15/09/2025
තමන් ආදරය කරන මනුස්සයාගේ දවසම විනාස කරලා, රණ්ඩු වෙලා ඔලුව කන එක වීර ක්‍රියාවක් කියලා හිතාගෙන ඉන්න කාන්තාවෝ ඉන්නවා. එයාලා හිතාගෙන ඉන්නේ එහෙම රණ්ඩු වෙන එක ආදරේම කොටසක් කියලා. ඒ විදිහට රණ්ඩු වෙන එක ආදර සම්බන්ධතාවයකදී සාමාන්‍ය තත්ත්වයක් කියලා එයාලා හරිම ලේසියෙන් තමන්ගේ ටොක්සික් ගතිගුණ සාධාරණීකරණය කරනවා.
හැබැයි එයාලා දන්නේ නැහැ එයාල මේ ඉන්නේ විශ සහිත මානසික මට්ටමක කියල.
උදේ ඉඳන් හවස් වෙනකල් තමන්ගේ රස්සාව ඇතුලේ පුළුවන් තරම් මහන්සි වෙලා, පාරවල් ගානේ රස්තියාදු වෙලා, traffic එකේ හිරවෙලා ඉඳලා, ගෙදරට එනකොටම එක්කෝ එයා එක්ක රණ්ඩුවක් ඇති කරගන්න බලාගෙන ඉන්න, එක්කො මූණ බලන්නේ නැතුව තරහ වෙලා ඉන්න, එහෙමත් නැත්නම් කෝල් එකක් දීලා හොඳින් ඉන්නවද කියලා අහන්නෙ නැති සමහර ගෑනු ළමයි හිතාගෙන ඉන්නේ ඒ ටොක්සික් හැසිරීම් සේරම ආදර සම්බන්ධතාවයකට ඕන දේවල් කියල.
පිරිමියෙක් කියන්නේ මානසික නිදහස උපරිමයෙන්ම අපේක්ෂා කරන මනුස්සයෙක්. ඕනෙම පිරිමි කෙනෙක් ආදරය වෙනුවෙන් තමන්ගේ සම්බන්ධතාවය ඇතුළේ සියයට සීයක් උපරිමය කැප කරනවා. හුඟක් පිරිමි අය ඒ වෙනුවෙන් අනෙක් පැත්තට මහ ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නෙ නෑ. හැබැයි කිසිම පිරිමි කෙනෙක් ටොක්සික් relationship එකක් ඇතුලේ තමන්ගේ කාලය නාස්ති කරන්න කැමති නෑ.
ඉන්නකල් පුළුවන් තරම් රණ්ඩු වෙලා, එක්කෝ දාලා ගියාට පස්සේ, එහෙම නැත්නම් ගෑණු ළමයාගේ ටොක්සික් හැසිරීම දරා ගන්න බැරුව ජීවිතය නැතිකරගත්තට පස්සේ සමාජය ඉස්සරහා තමන් හරි කියලා පෙන්නන්න fecebook එකේ හෑලි ලිව්වට වැඩක් නැහැ.
තවත් මනුස්සයෙක්ගෙ ඔළුව කන්න හේතුවක් හොයාගන්න තැනම තමන්ට තියෙන්නේ මානසික ලෙඩක් බව අවබෝධ කරගන්න පුළුවන් නම් ඒකට අවශ්‍ය ප්‍රතිකාර අරගෙන සාමාන්‍ය මනුස්සයෙක් බවට පත්විය යුතුයි. එහෙම නැතුව තමන් ආදරේ කරන තමන් එක්ක ජීවිතේ බෙදා ගන්න සූදානම් වෙලා තමන් ජීවිතේ කොටසක් කියලා තීරණය කරපු මනුස්සයාව මානසිකව වට්ට වට්ට, ඒ මනුස්සයාගේ මානසික නිදහස නැති කරලා...
"දවසට එක පාරක් හරි boyfriendගේ/ හස්බන්ඩ්ගේ ඔලුව කෑවෙ නැත්නම් වැඩක් නෑ"
කියලා තමන්ගේ කැත ගති සාධාරණීකරණය කරන ගෑණු නම් ඇත්තටම දේව සාප.
පිරිමි ළමයින්ට කියන්න තියෙන්නේ ගෑනු ළමයෙක් තෝරා ගන්න කොට ලස්සන, සල්ලි, අධ්‍යාපන සුදුසුකම් වගේ දේවල් බලන්න ඒකට කමක් නෑ. හැබැයි තමන්ට තමන් වෙලා ජීවත් වෙන්න, මානසික නිදහසක් දෙන partner කෙනෙක් තෝරගන්න පුළුවන් වෙන්න ඕනේ. තමන්ගේ status maintain කරන්න පුළුවන් ගෑනු ළමයෙක් තෝරගන්න එක වරදක් නෙවෙයි. හැබැයි ලෝකෙට status maintain කරලා ගේ ඇතුලේ ඔලුව කන, මානසිකව වට්ටන ගැහැණු කෙනෙක් එක්ක ජීවත් වෙලා වැඩක් නෑ.
තවත් කාගේ හරි මානසික නිදහසක් නැති කරන එක වීර කමක් නෙවෙයි. ඒක මානසික ලෙඩක්.
උපුටාගැනීමකි...