Electro Art Studio

Electro Art Studio Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Electro Art Studio, Digital creator, Nildandahinna.
(5)

බාහිර පෙනුමෙන් මිනිස්සුන් මනින අයට හොද පාඩම.....හීන්බන්ඩාගේ රැවුල හා ගැමි පෙනුම නිසා ඔහුට ඇත්තේ වයසට වඩා මහලු පෙනුමක්. ජ...
21/07/2025

බාහිර පෙනුමෙන් මිනිස්සුන් මනින අයට හොද පාඩම.....

හීන්බන්ඩාගේ රැවුල හා ගැමි පෙනුම නිසා ඔහුට ඇත්තේ වයසට වඩා මහලු පෙනුමක්. ජාතික ඇඳුම ඇන්දත් නිතර බුලත්විට කෑම නිසා පිරිසිදු බවක්නම් පෙන්නුම් නොකරයි.

කුරුනෑගල දිසාවේ ඈත පිටිසර ගමක හැදී වැඩී තාමත් එහිම පදිංචි හීන්බන්ඩා සති අන්තයේ සුපුරුදු පරිදි ගෙදර එනවිට ඔහුගේ තිරික්කලයේ බඳින නාම්බන් වස්සා හොරු ගෙනිහින් තිබුනි.

සෑම සෙනසුරාදාවකම උදේ නගරයේ පොලට ගොස් ගෙදර අයට සතියක් කෑමට අවශ්‍ය එලවලු, තුනපහ, සමග බුලත් විට කෑමට අවශ්‍ය හුනු දුම්කොල ආදිය ගෙන ඒම ඔහුගේ සිරිතයි.

ගොන් වස්සා නැතිවීම ගැන පැමිනිලි කිරීමට පොලිසියට යාමට සිතා හිටි හෙයින් ඔහු උදයෙන්ම නගරයට ගියේය.

නගරයේ කුඩා කඩයකින් ලැවරියා දෙකක් කා තේ කෝප්පයකින් සප්පායම් වී රට දුම්කොල බුලත් විටක්ද කටේ රුවා ගත්තේය….
පොලිසියට ගොඩවනවිට උදේ නවයත් පසුවි ඇතිබව දුටුවේ එහි බිත්ති ඔරලෝසුවෙනි.

පැමිනිලි අංශයට දුර තියාම එබිකම් කල හීන්බන්ඩා එහි ආලින්දයේ වූ පුටු දෙකින් එකක වාඩි විය. එහා මෙහා ගමන් කරන පොලිස් නිලධාරීන් හැරුනුවිට මේසයක පුටුවක සිට රාජකාරි කරන නිලදාරියෙක් ඔහු දුටුවේ නැත.

සෑහෙන වෙලාවක් ගිය පසු පොලිස් නිලධාරියකු ඔහු ඇමතීය…
“ඇයි ලොකු උන්නැහේ…”
“පැමිනිල්ලක් දාන්ට රාලහාමි…”
“පැමිනිලි ලියන රාලහාමි තාම ඇවිල්ල නෑ… එනකම් ඉන්ට වෙයි. හා… බුලත් විට කනව නේද…. මිදුලෙ කෙල ගහනවා හෙම නෙවෙයි….”

තවත් පැය බාගයක් පමන ගියවිට පොලිස් කාන්තාවෝ දෙදෙනෙක් අල්ලාප සල්ලාපයේ යෙදෙමින් හිමින් ගමනින් ඔහු සිටින තැනට ආහ.
එහි වූයේ පුටු දෙකකි. එකක හීන්බන්ඩා ඉඳගෙනය….
“ලොකු උන්නැහැ පොඩ්ඩක් ඔතන ඕනෑ..” කියන්ටත් ඔහු නැගිට පුටුව ඉඩ දුනි.

විනාඩි දහයක් පමන ඕපාදූප කතාකිරීමෙන් පසුව එක් පොලිස් කාන්තාවක් හීන් බන්ඩා දෙස බැලීය….
“මේ උන්නැහැ මොකද…”
“පැමිනිලි ලියන රාලහාමි එනකම් නෝනා….”

“අද පැමිනිලි ලියන්නේ මමයි… මොකක් ගැනද පැමිනිල්ල….”

“මගෙ හරකෙක් හොරු ගෙනිහිං නෝනා….”
“හයියෝ ලොකු උන්නැහේ… හරකෙක් නැති උනානම් ගමේ ඇවිදල හොයාගන්නව මිසක් මෙහෙ ආවෙ අපිට වද දෙන්නද….”
“හා.. හා… එනව බලන්න…”

මෙසේ කියූ පොලිස් කාන්තාව ඇගේ මේසයේ පුටුවේ ඉන්දගත්තාය. පැමිනිලි කරුට ඉඳ ගැනීමට පුටුවක්ද එහි නැත.
හීන් බන්ඩා හිටගෙනම පැමිනිල්ල ඉදිරිපත් කලේය

“ලොකු උන්නැහේ ඉස්සරහට ඇවිල්ලා කෙලින් ඉන්න…. වටපිට බලන්නයි වැනෙන්නයි එපා… මට තව වැඩ තියෙනවා…”

“තමාගේ නම…?”

