PhysicsTalks

PhysicsTalks හරි ලේසියි Physics
ලෝකයේ රසවත්ම වටිනාම
කාලීන තොරතුරු එසැණින්ම
(2)

26/09/2025

🧧හිතක මතක-68🧧
Bruce Lee ගැන ලියපු ලස්සනම පොත
සැප්තැම්බර් 23 වෙනිදා ....
හරියටම මීට දවස් 3කට කලින්
ලෝකෙට නිකුත්වුනා
📌📌
Water Mirror Echo
ඒ තමයි පොතේ නම
පොතේ කතුවරයා Jeff Chang
📌📌
මේ පොතට මේ නම
දෙන්නත් ලස්සන හේතුවක් තිබුනා
📌📌
Water කියන්නේ වතුර
Bruce Lee ගේ ලස්සන කියමනක් තමා
ඔබ වතුර වගේ වෙන්න කියලා
මොකද වතුරට පුළුවන්
ඕනෑම හැඩයක් ගන්න
ඕනෑම පුංචි තැනකින් වුනත්
රිංගලා යන්න
ඒ වගේම වතුරට පුළුවන්
මහා බලගතු සුනාමියක් වෙන්න
ඒ සුනාමියට කරන්න බැරි දෙයක් නැහැ
📌📌
ඊලගට Bruce Lee කිව්වේ ඔබ Mirror එකක්
එහෙම නැතිනම් කණ්නාඩියක්
වෙන්න කියලා
කන්නාඩියක් ඉදිරියේ හිටගන්න ඔබට
ඔබේ අඩුපාඩු සියල්ල පේනවා
ඔබට පුළුවන් ඒ දේවල්
හරියටම නිවැරදි කරගන්න
ඒ වගේම ඔබේ ලස්සන .. ඔබේ
ශක්තිය ජවයත් එක්ක
අභිමානයක් ලැබෙන්නේ
කණ්නාඩියක් ඉස්සරහ
හිටගත්ත කෙනකුට
📌📌
Echo කියන්නේ දෝංකාරය
ඒ කියන්නේ නැවත අපට ඇසෙන හඬ
Bruce Lee කිව්වේ
අපි හොඳින් සවන් දුන්නොත්
අපට බොහෝ දේවල් වඩාත්
සවිස්තරව උකහා ගන්න පුළුවන් කියලා

ඉතින් මේ පොතට Jeff Chang කතුවරයා
මේ නම දැම්මේ මෙන්න
මේ අපූරු සිද්ධි 3ත් එක්ක
📌📌
පිටු 560ක් පුරා රසට ගෙතුණු මේ පොතේ
Bruce Lee විසින් Jeet Kune Do සටන් ක්‍රමය
හොයා ගැනීමට හේතුව ..
එහි සුවිශේෂී රසවත් දේ ගැනත්
ලස්සනට විස්තර වෙනවා
Bruce Leeට නොසිතු මොහොතක
ඇමරිකාවේ දී
උපත ලබන්නට සිදුවීමේ කතාව
සම්ප්‍රදායෙන් පිට පැනපු ඔහුගේ සටන්කලාව
මිනිසුන් ට සන්සුන් වී
දේවල් දිහා නිරීක්ෂණය කිරීමට
Bruce Lee දුන් උපදෙස්
ඔහු නළුවකු නොවී සටන් ශිල්පියකු ලෙස
පණ පෙවූ හොලිවුඩ් සිනමා පට කතාව
කෙටි ජීවිතයේ අවසන් කාලය
ආදී දුලභ කතා ගොඩක් අඩංගු වෙනවා
📌📌
ඉතින් ලෝකයේ අලුත් Trend එකට
අපිත් set වෙමු
අඩුම ගණනේ
මේ ලස්සන වටිනා පොතේ
e Book එක වත් ඇණවුම් කරමු

