Yasantha Bandula-Page

Yasantha Bandula-Page Constant feeds for your pubg needs follow for best memes, discussion news and much more about pubg and pubg mobile

පුංචි යෝධයා.. 💜🇮🇱🇮🇱💜🇱🇰🇱🇰==================මේ ඉරාන සිතියම මැද රෝසපාටින් අලවල  තියෙන්නේ ඉරානයත් එක්ක බලනකොට ඊශ්‍රායලයේ ප්‍...
27/06/2025

පුංචි යෝධයා.. 💜🇮🇱🇮🇱💜🇱🇰🇱🇰
==================
මේ ඉරාන සිතියම මැද රෝසපාටින් අලවල තියෙන්නේ ඉරානයත් එක්ක බලනකොට ඊශ්‍රායලයේ ප්‍රමාණය පෙන්වන්න. ඊශ්‍රායලය කොච්චර පොඩි රටක් උනත්. ඒත් බලය , මොළය අතින්නම් හැමදේකටම වඩා බලවත් 💜💚.. 💜💚💚🇮🇱🇮🇱🇮🇱🇱🇰🇱🇰🇱🇰

ඊයේ එලි වෙනකම් ඉරානය විසින් ඊශ්‍රායල් වලට ගහපු බැලැස්ටික් මිසයිල් එකක සයිස් එක කොහොමද මිසයිල 600ක් විතර ගහලා 13ක් විතර බ...
14/06/2025

ඊයේ එලි වෙනකම් ඉරානය විසින් ඊශ්‍රායල් වලට ගහපු බැලැස්ටික් මිසයිල් එකක සයිස් එක කොහොමද
මිසයිල 600ක් විතර ගහලා 13ක් විතර බිමට වැටුනේ.....
හිතාගන්න ඊශ්‍රායල ඩිෆෙන්ස් ඇන්ඩ් ඇටෑක් පවර් එක. 😍🇮🇱🇱🇰❤️❤️💞🇮🇱🇮🇱

“අවදිවූ සිංහයා” (Rising Lion)  ඉරානය වනසා දමයිඅද(13/06/2025)අළුයම ඊශ්‍රයාලය විසින් ඉරානයේ ටෙහෙරාන් නුවර ඇතුළු ප්‍රධාන නග...
13/06/2025

“අවදිවූ සිංහයා” (Rising Lion) ඉරානය වනසා දමයි

අද(13/06/2025)අළුයම ඊශ්‍රයාලය විසින් ඉරානයේ ටෙහෙරාන් නුවර ඇතුළු ප්‍රධාන නගර කිහිපයකට එල්ල කරන ලද ගුවන් ප්‍රහාර 52 ක් හේතුවෙන් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ප්‍රධාන න්‍යෂ්ටික විද්‍යාඥයන් වන Ferrydoun Abbasi Dasani,Mohamed Mehedi Teheranchi සහ ඉරාන විප්ලවකාරි ආරක්ෂක හමුදාවේ (IRGC)ප්‍රධානියා ලෙස සැලකෙන Hossein Salami මෙන්ම ඉරාන ත්‍රිවිද හමුදා ප්‍රධානි (Chief of staff)මේජර් ජනරාල් Mohamed
Bagheri ද මෙම ගුවන් ප්‍රහාර මාලාව හේතුවෙන් ඝාතනයවී ඇතිබව ඉරාන රාජ්‍ය මාධ්‍ය මේවන විට වාර්තා කර තිබෙනවා

මෙම ගුවන් මෙහෙයුම ඊශ්‍රයාලය විසින් හීබෲ බසින් “Am Kelavi” මෙහෙයුම ලෙස හදුන්වා දී ඇති අතර එහි තේරැම “Rising Lion” නොහොත් “සිංහයා අවදිවීම” ලෙස හදුන්වාදී
තිබෙනවා