“දිසානායක මුදියන්සේලාගේ හීන්බන්ඩා”

“පදිංචිය…?”

“හෙට්ටිපොල…”

“වයස…?

“54 යි…”

“රැකියාවක් කරනවද…”

“ඔව් නෝනා…”

“මොකක්ද….?”

“මොනරාගල නෝනා….”

“”හයියෝ… වද දෙනවා… ලොකු උන්නැහේ… අහන ප්‍රස්නෙට උත්තරේ දෙනවකො… රැකියාව මං ඇහුවෙ …?”
“දිසාපති කන්තෝරුවෙ නෝනා….”

“හයියෝ… හැමනෙනවා… සාජන් මහත්තයා මේ බලන්නකෝ…. පැමිනිලි ලියන්නෙ කොහොමද අහන ප්‍රස්නෙට නෙවෙයිනෙ උත්තර දෙන්නෙ….

ඇතුලේ ශාලාවෙන් එලියට ආ සාජන් මහතාද ඇයට සහාය විය….
“මේ නාකියා… අපිට වැඩ තියෙනවා…. ඔය නෝන අහන ප්‍රශ්නෙට උත්තරේ දෙනවා….”

“මොකක්ද රැකියාව…?”
“දිසාපති කන්තෝරුවෙ නෝනා….”

“දිසාපති කන්තෝරුවෙ කියල බෑ ලොකු උන්නැහේ…. එතන මොකක්ද කරන්නෙ කියල කියන්න ඕනැ…
ලොකු උන්නැහැ එතන පියන් කෙනෙක්ද, කම්කරුවෙක්ද, ක්ලාක් කෙනෙක්ද, එහෙම නැත්තං මහ දිසාපතිද කියල කියන්න ඕනැ….”
“නෝන එහෙම ලියාගන්නකො…”
“මොකක්ද…”
“මහ දිසාපති කියලා…”
“ලොකු උන්නැහැ මේ…. විහිලු කරන්ටත් ගත්තද…. එතන කරන රස්සාව කියනවා මට ලියාගන්ට….”
“නෝන… මහ දිසාපති කියල ලියාගන්ටකෝ…. ” කියමින් හීන් බන්ඩා මහ හඬින් සිනාසුනේය…

හීන් බන්ඩාගේ මහා සිනාවටත්, අවසන් පිලිතුරටත් නලල රැලි ගන්වාගත් පොලිස් නිලධාරිනියට දෙපතුල දිගේ දැනුනු හිරි වැටීමක් මුලු සිරුර පුරාම ගමන් කරනු දැනුනි….

අසුනෙන් නැගිටගත් පොලිස් නිලධාරිනිය වහා දිවගියේ ස්ථානාධිපතිවරයාගේ කාමරයටයි….
තත්පර ගනනකින් ස්ථානාධිපතිවරයා හීන් බන්ඩා ඉදිරියට පැමිනියේය….

“මේ මහත්තය කවුද….” ස්ථානාධිපතිවරයා විමසීය…

“මම ඩී ඇම් හීන් බන්ඩා…. මොනරාගල මහ දිසාපති. මම පදිංචිය හෙට්ටිපොල. මම උදේ නවයට පොලිසියට ආවෙ මගෙ හරකෙක් නැතිවෙලා පැමිනිල්ලක් දාන්න. දැන් වෙලාව එකොලහමාරයි.. දැන්නම් මගෙ හරක මට නැති උනත් කමක් නෑ… ඕවයිසී මහත්තයා ඔයාගෙ නිලධාරීන්ට කියාදෙන්න මිනිස්සුන්ට ආචාරශීලීව රාජකාරි කරන හැටි….”

“අනේ… දහස් වාරයක් සමාවෙන්න සර්….
සර් ගෙදර යන්න…. මම හරකා හොයලා දෙන්නම්….”

හීන්බන්ඩා මහ දිසාපති තුමා පොලටත් ගිහින් ගෙදරට එනවිට නැතිවූ හරකා කඩුල්ලේ කනුවක බැඳ තිබිණි..

උපුටා ගැනීමකි... ✍️
මුල් හිමිකරුට ස්තුතිය ..

