B Alert

B Alert Breaking Alert ( ඇලට් එකේ ඉන්න)

සමාජ මාධ්‍යයේ වෛරල් යන ඒ ඡායාරූපය... 2025 world 🏆 India
02/11/2025

සමාජ මාධ්‍යයේ වෛරල් යන ඒ ඡායාරූපය... 2025 world 🏆 India

2025 ලෝක ශූරියන් බවට ඉන්දියාව පත්වෙයි....❤️
02/11/2025

2025 ලෝක ශූරියන් බවට ඉන්දියාව පත්වෙයි....❤️

තම බිරිඳ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් රුපියල් ලක්ෂ 21ක මුදලක් වංචා කර ඇත්නම්, මාධ්‍ය සංදර්ශන නොපවත්වා වහාම අධිකරණයට යන ලෙස තම...
02/11/2025

තම බිරිඳ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් රුපියල් ලක්ෂ 21ක මුදලක් වංචා කර ඇත්නම්, මාධ්‍ය සංදර්ශන නොපවත්වා වහාම අධිකරණයට යන ලෙස තමන් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයාට අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ප්‍රකාශ කළේය.

ඔහු මෙම ප්‍රකාශය සිදු කළේ, හේෂා විතානගේ මහතාගේ බිරිඳ විසින් ලොතරැයි මණ්ඩලයට ලක්ෂ 21ක මුදලක් ගෙවිය යුතු බවට එහි සභාපති එම්.ඩී.සී.ඒ. පෙරේරා මහතා පසුගියදා (29) සිදුකළ ප්‍රකාශයට පිළිතුරු වශයෙනි.

මෙම චෝදනාව මීට පෙරද විවිධ අවස්ථාවලදී මතු වූවක් බවත්, එය තමාට අදාළ නොවන කරුණක් බැවින් මෙතෙක් ඊට පිළිතුරු දීමට ඉදිරිපත් නොවූ බවත් විතානගේ මහතා පැවසීය.

“දේශපාලනඥයින්ට කඩේ යන්නේ නැතුව, ඇත්තටම වංචාවක් වෙලා තියෙනවා නම්, මාධ්‍ය සංදර්ශන ඕන නෑ, කෙළින්ම අධිකරණයට යන්න” යනුවෙන් ඔහු සභාපතිවරයාට අභියෝග කළේය.

එමෙන්ම, තමන් “හිල් වුණු යට ඇඳුම්” නොඅඳින බවට උපහාසාත්මක ප්‍රකාශයක් කළ මන්ත්‍රීවරයා, අවශ්‍ය නම් තම යට ඇඳුම ගලවා පෙන්වීමට පවා සූදානම් බව පවසමින්, එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළේය.

ජාතික ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිත ධූරයක් මගේ බිරිඳට තිබුනය එකේ යම් කිසි මුදලක් ගෙවන්න තියනවා කියලා මාධ්‍යට කියනවා.මම ඉස්සරවෙලා කියනවා මට විරුද්ධව දාලා තියෙන්නේ මම දේශපාලකයෙකු විදියට ජාතික ලොතරැයි මණ්ඩලයේ ධුරයක් ලබා ගැනිමට ලියුමක් නිකුත් කරා කියලා.

එක ඇත්ත මම පිලි ගන්නවා.මම එක ලියුමක් නෙවෙයි දේශපාඥයෙකු වුණ දවසේ ඉදලා මගේ හිතවත් කෙනෙකු ඉල්ලුවොත් ඒ ලියුමක් ඉදිරිපත් කිඑරිම මගේ ගාව තියනවා. ඒක ඉස්සරහටත් කරනවා. ඒක දේශපාලනයත් එක්ක බද්ධ වෙච්ච කොටසක්. මම එක් බොරුවට නැහැ කියන්නේ නැහැ. හැබැයි මම එක දෙයක් කියනවා බිරිඳට මට මගේ පවුලේ වෙනත් අයෙකුට එක සත විසිපහක් වංචා කරලා චෝදනාවක් තිබුනනම් ගරු සභාපතිතුමා මාධ්‍ය සංදර්ශන තියන එක නෙමෙයි තියෙන්මේ මේ රටේ අධීකරණ පද්ධතියක් තියනවා අධිකරණයට යන්න තියෙන්නේ.