ඉරානයේ ඉස්ෆාන් ප්‍රදේශයේ පිහිටුවා ඇති ප්‍රධාන න්‍යෂ්ටික අමුද්‍රවය වන “යුරේනියම් නිස්සාරණ” මධ්‍යස්ථාන ලෙස සැපකෙන “Khondab” සහ “Khorramabad” යන ස්තානයන්ද මෙම ගුවන් ප්‍රහාර මාලාවේ ඉලක්ක වී ඇති අතර එම මධ්‍යස්ථාන ද විනාශ කල බව ඊශ්‍රායලය මේ වනවිට ජාත්‍යාන්තර මාධ්‍ය වෙත තොරතුරැ සහ ගුවන් ජායාරෑප ලබාදෙමින් වාර්තා කර තිබෙනවා.
මෙම ප්‍රහාර මාලාව නොනවතින රැල්ලක් ලෙස තම ආත්ම ආරක්ෂාව සදහා ඉරානයේ න්‍යෂ්ටික වැඩ සටහන සම්පූර්ණයෙන් විනාශ කරන තුරැ පවත්වාගෙන යනු ලබන බවට ඊශ්‍රායලය ප්‍රකාශ කරන අතර මෙම ප්‍රහාරයට සම්බන්ධ ඊශ්‍රායලයට මෙන්ම ඇමරිකා එක්සත් ජනපදයටද මතක හිටින පාඩමක් උගන්වන බවට ඉරානයද ප්‍රකාශකර තිබෙනවා

මෙම ගුවන් ප්‍රහාර මාලාව වැලැක්වීමට හෝ ප්‍රතිප්‍රහාර දැක්වීමට ඉරානය අසමත්වීම සම්බන්ධව යුධ විශේෂඥයන් මවිතය පලකරන අතර මෙම තත්වය ඉරානයේ යුධ ශක්තිය මෙන්ම ගුවන් ප්‍රහාර වැලැක්වීමේ (Air defense system)ක්‍රමවේදයේ ප්‍රභල බිදවැටීමක් ලෙසයි සැලකෙන්නේ

මෙම ගුවන් ප්‍රහාර මාලාව හේතුවෙන් ඝාතනය වුන ප්‍රධාන න්‍යෂ්ටික විද්‍යාඥයන් මෙන්ම ප්‍රධාන හමුදා නායකයන් නැවතී සිටින ස්ථානයන් සම්බන්ධව ඉතා නිරවද්‍ය තොරතුරැ ලබාගැනීමත් ප්‍රහාරයන් නිවැරදි ඉලක්කයන්ට යොමුකිරීමත් ඊශ්‍රායෙල් “මොෂාඩ්” ඔත්තු සේවාව සහ ගුවන් මෙහෙයුම් බලකාය විසින් එක්ව සිදුකරනු ලැබූ විශිෂ්ඨ යුධ මෙහෙයුමක් ලෙසයි සැලකෙන්නේ..
❣️❣️❤️🇮🇱🇮🇱💞🇱🇰🇱🇰

හින්දු කෝවිලක් බෞද්ධ පුරාවිද්‍යා උරුමයක් බවට පත් කරමින් ඉන්දීය මහාධිකරණයක් ලබාදුන් ඓතිහාසික තීන්දුව...🥰  තලවෙට්ටෙයි මුනි...
31/05/2025