26/09/2025
25/09/2025

🎯Genuine Talks
https://www.youtube.com/watch?v=d3lC57qbYI4
පැල්මඩුල්ලේ පුංචි ඉස්කෝලයකින්
ශිෂ්‍යත්ව විභාගය ඉහලින්ම සමත්වෙලා
කොළඹ ආනන්ද විදුහලට එන
පුංචි ඉසුරුට ලැබුනේ
අභියෝග ගොඩක්
❇️❇️❇️❇️
එයා ජීවිතේ කොළඹ ආපු
පලවෙනි වතාව ඒ
නතර වෙන්න වුනේ දෙමටගොඩ
පුංචි බෝඩිම් කාමරයක
❇️❇️❇️❇️
පවුලේ හැමෝගෙන්ම වෙන්වෙලා
කොළඹ ගෙවන මේ ජීවිතයට
සදහටම සමුදීලා
ගෙදර යන්න
ඉසුරුට හිතුනු වාර අනන්තයි
❇️❇️❇️❇️
ඒත් එයා ඒ ආසාව හිතේ
තදකරගෙන හිටියේ
අධ්‍යාපනයට තිබුණු
තදබල කැමැත්ත නිසා
❇️❇️❇️❇️
එහෙම ආපු ගමනක
අවසන් කඩඉම වෙන්නේ
මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය
❇️❇️❇️❇️
ඊලග අවුරුද්දේ ඉසුරු වගේම --එයාගේ
බාල සහෝදරයා පසන්
පැල්මඩුල්ලේ ඉදන්
මේ බෝඩිමටම එන්නේ
ශිෂ්‍යත්ව විභාගය ඉහලින්ම සමත්වෙලා
කොළඹ රාජකීය විදුහලට
❇️❇️❇️❇️
ඇතුල් වෙන්න සුදුසුකම් ලබපු නිසා
අයියට වඩා එක අවුරුද්දකින් බාල මේ මල්ලී
අයියට වඩා ලොකු දක්ෂයෙක් වෙනවා
එයත් රාජකීය විදුහලින් මොරටු යන්න
ඉහලින්ම සුදුසුකම් ලබන්නේ
කොළඹින් 32 වැනියා ලෙස
උසස් පෙළ සමත් වෙමින්
❇️❇️❇️❇️
බෝඩිමක නැවතිලා උයා පිහාගෙන
තමන්ගේ සියලු වැඩ ටික කරගෙන
තියෙන පුංචි දෙයක් කාලා
ජීවිතේ දිනපු මේ දෙන්නා
මේ තැනට එන්න කාපු කට්ට
කෙනකුට හිතාගන්නත් බැරි එකක්
❇️❇️❇️❇️
බෝඩිම් ගාස්තු වෙනත් වියදම්
හොයාගන්න ගෙදරට කරදර කරන්න
ඒ දෙන්නට හිත දුන්නේ නැහැ
❇️❇️❇️❇️
අම්මලා තාත්තලට
මේ ඔක්කොම වියදම් දරන්න බැහැ
ඒ හින්දම මේ අපූරු අයියයි මල්ලියි
පරිගණක ක්‍රීඩා තරග වලට ගිහින්
තමන්ගේ එදිනෙදා වියදම් ටික හොයාගත්තේ
අධ්‍යාපනයට බාධාවක් නොවන විදිහට
ඒක ලොකු චැලේන්ජ් එකක් වුනා
මොකද පොඩ්ඩක් හරි
ට්‍රැක් පැන්නා නම්
මේවට ඇබ්බැහි වෙන්න පුළුවන්
එහෙම වුනානම්
නතර වෙන්නේ වෙනම තැනක
❇️❇️❇️❇️
ඉංග්‍රීසි බැරි ගමෙන් ආපු මේ කොල්ලා
ආනන්දයේ ඉංග්‍රීසි සාහිත්‍ය ත්‍යාගය දිනාගන්න කොට
ඉංග්‍රීසි කතා කරන යාලුවෝ සෙට් එක
එයා වෙනුවෙන් හදවතින්ම
අත්පොලසන් දුන්නා
❇️❇️❇️❇️
මම ඉංග්‍රීසි ඉගෙන ගත්තේ ෆිල්ම්වල
සබ්ටයිටල් එක්ක කටහඬ ඒ දිහා බලලා
ඒ තමා ගොඩක් දෙනකුට
හිතාගන්න බැරි - ගැම්ම
❇️❇️❇️❇️
අයියා එහෙම කියනකොට මල්ලී ටික් ටොක්
වලින් Combined Maths ඉගෙන ගන්නවා
රාජකීය විදුහලේ උසස් පෙළ
පන්ති තෑග්ග දිනාගන්නවා
❇️❇️❇️❇️
මාරම චරිත දෙකක්
ඉතින් අද අයියයි මල්ලියි දෙන්නම
තමන් කට්ටක් කාලා ආපු
ඒ අපූරු ගමන ගැන කත ා කරන්න
Genuine Talks වේදිකාවට ගොඩවුනා
එහෙමනම් යමු ඉක්මනටම
පසන් සහ ඉසුරු හමුවෙන්න
මේ ලස්සන කතාව
එයලගේම වචනවලින් අහන්න
https://www.youtube.com/watch?v=d3lC57qbYI4