ජාතික ලොතරයි මණ්ඩලේ නියෝජිත ධුරයක් ගන්න කොට තියනවා ගිවිසුමකට එන්න ඕන. ඒ ගිවිසුම ප්‍රකාරව හේෂගේ කවුරු හරි පොල්ලක් තියලා තියනවා නම් අධිකරණයට යන්න. මම ඔබතුමාට අභියෝග කරනවා බොරුවට දේශපාලඥයින්ගේ පස්සේ ගිහිල්ලා දේවල් කරන්න යන්න එපා. ඔබලාගේ පක්ෂේ වගේ හිල් වෙච්ච යට ඇදුම අදින මිනිස්සු නෙමෙයි අපි. අපේ යට ඇදුම ගලවලා පෙන්නන්න පුලුවන් අපේ හිල්වෙලා නැහැ. අපි හොදට පිරිසිදුව අදින්නේ. ඒ නිසා සභාපතිතුමාට කියනවා ඒ හිල්වෙච්ච යට ඇදුම් අදින මහත්වරුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් දේශපාලකයින් වෙනුවෙන් කඩේ යන්න එපා එහෙම තියනවනම් අධිකරණයට යන්න.

02/11/2025

රනිල්ගේ බිරිය මහාචාර්ය මෛත්‍රී
වික්‍රමසිංහ ජාත්‍යන්තරය හොල්ලයි

පොලිසිය සඳහන් කරන්නේ, ඩුබායි පැවති අලුත් අවුරුදු සැමරුමකදී හඳුනාගත් ප්‍රකට නිළියක්, චිත්‍රපට නිෂ්පාදනයකට සම්බන්ධ වන ලෙසට...
02/11/2025

පොලිසිය සඳහන් කරන්නේ, ඩුබායි පැවති අලුත් අවුරුදු සැමරුමකදී හඳුනාගත් ප්‍රකට නිළියක්, චිත්‍රපට නිෂ්පාදනයකට සම්බන්ධ වන ලෙසට කෙහෙල්බද්දර පද්මේට ආරාධනා කළ බවට තමන් වෙත පුවත් ලැබී ඇති බවයි.

පොලිස් නිලධාරියෙකු අවධාරණය කළේ මෙම තොරතුරේ සත්‍යතාව තහවුරු කරගැනීම සඳහා අදාළ නිළියගෙන් ප්‍රකාශයක් සටහන් කරගත යුතු බවයි.

කෙසේ වෙතත්, ඉහළ පෙළේ පොලිස් නිලධාරියෙකු දක්වා සිටියේ මෙම කතාබහට අදාළව කෙහෙල්බද්දර පද්මේගෙන් ප්‍රශ්න කිරීමක් සිදු කරන බවයි.

02/11/2025

අඩෝ.. ඒ මොකෙක්ද බං ?
ඔක්කොම විනාශයි නේද ?

පාතාල කණ්ඩායමක් තමන් වහන්සේ ඝා #තනය කිරීමට සැලසුම් කරමින් සිටින බවට බුද්ධි අංශ මගින් අනතුරු අඟවා ඇති බැවින්, තම ආරක්ෂාව ...
02/11/2025

පාතාල කණ්ඩායමක් තමන් වහන්සේ ඝා #තනය කිරීමට සැලසුම් කරමින් සිටින බවට බුද්ධි අංශ මගින් අනතුරු අඟවා ඇති බැවින්, තම ආරක්ෂාව සඳහා වහාම ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් දෙදෙනෙකු ලබා දෙන ලෙස ඉල්ලා, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ආරක්ෂක ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

තමන් වහන්සේ වැඩ වසන රාජගිරියේ විහාරස්ථානයට පැමිණි බුද්ධි අංශ නිලධාරීන් පවා මෙම මර #ණීය තර්ජනය පිළිබඳව දැනුවත් කළ බව උන්වහන්සේ සිය ලිපිය මගින් අවධාරණය කර ඇත.

“දීර්ඝ කාලයක් තිස්සේ මා විසින් ගෝලීය ත්‍රස්තවාදය හා බැඳුණු ඉස්ලාම් අන්තවාදය පිළිබඳව සිදුකළ හෙළිදරව් කිරීම් සහ එම අන්තවාදයෙන් පීඩාවට පත් පාරම්පරික මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටීම මෙම තර්ජනවලට හේතු වී තිබේ,” යැයි ඥානසාර හිමියන් එම ලිපියේ සඳහන් කරයි.

මීට සති කිහිපයකට පෙර, නැගෙනහිර පළාතේ එරාවුර් ප්‍රදේශයේදී, “කාසිම් නමැති තරුණයා සහ ඥානසාර තෙර යන දෙදෙනාම ෂරියා නීතියට අනුව ගල් ගසා ම #රා දැමිය යුතු” බවට සඳහන් අත්පත්‍රිකා බෙදා හැර ඇති බවත්, ‘ලිබියා ගඩාෆි’ නැමැති කණ්ඩායමක් වට්ස්ඇප් හරහා ද මෙම පණිවිඩය ප්‍රචාරය කරමින් සිටින බවත් උන්වහන්සේ පෙන්වා දී තිබේ.

