Bhawana - භාවනා සඟරාව

Bhawana - භාවනා සඟරාව The Official page of Bhawana Youth Magazine.

අහිමි වූ පසුවයි දැනෙන්නේ..ප්‍රේමයේ අභිමන්....☔️😢‘’තේනු එනවද ටිකක් පහළට කෝපි එකක් බොන්න යන්න..’’වැහි මාසේ එක සීතල උදේක,  ...
16/09/2025

අහිමි වූ පසුවයි දැනෙන්නේ..ප්‍රේමයේ අභිමන්....☔️😢
‘’තේනු එනවද ටිකක් පහළට කෝපි එකක් බොන්න යන්න..’’
වැහි මාසේ එක සීතල උදේක, මම නතරවෙලා ඉන්න පාසල් පටුමගේ ඇනෙක්ස් එකේ පහළට ඇවිත් නේහා කතාකළා. එයයි මායි අතර තිබුනේ නමක් දැම්මේ නැති බැඳීමක්. ඕකට නමක් දාගන්නම ඕන කියලා මම හිතුවෙත් නෑ නේහා හිතුවෙත් නෑ. ජීවිතේ ටිකක් හිරවෙච්ච කාලෙනේ. කිසිම දේක නිමාවක් තිබුනේ නෑ. සෙට්ල්මන්ට් එකකට එන්න කළින් සෙන්ටිමෙන්ටල් කතා කියන්න මමත් කැමති වුනේ නෑ. ජීවිතයකට අතක් තියනවානම්, ඒක ජීවිත කාලයටම වෙන්නෝන කියලා මේ තේනුක විශ්වාස කළා.
‘’උ..දෙ..න්..ම නේහා..’’
‘’එනවකෝ පහළට. මම මේ ඇවිත් ඉන්නේ..’’
‘’මේ මෙහේ ආවා..’’
‘’ඔව්. ඔය නිකං ඇඳුමක් දාගෙන එන්න..’’
මම ඇනෙක්ස් එකේ ජනේලයෙන් එබිලා බැලුවා. මට ඔය නිකං ඇඳුමක් දාගෙන එන්න කියලා මේකී ඇවිත් තියෙන්නේ ෂර්ධා කපූර් වගේනේ. ලොවි පාට සාරියකුත් ඇඳගෙන. ටෙලිෆෝන් ෂවර් එකෙන් එහෙට මෙහෙට විදගෙන මමත් ඇඳුමක් දාගත්තා.
‘’නිදාගෙනද හිටියේ තේනු..’’
‘’නෑ මේ ආච්චිට හාල් ටිකක් ගරගර දිදී හිටියේ..’’
නේහා අත මිට මොළවලා මගේ වම් උරහිසට ගැහුවා. උදේ සීතලයි. රෑ නා කපන්න වැහලා. පාරවල්වල තෙත පාට එහෙමමයි. හැබැයි මම ආසයි මේ රේනී ඩේ එකක දාන මෝනිං වෝක් එකට. දෙයා ඊස් සම්තිං. ඉර පායන්න ලේට් වෙද්දී පරිසරයේ තියෙන ග්ලූමි පාට ලස්සනයි.
පුදුමෙකට වගේ මට මේකීව අද හරි ලස්සනටත් පේනවා. ආයේ නෑ බොලිවුඩ් ඇක්ට්‍රස් කෙනෙක් වගේ. උදේක මෙහෙම ආවාම තමයි ඉතින් අපිත් හදවතක් තියෙන මිනිස්සු කියලා හිතෙන්නේ. ඒකට මොනවද වෙනවා.
‘’මෙතන මේ බැරිස්ටා එකට ටිකක් යමුකෝ..’’
පුදුමයි. නේහාට අද මොනවද වෙලා. මේ උදේ බැරිස්ටා එකකට ගිහින් කෝපි බොන එකත් වෙනස් දෙයක්. මම නේහා දෙස බැලුවා.
‘’මොකක්ද නේහා මේ ඩ්‍රාමා එක..’’
ඇය තොල්පට මුව තුළට දාගෙන හිනාවෙනවා. ලිප්ස්වලට ගාලා තියෙන්නේ අලුත් ලිප් කලර් එකක්. ඒක සාරියේ ලොවි පාටේම වෙනස් ෂේඩ් එකක්. කෙල්ලෝ මැච්කරන හැටි.
‘’යන්කෝ. පොඩි චැටක් දාන්නෝන..’’
මට මොකක්ද වගෙත් වුණා කියන්නකෝ. මේ මන්දාරම් උදේ දාන චැට් එක මොකක්ද? අපි බැරිස්ටා එකට ගියා. වැඩි සෙනඟක් නෑ. නේහා ලතේ දෙකක් ඇණවුම් කළා.
‘’තේනු මොනවාහරි කනවද?’’
මම හිසින් එපා කිව්වා.
කෝපි ඇණවුම් කරලා නේහා ඇවිත් කුෂන් පුටුවට බරවුණා. කතාව ටිකක් දිගයි වගේ. ෆෝන් එකත් ටිකකට මියුට් කරලා බෑග් එකටම දැම්මා. මම හැමදේම බලාගෙන.
නේහා ඉන්නේ මොකක්ද කියාගන්න බැරුවකියලා මට තේරුනා. කියාගන්න බැරි දේවල් මම අදින්නේ කොහොමද?
අපේ කෝපි ආවා. මම සීනි පැකට් එක ගානේ දාලා කෝපි හැදුවා. නේහා අර ලොවි පාට තොල් පෙති මුව තුළට දාගෙන ග්ලාස් වොල් එකෙන් එහා පැත්තේ පාරට වැටෙන පොදේ දිහා බලාගෙනම ඉන්නවා.
‘’බොන්න නෙහා..’’
‘’ම්..’’
මේ උදේ කෝපි ටික රත්තරන් වගේ.
‘’තේනු..’’
‘’කියන්නකෝ නේහා..’’
‘’ම..ම තව ටිකකින් කෙනෙක්ව හම්බවෙනවා..’’
මම බැලුවා. කෝපි එකේ තිත්ත රසය මට වැඩියෙන් දැනුණා. මම කෝපි එක කෝපි ටේබල් එක උඩ තැබුවා.
‘’ම්..’’
‘’කාවද කියලා අහන්නකෝ තේනු..’’
‘’කාවද?’’
නේහා කෝපි මග් එකේ උඩ රවුම් දාරය දිගේ ඇඟිලිතුඩු ගෙනියනවා. දැන් දැක්කේ. නේහාගේ නේල්ස්වලත් තියෙන්නේ ලිප් කලර් එකටම සමාන පැහැයක්.
‘’මිස්ටර් ජීවන්ත..’’
‘’ඔයාගේ සීනියර් එක්සකටිව්..’’
‘’ම්. අපි තව ටිකකින් මවුන්ට්වල තැනකදී හම්බවෙනවා…’’
‘’ඩේටින්.?’’
නේහා හිස වැනුවා. මගේ ඇතුළු හදවත තුළ පුංචි ගින්දර බෝලයක් නිර්මාණය වෙමින් තියෙනවා. අද ඇයව දැක්කාට පසුව හදවතට ආ අලුත් තෘෂ්ණාව ඒ ගිනි බෝලය තවත් ලොකු කරනවා. කෝපි හල තුළ ඇති අධික සීතල නිසා නේහා ගැල්වූ විදේශීය විලවුන් සුවඳක් මිහිරි ලෙස දැනෙනවා.
‘’ඉ..ති..න් නේහා..’’
මට කියන්න දෙයක් නෑ. කිව යුතුත් නෑ.
‘’එයා ගොඩ දවසක ඉඳලා අහන්නේ තේනු. නරක කෙනෙකුත් නෙමෙයිනේ. වෙලාවකට හරිම මූඩ් කරුක්ටර් එකක්..’’
‘’ඒක ඇත්ත. වැඩි කතාවක් නෑනේ නේද?’’
‘’ම්. හැම ෆ්රයිඩේම අහනවා කොෆී එකකට යමුද ඩිනර් යන්ද කියලා එහෙම. ගිය සතියේ ඇහුවා එයත් එක්ක නිගම්බු යන්ද කියලත්. වැඩකට යන්න වෙලා කම්මැලියි කියලා..’’
මම කල්පනාවෙන් අසාගෙන උන්නා.
‘’ඉතින් නේහා..’’
මට තියෙන ලොකුම ප්‍රශ්නය ජීවන්ත එක්ක ඩේට් කරන්න යන නේහා ඇයි මේ පාන්දර මාව හොයාගෙන ආවේ කියන එක. හදවත ඇතුලෙන් දැවෙන ගින්දර වෙනම එකක්. දැනෙන ලෝබකම මගේ පපුවට පමණක් සීමාවූ දෙයක්.
‘’සමහරවිට තේනු එයා රිලේෂන්ෂිප් එකකට අද කතාකරයි..’’
මම හිස වැනුවා. මගේ හිත මට ලොකු රතු පාට ලයිට් එකක් දැල්වලා පෙන්නුවා. ‘උඹට ඕනතරම් කාලය තිබුණා එහෙම කරන්න. කළේ නෑ. දැන් හිතන්න එපා..’ මම සන්සුන් වුණා.
‘’ඇත්ත නේහා. එහෙම වෙයි නේ?’’
‘’නෑ මං ඩිසිෂන් එකක් ගන්න කළින් මගේ යාළුවාගෙන් අහන්න ඕනනේ..’’