24/09/2025

🧧Physics මතක 05🧧
21 වන ශතවර්ෂයේ
TECHNOLOGY එක්ක ජීවත්වෙන
මේ ලෝකයේ හැම රටකම
කොල්ලෝ කෙල්ලෝ වැඩිහිටියෝ
ගොඩක් දෙනෙකුට
අඩුම ගණනේ සතියකට වතාවක් වත්
10 වන ශතවර්ෂයේ ජීවත්වෙච්ච
මේ අපූරු රජ්ජුරුවෝ ගැන
කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා
ඒ අලුත් TECHNOLOGY එක හින්දා
❇️❇️❇️❇️
මොකද ඔය පාරකට නමක් දැම්මා වගේ නෙමෙයි
මෙහෙම දෙයක් කලහම
ඒ නම කොල්ලයි බල්ලයි හැමෝම දන්නවා
අන්තිමට රජතුමා අමතක වෙලා
නම නැගලා යනවා
එහෙම දෙයක් තමා මේ වුනේ
❇️❇️❇️❇️
මීට අවුරුදු 1000 කට කලින්
නෝර්වේ සහ ඩෙන්මාර්කයේ
යුධ විරුවෙක් වෙච්ච මේ රජතුමා
එදා හිතන්න නැතිව ඇති
අනාගතයේ දවසක තමන්ගේ නම
ලෝකයම දන්න Technology එකකට යොදාගෙන
ලෝකයම එයාගේ නමින්
ඒ Technology එක ගැන
කතා කරාවි කියලා
❇️❇️❇️❇️
10 වන ශතවර්ෂයේ ජීවත්වෙච්ච
මේ රජ්ජුරුවන්ගේ නම 21 වන ශතවර්ෂයේ
Technology එකකට යොදාගන්න අපූරු ලස්සන හේතුවක් තිබුනා
එහෙනම් යමු ඩෙන්මාර්කයේ
Blutooth රජ්ජුරුවෝ හම්බුවෙන්න
❇️❇️❇️❇️
Bluetooth කියන වචනය අපි හැමෝම දන්න
තාක්ෂණික වචනයක් වුනේ ඔන්න ඔය
Bluetooth රජ්ජුරුවෝ හින්දා
කියලා මම කිව්වොත්
දැන්වත් පිළිගන්නවද
❇️❇️❇️❇️
වෙන්න බැහැ ....
ආයේ කතා දෙකක් නැහැ
අපේ කට්ටිය කියාවි
❇️❇️❇️❇️
සරලවම කිව්වොත් Bluetooth කියන්නේ
devices දෙකක් හෝ කීපයක් රැහැන් රහිතව
එකිනෙකට සම්බන්ධ වෙමින්
තොරතුරු සහ සංඥා හුවමාරු කරගැනීමේ ක්‍රියාවලියක්නේ
❇️❇️❇️❇️
මේ තොරතුරු සහ සංඥා විවිධ ආකාරයේ ඒවා වෙන්න පුලුවන්
ඉතින් මෙන්න මේ ක්‍රියාවලිය පළමුවරට
ලෝකයට එලි දක්වන්නේ
Dr. Jaap Haartsen කියන නෙදර්ලන්ත ඉංජිනේරුවරයා
ඒ 1998 දී
ඉන් පස්සේ මේ ක්‍රියාවලිය සදහා
Bluetooth කියන නම යොදන්නේ
ඉන්ටෙල් සමාගමේ Jim Kardach විසින්
❇️❇️❇️❇️
10 වන ශතවර්ෂයේ ඩෙන්මාර්කයේ රජ කල
Harald “Bluetooth” Gormsson රජතුමා
ඩෙන්මාර්කය සහ නොර්වේ රාජ්‍යය
එක්සේසත් කරනු ලැබුවා
ඔහු ඒ නිසා ඉතාම කීර්තියක් උසුලනු ලැබුවා
ඒ නිසා රජුගේ නමේ ඇති “Bluetooth”කොටස
මෙම devices සම්බන්ධ කිරීමේ ක්‍රියාවලිය සදහා
Jim Kardach විසින් යොදාගත්තා
❇️❇️❇️❇️
එතනින් නොනැවතුණු ඔවුන්
රජුගේ නමේ මුල් අකුරු වූ
මේ සංකේත සහ අකුරු දෙකත් ᚼ → H ᛒ → B
Bluetooth සදහා සංකේතයක් ලෙස භාවිතා කලා
ඉතින අද දක්වාම Bluetooth නම සහ සංකේතය
ඒ අයුරින්ම මේ ක්‍රියාවලිය සදහා භාවිතා කරනවා
❇️❇️❇️❇️
ඉතින් “Bluetooth රජතුමා කිව්වහම හිනාවුණු අය
ඔන්න දැන්වත් හිනාව නතර කරගන්න කියලා
ආදරයෙන් ඉල්ලනවා
❇️❇️❇️❇️
ආපසු Physics මතක තුලින්
මේ වගේ ලස්සන කතාවක් එක්ක හම්බුවෙමු


