Lanka Police News

Lanka Police News Independent News & Media Page
Sharing crime, traffic and public news updates from Sri Lanka.

Not affiliated with Sri Lanka Police. ශ්‍රී ලංකාවේ අපරාධ, රථවාහන සහ මහජන තොරතුරු පළ කරන ස්වාධීන මාධ්‍ය පිටුවකි.
ශ්‍රී ලංකා පොලීසියට අනුබද්ධ නොවේ.

කෝටි හතරකට ආසන්න රත්‍රං සඟවා ගෙනා ඉන්දීය ජාතිකයන් තිදෙනෙක් අත්අඩංගුවටරුපියල් කෝටි හතරකට ආසන්න වටිනාකමකින් යුත් රත්‍රං ග්...
16/10/2026

කෝටි හතරකට ආසන්න රත්‍රං සඟවා ගෙනා ඉන්දීය ජාතිකයන් තිදෙනෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි හතරකට ආසන්න වටිනාකමකින් යුත් රත්‍රං ග්‍රෑම් 790ක් ගුද මාර්ගයේ සඟවාගෙන මෙරටට පැමිණි බව කියන ඉන්දීය ජාතිකයන් තිදෙනකු අද (16) අත්අඩංගුවට ගත් බව ආමර්වීදිය පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පදිංචි, වයස අවුරුදු 28ත් 36ත් අතර පසුවන පුද්ගලයන් තිදෙනෙකි. ඔවුන් මැලේසියාවේ සිට කටුනායක ගුවන්තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණ ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුව, ආමර්වීදිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ. ඒ. එස්. නිශාන්ත මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ආමර්වීදිය ප්‍රදේශයේ හෝටලයකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

ගුවන්තොටුපොළ ස්කෑන් පරීක්ෂාවලදී රත්‍රං හඳුනාගැනීම වැළැක්වීමේ අරමුණින් ඒවායේ රසායනික ද්‍රව්‍යයක් ආලේප කර තිබූ බවටද විමර්ශනවලදී තොරතුරු අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.

ඩුබායිහි සිටින පුද්ගලයකු විසින් දුරකතනයට එවනු ලබන ස්ථානයකට එම රත්‍රං රැගෙන ගොස් අලෙවි කිරීමට සැකකරුවන් සූදානමින් සිට ඇති බව ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

සැකකරුවන් තිදෙනා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කොළඹ උතුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ උපදෙස් මත, ආමර්වීදිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ. ඒ. එස්. නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කොස්තාපල්වරුන් වන සේනාධීර (4010), පැතුම් (102607) සහ අභිලාෂ් (103848) යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.

15/10/2026

කුකුලු බෙටි ගැටුම...

මත්ද්‍රව්‍ය මුදලින් මිලදී ගත් බවට සැක කෝටි 10කට අධික දේපළට දින 14ක නියෝගයක්මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් යොදවා මිල...
15/10/2026

මත්ද්‍රව්‍ය මුදලින් මිලදී ගත් බවට සැක කෝටි 10කට අධික දේපළට දින 14ක නියෝගයක්

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් යොදවා මිලදී ගත් බවට සැක කෙරෙන රුපියල් කෝටි 10කට අධික වටිනාකමකින් යුත් දේපළ සම්බන්ධයෙන් ක්‍රියාවිරහිත කිරීමේ නියෝගයක් නිකුත් කර ඇති බව පොලිසිය පවසයි.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව නිකුත් කර ඇති මෙම නියෝගය, 2026 ඔක්තෝබර් 08 වැනිදා සිට දින 14ක කාලයක් සඳහා බලපැවැත්වේ. අදාළ දේපළ විකිණීම, පැවරීම හෝ වෙනත් ගනුදෙනුවකට යොදාගැනීම වැළැක්වීම එහි අරමුණයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට රැගෙන එනු ලැබූ, මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි සැකකරුවකු සම්බන්ධ විමර්ශනයකදී මෙම දේපළ පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ. සැකකරු සිය පුත්‍රයාගේ, පියාගේ සහ තවත් සමීපතමයකුගේ නමින් දේපළ මිලදී ගෙන ඇති බවට ලද තොරතුරු මත විමර්ශන සිදුකරන බව පොලිසිය සඳහන් කරයි.