මමද යාළුවා..මට අහන්න හිතුණා. ඇයි මම නේහාට විතරක් එහෙම කියන්නේ. තේනුක මේ සම්බන්ධයට ලස්සන නමක් දෙන්න වෙලා ගත්තනේ. ගෑණු ළමයි නමක් නැති බැඳීම් ගොඩක් කල් අරන් යන්න කැමති නෑ. ඒකට උප්පැන්නයක් ඉල්ලනවා. මොකද එයාලා එයාලගේ හිතේ අඩුක් කරගන්නේ නම් කළ බැදීම් විතරයි.
‘’නේහාට හිතෙන්නේ..’’
‘’ම..ට එහෙම නරකක් කියලා හිතෙන්නේ නෑ තේනු. ලොකු හැඟීමක්නම් නෑ. ඒත් මමත් හරියට තනිවෙලානේ. ජීවිතේ ටිකක් හිරවෙලත් වගේ. සේෆ් නැති ගතියකුත් දැනෙනවා. සමහර රෑවලට හරි දුකයි. මගේ ෆැමිලි එකත් ලොකුවට මම ගැන හිතන්නේ නෑ. නිකං අතෑරලා දාපු ගතියක් තියෙන්නේ. යාළුවෙක්ට කියලා මම ආශ්‍රය කළේ ඔයාව විතරයි. ඔයත් ගොඩක් වෙලාවට බිසීනේ. ඉතින් බෝඩිමට වෙලා ඔහේ කිරි පැකට් එකක් බීලා නිදාගන්නවා. ජීවිතේ ටිකක් නෙමේ ගොඩක් බ්ලෑන්ක්..’’
නේහා දිග කතාවක් කියාගෙන ගියා. මට සිහිවුනේ නේහාගෙයි මගෙයි වට්ස්ඇප් චැට් එක. බොහෝ වෙලාවට නේහා අහනවා ‘තේනු මොකද කරන්නේ අද’ මේ ප්‍රශ්නය අනන්ත දවස්වල නේහා අහලා තියෙනවා. ‘අද ටිකක් රෑ වෙනවා නේහා’ මම දානවා. සැටඩේ උදෙන්ම දානවා ගුඩ් මෝනිං කියලා.මමත් ගුඩ් මෝනිං කියලා දාලා නිකං ඉන්නවා. මට මේවා අදම හිතෙන්නේ ඇයි?
‘’ඕක බොන්න තේනු. සීතල වෙලා..’’
‘’ආ අමතක වුණා..’’
මම සීතල කෝපි ටික බීගෙන බීගෙන ගියා. මම වගේ මිනිහෙක්ට උණුසුම් කෝපි ඕනම නෑ, උණුසුම් හැඟීම් නැති අයිස් කැට.
‘’ගිහින් බලනවා නේද තේනු..’’
‘’ඒකනේ නේ..හා. එයා හොඳයිත් වගේ කියලා හිතෙනවානේ නේද?’’
නේහා බිම බලාගෙන හිස වැනුවා.
‘’කොහොද මීට්වෙන්නේ..’’
‘’මවුන්ට් ලැවීනියා බීච් එකේ තියෙනවා කිව්වේ ලස්සන තැනක්…’’
‘’ලොකු වැස්සක් වහින්නත් යන්නේ නේහා..’’
‘’ම්. වැස්සට බීච් එක ලස්සන වෙයි නේද තේනු..’’
හදවත ඇකිලෙනවා.
‘’ඒක ඇත්ත. ලස්සන තමයි..’’
‘’මම පික් මී එකක් දාගෙනම යනවා…’’
නේහා එයාගේ දුරකථනය අරගෙන පික් මී එකක් දැම්මා. මම බලාගෙනම උන්නා.
‘’මං තේ..නු හවසට අප්ඩේට් එකක් දෙන්නම්..’’
නොදී ඉන්න තරමට මගේ හිතට සනීපයි. මිතුරියකට එහෙම කියන්නේ කොහොමද?
‘’හා නේ..හා. අද හරි ලස්සනයි ඔයා. මට උඩ ඉඳලා බලද්දී හිතුනේ ෂර්ධා කපූර් කියලා..’’
ප්‍රථම වරට නේහාගේ මුවේ පරණ සිනාව ආවා.
‘’මේක ගොඩක් දවස් අරන් තේනු. අඳින්න වුනේ නෑ. අද හිතුණා අඳින්න…’’
‘’ලස්සනයි. එයා ගොඩක් ආසවෙයි..’’
මම හිත් පිත් නැති විදිහට කතාකළේ. නේහාගේ පික් මී එක ආවා.
‘’යන් තේනු. මම බස්සගෙන යන්නම් ඇනෙක්ස් එකෙන්..’’
‘’නෑ නේහා. ඔයා යන්නකෝ. මම මේ ටික පයින් යන්නම්…’’
අපි දෙන්නා වැළඳගත්තා. ඒ සුවඳ යළිත් විඳින්න බෑ. නමුත් අද මට කවදාවත් නැති විදිහට දැනෙනවා.
‘’ටේක් කෙ..යා නේහා. ගුඩ් ලක්..’’
‘’ම්. වැස්සේ යන්නෙපා..’’
ඇය මෘදුව කියලා මගේ හිස අතගාගෙනම වගේ පිටවුණා. මම පුංචි කාර් එකට ගොඩවෙච්ච කෙල්ල දෙසම බලාගෙන උන්නා.
‘අද ඔබව මේ තරම් ලස්සනට මට පෙනෙන්නේ..
සඳ මට අහිමිවෙන්නම යන නිසයි මං හිතෙන්නේ…’
පාළු පාර දිගේ සිතල පොද වැස්සේ තෙමීගෙන මම ආවේ කවදාවත් නැති තරම් දුකකින්. තෙත තාර පාරට බරවූ මගේ ඇස්වල, තෙතමනය දකින්න කිසිවෙක් නෑ. හදවත සමහර විටෙක ජීවිතේ සුන්දරම දේවල් අහිමිකරගන්නේ, දරාගන්න හැටි පුරුදු වෙන්නද?
- සුජීව ප්‍රසන්න ආරච්චි ලියයි.
#දෙවෙනිවසන්තය

අබල් බබල් පොඩි අක්කාගේ කතාව…………………………………….මගේ පොඩි අක්කා කිසිම කමකට නැති කෙල්ලෙක්.ඇත්තටම කියනවානම් පිස්සු හෝන්තුවක්.අපේ ...
16/09/2025

අබල් බබල් පොඩි අක්කාගේ කතාව…
………………………………….
මගේ පොඩි අක්කා කිසිම කමකට නැති කෙල්ලෙක්.
ඇත්තටම කියනවානම් පිස්සු හෝන්තුවක්.
අපේ අම්මට අනුව මේ පවුලේ එපාම කරපු කෙල්ල.
අපේ තාත්තාට අනුව හෝස්පිට්ල් එකේදී වැරදිලා ආපු දරුවෙක්.
අපේ ලොකු අක්කා කියන්නේ ඕකී ළඟින් ගියොත් ඇහැක් නෑ කියලයි.
අපේ ආච්චි අම්මා අපේ ගෙදර බැල්ලී ලයිකාට පවා ආදරෙයි. ඒත් පොඩි අක්කට ආදරේ නෑ.
එහෙම කියලා ඒකීට ඇති ගාණකුත් නෑ.
කොටින්ම අපේ පවුලේ පස් දෙනා එකට තියලා නොගැළපෙන දේ තෝරන්න කිව්වොත් සීයෙන් අනූනමයක්ම තෝරන්නේ අපේ ‘පොඩි අක්කව’
මගෙත් එච්චරම පොඩි අක්කා එක්ක ආශ්‍රයක් නෑ. ඒකි එනවා දන්නෙත් නෑ යනවා දන්නෙත් නෑ. වීක් එන්ඩ් එකකටවත් ගෙදර නෑ, සමහර කාලවල සති ගණන් නෑ. ගෙදර අයත් දැන් හොයන්නේ නෑ. අතෑරලා දාලා ඉන්නේ. ‘අනිත් උන් දෙන්නා ගැනවත් බලනවා..’ අම්මත් කියන්නේ එහෙමයි.
ඔය අතරේදි, මගේ ජීවිතයේ නරකම කාලයක් උදාවුනා.
නරකම කිව්වේ නරකම කාලයක්..!
අවුරුදු තුනක් ආශ්‍රය කරපු මගේ පෙම්වතිය මගෙන් හරි කුරිරු විදිහට ඈත්වුණා.
මගේ මුළු ජීවිතයම නතර වුණා.
හරි ලස්සනට කරගෙන ගිය මගේ රස්සාව මට නැතිවුණා.
පුද්ගලික සරසවියක හරිම ආසාවෙන් මාකටින් ඩිග්රියක් කරගෙන ගියා.
ඒකත් අතරමඟ නැවතුණා.
එක ලෙක්චර් එකකට යන්න බැරිවුණා.
අසයිමන්ට් එකක් කරනවා තියා පොතක් අල්ලගන්න බැරි තත්වයට මාව පත්වුණා.
දවස පුරාම ඔහේ ඇවිදලා රෑට ඇවිත් ඇඳ බදාගෙන නිදාගන්නවා.
මට කන්න බැරිවුනා.
ජිම් එකට සතියකට දින හතරක් ගිය මම මාස නමයකින් ජිම් එකට ගියේ නෑ.
ටික ටික ලෙඩ වෙන්නත් පටන් ගත්තා.