23/09/2025

මේ ජීවිතේ ....එක තැනක
නතර විය යුතුම තමයි...
ඒක කොතනද කවදාද කියන එක
අපි කාටවත්ම කියන්න බැහැ
🛑🛑
කැළණි පාලමෙන් එතෙර වෙලා
ජූරියට ගොඩවෙලා
මැන්ඩෙලා -අපර්ණා සහ බට්ටි එක්ක
ජුලියට්ගේ භූමිකාවට එකතුවෙච්ච
නලින් ප්‍රදීප්
ආසයි මං පියාඹන්න
එක්ක ..
අද උදයේ
මේ ලෝකයෙන් සදහටම
පියඹලා ගියේ
පිළිකා මාරයාට
දිනුම දීලා ...
🛑🛑
අවුරුදු 56ක ජීවිතයේ
අවසාන කාලය
මහරගම අපේක්ෂා රෝහලේ
දැඩි සත්කාර ඒකකයේ
ඇඳක් මත .....කල් ගෙවන්නට සිදුවූ
නලින් ප්‍රදීප් ..
අන්තිමට රඟහලෙන් මෙන්ම
ජීවිත වේදිකාවෙන්
අද උදයේ සදහටම බැස ගියේ
ආදරණීය දරුවන් දෙදෙනකුට
පියකු අහිමි කරමින්
🛑🛑
තවත් බොහෝ දෙනකුට
ජීවිතයේ අනියත බව පසක් කරමින්
🛑🛑
නලින් ප්‍රදීප් උඩවෙල
ඔබට නිවන් සුව
#හරි_ලේසියි_Physics

22/09/2025

🧧Physics මතක 04🧧
අප්‍රිකාවේ දුප්පත්ම රටක් වෙලා තිබුණු
ලංකාවටත් වඩා ගොඩක් පුංචි රුවන්ඩාවේ
අවාසනාව වාසනාවක් බවට පත්කලේ
මෙන්න මේ පින්තුරයේ ඉන්න
Paul Kagame ජනපතිවරයා
❇️❇️❇️❇️
1994 දී හුටු සහ ටුට්සි ගෝත්‍ර දෙක අතර
දින 100ක ජන සංහාරයකින්
රුවන්ඩාවේ ලක්ෂ 8 කට ආසන්න ප්‍රමාණයක්
කුරිරු ලෙස ඝාතනය වුනා
Paul Kagame 2000 වසරේ මේ රට භාරගත්තේ ....
රුවන්ඩාව හැම පැත්තකින්ම
අන්තිම අඩියට වැටිලා
අසරණ වෙලා හිටපු වෙලාවේ
❇️❇️❇️❇️
මම මේ රට වෙනස් කරනවා
එයා හිතුවා ....
ඒ විතරක් නෙමෙයි
එයා ඒ දේ කරලා පෙන්නුවා
❇️❇️❇️❇️
52%තිබුණ සාක්ෂරතාවය 73%දක්වා අරගෙන ආවා
අවුරුදු 48 රැඳුනු ජනතාවගේ ආයු කාලය
69 දක්වා ඉහලට අරගෙන ආවා
ආර්ථික වර්ධනය 7.3% ක් දක්වා ඉහලට අරගෙන ආවා
එය සමස්ත අප්‍රිකාවේ ඉහලම ආර්ථික වේගය
අප්‍රිකාවේ හොඳම සංචාරක නවාතැන
බවට රුවන්ඩාව පත් කලා
අප්‍රිකාවේ පිරිසිදුම රට බවට
මේ පුංචි රට පත් කලා
AI -DIGITAL තාක්ෂනයයෙන් සන්නද්ධ රටක් බවට
මේ රට 2025 දී ඉහලටම අරගෙන ආවා
❇️❇️❇️❇️
අද රුවන්ඩාවේ ජනතාව ගොඩක් අංශවලින්
අපිට වඩා දියුණුයි
වෛද්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය අංශය
හෙද සේවාව ඇතුළු සියල්ල
100%ක් DIGITAL වෙලා
අන්තර් ජාල සබඳතා වල තත්වය අප්‍රිකාවේ
අංක 1ට පැමිණ තිබෙනවා
රුවන්ඩාවේ පාසල් වලට දරුවන්ගේ පැමිණීම
නෝර්වේ සහ ෆින්ලන්තයේ රටවල් වලට
සමාන වෙමින් පවතිනවා
❇️❇️❇️❇️
ජනපතිවරයා මීට මාස කීපයකට කලින්
රටවල් 90ක ව්‍යවසායකයන් නව නිර්මාණකරුවන්
රාජ්‍ය නායකයන් ඇතුළු 1000 දෙනෙක් එක්ව
අපූරු සමුළුවක් පැවැත්වුවා
❇️❇️❇️❇️
මේ සමුළුවේ නම
Global AI Summit 2025
කෘතීම බුද්ධිය සම්බන්ධයෙන්
මෙවැනි සමුළුවක් පැවැත්වූ
පලමු අප්‍රිකානු රට වුනේ රුවන්ඩාව
මෙම සමුළුව ඇමරිකාවේ සහ චීනයේ පැවැත්වුණු ආකාරයේ
දැවැන්ත AI සමුළුවක් වුනා
❇️❇️❇️❇️
මිලියන 13ක පුංචි ජනගහනයක් ඉන්න
රුවන්ඩාව ලොකු විප්ලවයකින් වෙනස් කරන්න
Paul Kagame ජනපතිවරයාට පුළුවන් වුනා
ඉතින් අවුරුදු 25ක් පුරා අඛණ්ඩව
එයා තවමත් රුවන්ඩාව පාලනය කරනවා
❇️❇️❇️❇️
ඉතින් අපේ රටත් ..කවදා හරි මේ වගේ
වෙනස් කරගන්න පුළුවන් වුනොත්
ඒ තමයි අපි හැමෝගෙම ප්‍රාර්ථනාව
#හරි_ලේසියි_Physics