“2013 වසරේ සිට ඉස්ලාම් අන්තවාදීන් සිදුකිරීමට ගිය විශාල විනාශයක් වළක්වා ගැනීමට මා ඇතුළු සංවිධානය සුවිසල් කැපකිරීමක් කළා. අද වන විට මා අත්‍යන්ත අන්තරායකර අවදානමක සිටිනවා. මීට පෙර ලබාදී තිබූ ප්‍රභූ ආරක්ෂාව මා මගේ කැමැත්තෙන්ම ඉවත් කර ගත්තද, වත්මන් තත්ත්වය හමුවේ සුදුසු ආරක්ෂාවක් අත්‍යවශ්‍යයි,” යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් ඉල්ලා ඇත.

02/11/2025

උතුම් වූ දළදා වහන්සේ
විකුණුවා හා සමානයි

නාමල් රාජපක්ෂගේ ක්‍රියාකලාපය තුලින් අපි දකිනවා ඔහු පරිනත බවත් මේ රට මෙහෙයවන්න පුළුවන් නායකයා ඔහු බව හිටපු අමාත්‍ය ජොන්ස්...
02/11/2025

නාමල් රාජපක්ෂගේ ක්‍රියාකලාපය තුලින් අපි දකිනවා ඔහු පරිනත බවත් මේ රට මෙහෙයවන්න පුළුවන් නායකයා ඔහු බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කරයි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කළේ,

“මහින්ද මහත්තයා බලන්න යනකොට ඕන තරම් ඉන්නවා. එතුමාට ගොඩක් ආදරෙයි ජනතාව. සමහර විපක්ෂයේ පක්ෂත් තියෙනවා. සමහර ඒවා. ඔක්කොම නෙමෙයි. සමහර ඒවා ඉන්නවා මේවට විරුද්ධව.

විපක්ෂයේ ඉදගෙන විපක්ෂයටම ගහන්න හදනවා. ඒවට අපි නිසි වෙලාවේදී තීන්දු තීරණ ගන්නවා. නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ක්‍රියාකලාපය තුලින් අපි දකිනවා අද ඔහු පරිනතයි.

මේ රට මෙහෙයවන්න පුළුවන් නායකයෙක් කියලා අපි දකිනවා. අපි විතරක් නෙමෙයි ගමේ අයත් දකිනවා. ගමේ අය කියනවා ඊළග ජනාධිපති නාමල් කියලා ඡන්ද නොදුන්න අය.”

පිළියන්දල පැවති ජන හමුවක් අමතමින් හිටපු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ බව සඳහන් කරයි.

02/11/2025

සිස්ටම් චේන්ජ් කරනවා කිව්වට
මෙහෙම කරයි කියලා ලොවෙත් හිතුවද ?

අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙලේබද්දර පද්මේ ගිනිඅවි ජාවාරම් සිදුකර ඇති බවට බස්නාහිර උතුර අපරාධ ක...
02/11/2025

අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙලේබද්දර පද්මේ ගිනිඅවි ජාවාරම් සිදුකර ඇති බවට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මේ වනවිට අනාවරණ කරගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් සිදුකළ පුළුල් විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු පිස්තෝලයක් හා ජීව උණ්ඩ 13ක් සහ පතුරන් ගැබක් සමග අත්අඩංගුවට ගත්තේය.

කෙහෙල්බද්දර පද්මේගෙන් ජීව උණ්ඩ 13ක් සමග පිස්තෝලයක් තමන් මිලදී ගත් බව එම ව්‍යාපාරිකයා පවසා ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 5ක් පළමුව ඉල්ලා ඇති අතර අනතුරුව රුපියල් ලක්ෂ තුනහමාරක් දක්වා අඩු කළ බව ව්‍යාපාරිකයා හෙළි කර ඇත.

තවද කෙහෙල්බද්දර පද්මේගේ කළු සල්ලි ප්‍රසිද්ධ නිළියන් හරහා සුදු කර ඇතිද යන්න සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන බව පොලීසිය සඳහන් කරයි.

02/11/2025

මිනුවන්ගොඩ ගල්පොත්ත ප්‍රදේශයේ නිවසකට පිරිමි පුද්ගලයෙකු පැමිණ ජනෙල් කවුළුවක් විවෘත කර නිවසට ඇතුල් වී බඩු සොරාගන්නාා ආකාරයත් යළි නිවසෙන් එලියට පැමිණෙන ආකාරය නිවසේ සවිකර තිබූ සීසීටීවී කැමරාවේ පටිගත වී තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම පුද්ගලයා සොයා විමර්ශන කටයුතු ආරම්භ කර ඇති මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

Address

Kadawatha

11856

Telephone

+94715969334

Website

Alerts

Be the first to know and let us send you an email when B Alert posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to B Alert:

  • Want your business to be the top-listed Media Company?

Share