කොටින්ම මගේ ජීවිතයම මට නැතිවුණා.
ගෙදර අය මට බැන්නා.
තාත්තා කිව්වේ මම නාස්තිවෙනවා කියලා.
ලොකු අක්කා මාව දැක්කත් පුප්පන්න ගත්තා.
මට ගෙදර ඉන්න එකත් එපාම වුණා.
මම කාමරයෙන් එළියට එන්නේ රෑ වෙලා. වේලාසන ආවොත් බැනුම් අහන්න වෙනවා.
ඒවා අහලම තිත්තයි.
එක දවසක් මම දොරකඩ පඩියට වෙලා ඔහේ බලාගත්ත අත බලාගෙන උන්නා
රෑ දොළහට විතර ඇති.
බඩගින්න වෙහෙස දුක කළකිරීම තනිකම ආත්මානුකම්පාව මගේ හිත තලලා දාලා තිබුණා.
පොඩි අක්කා ගෙදර ආවේ ඒ වෙලාවේ.
එයා වීඩියෝ ප්‍රඩක්ෂන් ආයතනයක වැඩකලේ. කොල්ලෝ ටිකත් පිරිවරාගෙන ඇවිත් වෑන් එකෙන් බැස්සේ.
‘බායි මචංලා…සී යූ දෙන්..’
පොඩි අක්කා ඩෙනිමයි ටී එකයි දාගෙන පොඩි සයිඩ් බෑග් එකත් දාගෙන වෑන් එකෙන් පැන්නා.
කෙල්ල දොරකඩ පඩියේ වාඩිවෙලා ඉන්න මං දැකලා නැවතුණා.
‘’ඒ මල්ලා වට් හැපන්ඩ් බබා. මොකද මේ. ආ යූ ඕකේ? කවදාවත් නැතුව මෙතනට වෙලා…’’
පොඩි අක්කා නැවතිලා ඇහුවා. මගේ ඉස්සරහ ඇණ තියාගෙන වගේ ඉඳගෙන මගේ මූණටම එබුණා.
‘’නිකං හිටියා පොඩී. අද කොහෙද ප්‍රඩක්ෂන් එක තිබ්බේ..’’
‘’මේ කොෆී ෂොප් එකක මල්ලා. ඒක නෙමේ. වට් හැපන්ඩ්..’’
පොඩි අක්කා මම ඉඳගෙන උන්න පඩියේම ඉඳගත්තා. පස්සේ මගේ දෙපාවලට අතත් තිබ්බා.
‘’බ්රේක් අප් එකක් වුණා කියලා ඔච්චරම වැටෙන්න එපා බබා. හොඳම කෙල්ල තවම ඇවිත් නෑ ඒකයි මෙහෙම වෙන්නේ..මං හිතුවේ නෑ උඹ මෙච්චර සිරා අරන් කියලා. ලෙට් හර් ටු ගෝ. ද රයිට් ගර්ල් විල් කම් ඇට් ද රයිට් ටයිම් ’’
පොඩි අක්කා කියද්දී මම සිනාසුණා.
‘’ම..ට මාවම එපාවෙලා පොඩී. ජීවත්වෙන්නවත් හිතෙන්නේ නෑ…’’
‘’අනේ. හිටපං මම චේන්ජ් එක්ක දාගෙන එන්න. යන්නෙපා හොදේ…’’
‘’මහන්සි නේ අක්කා. නිදාගන්න දැන්..’’
‘’උඹට පිස්සුනේ බං. එහෙම නිදිමත එනවද? උඹ කාලද කියපන්..’’
‘’කන්න හිතක් නෑ පොඩී. දවල්ටත් කාලා නෑ. ගෙදර අයත් මාවම කන්න යනවනේ..’’
‘’බලපං ඉතින්. ඔහොම හිටපන්කෝ. මාත් ආවා කෑවා නිදාගත්තා. ගෙදර උන්ට මෙනාවා වෙලාද කියලා බැලුවේ නෑ. සොරි..!’’
එහෙම කියාගෙනම පොඩි අක්කා ඇතුළට ගියා. මම ඔහේ මිදුළට වැටෙන පොදේ දිහා බලාගෙන උන්නා.
ජීවිතය කොච්චර කණාටු කණගාටු ලැබීමක්ද? ඇත්තටම මට වුනේ මොකක්ද? දැන් හිතන්න තියෙන්නේ වුනේ මොකක්ද කියලා නෙමේ. වෙන්නේ මොකක්ද කියලා බලන්නයි. කොහොමත් හෙට අනිද්දා වෙද්දී මම නෑ කියලා මම දන්නවා.
මම ඔහේ උළුවස්සට බරවෙලා බලාගෙනම උන්නා. ඇසුත් පියවෙනවා. සාංකාවයි තනිකමයි බඩගින්නයි එකට මුසුවෙලා. දුක එන්නේ මොකෙන්ද කියලා මටම තේරෙන්නේ නෑ.
ටිකකින් පොඩි අක්කා ආවේ ට්‍රේ එකක කෑමයි කිරි කෝපියි තියාගෙන.
පෙති පාන් ටෝස්ට් කරලා බිත්තර බුල්සයි දාලා ඒකට උඩින් යහමින් ගම්මිරිස් ඉහලා සොසේජස් බැදලා කිරි කෝපිත් හදාගෙනමයි එයා ආවේ. ඒක අරන් ආපු විදිහට මට නැති බඩගින්නකුත් ආවා. මහ රෑක ඉන්ග්‍රිලිෂ් බ්රේක්ෆස්ට් එකක් ආවා වගේ.
‘’එන්න පැටියෝ. මාත් කාලා නෑ. කමු. කාලා කතාවක් දාමුකෝ..’’
පොඩි අක්කා කිව්වේ හරි ආදරෙන්. අපි දෙන්නා දොරකඩ පඩියට වෙලා බිත්තරයි සොසේජසුයි පාන් ටෝස්ටුයි කෑවා. වේල් විස්සකින් තිහකින් විතර කෑමක් වැටුණු නිසාද මන්දා මම ආසාවෙන් ඒක කෑවා.
‘’එහෙම රහයිනේ පොඩී..’’
‘’ම්. අපි ක්රෑ එක කොහේ හරි ඈත ලොකේෂන් එකක ෂූට් කරද්දී මෙහෙම කන්නේ. පොඩි තනි ලිපක් තියෙනවා අරන් යනවා. මං තමයි එග් බුල්සයි දාන්නේ. මේකත් කන්න..’’
ඇත්තටම මම ආසාවෙන් කෑවා.
කිරි කෝපි එක සුවඳයි. රසයි. පොඩි අක්කට මෙච්චර රහට කෑම හදන්න පුළුවන් කියලා මම දැනගෙන උන්නේ නෑ. කුකින් ගැන ලොකුවට කියවන්නේ ලොකු අක්කයි.
‘’ඉතින් පැටියෝ. දැන් මේකයි..’’
පොඩි අක්කා මාවත් ළඟ තියාගෙන කියවන්න ගත්තා. මගේ කකුල් දෙකත් එයාගේ උකුලට අරන් පොඩි මසාජ් එකක් දෙන ගමන්මයි එයා කතාකරන්නේ. මට හරි සනීප සුවයක් දැනුණා.
‘’මම මට හිතෙන දෙයක් කියන්නද?’’
‘’ම්..’’
‘’ෂෙහානි හොඳයි. ලස්සනයි. මාත් මුල් කාලේ කෙල්ලට හරිම ආසාවෙන් උන්නේ. ඒත් එයා ඔයාට මවපු කෙනා නෙමෙයි. මේ ඒකී නැතිවුන නිසා මම කියනවා නෙමේ. දවසක් උඹලා දෙන්නව මම දැක්කා වන් ගෝල් ෆේස් එකේ. එදා මම ෆස්ට් ෆ්ලෝ එකට වෙලා සෑහෙන වෙලාවක් උඹලා දෙන්නා දිහා බලාගෙන උන්නා. එදා මට හිතුන දේ. දෙන්නෙක් මැච්වෙනවා කියන්නේ මහ පුදුම දෙයක්. ඒක පැත්තකින් තියමුකෝ. දැන් ලයිෆ් එකේ කෙනෙක් ගියා කියන්නේ එතනින් අපේ ලයිෆ් එකත් අවසන් වීමනම් බබා අපිට කියලා කවදාවත් ජීවිතයක් නෑනේ. කොච්චර අය ඉඳලා යනවද? කොච්චර අය අපේ තියෙන හැමදේම නැතිකරලා යනවද? යන යන කෙනාට ජීවිතේ තියෙන කාල බාගේ තුන්කාල අරගෙන යන්න දෙනවානම් එයත් අරගෙන යනවානම් අන්තිමට වෙන්නේ බිංදු ටිකක් අතේ තියාගෙන ඉන්න වෙන එකනේ. ඒකද ජීවිතේ. නිකමට හිතෙන්නේ නැද්ද මේ අපි අසාධාරණයක් කරන්නේ අනාගතේ අපේ ජීවිතේට එන්න ඉන්න කෙනාට කියලා..’’
පොඩි අක්කා කියවාගෙන ගියා. කකුලත් පිරිමදින ගමන්.
‘’එ..න්..න ඉන්න කෙනා කිව්වේ අක්කා..’’