22/09/2025

🧧Physics මතක 03🧧
ඇමරිකාවේ රස්සාවකට යන්න කල්පනාවක් තියෙනවද
ඒ හැමෝටම ටිකක් මේ කතාව වැදගත් වෙයි
මොකද 2025 සැප්තැම්බර් 21 වන දින අලුයම 12.01 සිට
මේ ක්‍රියාවලිය සදහා ඇමරිකානු ජනපතිවරයා
නව නීතියක් සම්මත කලා
❇️❇️❇️❇️
ඒ තමයි සුදුසුකම් සහිත
ඕනෑම විදෙස් වෘත්තිකයකු
ඇමරිකානු සමාගමකට බඳවා ගැනීමේදී
එම සමාගම් විසින් එම වෘත්තිකයා වෙනුවෙන් ගෙවිය යුතු
ගාස්තුව ඩොලර් ලක්ෂයක් දක්වා හිතා ගත නොහැකි අගයකින්
ඉහල දැම්මා .....
❇️❇️❇️❇️
ඇත්තමට ඊයේ දිනයට කලින්
මේ පැරණි H-1B වීසා ගාස්තුව
ඩොලර් 200ක් ලෙස
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මාධ්‍ය සඳහන් කලත්
මෙම පැරණි ගාස්තුව ඊට වඩා ඉහළ අගයක් වුනා
ඒ අනුව එම පැරණි ගස්ස්තු ක්‍රමය අයකරනු ලැබුවේ
❇️❇️❇️❇️
$460 – USCIS I-129 filing fee

$750 or $1,500 – ACWIA training fee

$500 – Fraud Prevention & Detection fee

$4,000 – Additional fee for companies with >50% H-1B/L-1 workers (if applicable)
මෙන්න මේ විදිහට
මෙහෙම තිබුණු ගාස්තුව තමයි එක වරම ඩොලර් ලක්ෂය දක්වා
ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ඉහලට එසවූයේ
❇️❇️❇️❇️
මේක ලොතරැයියක දිනුමක් වගේ
ඇමරිකාව විසින් දෙන කෝටා එකක්
මේ යටතේ වසරකට 85000 ක පමණ
විදෙස් වෘත්තිකයන් ප්‍රමාණයක්
නව බඳවා ගැනීම් ලෙස සිදුවනවා
❇️❇️❇️❇️
ඇත්තටම මේ තීරණය නිසා
ලොකු පහරක් වැඩියෙන්ම වැදුනේ ඉන්දියාවට
2023 H-1B A වලින් 72.73%ක
දැවැන්ත කෝටාවක් ලබාගත්තේ ඉන්දියානු සේවකයන්
ඉන් පසුව චීන සේවකයන්
එම ප්‍රමාණය 12.16%ක්
ශ්‍රී ලාංකිකයන් ඉන්නේ ප්‍රතිශතයක් ලෙස
කිව නොහැකි තරම් අඩු ප්‍රමාණයක
❇️❇️❇️❇️
විශේෂයෙන්ම FORTUNE 500
දැවැන්ත සමාගම් 500 අතරේ
සමාගම් 20කට ආසන්න ප්‍රමාණයක මුල්පුටු / CEO තනතුරු දරන්නේ
ඉන්දියානුවන් නිසා මේ දැවැන්ත රැකියා ප්‍රතිශතය
ඉන්දියාවට ලැබීමට හේතුව ඔයාලට තේරෙන්න ඇති
❇️❇️❇️❇️
ඉන්දියානුවන් CEO තනතුරු දරන
ඒ සමාගම් වලින් කීපයක විස්තර
ඔයාලට දැනගන්න මම දෙන්නම්
❇️❇️❇️❇️
Satya Nadella — Microsoft (CEO)
Sundar Pichai — Alphabet / Google (CEO) —
Shantanu Narayen — Adobe (Chairman & CEO)
Arvind Krishna — IBM (Chairman & CEO)
Raj Subramaniam — FedEx (CEO)
Reshma Kewalramani — Vertex Pharmaceuticals (President & CEO)
Sanjay Mehrotra — Micron Technology (Chairman & CEO)
ikesh Arora — Palo Alto Networks (CEO) —
ඔය බලගතුම සමාගම් කීපයක් ගැන කිව්වේ
❇️❇️❇️❇️
ඇත්තටම ඇමරිකාවේ ජීවත් වන
රැකියා කරන Indian Americans ප්‍රමාණය
දල වශයෙන් ලක්ෂ 25ක් ලෙස වාර්තා වනවා
සමස්ත Indian Americans ප්‍රමාණය
මිලියන 5.2ක් පමණ වෙනවා
❇️❇️❇️❇️
ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය
මේ සියල්ල යම් තරමකින්
පාලනය කිරීම සදහා
මේ කෝටාව වෙනත් පැත්තකට හරවන්න කරපු
උපක්‍රමයක් වෙන්නත් පුළුවන් මේක
❇️❇️❇️❇️
ඒ දේ අපිට එක එක පැතිවලින් ගන්න පුළුවන්
නමුත් මට අවශ්‍ය වුනේ ඒ දේ නෙමෙයි
මේ කරුණ ගැන ඔයාලට පුංචි
අවබෝධයක් දෙන්න විතරයි

