඩිම මගේ නැන්දම්මාගේ ලොකු පුතාගේ. හම්මේ පොඩි එව්න්ට අන්තයි නැන්දම්මේ පුතා කියලා කියන්න හිතෙනවා. හෙම්බිරිස්සාවක් හැදුනම මෙහෙම ඇඳට වැටෙනවා නම් ලේබර් පේන් ආව දාට මොනා වෙයිද කියලා හිතෙනවා 🥴

මේ ටිකේ ඉතුරු කෑම එක එක ජාති ෆ්‍රිජ් එකේ පොඩ්ඩ පොඩ්ඩ බාස්කට් වල දාලා ෆ්‍රිජ් එකේ. දවල් තුන්දෙනා තිබුණ එක එක ජාති රත් කරගෙන කාලා බඩ පුරෝ ගත්තා රෑට සුප් එකක් හදමු කියලා හිතාගෙන.

Massaman curry paste බෝතලයක්ම අරන් ආවානේ. ඕකට කරන්න දේකුත් එපායෑ. ඉතිං හැදුවා අද චිකන් බ්‍රෙස්ට් දාලා ඩම්ප්ලිං සුප් එකක්. වැඩි වැඩ නෑ හදන්න ලේසියි. ඉස්සෝ දාලා හදපු එකට වඩා ලේසියි හැබැයි මට ඉස්සෝ දාලා හදපු එක තමා වැඩිපුරම රස. මොනා උනත් ඇත්ත කියන්න ඕනානේ..

මේ ටිකේ පණදාගෙන කැහලා කැහැලා උගුරේ හම ගිහින් තියෙන්නේ. චිලි ඔයිල් දාලා සුප් එක බොද්දි තරු විසි උනා. ඒ උනාට රසයි, සනීපයි.

පින්තූර යට රෙසිපි එක තියෙනවා...

සමහර හැන්දෑවරු තියෙනවා හරිම රසවත්... ඔව්.... හවස තේ බොනකොට කන්න දෙයක් තියෙනවා කියන්නේ රසවත් හැන්දෑවක් ඒක. ඒක තව රසවත් වෙ...
18/10/2026

සමහර හැන්දෑවරු තියෙනවා හරිම රසවත්...

ඔව්.... හවස තේ බොනකොට කන්න දෙයක් තියෙනවා කියන්නේ රසවත් හැන්දෑවක් ඒක. ඒක තව රසවත් වෙනවා ඒ ගමන් කියවන්න හොඳ පොතක් තියෙනකොට.

මේ එහෙම ගෙවුන හැන්දෑවක ගත්ත පින්තූරයක් 🥰

හැමදාම කෑම විතරයිනේ. අද ඒ කෑම අරන් එන මාව චුට්ටක් බලලා යන්නකෝ එහෙනම් 🫣මේ ටිකේම වැඩියේ පේන්න උන්නේ නැත්තේ අසනීප නිසා අප්ප...
17/10/2026

හැමදාම කෑම විතරයිනේ. අද ඒ කෑම අරන් එන මාව චුට්ටක් බලලා යන්නකෝ එහෙනම් 🫣

මේ ටිකේම වැඩියේ පේන්න උන්නේ නැත්තේ අසනීප නිසා අප්පා....
දැන් ඉතිං ලෙඩ සීසන්නේ. ගිය බදාදා ඉඳන් හෙම්බිරිස්සාව ඔළුව උස්ස ගත්තා කොහොම හරි සිකුරාදා ඒ උනාට තාම නහයෙන් ගලනවා. හැබැයි ගෙදර අනිත් දෙන්නාට මම ඉවර කරද්දි පටන් ගත්තා 🥴

ඒ උනාට අපි අද, සෙනසුරාදා මේ ගමන දාගෙන කලින්ම සල්ලි ගෙවලා තිබ්බ නිසා ගියා. මේ pumpkin patch එකට අපි මේ ගිය හතරවෙනි අවුරුද්ද. ෆ්‍රේයාට අවුරුදු එකාහාමාරෙන් අපි මේ තැනට යන්න පටන් ගත්තේ. දැන් හැම ඔක්තොම්බර් මාසේම family tradition එකක් වගේ අපි මේ pumpkin patch එකට ගිහින් ෆොටෝ අරන්, සෙල්ලම් කරලා, කාලා බීලා විනෝද වෙලා එන එක පුරුද්දක් වෙලා.
මේ අවුරුද්දේ ගත්ත මගේ පින්තූර ටිකක් ශෙයා කරන්න හිතුනා 🙊