‘’දවසක එන අපේ ෂෝක් කෙල්ලට නේ බබා. අනේ ස්වීට්නේ කෙල්ල. හිතපන් මෙතන මේ අපි දෙන්නා එක්ක ඉඳගෙන කිරි කෝපි පාරක් දාගෙන රෑ එක දෙක වෙනකල් කයියක් දාන කෙල්ලෙක් ගැන. මටනම් මැවිලත් පේනවා. වාව්. ඒකී මාරයි’’
මොන හේතුවක් නිසාද මන්දා මටත් මොකක්ද මැවිලා පෙනුණා. මම පුදුමයෙන් වගේ පොඩි අක්කා දිහා බැලුණා.
‘’මම බබාට කතාවක් කියන්නම්. ම්..’’
මම බලාගෙනම උන්නා.
‘’උඹ දන්නවනේ ඉස්සර මම නයිට් ලයිෆ් එකට හරිම ආසයි. ෆුල් ක්‍රේසි. දන්නවත් ඇතිනේ මම මාස දෙක තුනක් ක්ලබින් ගියා කියලා..’’
මම හිස වැනුවා. ඒ දවස්වල තාත්තා ගෙදර දෙවනත් කරනවා.
‘’මම ඒ දවස්වල හිතාගෙන උන්නේ ඒක තමයි ආනන්දේ කියලා. මට ලොකූ ඩ්‍රීම් එකක් ඒකට යන එක. ඉතින් ඔය මාස දෙක තුනට මම හැම නයිට් ක්ලබ් එකටම ගියා. බොන්න තියෙන හැමදේම වගේ බිව්වා. කතා දෙක තුනකුත් ගියා කියලා උඹ දන්නවනේ. කිසිම ආලයක් නෑ. ඒත් ගෙවුණා…’’
පොඩි අක්කා කතාකරන්නේ හරිම අවංකව.
‘’උඹට කිව්වට කමක් නෑ. එක කාලෙක මට හැමදේම එපාවුණා. ඒක පොඩි පර්සනල් දෙයක් නිසා වුනේ. මට මං ගැනම මහ අප්පිරියාවක් ආවා. උඹ කියන්නේ චී කියලා හිතුණා මට මං ගැනම. මේ ගෙදර ඇවිත් මම මගේ දේවල් කියන්නේ නෑනේ. කියන්නත් බෑනේ බං මේ ජල්බුරාස් ජාතකේ. ඉතින් ෂූට් එකක් කියලා මම ගියා මගේ යාළුවෙක්ගේ ගෙදර මාරබැද්දේ..ෂෝක් මීදුම් පළාත. ගිහින් සති දෙකක් විතර මම හිටියා. ඒක ටිකක් පරණ ගෙයක්. එහේ උන්නේ මගේ යාළුවයි එයාගේ අම්මයි විතරයි. මට හරිම ආදරෙන් සැළකුවා. ඉතින් මම දවල්ට ඔය පෑන්ට් එකක් දාගෙන ටී එකක් දාගෙන ස්වෙටර් එකක් දාගෙන යනවා ඇවිදින්න. ඒ අම්මා මට සැන්විචස් හදලා දෙනවා. මම මඟින් කෝපි බිබී ඇවිදිනවා. ඔහේ ගියා. ටික ටික මම හිතුවා. අන්තිමට මම තේරුම් ගත්තා මොනවා වුනත් මම මාව රැකගන්න ඕන කියලා. ඒ දවස් ටිකේ හොඳට කාලා බීලා ඇවිදලා පන්සලට එහෙම ගිහින් මම සැපෙන් හිටියා. හවසට නෙට්ෆිලික්ස් එකේ මූවි එකක් දාගෙන බලනවා. එහෙම ගිහින් ඇවිත් තමයි මම මේ වීඩියෝ යුනිට් එකට ජොයින් වුනේ. අද මම මේ යුනිට් එකේ ඩිරෙක්ටර් කෙනෙක්.. මම බබා එකකට කිට්ටු වෙන්න සැලරි එකක් ගන්නවා’’
මම පුදුමයෙන් බැලුවා. මම ඒ බවක් දැනගෙන උන්නේ නෑ.
‘’දන්නෙත් නෑ..’’
‘’ඒකනේ බබා. අර යන ලස්සන කමර්ෂල් විස්සක් විතර මායි ඩිරෙක්ට් කළේ. මුන් ටික මට හරියට උදව් කරනවා. හිමිහිට ඉන්නේ මගේම ප්‍රඩක්ෂන් කම්පනි එකක් පටන් ගන්න. තව ටික දවසක් යනවා ඒකට. ඒත් කරනවා. මම තැනක් බලලා තියෙන්නේ. වෑන් එකකුත් බැලුවා. අර කුණාටුවට අහුවෙලා මම ගියානම් මගේ කෑලිවත් ඉතුරුවෙන්නේ නෑ. ඒත් මම දවසක නතර වුණා. නතර වෙලා හිතුවා. ජීවිතේ අමාරුම දේ මේ පොයින්ට් එක පැනගන්න. ඒත් කරන්න වෙනවා. මෝස්ට් ඉම්පෝටන් දේ තමයි බබා අපිව හයිය තැනකින් අල්ලගන්න එක. අපිට පෙන්නන්න දෙයක් තියෙනවා මේ ලෝකෙට. ඒක කරන්නම ඕන. ඉවසීමෙන් වැඩකරන්න වෙනවා. එතකල් එයාලා හිතාගන්න දෙයක් හිතාගත්තදෙන්. නමුත් පොඩි ඇක්ෂන් ප්ලෑන් එකකට වැඩකරන්න වෙනවා. ඩෙස්ටිනේෂන් එක නෙමේ වැදගත් ප්‍රොසෙස් එක. මේ යන දවස්. ඒ නිසා වැඩට බහිමු. මම දන්නවා උඹ ඩිග්රි එක කරන්නේ නෑ. ජොබ් එක නැතිකරගත්තා. දැන් ඒවා හිතන්නත් එපා. අපි අලුත් වැඩක් කරමු. මම උදව් කරන්නම්. උඹ මෙහෙම හිටපු කොල්ලා නෙමේනේ. හරි ලස්සනට ජිම් එකට ගිහින් ඇඟත් හදාගෙන ලස්සනට ස්මාට් කොල්ලා වගේ ඇඳගෙන හිටපු එකානේ. උඹත් එක්ක ගමනක් යද්දී මටත් ෆිට්. ස්මාට් මල්ලනේ. ඉතින් ලයිෆ් එකේ හැම ප්ලස් පොයින්ට් එකක්ම දාලා යන එකීට අරන් යන්න දුන්නේ ඇයි? දවසක උඹේ ජීවිතේට එන මල් මල් කෙල්ලට අපි මොනවද දෙන්නේ. මේ මූසල කාලකන්නි ජීවිතේද? ඒක අන්ෆෙයානේ කොල්ලෝ. උඹව බලාගන්න එන කෙල්ල. උඹේ බබාලව බලාගන්න එන කෙල්ල. උඹ වෙනුවෙන් දුක් විඳින්න එන කෙල්ල. ඒකීට හුළං. අර උඹව දාලා ගිය ඒකීට ලයිෆ් එකේ පාට පෙට්ටියම උඹ අරන් යන්න දෙනවා. මේක ෆෙයා නෑ. ජීවිතේ හැමදාම ඉස්සරහට එන කෙනාට හොඳ දවස් ඉතුරු කරගමු. ම්…ඔයාට නැඟිටින්න පුළුවන්. මෙහෙම වැටිච්ච එකත් හොඳයි. එතකොට ආයේ මේ වගේ ඇක්සිඩන්ට් වෙන්නේ නෑ. කාලයක් ගියාම මේවලට හූ තිය තිය හිනාවෙන්න පුළුවන්. ලෙට් දෙම් ටු ගෝ. ඊට පස්සේ නිව් ලයිෆ් එකක් බාරගන්න ප්‍රිපෙයා වෙමු…’’
මම හුස්මක් වත් නොගෙන පොඩි අක්කගේ ඇස් දෙක දෙසම බලාගෙන උන්නා. මගේ ඇසුත් තෙත්වෙලා ගිහින් තිබුනේ.
‘’අනේ පැටියෝ ඇයි මේ..’’
‘’තැ..න්..කි..යු සෝ මච් පොඩි අක්කා. ඇත්තටම තැන්කියු…’’
‘’එහෙම කියන්න එපා කොල්ලෝ උඹ මගේ එකම මල්ලිනේ. මල්ලිලා දහයක් දොළහක් නෑනේ. හෙට ඉඳලා ආයේ ජිම් සෙෂන් එක පටන් ගමු. ම්. ඩිග්රියත් කරන්න පටන් ගමු. ඒ අතර අපි අලුත්ම වැඩක් පටන් ගමු. ටිකක් හිතමු. ඔයා හරි දක්ෂ කොල්ලනේ. මොනවද කරන්න බැරි’’
‘’ගො..ඩ..ක් දේවල් හිතාගෙන උන්නා කරන්න අක්කා..’’
‘’ඒකනේ. අපි කරමු. හෙට මම නිවාඩු දාන්නම්. දෙන්නත් එක්ක යන් ෂොපින් පාරක්. අතේ සල්ලි ටිකකුත් තියෙනවා’’
මම හිස වැනුවා.
පොඩි අක්කා නිදාගන්න ගියේ මගේ හිසත් සිපගෙනමයි.
‘’ලව් යූ පොඩි අක්කා..’’
‘’මී ටූ පැටියෝ. ගිහින් නිදාගන්න. අපි හෙට යමු රවුමක්..’’