21/09/2025

🧧Physics මතක 02🧧
ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රුම්ප්
මේ මාසයේ 4 වැනිදා
ඇමරිකාවේ කීර්තිමත් සහ අති දැවැන්ත
ව්‍යවසායකයන් 33 දෙනකු ඇතුළු
තවත් කිහිප දෙනෙක්
තමන්ගේ ධවල මන්දිරයට කැඳවුවා
❇️❇️❇️❇️
ඒ සුවිශේෂී සාකච්චාවකට සහ
සුපිරි රාත්‍රී භෝජන සංග්‍රහයකට
❇️❇️❇️❇️
ඒ පිරිස අතරේ බොහොම සුවිශේෂී
ශ්‍රී ලාංකිකයෙක් ද හිටියා
ඒ නිසා තමයි අද මම මේ ගැන කතා කරන්න හිතුවේ
❇️❇️❇️❇️
මේ හමුවේ මාතෘකාව දන්නවද ?
අනාගත කෘතීම බුද්ධිය සහ
ඇමරිකා එක්සත් ජනපදයට එයින් ඇතිවන බලපෑම
කවුද ඇත්තටම මේ වැඩේට ආපු ආරාධිතයෝ
පොඩ්ඩක් බලන්න -කවුද ආපු කට්ටිය කියලා
❇️❇️❇️❇️
01-Sam Altman (OpenAI)-❇️Tim Cook (Apple) -❇️Mark Zuckerberg (Meta)-❇️Bill Gates (Microsoft)-
❇️Sundar Pichai (Google/Alphabet)-❇️Satya Nadella (Microsoft)-❇️Safra Catz (Oracle)-❇️Lisa Su (AMD)-❇️Greg Brockman (OpenAI)-❇️Sergey Brin (Google)-❇️Alexandr Wang (Scale AI)-❇️David Sacks (Tech investor)-❇️Michael Kratsios (White House OSTP Director)-❇️Sriram Krishnan (White House AI Advisor)-❇️Reed Hastings (Netflix)-❇️Melinda Gates (Gates Foundation)
ඉතින් මේ තමයි ඒ 33 දෙනාගෙන්
16 දෙනකගේ නම්
කතාව දිග වැඩි වෙන හින්දා
ඔක්කොම නම් ටික දැම්මේ නැහැ
❇️❇️❇️❇️
ඉතින් මේ බලවත්ම ව්‍යවසායකයන්
පිරිස අතරේ ලංකාවේ ඉපදුනු අපේ
චමත් පලිහපිටියත් හිටියා
❇️❇️❇️❇️
ශ්‍රී ලංකාවේ අපිට ඇත්තටම
ආඩම්බර වෙන්න පුළුවන්
අභිමානවත් කෙනෙක්
❇️❇️❇️❇️
ඉතින් චමත් පලිහපිටිය කියන්නේ
1976 වසරේ අපේ රටේ ඉපදුනු
දැනට ඇමරිකාවේ Silicon Valley වල ජීවත් වන
කීර්තිමත් ව්‍යවසායකයෙක්
ඔහු ඩොලර් බිලියන 4 ක වත්කමක් සහිත
ලෝකයේ ඉහලම ධනවතෙක්
ආරම්භයේදී වෘත්තියෙන් විදුලි ඉංජිනේරුවරයෙක්
මේ වන විට Social Capital, හි නිර්මාතෘ සහ CEO වනවා
❇️❇️❇️❇️
ඉතින් මේ කතාව එක්ක
මම අපේ දරුවන්ට කියන්න හදන්නේ
දුවේ පුතේ ..අපි ශ්‍රී ලාංකිකයන් හැටියට
කවදාවත් අපේ හැකියාවන්
අවතක්සේරු කරගන්න එපා
අපි පුංචි රටක ජීවත්වෙන
ලොකු හැකියාවන් පිරුණු වටිනා මිනිස්සු
මේ පුංචි උදාහරණය ඇතුලේ උනත්
මට කියන්න අවශ්‍ය වුනේ ඒ දේ
❇️❇️❇️❇️
මේ වගේ දෙයක් අපේ දරුවන්ට පෙන්නලා දීලා දීලා
ඒ අයට පොඩි motivation එකක් දුන්නොත්
ඒ දේ එක්ක දරුවෝ යන දුර .
හරි ඉහල එකක් වේවි කියලා
මට හිතුනා
අනාගත ලෝකය ඇතුලේ අපි
ජීවත් වෙලා හිටියොත් ඒ දේවල් අපි දකීවි
❇️❇️❇️❇️
ඉතින් ..මේ අපූරු හමුව
අපේ පුංචි රටේ
අනාගත තාරකාවන් වන ඔයාලට
හොඳ කතාවක් අරගෙන එන නිසා
මම අද Physics මතක වලට
මේ කතාව අරගෙන ආවා
#හරි_ලේසියි_Physics