නියෝගයට යටත් දේපළ අතර බොරලැස්ගමුව, දෙහිවල පාරේ පිහිටි රුපියල් කෝටි තුනහමාරක් පමණ වටිනා කායවර්ධන මධ්‍යස්ථානයක්ද වෙයි.

දඹුල්ල, තිත්තවැල්ගොල්ල ප්‍රදේශයේ රූඩ් හයයි පර්චස් තුනක ඉඩමක ඉදිකළ සංචාරක නිවස්නයක්, රූඩ් දාහතයි පර්චස් එකක ඉඩමක ඉදිකළ නිවසක් සහ රූඩ් දෙකයි පර්චස් පහක වගා ඉඩමක්ද ඊට ඇතුළත්ය. එම දේපළවල වටිනාකම රුපියල් කෝටි තුනහමාරක් පමණ බව සඳහන් වේ.

යක්කල ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක පිහිටි රුපියල් කෝටි තුනක් පමණ වටිනා නිවසක්ද මෙම නියෝගයට යටත් කර තිබේ.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

බීඩි කොළ කිලෝ 769කට අධික තොගයක් සමඟ සැකකරුවෙක් මීගමුවේදී අත්අඩංගුවටනීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එන ලද බව ...
15/10/2026

බීඩි කොළ කිලෝ 769කට අධික තොගයක් සමඟ සැකකරුවෙක් මීගමුවේදී අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එන ලද බව කියන බීඩි කොළ කිලෝග්‍රෑම් 769යි ග්‍රෑම් 600ක තොගයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත, ඔක්තෝබර් 08 වැනිදා අලුයම මීගමුව කුඩාපාඩුව පල්ලිය ආසන්නයේදී මෙම වැටලීම සිදුකර තිබේ.

බීඩි කොළ අඩංගු උර 21ක් සහ එම තොගය ප්‍රවාහනයට යොදාගත් ලොරි රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මීගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27ක පුද්ගලයෙකි.

සැකකරු සහ අත්අඩංගුවට ගත් ද්‍රව්‍ය මීගමුව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, මීගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

13/10/2026

නොරොච්චෝලේ සේතපොල වැටලීමකින් ගෝඩා බැරල් තුනක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

නොරොච්චෝලේ සේතපොල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය සඳහා යොදාගන්නා ගෝඩා බැරල් තුනක් සමඟ එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත, කොට්ඨාස ඒකකයේ ස්ථානාධිපති ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ඇත.

අදාළ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදන කටයුත්තට ‘ජීවා’ නමැති පුද්ගලයකුගේ අනුගාමිකයන් සම්බන්ධ බවට තොරතුරු සඳහන් වුවද, එම සම්බන්ධතාව පිළිබඳ නිල තහවුරු කිරීමක් මෙතෙක් ලැබී නොමැත.

09/10/2026

වහලෙන් බැස ජංගම දුරකථන 31ක් සොරාගත් බව කියන සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

පුත්තලම–මන්නාරම මාර්ගයේ පිහිටි ජංගම දුරකථන වෙළෙඳසැලකට රාත්‍රී කාලයේ වහලයෙන් ඇතුළු වී ජංගම දුරකථන 31ක් සොරාගැනීමේ සිද්ධිය...
09/10/2026

පුත්තලම–මන්නාරම මාර්ගයේ පිහිටි ජංගම දුරකථන වෙළෙඳසැලකට රාත්‍රී කාලයේ වහලයෙන් ඇතුළු වී ජංගම දුරකථන 31ක් සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සොරකම සම්බන්ධයෙන් පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණිල්ලක් ලැබීමෙන් අනතුරුවයි විමර්ශන ආරම්භ කර තිබෙන්නේ.
පුත්තලම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහතාගේ පූර්ණ අධීක්ෂණය හා උපදෙස් මත, කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍ර සිරිලාල් මහතාගේ උපදෙස් අනුව විමර්ශන කණ්ඩායමක් මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.
පොලිස් පරීක්ෂක කුමාරසිංහ මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මෙම මෙහෙයුමට එක්ව සිටියා.
එහිදී සැකකරුවන් දෙදෙනෙකු කොළඹ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් සැකකරුවෙකු පුත්තලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් සතුව තිබී ජංගම දුරකථන 29ක්, පවර් බෑන්ක් තුනක් සහ CCTV කැමරාවක් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්. සොරාගත් බවට පැමිණිල්ල ලැබී තිබූ දුරකථන සංඛ්‍යාව 31ක් වන අතර, මෙහෙයුමේදී දුරකථන 29ක් සොයාගෙන තිබෙනවා.
මෙම සැකකරුවන් බැංකු කොල්ලකෑම් සහ ජංගම දුරකථන වෙළෙඳසැල් බිඳ දේපළ සොරාගැනීම් ඇතුළු වෙනත් අපරාධවලට සම්බන්ධදැයි සොයා පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
සොරකමට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සහ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි.