මම ඇඳට ගිහිල්ලත් සෑහෙන වෙලාවක් කල්පනා කළා. වෙන දෙයක් නෙමේ. මගේ පොඩි අක්කා ගැනමයි මම හිතුවේ. එයා මට දුන්නේ ලේසි පාසු බූස්ටින් ඉන්ජෙක්ෂන් එකක් නෙමෙයි. මම ඇත්තටම එදා නිදාගත්තේ නෑ. හිතුවා.
පසුදා පොඩි අක්කා පික් මී කැබ් එකක් දාලා තිබුණා. අපි දෙන්නම කැබ් එකෙන් වන් ගෝල් ෆේස් ආවා. පොඩි අක්කා එයාගේ කාඩ් එකෙන් මට ඇඳුම් ටිකක් ජිම් දාන්න නයිකි ෂූස් දෙකක් ඔඩෙල් එකෙන් ට්‍රවුසර් දෙකක් එහෙම අරන් දුන්නා. එයාට කියලා විශේෂයෙන් මොනවත් ගත්තේ නෑ. ඒත් දවසක කෙල්ලව එක්කගෙන එනවා කියලා මම සිතාගත්තා.
‘’දෙන්නත් එක්ක ස්පයිසි රාමන් එකක් කමුද පැටියෝ..’’
එහෙමයි එයා ඇහුවේ. මම රාමන් කන්න ආසයි කියලා පොඩි අක්කා දන්නවා.
‘’හා..එතන රසයි..’’
‘’ම්..’’
පොඩි අක්කා රාමන් දෙකක්ම ඇණවුම් කළා. වෙනම පොඩි සූෂි ප්ලැටර් එකකුත් ඇණවුම් කළා. අපි දෙන්නා බියර් දෙකක් බොන ගමන් රාමන් කෑවා. හදවතේ හිරවෙලා තිබ්බ මොකක්ද දුකක් හිමින් හිමින් තුනීවෙනවා කියලා මටත් දැනුණා. පොඩි අක්කා රාමන් රෙස්ටොරන්ට් එකේදී අපි දෙන්නගේ සෙල්ෆි එකක් අරන් ඒ වෙලාවේම ඉන්ස්ටග්‍රෑම් එකටත් දැම්මා. ‘ස්පයිසි රාමන් විත් මයි හොට් බ්‍රදර්’ කියලා. එහෙමයි එයා ඒකට කැප්ෂන් කලේ.
එයා කිව්වත් වගේ මම ආයෙත් ජිම් එකට යන්න පටන් ගත්තා. ෆ්‍රිසිකල් වර්ක් අවුට් එකක් කරද්දී හිතත් පෑදෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. මම ටිකක් වැඩියෙන් කළා. පාන්දර පහ මාරේ සිට අටහමාර දක්වා. අඟ පෙර තිබූ තත්වයට ටිකෙන් ටික ආවා. ඔය කාලයේදී මම මගේම පුංචි ඔන්ලයින් ටිකටින් ෆර්ම් එකක් පටන් ගත්තා. ඒකටත් උදව් කලේ පොඩි අක්කාමයි. එයා මට හරි ලස්සන වීඩියෝ කන්ටෙන්ට් ටිකක් හදලා දුන්නා. ඒවා ඉන්ස්ටා එකේ ටික් ටොක් එකේ හොඳට වැඩකළා. මගේ කාමරේ පුංචි ඔෆීස් එකක් කරගෙන මම උදේ සිට රෑ දොළහ වෙනතුරු වැඩකළා.
ජීවිතේ අමාරුම නරකම කාලකන්නිම අඳුරු මාස කිහිපයක් මම සාර්ථකව අවසන් කරමින් උන්නා. හැම රෑකම කෝපි එක්ක හදාගෙන පොඩි අක්කා එනවා. ඇවිත් මගේ ඇඳ උඩට වෙලා පැය ගණන් කියවනවා. මහ රෑට එයා කොත්තුවක් ඩිලිවරි කරගන්නවා. \ අපි දෙන්නා කාමරේ ඇඳ උඩට වෙලා කොත්තු කනවා. ඔය හැම වෙලාවකම එයා මාව අත් නොහැර මගේ හිත හැදුවා. කියෙව්වා. කොටින්ම එයා කතාකළා නෙමෙයි. මට සයිකොලොජිකල් තෙරපි එකක් දුන්නා. ඒක මම තේරුම් ගත්තේ සෑහෙන කාලයකට පසුවයි.
ජීවිතේ ආයෙත් පුරුදු පීල්ලට වැටුණා. අතීතය කියන දේ අමතක කරන්න බෑම කියලා හිතපු මට අතීතය කියන්නේ කාලයත් එක්ක ඩිලීට් වෙලා ඉරේස් වෙලා යන දෙයක් කියලා තේරුණා. පොඩි අක්කත් එයාගේ වීඩියෝ ප්‍රඩක්ෂන් කම්පනි එක පටන් ගත්තා. එයා ලංකාවේ හොඳම වීඩියෝ කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදිහට හරි අපූරුවට පිපෙමින් උන්නා. සෝෂල් මීඩියාවලට ගියාම පොඩි අක්කගේ කන්ටෙන්ට් වරුසාව වගේ එනවා. මම හාට් පිට හාට් දානවා. දවසක හවසක එයා ඇවිත් මාව කැබ් එකක් දාගෙන ගියා. මම ඇහුවේ නෑ ඇයි කියලා.
‘’කොහෙද යන්නේ කියලා අහපන් කොල්ලෝ..’’
‘’කොහේ වුණාම මොකද පොඩී. රවුමක් දාමු..’’
‘’ම්. උඹව එක්කං බඩුවක් පෙන්නන්න. මම වාහනයක් ගන්නවා අද. නිකමට උඹට පෙන්නලා ගන්න හිතුවා..’’
මට පුදුම හිතුණා. ඇසුත් තෙමුණා. මම එයාගේ අතත් අතගෑවා.
‘’අනේ වාව්. මරුනේ..අදම ගන්නවද?’’
‘’හෙට ගන්නවා. උඹට පෙන්නන්න හිතුවේ..’’
පොඩි අක්කා එයා ගන්න බී එම් ඩබ්ලිව් ත්‍රි සීරීස් වාහනේ මට පෙන්නුවා. පසුව යතුර අතට දීලා කිව්වා ටෙස්ට් ඩ්‍රයිව් එකක් යමු කියලා. මම පරිස්සමින් වාහනේ කා සේල් එකෙන් එළියට ගත්තා.
‘’මේක සුපර් පොඩි අක්කා. මටනම් මාර හැපී..’’
මට ඇඩෙන්නත් ආවා. ඇත්තටම ඇස් තෙමුණා.
‘’උඹ ආසවෙනවා කියලා මම දන්නවා. මගේ කියලා නෑ බං. උඹත් ඕන වෙලාවක අරන් පලයන්..’’
‘’මාරයි..’’
පොඩි අක්කා බී එම් එක ගෙදර අරන් ආවා.
තාත්තට පුදුමයි
අම්මට පුදුමයි
ලොකු අක්කට පුදුමයි.
ඒත් මට පුදුම නෑ.
පොඩි අක්කා කියන්නේ යෝධ ආත්මයක්.
මතුපිටින් පේන සාමාන්‍ය කෙල්ලට යටින් අසාමාන්‍ය කෙල්ලෙක් ඉන්නවා. එයා එයාට ඕන විදිහට එයාගේ ලයිෆ් ස්ටෝරි එක එඩිට් කරගන්න දන්නවා. ඒක අසාමාන්‍ය දක්ෂතාවයක්. සාමාන්‍ය කෙල්ලෙක්ට ඒ ගැඹුරු ලයිෆ් ෆිලෝසොපි එක නෑ.
එයාගේ ජීවිතෙන් මම සෑහෙන දේවල් ඉගෙනගත්තා. පොඩි අක්කා කියන්නේම වෙනම ෆෝරම් එකක්.
එයා මෙගා වෝට් විසිදාහක් විතර උත්පාදනය කරන ඩයිනමෝ එකක් වගේ.
මම මගේ ජීවිතේ යළිත් උපද්දවා ගත්තේ ඒ ඩයිනමෝ එකට ළංවෙලයි.
එක දවසක්, මම එයාපෝට් යද්දී පොඩි අක්කාම මාව දාගෙන ගියා. ඔය දිනවල මම ගෲප් ටිකටින් කරනවා.
බී එම් එක පදවාගෙන ගියේ පොඩි අක්කාමයි. මම හරි ආසයි එයා එහෙම ඩ්‍රයිව් කරගෙන යනවට.
මට එයාව රස විඳින්න පුළුවන්.
‘’මල්ලා..’’
‘’පොඩි අක්කේ..’’
‘’මම මගේ ලයිෆ් එකේ තව ඩිසිෂන් එකක් ගන්න යන්නේ..’’
‘’කියන්නකෝ..’’
‘’හිතුවා බං මැරිකරන්න. ෂෝක් කොල්ලෙක් හම්බවුණා. මට මේකව මිස්වෙන්න දෙන්න බෑ කියලා හිතුණා’’
මම සිනාසුණා. අක්කට දැන් තිහක්. ඒත් හරි ලස්සනට ස්කින් කෙයා රුටින් එකක් කරලා ෆ්‍රිසිකල් වර්ක් අවුට් කරලා එයා පුදුම ස්මාට් කෙල්ලෙක් වගේ උන්නේ. විසි පහක් කියලා රවට්ටන්න පුළුවන්.