20/09/2025

🧧Physics මතක 01🧧
මෙගා පික්සල් 3200ක්
එහෙම නැතිනම් පික්සල් මිලියන 3200ක් වුනු
ලෝකයේ බලගතුම ඩිජිටල් කැමරාව මේ ..
කැමරාවත් එක්ක අපි නොහිතන
තව තව දේවල් ගොඩක්
මෙයා ළඟ තියෙනවා
🔥🔥
මේ කැමරාවෙන් ගන්න පින්තූර
කොච්චර බලවත්ද කියලා කිව්වොත්
ඒ එක පින්තූරයක් බලන්න
378 ultra-HD TV එකක් අවශ්‍ය වෙනවා
🔥🔥
තවත් සරලව කිව්වොත් අපිට
4K වීඩියෝ බලන්න පුළුවන් Ultra-HD TV එකක්
කියන්නේ 4K TV (3840 x 2160 pixels )
මිලියන 8.3ක පික්සල් ප්‍රමාණයක එකක්
🔥🔥
එහෙමනම් මේක අම්මෝ .....
පික්සල් බිලියන 3.2 ක බලගතු එකක්
🔥🔥
ඉතින් කොහෙද තියෙන්නේ
මොකක්ද මේකෙන් කරන්නේ
🔥🔥
මේක තියෙන්නේ චිලි රටේ සුවිශේෂී කඳු මුදුනක
මෙයා හැම රාත්‍රීයකටම පින්තූර 1000 බැගින් ගන්නවා
ඊට පස්සේ ...
ඒ ඔක්කොම එකට එකතුකරලා
දවස් 3කට වතාවක්
දකුණු දිග අහසේ සම්පූර්ණ පින්තූරයක්
මෙයා නිර්මාණය කරනවා
🔥🔥
ඒ අනුව වසර 10 කදී
අහසේ සම්පූර්ණ කතාව MOVIE එකක් වගේ
පිළිවෙලට හදන්න අවශ්‍ය පින්තූර ටික
එයා එකතු කරගන්නවා
🔥🔥
Vera C. Rubin අභ්‍යවකාශ නිරීක්ෂන පද්ධතිය ට
පැවරුණු රාජකාරිය තමා ඒ
2025 දී පටන්ගත්ත මේ වැඩේ 2035 දක්වා
හරියටම අවුරුදු 10ක් තිස්සේ කරන්න වෙනවා
ඔන්න ඕක තමයි මෙයාට පැවරුණු බරපතල වැඩේ
🔥🔥
ඇත්තටම වෙන වැඩ නැතිවටද
අහසේ පින්තූර ගහන්නේ
හැබැවටම ..කෙනකුට එහෙම හිතන්න පුළුවන්
ඇත්තටම මේ වැඩේ වටිනා වැඩක්
මොකද පෘතුවියට ලංවෙන්න පුළුවන් ඇස්ටරොයිඩ ගැන
වගේම වල්ගාතරු සහ වෙනත් සියලුම
අපූරු තොරතුරු මෙයාට අහුවෙනවා
🔥🔥
මම ටිකක් හෙව්වා මෙයා
ඔත්තු කාරයෙක් ද කියලා
Vera C. Rubin කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි
කියලා තමයි දැනට කියන්නේ
🔥🔥
අනේ හරි අහිංසකයෙක් එයා...
කවදාවත් මහ පොලව දිහා බලන්නේ වත් නැහැ
අහස දිහා විතරමයි බලාගෙන ඉන්නේ
ඒ මට ආපු විස්තර ...
ඔයාලත් ටිකක් හොයන්නකෝ
🔥🔥
කොහොම නමුත් චිලී කියන්නේ
ඇමරිකාවේ මිතුරු රටක්
ඒ වගේම Cerro Pachón, හුදකලා
ජනශූන්‍ය කඳු මුදුනේ ඉදන් තමයි
මෙයා අහස දිහා බලාගෙන ඉන්නේ
🔥🔥
කොහොම නමුත් අන්තිමට මට කියන්න තියෙන්නේ
චිලී වල තිබුනත් මේක
ඇමරිකාවට U.S. National Science Foundation (NSF) අයිති
බලගතු ව්‍යාපෘතියක් කියලා
වැඩිය සැක හිතන්න යනවට වඩා මේක ගැන
තව ටිකක් හොයන්නකෝ
අපිටත් කියන්නකෝ
🔥🔥
ඔන්න අද මම Physics මතක
අවසන් කරනවා දරුවනේ