ඉස්සර අපි දෙන්නා විතරක් ඉන්න කාලේ මේවා පස්සේ වැඩියේ ගියේ නෑ. කොච්චර වෙලා තිබුණාත් මේ වගේ වැඩ කරන්න හිතුනේ නෑ. ඒ උනාට ෆ්‍රේයා හම්බ උනාට පස්සේ මම හරි වෙනස් උන. මට ඕනා උනා එයාට ලස්සනම මතක් විතරක් එකතු කරලා දෙන්න. එයා එක්ක මතක ගොඩාක් අපි දෙන්නාටත් එකතු කරගන්න. ඉතිං උදාවෙන හැම විශේෂ දවසක්ම මම තව විශේෂ කරන්න පුරුදු උනා. මතක එකතු කරන්න පුරුදු උනා. දැන් ෆ්‍රේයා උනත් දන්නවා ඔක්තොම්බර් වෙනකොට අපි මේ ගමන මොන අමාරුකම තිබුණාත් යනවා කියලා.

මම හරි ආසයි දවසක ෆ්‍රේයා එයාගේ යාළුවෝන්ට එයාගේ ළමයින්ට කියනවාට "අපේ අම්මා, අපේ තාත්තා මාව මෙහේ එක්කන් ගියා, මට මෙහෙම දේවල් අරන් දුන්නා" වගේ ලස්සන දේවල් විතරක් කියනවාට. මට ඕනා එයාට ලස්සන දේවල් විතරක් කතා කරන්න ඉතුරු වෙන ළමා කාලයක් හදලා දෙන්න. මොකද මම කෑම ගැන ලස්සන මතක කතා කලාට හිත් රිදෙන මතක, ළමා කාලයක් තියෙන දරුවෙක් මම. ඉතිං අදටත් ඉඳහිට ඒවා මතක් වෙනකොට හිත් රිදෙන්නේ පොඩියට නෙමේ කියන එක මම දන්නවා. අපි කොච්චර වයසින් වැඩුනත් අතීත මතක ආවර්ජනය කරනකොට නොදැනීම අපි ඒ මොහොතේ නොදරුවන්, තරුණියන් බවට පත් වෙනවා. එදාට වැඩිහිටියෝ වෙලා අතීත මතක ආවර්ජනය කරනකොට හිත් රිදෙන්නේ දෙතුන් ගුණයකින් වැඩි වෙලා. අන්න ඒකයි මම හැම වෙලේම කියන්නේ "දරුවෝ හරියට මල් වගේ හරි සියුම්, වීදුරු වගේ හරි ඉක්මනටම බිඳෙනවා" ඒ හින්දා ඒ හිත් එක්ක ගණුදෙනු හරි පරිස්සමෙන් කරන්න ඕනා. අද බැරි උනාට තේරෙන කාලෙට ඔයාව විනිශ්චය කරන්න ගත්තම එයාලා යකඩ වගේ දරුණු වෙනවා.

මේ ලෝකේට ඔයා වෙනුවෙන් ගෙනාපු ඒ පුංචි ජීවත හැම වෙලේම සතුටින් තියන්න පුළුවන් වෙන සාමකාමී හිතක් හැම තත්පරේම ඔයාට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ♥️

ඊයේ රෑට කන්න හැදුවා පහුගිය ටිකේ වයිරල් උන hot dog sushi. ඕක හදනකම් මට ඉවසිල්ලක් තිබුණේ නෑ. දැන් සනීපයි. සාමාන්‍ය විදියට ...
15/10/2026

ඊයේ රෑට කන්න හැදුවා පහුගිය ටිකේ වයිරල් උන hot dog sushi. ඕක හදනකම් මට ඉවසිල්ලක් තිබුණේ නෑ. දැන් සනීපයි.