‘’මට ආසයි මගේ මස්සිනාව බලන්න..’’
‘’මේක ඉවර කරලා යමු. මටත් ආසයි ඒකව බලන්න..’’
අපි දෙන්නම සිනාසුණා.
එයාපෝට් ගිහින් එන ගමන් අපි බැරිස්ටා එකකදී හමුවුණා. එයා එනතුරු අපි බලාගෙන උන්නා.
කොල්ලව දැක්කහම මට පුදුම හිතුණා. නිස්කලංකයේ රස විඳින්න පුළුවන් පිරිමි රූපයක්. මට එච්චරයි හිතුනේ.
‘’මේ මගේ එකම මල්ලා බබා. හැම තිස්සෙම මම කියවන්නේ මේකා ගැන තමයි..’’
පොඩි අක්කා මාව හඳුන්වලා දුන්නේ එහෙමයි. මම හරි ආසාවෙන් මගේ මස්සිනා දෙස බැලුවා. ඒක හරි ආස හිතෙන මොහොතක්.
‘’මල්ලා මේ සුරිත්. මගේ පණ..’’
අපි දෙන්නා වැළඳගත්තා.
‘’අයියව දැකීමත් සතුටක් අයියේ. මගේ පොඩි අක්කා එයාගේ ලස්සන ගොඩක් දේවල් මට පෙන්නලා තියෙනවා. හදපු වීඩියෝස් කන්ටෙන්ට් ෆැෂන්ස් ඒ වගේම එයාගේ ලස්සන බී එම් කා එක. ඒත් ලස්සනම දේ පෙන්නුවේ අද..’’
මම එහෙමයි කිව්වේ.
‘’අක්කා ආවාම මල්ලි ගැනමයි කතාව..’’
අයියා කිව්වා. හරි නිස්කලංක වොයිස් එක.
මම ආදරෙන් අක්කා දෙස බැලුවා.
‘’මම දෙවෙනි පාර ඉපදුනේ මගේ පොඩි අක්කගේ බඩින් අයියේ..’’
ඒ කතාවට පොඩි අක්කත් ඇඩුවා.
‘’මේ මගේ පොඩි අක්කා නිසා කියනවා නෙමේ අයියේ. මේ අත්දෙක පුදුමයි. ජිවිතයක් හදන්න පුළුවන් අත් දෙකක් මේ. අපි ඉක්මනට වෙඩින් එක ගමුකෝ..’’
ඒ දෙන්නා මුහුණට මුහුණ බලාගෙන සිනාසුණා.
‘’මේ සන්ඩේ එනවා මල්ලා අම්මයි තාත්තයි එක්ක කතාකරන්න..’’
‘’නියමයි.’’
ඉතින් හැමදේම වුණා. පොඩි අක්කගේ වෙඩින් එක දවසේ එයා හනිමූන් එකට පිටත්වෙන්න යද්දී මම මගේ පොඩි අක්කව බදාගෙන ඇඩුවා. මම හිතුවේ නෑ එච්චර දරුණුවට මට ඇඩෙයි කියලා. එයාගේ සුදු පාට බ්‍රයිඩ්ල් සාරිය මගේ කඳුළින් තෙමීගෙන ගියා.
ගෙදර ආවාම, මට හිතුනේ එක දෙයයි.
මගේ ගෙදර තිබ්බ වටිනම දේ දැන් නෑ කියලයි. ඒක හදවතට වාවන්න බැරි දුකක්.
සහෝදරවරු ගැන අනන්ත කවි කතන්දර ලියවෙනවා. ඒත් අක්කා කෙනෙක් ගැන සහෝදරියක් ගැන ලියවෙන්නේ අඩුවෙන්. මගේ පොඩි අක්කා මගේ දෙවෙනි අම්මා. ඔයාට හොඳක්ම වෙන්න ඕන.
- සුජීව ප්‍රසන්න ආරච්චි ලියයි.
#දෙවෙනිවසන්තය ©

‘’පොඩි පුතේ..’’රුවන් බාප්පා කතාකලේ මා හදාගෙන ආ තේ එක ගන්නා ගමන්මය. ඔහුගේ හඩ මෘදුය. කරුණාබරය.‘’බාප්පේ..’’‘’හිත හදාගන්න ටි...
13/09/2025

‘’පොඩි පුතේ..’’
රුවන් බාප්පා කතාකලේ මා හදාගෙන ආ තේ එක ගන්නා ගමන්මය. ඔහුගේ හඩ මෘදුය. කරුණාබරය.
‘’බාප්පේ..’’
‘’හිත හදාගන්න ටිකක් අමාරුයි නේද පොඩි පුතේ..’’
මම බිම බලාගෙන හිස වැනුවෙමි. කෙනෙක්ව තේරුම් ගැනීම මහ පුදුමාකාර දෙයකි. බාප්පා, මගේ තාත්තාට වඩා මාව තේරුම් ගෙන උන්නේය.
‘’මට තේරෙනවා. රස්සාවෙනුත් හදිස්සියේම වගේ අයින් වුනානේ. පුතාට තෝන්තුව වගේ ඇති..’’
මගේ දෑස් තෙත්ව තිබිණ. මගේ කඩදාසි ඔරු ආදර කතාව ගලාගෙන ගියේ රැකියා ස්ථානයේමය. ඉතින් ආදර ඔරු පෙඟී බොඳවී තෙතබරියම් වූ පසුව, මට රස්සාවත් එපාම විය. මම එක් සිකුරාදාවක, අතිශය පෞද්ගලික කාරණාවක් නිසා රැකියාවෙන් ඉවත්වෙන බව කියා අස්වීමේ ලිපිය දී ගෙදර ආවෙමි. ඔෆිස් එකේ උන් එකසිය ගණනම මගේ අතිශය පෞද්ගලික කාරණාව දැනගෙන උන්නෝය. මට වැඩක් නැත. එක වසන්තයක් අවසානය. මම ඩුබ්ලිකේෂන් මාවතෙන් වීල් එකක් ගෙන ගෙදර ආවේ එසේ සිතාගෙනය. ගෙයි තැන තැන ඇවිදිමින් මම මගේ දුබල පෑරුණ හිත හදාගන්නට අපමණ වෙහෙසක් ගත්තෙමි.
‘’අල්ලගෙන යනවා බාප්පේ. වෙන ඉතින් කරන්න කියලා දේකුත් නෑනේ..’’
‘’තේරෙනවා. ටික දවසකට යන් එහේ. මගේ කොළඹ වැඩත් ඉවරයි. නැන්දත් ඉතින් පාළුවෙන්නේ ඉන්නේ..’’
පුරා මාස දෙකක් ගෙදරටම වී ඉඳ මගේ හිසත් තෝන්තු වී තිබිණ.
‘’බාප්පා අම්මටයි තාත්තටයි කියනවද? මා..ව චුට්ටක් එක්කන් යනවා කියලා..’’
ඔහු හිස වැනුවේය.
එදා හවසම මම රුවන් බාප්පාගේ පුංචි මරුටි කාරයේ නැඟී ගාලු ආවෙමි. කොට්ටාවෙන් අධිවේගී මාර්ගයට පිවිසි වාහනය වේගයෙන් ඇදීගෙන යද්දී හිතට මොකක්ද සිසිලසක් දැනිණ. මම අතකින් බාප්පාගේ අතක් පිරිමැද්දෙමි.
‘’ඔයාට පින් මාව එක්කන් එන්න මතක් වුණාට..’’
බාප්පා සිනාසුනේ ආදරයෙනි. ඔහු සිනාසෙද්දී බිමල් ජයකොඩිම ය. මුහුණ පුරාම ඒ වාගේම රැවුළය.
‘’ජීවිතේ පොඩි පුතේ..’’
බාප්පා කතාකරන්නට ගත්තේ කහතුඩුව එක්ස්ට් එකත් පැන්න පසුය.
‘’ම්..’’
‘’මෙහෙම කියලා හැඩයක් නෑ. ෆික්ස්ඩ් ෂේප් එකක් නෑ..’’
‘’හා..’’
‘’දැන් වතුර ටිකක් ගන්නකෝ. ඒක පුතේ අපි වතුර ටික දාන කෝප්පේ හැඩය අනුව වෙනස් වෙනවනේ..’’
‘’තේරෙනවා බාප්පි..’’
‘’ජීවිතෙත් එහෙමයි. අපිට වෙලාවකට දුකක් එනවා තමයි. එහෙම වෙන්නේ අපේ හිත පුරුදු කරලා තියෙන විදිහ අනුව. අපි ජීවිතේ අර ආපු ෂේප් එකත් එක්කම බැඳිලා ඉන්නවා. හැම වෙලාවේම හිත පුතේ තියෙන දේත් එක්ක ලෝබකමේ බැඳෙනවා. ඇති දේකටම නෙමේ. ඒ හිතේ හැටි. වී යූස්ඩ් ටු දැට්. දැන් පුතාලගේ ගේ ඉස්සරහ තියෙන කඩේ ගන්නකෝ..’’
මම මවාගත්තෙමි. කරුණා ස්ටෝර්ස් එක අපේ ජීවිතය වාගේය.
‘’ඔව් බාප්පි..
‘’අපි ඒකට බැඳිලනේ ඉන්නේ. පාන් රාත්තලක් ගන්න ඕන වුනත් බිස්කට් පැකට් එකක් ගන්න ඕන වුනත් අපි දුවන් යනවා එතනට. මුදලාලිත් අපිව දන්නවා..’’