20/09/2025

🧧හිතක මතක-67🧧
ප්‍රශ්න අර්බුද වේදනා කඳුළු ගංගා එක්ක
මිනිස්සුන්ගේ හීන ....ප්‍රාර්ථනා .
බොඳ වෙන්න අඳුරුවෙන්න පුළුවන්
❇️❇️❇️❇️
ඒත් .....ශක්තිමත් මිනිස්සු කවදාවත්
ඒ බොදවීම් අහිමිවීම් එක්ක
තමන්ගෙන් වෙන්න අවශ්‍ය වගකීම් ..යුතුකම් ටිකට
වියළිලා මිය යන්න ඉඩක් දෙන්නේ නැහැ
ඒ තමයි ..නොනැවතී ඉස්සරහට යන
මිනිස්සුන්ගේ ....විදිහ
❇️❇️❇️❇️
දුනිත් වෙල්ලාල කියන්නෙත් ඒ වගේ
අපූරු තරුණ දරුවෙක් කියලයි
මට හිතෙන්නේ ..
තමන්ගේ තාත්ත ගේ හදිසි වියෝවේ
වේදනාබර ආරංචිය එයාට දැනුම් දෙනකොට
අවුරුදු 22ක් වයස මේ දරුවා ඉන්නේ
රට වෙනුවෙන් ලොකු වගකීමක් එක්ක
❇️❇️❇️❇️
ඒ වේදනාව දරාගෙන
හිතට ලොකු ශක්තියක් අරගෙන
මව් රටට එන එයාගේ
ඒ මුහුණේ .හැගීම
වටිනා කතාවක් අපිට කියනවා
❇️❇️❇️❇️
දුනිත්ගේ තාත්තා සුරංග වෙල්ලාල
මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ
1992 කණ්ඩායමේ ක්‍රිකට් නායකයා
❇️❇️❇️❇️
තාත්තගේ බලාපොරොත්තුව වුනේ
තමන්ට අතර මගින් අහිමිවෙච්ච ක්‍රිකට් මාවත දිගේ
තමන්ගේ පුතා ඉහලටම යනවා දකින්න
❇️❇️❇️❇️
ඒ දේ සිද්ධ වෙන්න ඕනේ
ඔයාම ඔයාගේ හපන්කම්
පෙන්වල පුතේ ...
ඒ තමයි නියම තාත්ත කෙනෙක් ගේ හීනය
දුනිත් ඒ හීනය දිගේ .ලස්සන ගමනක්
යන්න පටන් ගත්ත අතරේදී තමයි ..
එයාගේ ජීවිතේ ලොකුම රැකවරණය ආශීර්වාදය
නොසිතු මොහොතක කඩාගෙන වැටුනේ
❇️❇️❇️❇️
නමුත් ඒ වේදනාව පපුවෙන් පොඩ්ඩක් වත්
ගැලවිලා යන්න කලින්
රට වෙනුවෙන් තමන්ගේ වගකීමේ ඉතිරිය ඉටුකරන්න
එයා හෙටත් නන්නාදුනන රටක .....
වෙහෙස කැපවීම දරාවි ..
තාත්තගේ වියෝව එක්ක හඬන අම්මා තනිකරලා
එයා ඒ යුතුකම කරාවි ..
ඒ තමයි ....ඇත්තම ජීවිතය
ලස්සනම ආදර්ශය ..
❇️❇️❇️❇️
ඉතින් ආදරණීය පුතේ ....
ඔයාගේ ශක්තියේ මහා ඵලය
ඔයාට විතරක් නෙමෙයි
මේ මුළු රටටයි
ඔයා වෙනුවෙන් හෙට රටක් ආදරයෙන්
දෑස් දල්වාගෙන ඉඳීවි
❇️❇️❇️❇️
ඔයා ගැන කතා නොකළ අයත් හෙට දිනයේ දී
පොඩ්ඩක් පිටිය දිහාට බසීවී
ඒ ශක්තිය එක්ක
අපේ රට ඉස්සරහට අරන් යන්න ඔබට
පන්නරය ලැබේවි
#හරි_ලේසියි_Physics

Address

Nugegoda

Alerts

Be the first to know and let us send you an email when PhysicsTalks posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

කවියට පෙම් බඳින ඔබ වෙනුවෙන්ම

ශ්‍රී ලාංකීය වියළුණු කවි පිපාසය දල්වන්නට ඇරඹුණු කවි මඩුව අද වනවිට ඉමහත් රසික ප්‍රසාදය දිනා ගනිමින් දිනෙන් දින ඔබ හදවත් අතර සෙනෙහසින් ලංව හිඳින්නේ 12000කට අධික කවියට හිතැති සාමාජිකයන් රැසක් සමගින්