සාමාන්‍ය විදියට සූශි බත් ටික නෝරි ශීට් එකේ තියලා රෝල් කරලා පාන්පිටි වතුර බැටර් එකේ පොඟවලා breadcrumbs හරි panko වල හරි තවරලා බේක් කරන්න පුළුවන්, ගැඹුරු තෙලේ බදින්න පුළුවන්. මම ඔලිව්තෙල් ස්ප්‍රේ කරලා air fryer කලා. ඔය ස්ටෙප් එක මේ වෙද්දි සාර්ථකයි හොඳේ..

දැන් මේක හොට් ඩෝග් බන් වගේ වෙන් නොවෙන්න මැද්දෙන් පලාගෙන කැමති දෙයක් ෆිල් කරන්න තියෙන්නේ.

එකකට මයෝනීස් ස්ප්‍රේඩ් කරලා සීසන් කරලා තම්බපු ඉස්සෝ කෑලි කපලා අලිගැටපේර එක්ක ෆිල් කලා. ඒක sriracha mayo sauce drizzle කලා.

අනිත් දෙක මයෝනීස් ස්ප්‍රේඩ් කරලා imitation crab shredded කරලා අලිගැටපේර එක්ක ෆිල් කලා. එකකට sriracha sauce drizzle කලා. අනික sriracha mayo sauce drizzle කලා.

ඇත්තටම ඔය ටික වෙනකම් හරි ලේසියි, ලස්සනයි. ඒ උනාට කන්න ගියාම හත්පොළේ ගා ගන්න උනේ. සාමාන්‍යයෙන් ෆ්‍රයි කරන සූශි රෝල් වගේ කෑලි කපන්න බැහනේ. ඉතිං හොට් ඩෝග් එක වගේ කන්න ඕනා. මට නම් ඇත්තටම ඒක හරි කරදර වැඩක්. කොටින්ම සූශි දෙන තරමක් කන ෆ්‍රේයා කෑවේත් නෑ, අතේ සෝස් ගෑවෙනවාලු, ඔක්කොම හැලෙනවා කියලා 🙄
වෙලාවට අර චූටි ටික ඔහොම හැදුවේ...

ලස්සනට වීඩියෝ වලට ෆොටෝ වලට හදන්න හොඳයි ඒ උනාට සාර්ථක කෑමක් නෙමේ මට නම්.

වෙනදා විදියට කන්නේ නැතුව හොඳ වැඩේ දකින දකින හැම මංගල්ලේම අත් හදා බලනවට 🫠

අද රෑට.... ඒ උනාට වෙනදා හදන විදියට නෙමේ හදන්නේ. අලුත් විදියක් දැක්කා අද එහෙම ට්‍රයි කරනවා 🙊
14/10/2026

අද රෑට....

ඒ උනාට වෙනදා හදන විදියට නෙමේ හදන්නේ. අලුත් විදියක් දැක්කා අද එහෙම ට්‍රයි කරනවා 🙊

එන්නකෝ එහෙනම් රසම රස නූඩ්ල්ස් සුප් එකක් හදන විදිය කියන්න. මම මේ නූඩ්ල්ස් සුප් එක හදන්න ගත්තේ තායිලන්තයේ කරි පේස්ට් එකක්,...
14/10/2026

එන්නකෝ එහෙනම් රසම රස නූඩ්ල්ස් සුප් එකක් හදන විදිය කියන්න. මම මේ නූඩ්ල්ස් සුප් එක හදන්න ගත්තේ තායිලන්තයේ කරි පේස්ට් එකක්, Massaman කියලා. Asian store වල ගන්න තියෙනවා. චුට්ටක් සැරයි මම හිතන්නේ Red curry paste එකට වඩා සැර අඩුයි. අනික මම චුට්ටයි දැම්මේ ෆ්‍රේයාත් කන නිසා. තව සැර පොඩ්ඩක් අඩු වෙනවා පොල්කිරි දාලා සුප් එක හදන නිසා.

පින්තූරයෙන් පින්තූරය මම විස්තරය ලියලා තියෙනවා එහෙනම්

Indirizzo

Milan
11500

Notifiche

Lascia la tua email e sarai tra i primi a sapere quando The dancing kitchen pubblica novità e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Scelte rapide

Condividi

Categoria