‘’ඔව්..’’
‘’ඒක පුතේ මානසික පුරුද්දක්. ඔය කරුණා ස්ටෝර්ස් එකේ මුදලාලිගේ ඇති කරුණාවක් නෑනේ. ඒත් අපි හිතින් කරුණාවක් හදාගෙන ඉන්නේ. දවසක කරුණා ස්ටෝර්ස් එක වැහුවොත් පුතේ..’’
‘’හරියට දුක හිතෙනවා..’’
මම කීවෙමි.
‘’අන්න ඒකයි. ඒක ඇතිවෙන්නේ පුතේ කරුණා ස්ටෝර්ස් එකේ ඇති කෙහෙල්මලක් නිසා නෙමෙයි. වෙන ග්‍රොසරීස් එක්ක බලද්දී ඒකේ ඇති කෙහෙල්මලක් නෑ. පරණ වෙච්ච හාල් ටිකකුයි අවුරුද්දක් විතර පරණ කරවල ටිකකුයි කළු ඇඹලයෝ දුවන සීනි ගෝනියකුයි තව මොන මොනවද ටිකකුයි තියෙන්නේ..කරුණාරත්න මුදලාලිගෙත් ඇති කරුණාවක් නෑ. වෙලාවකට මූණ බලලා හිනාවෙන්නේ නෑ..’’
බාප්පා කියන්නේ ඇත්තය. ඔහුගේ නීරීක්ෂනය පුදුමය.
‘’වෙන ග්‍රොසරීස්වල ෆ්‍රෙරෙෂ් මිල්ක් තියෙනවා. සොසේජස් ටිකක් තියෙනවා. අලුත් කෙසෙල් කැනක් එහෙම තියෙනවා. හොඳ ග්‍රොසරීස්වල අලුත් එළවළු ටික පවා තියෙනවා. නැති දෙයක් නෑ..පෙති පාන් ටික පවා තියෙනවා..’’
කරුණා ස්ටෝර්ස්වල ඒ කිසිවක් නැති බව මම දනිමි. ආසාවකට එහි කිසිම අලුත් දෙයක් නැත.
‘’ඇත්ත බාප්පි..අඩුම ගානේ කරුණාරත්න මුදලාලිවත් අලුත් ඇඳුමක් අඳින්නේ නෑ..කඩෙත් එක්ක අපිත් වයසට යනවා තමයි..’’
‘’දැට්ස් රයිට්. ඒත් අපි බැඳිලා. අර මානසික පුරුද්ද නිසා. ඉතින් පුතේ වහපු දවසට අපිට හරි දුකයි. ඒ දුක පොඩි පුතේ අපිම හදාගත්ත මානසික මායාවක්. බැඳීම් කියන ඒවා වර්ග දෙකක් තියෙනවා..’’
‘’හා..’’
මම ඔහුගේ පැත්තටම හැරී අසාගෙන උන්නෙමි. මේ සියල්ල කියන්නේ මගේ හිත හදන්නටය.
‘’එකක් පුතේ අපි උපතින් අරන් එන බැදීම්. අම්මා තාත්තා මාමා නැද්දා මේ බාප්පා…එහෙම. අපේ ගෙදර අපේ වත්ත අපේ ඇඳ අපේ කාමරේ..’’
‘’ඔව් බාප්පි..’’
‘’ඒවා එක්ක පුතේ තියෙන්නේ මානසික බැඳීමක් විතරක් නෙමෙයි. ලේ බැඳීමකුත් තියෙනවා. ලේ වල ඝනකම ටිකක් වැඩියි. අර මානසික පුරුද්දට වඩා. මම මේ කොළඹ එනවනේ..’’
‘’ඔව්..’’
‘’මම කවදාවත් හිතන්නේ නෑ කොළඹ එනවා කියලා. කවදාවත් නෑ. මම හිතන්නේ මගේ අයියගේ ගෙදරට මගේ පොඩි පුතාගේ මගේ අක්කගේ ගෙදරට එනවා කියලා..එහෙම හිතුවාම හිතට හරි සනීපයි..’’
ඒ කතාවට, දෑස් තෙමිණ.
‘’ඔයා එනවා කියන්නේම අපට පාටියක් බාප්පි. ඉස්සරත් එහෙමයි. මං චූටි කාලේ..’’
මගේ කඳුළු වැටිණ. බාප්පා මගේ හිස අතගෑවේ වාහනය පදවන ගමන්මය.
‘’මං දන්නවා. ඒකනේ බොම්බේ ස්වීට් එකෙන් බූන්දි අරන් මස්කට් අරන් තාත්තට පොඩි බොට්ල් එකක් අරන් අම්මට සම්බෝල ගොඩක් දාගෙන උළුඳු වඩෙත් අරන් මම හැමදාම එන්නේ…’’
මගේ පාළු ළමා කාලය රසවත් කළ නත්තල් සීයා මගේ බාප්පාය. ඔහු ගෙදරට එන්නේ සාදයක සතුට රැගෙනය.
‘’ඔයා එනවා කියලා කෝල් එක ආපු ගමන් අම්මා දඟලනවා. එයාට කඩිකුලප්පුවක් හැදෙනවා. එහෙට දුවනවා මෙහෙට දුවනවා. කරවල හොයනවා කිරි හොදි හදනවා.. ටින් කිරි තේ බොන්න ආසයි කියලා ටින් කිරි ගේනවා..’’
‘’දන්නවා පොඩි පුතේ. ඒ බැඳීම් සදාකාලිකයි. ඒක වෙනයි අරක වෙනයි. දවසක බැදීමක් හැදෙනවා. ඒක පුතේ අර ලේ බැදීම් වගේම බැඳීමක්. ඒක හැදෙන්නේ කවුරු එක්කද කියලා හිමිහිට දෛවය තීරණය කරයි. ඒකට වෙන්න දෙන්න. දැනට දුක්වෙන්න එපා. එයා ආව දවසට පොඩි පුතේ..’’
‘’ක..වු..ද බාප්පි..’’
‘’මං කිව්වේ අපේ කොල්ලා..’’
එහෙම කෙනෙක් එයිද? වසන්තය ගෙවී අවසාන නොවේද? දෙවෙනි වසන්තයක් ජීවිතයක තිබිය හැකිද?
‘’ම්..’’
‘’මේ ඇඟේ ලේ කකියන්න ගන්නවා. එයත් එක්ක මීට කළින් කතාවක් තිබුණා කියලා දැනෙනවා. එයා තමයි කොල්ලා. අද මේ මූණ වහුතු කරගෙන ඉන්න එපා. ඒක ඒ එන එකාට කරන අසාධාරණයක්. දැන් පිපිච්ච මල වගේ ඉඳපන්. ඇයි අපි අපිව ජිවිතේම බලාගන්න එන එකාට ඉදුල් පිඟන් තියෙන මේසේ දෙන්නේ…ම්.. අද නෙමේ පුතේ. ජීවිතේ අමාරු කාල එනවා. හොස්පිට්ල්වල ඕ පී ඩී පෝළිම්වල ඔපරේෂන් තියටර්වල දොරකඩ ගිනි අව්වේ පොළවල්වල ඇවිද ඇවිද දුක් විඳින්න වෙන දවස් එනවා. එදාට අපි ළඟ ඉන්න එකයි වටින්නේ. මේ වසන්ත කාලේ වට්ස්ඇප් එකෙන් හාට් ඉමෝජීස් එවන අයම නෙමේ’’
මම හිස වැනුවෙමි. හිත, හැදෙන හැටි පුදුමය. අපි ගිමන් හරින කලාපයෙන් බටර් කේක් කා තේ බිව්වෙමු. පොඩි මාමා පුංචි චොකලට් අයිසින් කේක් එකක් ගත්තේය.
‘’නැන්දට. හරි ආසයි චොකලට් කේක් කන්න. බත් ඕන නෑ එයාට මේක තිබ්බාම..’’
මගේ කඳුළු අලුත් විය. ටිකකට කළින් බාප්පා කියූ කතාවම මට සිහිවය. ලස්සන ලේ බැදීම් ය. දවසක කෙනෙක් එනු ඇත. මට නිවනක් දැනුණි. මාත් සමඟ ගිනි අව්වේ පොළවල්වල යන්නේ ඔහුද? ඕ පී ඩී පෝළිමේ මා ළඟ ඉඳගෙන ඉන්නේ ඔහුද? මාව ඔපරේෂන් තියටර් එකට ගත් පසුව එහි දොරකඩට වී ඉන්නේ ඔහුද? හදවත කැපී, මොකක්ද මිහිරි දුකක් දැනිණ. පොඩි මාමා කියූ කතාව ඇත්තය. ඇවිත් යන්න ආ කෙනෙක්ට වසන්තයම අරගෙන යන්නට දෙන්නේ ඇයි?
බාප්පා ගෙදරට යන්නට පෙර පොඩි කකුළුවෝ ටිකකුත් ගත්තේය. ඒ මා වෙනුවෙන් බව මම දනිමි. ජීවිතයේ මේ තරම් ගැඹුරු රසබර බැඳීම් ඇතිවිට, දුක්වෙන්නේ ඇයි? වටින්නේ හදා වඩා ගන්නා අය නොවේද? බලා කියා ගන්නා අය නොවේද?
‘’නැද්දට කියලා රස ක්‍රෑබ් කරියක් හදාගමු. රසට හදනවා..’’
‘’ප..ව්..’’
