Kevin Levin

Kevin Levin Digital Creator

Ah S**t, Here We Go Again! 🚶🏾‍♂️ GTA San Andreas: අපේ ළමා කාලය වෙනස් කරපු ඒ සුපිරිම කතාව! 🎮🔥  අපි හැමෝම වාහන පැදලා, මිනි...
24/12/2025

Ah S**t, Here We Go Again! 🚶🏾‍♂️ GTA San Andreas: අපේ ළමා කාලය වෙනස් කරපු ඒ සුපිරිම කතාව! 🎮🔥

අපි හැමෝම වාහන පැදලා, මිනිස්සුන්ට ගහලා පිස්සු කෙලියට, GTA San Andreas කියන්නේ නිකන්ම ගේම් එකක් නෙවෙයි. ඒක මාරම ගැඹුරු කතාවක් තියෙන ෆිල්ම් එකක් වගේ සීන් එකක්. ගොඩක් අයට මේකේ ඇත්ත "Story" එක මග ඇරුණා. අන්න ඒ නිසා පොඩ්ඩක් මතක් කරමුද CJ (Carl Johnson) ගේ ඇත්ත කතාව? 👇
🛑 Spoiler Alert: තාමත් Story එක ඉවර කරපු නැති එකෙක් ඉන්නවා නම් දැන්ම දුවපන්! 😂

1️⃣ ආරම්භය: ගෙදරට ආපු දුක හිතෙන ගමන ✈️
ගේම් එක පටන් ගන්නේ CJ අවුරුදු 5කට පස්සේ Liberty City ඉඳන් ආයේ Los Santos වලට එන තැනින්. එන්නේ ජොලියට නෙවෙයි, තමන්ගේ අම්මව කවුරුහරි මරලා දාලා. එයාර්පෝට් එකෙන් බහිනකොටම දූෂිත පොලිස් කාරයා Tenpenny ඇවිත් CJ ව ෆ්‍රේම් කරනවා. ජක්කයි ජෙරියයි වගේ අපිත් එක්කම හිටපු මේ Tenpenny තමයි මුළු ගේම් එකේම හිටපු ලොකුම සතුරෙක්.

2️⃣ පාවා දීම: පපුව හෝස් ගාලා ගිය මොහොත 💔
අපි හිතාගෙන හිටියේ Sweet (අයියා), Ryder සහ Big Smoke තමයි අපේ බොක්කවල් කියලා. මතකද අපි Big Smoke එක්ක Drive-thru ගිහින් අර බඩ පැලෙන්න කන ඕඩරේ? "I'll have two number 9s..." 😂
ඒත් මචං, කතාව මැද්දෙදි දැනගන්නකොට Ryder සහ Big Smoke තමයි අපේ අම්මව මරන්න ප්ලෑන් කරපු උන් එක්ක ඩීල් දාලා තියෙන්නේ කියලා... අන්න එදා තමයි පොඩි කාලේ අපේ හිත මුලින්ම කැඩුනේ. Grove Street Families ලා අපිව පාවලා දුන්නා. Sweet හිරේට ගියා. CJ ව ආයේ මුලටම වැටුණා.

3️⃣ රට වටේ ගිය ගමන: Hustle එක! 💪
San Fierro වල ගැරාජ් එකක් කරලා, Las Venturas වල කැසිනෝ බිස්නස් කරලා, Wu Zi Mu (Woozie) කියන අන්ධ යාළුවා සෙට් කරගෙන, අර The Truth එක්ක වගාවන් ගිනි තියලා (That Mission! 🔥🥴), CJ තනියම නැගිටිනවා.
මේක නිකන් ගේම් එකක් නෙවෙයි මචං, මේක "Zero to Hero" කතාවක්. තමන්ගේ අය පාවලා දුන්නත්, තනියම ගේම ගහලා ලොකු එම්පයර් එකක් හදන හැටි CJ අපිට පෙන්නුවා.