දැවී තැවුණු සිත් අමා නිවනින් එතෙර වන පිංබර ඇසල පුර පසලොස්වක් පොහෝ දිනයක් වේවා🙏
10/07/2025

දැවී තැවුණු සිත් අමා නිවනින් එතෙර වන පිංබර ඇසල පුර පසලොස්වක් පොහෝ දිනයක් වේවා
🙏

09/07/2025

08/07/2025
මේක නං ආතල් සීන් එකක් 😅ඉස්සෙල්ලම ඕක මට නෝටිස් උනේ මං ටිකට් ගන්නකොට. මගේ ටිකට් එකේ ගාන 55යි. මං පනහක් දුන්නා පනහේ කොල දෙක...
08/07/2025

මේක නං ආතල් සීන් එකක් 😅

ඉස්සෙල්ලම ඕක මට නෝටිස් උනේ මං ටිකට් ගන්නකොට. මගේ ටිකට් එකේ ගාන 55යි. මං පනහක් දුන්නා පනහේ කොල දෙකක් තිබ්බ හිංදා. සල්ලි අතට ගත්ත ඌ මං දිහා අමුතු බැල්මට් එක දානකොටම මට බකස් ගාලා හිනා ගියා.මං ඇහුවා "කීයද.. තව පහක්ද ඕනේ" කියලා.
ඌ කියනවා "මේං මගේ නෑදෑයෙකුත් නැගලා අරණායක යන්ඩ" කියලා. බස් එකම හෙන හයියෙන් හිනා වුනා. ඌ මග දිගටත් ආතල් දීලා, බස් එකේ උං හෙන ජොලියේ හිටියේ.

බස් එක පුරාවට ඩෑල් එක දුන්න ආතල් ටිකක් මේ
පොල් අඹේගොඩ කනත්ත ගාවදී..
"බොරැල්ල කනත්ත ගාව කැමති අය බහින්ඩ.."

ටිකට් ගන්ඩ ආපූ කෙල්ලෙකුට "ගෙදරට හොරෙන් නේද ආවේ. කියනවා කොහෙද යන්නෙ කියලා"
"ඒ මොකටද"
"ටිකට් එක කඩන්ඩ "

රුපියල් පහක් මාරු සල්ලි තියෙනවද කියලා අහද්දි නෑ කියලා කියපු ආච්චි කෙනෙකුට,
"පන්සලේ පිං කැටේටම දාපං ආච්චියේ. අපිට දෙන්ඩ එපා"

උස්සාපිටිය හංදියේ බහිනවද ඇහුවේ
"නාවල බහිනවද" කියලා. පස්සෙ කියනවා
උස්සාපිටිය හංදිය කියනවට වඩා නාවල කියන එක ලේසියිලු..

උක්ගොඩ පාලම ගාවදි "අලුත් පාලම ගාව බහින අය බහින්ඩ. අනික් අය හයියෙන් අල්ලං ඉඳගන්ඩ"

සෙනඟ හිටිය හෝල්ට් එකක් ගාව නැවත්තුවම,
"පුංචි බොරැල්ල.. මරදාන.. මරදාන .. නගින්ඩ නගින්ඩ.."
"මේකේ අරණායක කියලානේ බං ගහලා තියෙන්නේ" නගින්න හිටිය කටකාර සීයා කෙනෙක් කිව්වා.
"එහෙනං අරණායක වෙන්ඩැති බං. නැගහං නැගහං යනවනං"

-Copied-

😁😅

💙
03/12/2024

💙

😎💙 ඔයාගෙ අම්මට,තාත්තට,සහෝදරයට, සහෝදරියට,husband ට / wife ට ,,,කොල්ලට/කෙල්ලට උනත් 😁 මේ වගේ ලස්සන art එකක් gift කරොත් කොහො...
02/12/2024

😎💙 ඔයාගෙ අම්මට,තාත්තට,සහෝදරයට, සහෝදරියට,husband ට / wife ට ,,,කොල්ලට/කෙල්ලට උනත් 😁 මේ වගේ ලස්සන art එකක් gift කරොත් කොහොමද...එහෙන්ම් දැන්ම oder එකක් දන්න😍❤️ inbox එකට messege එකක් දාන්න💙

02/12/2024

😎💙 ඔයාගෙ අම්මට,තාත්තට,සහෝදරයට, සහෝදරියට,husband ට / wife ට ,,,කොල්ලට/කෙල්ලට උනත් 😁 මේ වගේ ලස්සන art එකක් gift කරොත් කොහොමද...එහෙන්ම් දැන්ම oder එකක් දන්න😍❤️ inbox එකට messege එකක් දාන්න💙

වරෙල්ල මේ පැත්තෙ 😶
28/11/2024

වරෙල්ල මේ පැත්තෙ 😶

💙  Vihanga Dilshan  💙
28/11/2024

💙 Vihanga Dilshan 💙

හරියට 2024 එවුන් ඇවිත් ලියපං කිව්ව වගේ 😅VVihanga DilshanVihanga Dilshan Rajapaksha
27/11/2024

හරියට 2024 එවුන් ඇවිත් ලියපං කිව්ව වගේ 😅

VVihanga DilshanVihanga Dilshan Rajapaksha

25/11/2024

එන්න අපි තාලෙට හෝන් ගහමු 😅

Vihanga Dilshan

Address

Nildandahinna
22280

Website

Alerts

Be the first to know and let us send you an email when Electro Art Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share