පාසලක් අසල සැකකටයුතු පාර්සලයකින් ටී–56 ජීව උණ්ඩ පහක් හමුවෙයිපැලවත්ත, මීරිස්වත්ත මහ විදුහලේ ක්‍රීඩාංගණයට යාබද පාසල් මාර්ග...
09/10/2026

පාසලක් අසල සැකකටයුතු පාර්සලයකින් ටී–56 ජීව උණ්ඩ පහක් හමුවෙයි
පැලවත්ත, මීරිස්වත්ත මහ විදුහලේ ක්‍රීඩාංගණයට යාබද පාසල් මාර්ගයේ දමා ගොස් තිබූ සැකකටයුතු පාර්සලයකින් ටී–56 වර්ගයේ ජීව උණ්ඩ පහක්, මලකඩ කෑ හිස් මැගසින් එකක් සහ අත්බෝම්බ බහාලන අසුරනයක් සොයාගෙන ඇති බව මීගහතැන්න පොලිසිය පවසයි.
පාසල් මාර්ගයේ සිමෙන්ති බැම්මක් අසල තණකොළ මත තිබූ මෙම පාර්සලය පිළිබඳව ප්‍රදේශයේ වෙළෙඳසැල් හිමිකරුවන් පිරිසක් පොලිසියට දුරකථනයෙන් දැනුම් දී තිබේ. ඒ අනුව පසුගිය 07 වැනිදා පෙරවරු 11.15ට පමණ පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ පාර්සලය පරීක්ෂා කර ඇත.
මීගහතැන්න පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක පුබුදු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම පරීක්ෂාව සිදුකර තිබේ. එහිදී පාර්සලය තුළ තිබූ ජීව උණ්ඩ ඇතුළු ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන ඇත.
මෙම පාර්සලය අදාළ ස්ථානයට ගෙනැවිත් දැමූ පුද්ගලයා කවුරුන්ද යන්නත්, එහි තිබූ ද්‍රව්‍යවලට අදාළ පසුබිම කුමක්ද යන්නත් මෙතෙක් අනාවරණය වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් මීගහතැන්න පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

සුදු ඇඳුමින් අධිකරණයට පැමිණි ඥානසාර හිමි — නීතිය හා ආගමික ගෞරවය පිළිබඳ සංවාදයක්අධිකරණයට අපහාස කිරීමේ නඩුවක වරදකරු වී සිර...
06/10/2026

සුදු ඇඳුමින් අධිකරණයට පැමිණි ඥානසාර හිමි — නීතිය හා ආගමික ගෞරවය පිළිබඳ සංවාදයක්
අධිකරණයට අපහාස කිරීමේ නඩුවක වරදකරු වී සිරදඬුවම් නියමව සිටින බොදු බල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, වෙනත් නඩුවක් සඳහා සුදු පැහැති ඇඳුමකින් අධිකරණයට ඉදිරිපත් කිරීම නීතිය ක්‍රියාත්මක කිරීම සහ ආගමික ගෞරවය පිළිබඳ සංවාදයකට හේතු වී තිබේ.

ඉස්ලාම් ආගමට අපහාස කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා පවරා ඇති නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධිත ශ්‍රී රාගල මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් උන්වහන්සේ ඉදිරිපත් කරනු ලැබීය.

2014 අප්‍රේල් 12 වැනිදා කොළඹදී කළ බව කියන ප්‍රකාශයක් මෙම නඩුවට පදනම් වී ඇත. එම චෝදනා සනාථ කිරීම සඳහා සාක්ෂිකරුවන් තිදෙනකු සහ නඩු භාණ්ඩ 13ක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව නීතිපතිවරයා සඳහන් කර තිබේ. නඩුව ඔක්තෝබර් 23 වැනිදා යළි කැඳවීමට නියම කර ඇත.