4️⃣ අවසානය: පලිගැනීම සහ ජයග්‍රහණය 🔫
අන්තිමට CJ ආයේ Grove Street එනවා. Big Smoke ගේ මාළිගාවට පැනලා, එයාව ඉවරයක් කරනවා. Big Smoke මැරෙන මොහොතේ කියනවා "I got caught up in the money, the power..." කියලා. සල්ලි වලට යාලුකම පාවලා දීපු එකෙක්ගේ අවසානය.
අන්තිමට Tenpenny ත් මැරිලා යනවා. CJ එයාගේ පවුලේ අයයි, යාලුවොයි එක්ක ආයේ ජීවිතේ පටන් ගන්නවා.
ඇයි අපි තාමත් මේකට මෙච්චර ආදරේ? ❤️
මේ ගේම් එකේ තිබ්බ Freedom එක, ඒ රේඩියෝ චැනල් ටික (K-DST, Radio Los Santos), ඒ මැප් එකේ තිබ්බ ලස්සන තැන්... ඒවා තාමත් හිතේ මැවිලා පේනවා. අද කොච්චර GTA V ගහලා ග්‍රැෆික්ස් බැලුවත්, San Andreas වල තිබ්බ ඒ "Vibe" එක තාම නෑ මචං.
උඹේ හිතට වැදුණම Mission එක මොකක්ද? පහළින් Comment කරන් යමන්! 👇
🔥 මතක තියෙන සෙට් එක Share පාරක් දාගෙන යන්න!

🌴 GTA Vice City: අපේ ළමා කාලයේ වීරයා, Tommy Vercetti ගේ කතාව! 🌴  මචං, පොඩ්ඩක් ඇස් දෙක පියාගෙන මතක් කරපන් ඒ කාලේ... ඉස්කෝ...
22/12/2025

🌴 GTA Vice City: අපේ ළමා කාලයේ වීරයා, Tommy Vercetti ගේ කතාව! 🌴

මචං, පොඩ්ඩක් ඇස් දෙක පියාගෙන මතක් කරපන් ඒ කාලේ... ඉස්කෝලේ ඇරිලා ගෙදර දුවන්නේ කවදද PC එක on කරගන්නේ කියලා. "Rockstar North" කියලා නිල් පාට ලෝ‍ගෝ එක වැටිලා, ඒ යන Intro Music එක ඇහෙද්දී දැනෙන ගැම්ම තාමත් වචන වලින් විස්තර කරන්න බෑ නේද?
අපි හැමෝම "PANZER" ගහලා ටැංකි ගත්තට, "ASPIRINE" ගහලා හෙල්ත් පුරෝගත්තට, මේ ගේම් එක ඇතුලේ දුවන පට්ටම Story එක ගැන ගොඩක් අයට ලොකු අදහසක් නෑ. අද අපි කතා කරමු, 80 දශකයේ මියාමි වල (Vice City) රජ කරපු අපේ Hero, Tommy Vercetti ගේ කතාව ගැන.

🎬 ආරම්භය: අවුරුදු 15ක හිරගෙදර ජීවිතය
ගේම් එක පටන් ගන්නේ Liberty City වල හිටපු මාෆියා ලොක්කෙක් වුන Sonny Forelli ගෙන්. මූට ඕන වෙනවා එයාගේ පරණ හිතවතා වුන Tommy Vercetti ව ආයේ වැඩට ගන්න. හැබැයි Tommy කියන්නේ මිනීමැරුම් චෝදනාවකට අවුරුදු 15ක් හිරේ ඉඳලා එලියට ආපු ගමන් ඉන්න කෙනෙක්. Sonny ට ඕන වෙන්නේ Tommy ව දම්මලා Vice City වල ඩ්‍රග් ඩීල් එකක් කරන්න. හැබැයි යටි අරමුණ Tommy ව කොහොම හරි අයින් කරන එක.

🚁 ඒ මූසල ඩීල් එක!
Tommy තව දෙන්නෙක් එක්ක Vice City වලට එනවා. මේ ඩීල් එක සෙට් කරන්නේ අපි කවුරුත් දන්න අර බයගුලු ලෝයර්, Ken Rosenberg. බඩු මාරු කරගන්න යද්දිම එතනට කඩා පාත් වෙන මැරයෝ සෙට් එකක් වෙඩි තියලා Tommy ගේ යාලුවෝ දෙන්නව මරනවා. සල්ලිත් නෑ, බඩුත් නෑ... Tommy නූලෙන් බේරිලා Ken එක්ක පැනගන්නවා.
දැන් තමා වැඩේ පත්තු වෙන්නේ. ලොක්කා (Sonny) සල්ලි ඉල්ලනවා. Tommy ට වෙන්නේ මේ කෙල වුන ඩීල් එක පිටිපස්සේ ඉන්නේ කවුද කියලා හොයලා, ලොක්කාගේ සල්ලි ආපහු දෙන්න.