මම දෑස් තෙත්ව යද්දී කීවෙමි.
බාප්පාටත් නැන්දාටත් දරුවන් නැත. දෙදෙනාම තවම තරුණය. ඔවුන්ට මා ගාලු ආ එක සැණකෙළියක් මෙන් විය.
‘’කාලම නෑනේ පැටියෝ. ඉකේ මේ මොකද? ග්‍රැමර්වලට ඉගෙනගත්තේ තියෙන්නේ පාස්ට් ටෙන්ස් විතරයි කියලද? ම්. ප්‍රසන්ට් ටෙන්ස් ෆියුච ටෙන්ස් ඉගැන්නුවේ නැද්ද බෝලේ..’’
නැන්දා මගේ කෙට්ටු වී ගිය මුහුණ අතගාමින් ඇසුවාය. කඳුළු ගලාගෙන ගියේ ඇගේ ඇඟිලි අතරිනි.
‘’එන ගමන් පාස්ට් ටෙන්ස් ඩිලීට් කරලම දැම්මා නැන්දි…’’
මම කෘතවේදීව බාප්පා දෙස බලා කීවෙමි.
‘’මටත් තිබුණා විස්සේදී එහෙම කුණු ලව් ස්ටෝරියක්. ආයේ නෑ පුතේ මම ඒක නගර සභාවේ කුණු ලොරියටම දීලා දැම්මා. ඊට පස්සේ තමයි මට මේ රන්කඳ ලැබුනේ..’’
නැන්දා කීවේ බාප්පාව පෙන්නාය. ඔහු ඉදිරිපිටදීමය. ජීවිතයෙ ලැබීම් නොලැබීම් වෙනය. ආදරය වෙනය.
නැන්දාගේ රස පොඩි කකුළුන් කරියේ සුවඳින් නිවසම පිරිණ. මම බාප්පාගේ සරමක් ඇඳගෙන පොඩි ළිඳෙන් ඇඟ සේදුවෙමි. බාප්පා ළිඳ ළඟට ලොකු ලයිට් එකක් දමා තිබිණ. ඒ එළිය මැද ඇඟ සේදීම වෙනස්ම ඇත්දැකීමකි.
‘’ආව එකේ පැටියෝ මාසයක් දෙකක් ඉමු හොඳේ. මාත් උන්නේ හරිම පාළුවෙන්..’’
නැන්දා මට පුංචි පීරිසියකට බිස්කට් කුඩු අල්ලා බැදපු හැඩැල්ලෝ ටිකක් දමා දෙමින් කීවාය. මම දෙහි තීරුව මිරිකා හැඩැල්ලෙක් කටේ දාගත්තෙමි.
‘’හා. මම මගේ ලැප්ටොප් එකත් ගෙනාවා. අපි මූවී දාගෙන බලමු..’’
මම නැන්දාට කීවෙමි. ඇය හින්දි මූවී රසිකාවියකි.
‘’අන්න වැඩේ. කට්ලට් ටිකක් හදාගෙන අපි මූවී බලමු.. මම ටී ෂර්ට් ඩිසයින් කරන වැඩක් පටන් ගත්තා. මට හොඳ අයිඩියා ටිකකුත් දෙන්න කෙල්ලේ හොඳේ..’’
‘’මටත් උගන්නන්න..’’
ඇය මට දෙහි පෙත්තක් දමා කොකා කෝලා වීදුරුවක්ද දුන්නාය.
‘’ඔයත් බොමුකෝ ඉතින්..’’
මම කීවෙමි. නැන්දා යටැසින් බලා සිනාසී වීදුරුවට කොකා කෝලා බාගයක් පුරවාගත්තාය. පසුව හැඩැල්ලෝ දීසියද අතට ගත්තාය.
‘’මම මේක දීලා එන්නම්. අද ඔයා ආපු සතුටටද කොහෙද බ්‍රැන්ඩි කොටයක් හොයාගෙන. මමත් මේකට බිංදුවක් දාගෙන එන්නම්..’’
මම සිනාසී හිස වැනුවෙමි. හදවතේ කැටියට ගුලිවී තිබූ මොකක්ද දුකක් නොවේනම් නරක කළු තාර ගුලියක් දියවී යන්නාක් මෙන් විය.
එදා රෑ අපි සිනාසෙමින් පරණ විහිළු කතා කියවමින් කකුළුවන් කරිත් පොල් සම්බෝලත් සමඟ රෝස් පාන් කෑවෙමු.
‘’පොඩි දුවවත් දාගෙන හෙට වැල්ලට යන් රුවන්. දැල්ලෝ ටික්ක ඉස්සෝ ටිකක් එහෙම අරන් එමු..කෙල්ල ආසනේ..’’
නැන්දා මා ආසාවෙන් කකුවළුන් කද්දී කීවාය. මෙහෙම කන්නේ මාස දෙකකට පසුය. පුදුමය.
‘’යමු. උදේට එහෙනම් අර උණ වටුනේ පොඩි හෝටලෙන් කමු..’’
බාප්පා කියද්දී නැන්දාගේ දෑස් දැල්විණ.
‘’එතන සුදූ ඉන්ග්‍රිලිෂ් බ්‍රේක්ෆස්ට් සර්ව් කරනවා පුදුම රසයි. ඒකට මෂ්රූම් බැදුමක් දෙනවා හරිම රසයි..’’
‘’කෑවද?’’
නැන්දාගේ දෑස් බැබලෙයි.
‘’ආවාම මට ඉන්න දෙන්නෑ පොඩි පුතේ. එතනටම යමු කියනවා…දවසක් මහ රෑක කියනවා මිරිස්සේ පැරඩයිස් බීච් හොටෙල් එකේ ගිහින් නවතිමුද කියලා..’’
බාප්පා සිනාසී කීවේය. ආදරය කොතරම් උකු දියරයක්ද? පරණ ආදර කතාව ඩුබ්ලිකේෂන් මාවතේ දමා ආ එකම හොඳයැයි ප්‍රථම වරට මට සිතුණි. ඒ කතාවේ පරණ කෑලි ටිකක් හිතේ ඉතිරිව තිබිණ. මම එයද සදර්න් එක්ස්ප්‍රස් වේ එකේ පින්නදූව එක්සිට් එකේදී විසිකළෙමි.
‘’ඉතින්..’’
‘’ඉතින් මොනවා කරන්නද ගිහින් නැවතුණා. මගේ දුප්පත් ක්‍රෙඩිට් කාඩ් එක විනාසයි..’’
නැන්දා ‘හිකිස්’ ගාමින් සිනාසෙයි.
‘’පොඩි දුවත් ආපු එකේ අපි දවසක නවතිමු රුවන් මිණි පහන හොඳේ..’’
කතාව එබඳුය.
‘’පෝය එනවනේ. එදාට කළින් දවසේ යමු..’’
‘’ෂෝක්ද ඉතින් නැන්දි..’’
‘’ඒක නැවතිලාම බලන්නකෝ පැටියෝ..අපි තුරුල්වෙලා මුහුද දිහා බලාගෙන බටර් ප්‍රෝන්ස් කමු…පුදුම රසක්..මූදෙත් නාමු..’’
කොළඹ සිට එද්දී හදවත තිබුනේ ඇකිලීය. මාස දෙකකුත් සති තුනකට පසුව, මම සිනාසෙමි. පොටෝ එකක වුව , ලස්සන සුදු සිනා ඉරි නොවේද?
- සුජීව ප්‍රසන්න ආරච්චි ලියයි.
#දෙවෙනිවසන්තය # #භාවනා

Address

Madhara Newspapers
Nugegoda

Alerts

Be the first to know and let us send you an email when Bhawana - භාවනා සඟරාව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category

රසකර කියන කෑම කතාව:)

කෑම පොත ශ්‍රී ලාංකීය පුවත්පත් වංශ කතාවේ වාර්තා පිට වාර්තා තැබූ ඉවුම් පිහුම් පුවත්පතක්. සඟරාවක්. ඒ ගැන නොදන්නේ කවුද? ඉතින් අද මේ ඔබට තිළිණ වෙන කෑම පොත ෆේස් බුක් පිටුව හෙවත් කෑම එෆ් බී පේජ් එක එහි ඩිජිටල් සංස්කරණයි. අද සිට අපි ඔබ හමුවට එන්නේ පුවත්පතක් පොතක් සඟරාවක් ලෙසින් නොව ෆේසු බුක් පිටුවක් ලෙසිනුයි. ඉතින් සබඳ.. බෙදාගන්න දෙයක් තියෙනවා. ඒ නිසාම අපි ලාබය අපේ එකම අරමුණ කරගත්තේ නෑ.

කතාකරන්නට බොහෝ දවස් උදාවෙන නිසා වැඩිපුර කිසිවක් ලියන්නේ නෑ. ඔබ ජීවිතයේ ආදරණිය මතකයන් සමරන දවසක මේ කෑම පොතත් ඔබේ මතකයන් අතර තිබුනොත් අපට ඒ ඇති. අද සිට ඔබට ශ්‍රී ලංකාවේ ජනප්‍රියම සූපවේදීන් සමඟ මේ පිටුව රස විඳින්න පුඵැවන්. ඉතින් ලයික් එකක් දාලා පිටුව ෆලෝ කරන්න. ආදරණීය බොජුන් පතක අසීමිත වින්දනය රැගෙන අපි අද සිට කෑම වට්ටෝරැදහස් ගණනක් මේ පිටුවට අරන් එනවා.