මෙහිදී පැහැදිලි කරගත යුතු වැදගත් කරුණක් වන්නේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නියම වූ සිරදඬුවම සහ ඉස්ලාම් ආගමට අපහාස කළ බවට පවතින චෝදනා වෙන වෙනම නඩුවලට අදාළ බවයි. එක් නඩුවක වරදකරු වීමෙන් අනෙක් නඩුවේ චෝදනාද ඔප්පු වූ බවක් අදහස් නොවේ. විභාග වෙමින් පවතින නඩුවේ වරදකාරීත්වය තීරණය කළ යුත්තේ අධිකරණය විසිනි.

නීතිය හමුවේ සමාන සැලකිල්ලක් තිබිය යුතුය. භික්ෂුවකු, දේශපාලනඥයකු හෝ වෙනත් පුරවැසියකු වුවද නිසි අධිකරණ ක්‍රියාවලියකින් නියම වූ දඬුවමකට යටත් වීම එම මූලධර්මයේ කොටසකි. ඒ සමඟම සිරදඬුවම් විඳින පුද්ගලයකුගේ මානුෂීය ගෞරවය සහ ආගමික විශ්වාසය පිළිබඳ සැලකිල්ලද අත්හැරිය නොහැකිය.

සිවුර වෙනුවට බන්ධනාගාර ඇඳුමක් ඇන්දවීම සම්බන්ධයෙන් මතුව ඇති ප්‍රශ්නය විමසා බැලිය යුත්තේ අදාළ නීති, බන්ධනාගාර රීති සහ ආගමික අයිතිවාසිකම් සැලකිල්ලට ගනිමිනි. සුදු ඇඳුමකින් පෙනී සිටීම පමණක් පදනම් කරගෙන භික්ෂුභාවය අහිමි වී ඇතැයි නිගමනය කිරීමද සුදුසු නොවේ. බන්ධනාගාර පරිපාලන ක්‍රියාවලිය සහ ශාසනික විනය තීරණය වෙනස් කරුණු දෙකකි.

මෙම සිද්ධිය පිළිබඳ සාකච්ඡාව පුද්ගලයකුට අපහාස කිරීමක් හෝ ආගම් අතර විරසකයක් ඇති කිරීමක් බවට පත් නොකළ යුතුය. අවශ්‍ය වන්නේ කරුණු මත පදනම් වූ සංවාදයකි.

නීතියේ ගෞරවය රැකෙන්නේ සාධාරණව නීතිය ක්‍රියාත්මක කිරීමෙන් සහ එයට යටත් වන සෑම පුද්ගලයකුගේම ගෞරවය ආරක්ෂා කිරීමෙනි.

🛑 නවතින්න කියන්නේ ඔබේ ජීවිතය රකින්නයි!පොලිස් නිලධාරියකුගේ අත් සංඥාවට ගරු කරමු. මොහොතක් ඉවසීමෙන් ඔබටත්, මාර්ගයේ ගමන් කරන ...
06/10/2026

🛑 නවතින්න කියන්නේ ඔබේ ජීවිතය රකින්නයි!

පොලිස් නිලධාරියකුගේ අත් සංඥාවට ගරු කරමු. මොහොතක් ඉවසීමෙන් ඔබටත්, මාර්ගයේ ගමන් කරන තවත් අයකුටත් ආරක්ෂාව සැලසිය හැකිය.

🚦 මාර්ග සංඥා පිළිපදින්න.
🏍️ ආරක්ෂිත හිස්වැසුම නිසි ලෙස පළඳින්න.
🚗 ආසන පටි භාවිත කරන්න.
📵 රිය පදවන විට දුරකථනය භාවිතයෙන් වළකින්න.

ඔබ එනතුරු ගෙදර අය බලා සිටිනවා. පරිස්සමෙන් ගමන් කරන්න! ❤️

✍️ රෝවන් පෙරේරා – පුත්තලම

#මාර්ගආරක්ෂාව #රථවාහනපොලිසිය #ජීවිතසුරකිමු

Address

Nugegoda
10250

Website

Alerts

Be the first to know and let us send you an email when Lanka Police News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share