🤝 Lance Vance Dance!
ඔන්න ඔහොම හොයද්දි තමා අපිට සෙට් වෙන්නේ සුදු ඇඳුම ඇඳගත්ත පොර, Lance Vance. අර ඩීල් එකේදි මැරුණ අනිත් එකා Lance ගේ අයියා. ඉතින් පළිගන්න ඕන නිසා Lance සහ Tommy සෙට් වෙනවා. (අන්තිමට මූ නයි වගේ දෂ්ට කරයි කියලා අපි හීනෙකින්වත් හිතුවේ නෑනේ මචං).

🏰 Vice City අත්පත් කරගැනීම
කතාව යද්දි Tommy දැනගන්නවා මේ ගේම ගැහුවේ Vice City වල ලොක්කා වුන Ricardo Diaz කියලා. මතකනේ අර කොට කේන්ති යන මනුස්සයා? Tommy සහ Lance එකතු වෙලා Diaz ව මරලා එයාගේ Mansion එක අල්ල ගන්නවා. අන්න එතනින් පස්සේ Tommy නිකන්ම මැරයෙක් නොවී Vice City වල Business Magnet කෙනෙක් වෙනවා. Malibu Club එකේ ඉඳන් Taxi Company එක වෙනකම් සේරම සල්ලි එන්නේ Tommy ගේ පොකට් එකට.
(අර පොඩි හෙලිකොප්ටරේ මිෂන් එක ගහගන්න බැරුව කීබෝඩ් කඩපු උන් කෝ අත උස්සන්න! 🙋‍♂️😅)

🐍 ද්‍රෝහියෝ සහ අවසානය
Tommy දැන් Vice City වල රජා. හැබැයි Liberty City වල ඉන්න පරණ ලොක්කා Sonny ට මේක දිරවන්නේ නෑ. ඌ එනවා Tommy ව ඉවරයක් කරන්න. මෙන්න මෙතනදි තමා මචං හිත රිදෙනම සීන් එක වෙන්නේ. අපේ යාලුවා Lance Vance අපිව පාවලා දීලා Sonny ගේ පැත්ත ගන්නවා.
අන්තිමට තමන්ගේම Mansion එකේදි ලොකු යුද්ධයක් යනවා. Tommy තනියම Sonny වයි, ද්‍රෝහියා වුන Lance වයි දෙන්නවම මරලා දානවා.
අවසානයේදී, Tommy Vercetti කියන්නේ නිකන්ම මැරයෙක් නෙවෙයි, කිසිම දෙයක් නැතුව ඇවිත්, තමන්ගේම කියලා එම්පයර් එකක් හදාගත්ත Legend කෙනෙක්.
❤️ ඇයි අපි Vice City වලට මෙච්චර ආදරේ?
මේක නිකන්ම ගේම් එකක් නෙවෙයි මචං, මේක Emotion එකක්. Ray Liotta (Tommy ට කටහඬ දුන්නු නළුවා - නිවන් සුව!) ගේ ඒ ගැඹුරු කටහඬ, Flash FM එකේ යන "Billie Jean" සින්දුව, හවසට Vice City මුහුදු වෙරළේ තියෙන ඒ පාට... මේවා මැරෙනකම්ම අපේ හිතේ තියෙයි.
උඹටත් මේ ගේම් එක ගැන තියෙන අමතක නොවන මතකයක්, ගහන්න බැරුව අතෑරපු මිෂන් එකක් තියෙනවා නම් පහලින් Comment කරන් යමන්.
SHARE පාරක් දාලා Vice City ගැන්සියව මතක් කරමුද? 👇😎🔥

Address

Negombo

Website

Alerts

Be the first to know and let us send you an email when Kevin Levin posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share