හින්දු කෝවිලක් බෞද්ධ පුරාවිද්‍යා උරුමයක් බවට පත් කරමින් ඉන්දීය මහාධිකරණයක් ලබාදුන් ඓතිහාසික තීන්දුව...🥰
තලවෙට්ටෙයි මුනියප්පම් තමිල්නාඩු ප්‍රාන්තයේ හින්දු කෝවිලක් ලෙස පවත්වාගෙන ගිය ස්ථානයකි. නමුත් එහි ප්‍රථිමාව සහ නටඹුන් බෞද්ධ විහාරස්ථානයක බව සඳහන් කරමින් පී. රන්ගනාථන් මහතා මදුරාසි මහාධිකරණයේ නඩුවක් ගොනු කර ඇත. ඒ 2011 වර්ෂයේ දී ය.
නඩුව ක්‍රමයෙන් විභග වෙමින් පවතිද්දී 2017 වසරේ දී තමිල්නාඩු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නියෝගයක් කල අධිකරණය එහි පුරාවිද්‍යාත්මක වටිනාකම නිර්ණය කරන්නට නියෝග කළේ ය. එහිදී කල පුරාවිද්‍යාත්මක පර්යේෂණයෙන් එහි වූ ප්‍රථිමාව අර්ධ පද්මාසනයෙන්, හා ධ්‍යාන මුද්‍රාවෙන් යුත් බුද්ධ ප්‍රතිමාවක් බව තහවුරු වී ඇත.
දීර්ඝ ලෙස කරුණු සලකා බැලූ අධිකරණ පසුගියදා ඓතිහාසික නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් එය බුද්ධ ප්‍රතිමාවක් බව තහවුරු කලේ ය. එසේම එම ස්ථානයේ තුල සත්ව බිලි පූජා වැනි යාගහෝම තහනම් කල අධිකරණය එය බුද්ධ ප්‍රථිමාවක් බව සඳහන් පුවරුවක් ප්‍රදර්ශනය කිරීමටද නියෝග කළේ ය...
ලාංකික බෞද්ධ පුරාවස්තු රැසකද අනන්‍යතාව අහිමිව යමින් තිබෙන යුගයක භාරතය ලබාදුන් මේ ඓතිහාසික තීන්දුව මෙරටටද ආදර්ශයක් වෙතැයි සිතමු. 😍🥰😍
© කෝකිල ගිහාන් විතානතන්තී‍්‍ර

මේ රටේ තවත් ලස්සන අය හිටියා. ඉන්නවා. උගත් ගැහැණු ඉන්නවා. ඒත් ඇයි අපට අනුදිව මෙච්චර දැනෙන්නේ?ඒ ලස්සන නිසාම නෙවෙයි. උගත් න...
31/05/2025

මේ රටේ තවත් ලස්සන අය හිටියා. ඉන්නවා.
උගත් ගැහැණු ඉන්නවා. ඒත් ඇයි අපට අනුදිව මෙච්චර දැනෙන්නේ?
ඒ ලස්සන නිසාම නෙවෙයි. උගත් නිසාම නෙවෙයි. "ඇය ඇත්තටම නියෝජනය කරන්නෙ අපිව නිසයි."
අපේ වැදගත්කම,
අපේ ශ්‍රී ලාංකීය බව,
අපේ නිහතමානිකම,
අපේ එඩිතරබව,
පොළොවේ පය ගහලා ඉන්නකම,
තව මොනවද? ඔබත් එකතු කරන්න...... 😍😍🥰😘

2025 Miss World කිරුල තායිලන්තයට ❤️ එයාට අවුරුදු 21යි,Congratulations Opal Suchata 😍❤️මුළු ලෝක රූ රැජිණ තරගාවලියට ම සහභා...
31/05/2025

2025 Miss World කිරුල තායිලන්තයට ❤️ එයාට අවුරුදු 21යි,
Congratulations Opal Suchata 😍❤️
මුළු ලෝක රූ රැජිණ තරගාවලියට ම සහභාගි වුණේ බෞද්ධ තරගකාරියන් දෙන්නයි. එක්කෙනෙක් අපේ අනුදි, අනිත් එක්කෙනා තායිලන්තයේ ඔපල් සුචතා චුංශ්‍රී.
ඉතින් අපිට සතුටු වෙන්න පුළුවන් අද දින්නේ තවත් අපි වගේම බෞද්ධ රටක( තායිලන්තයේ )බෞද්ධ කෙල්ලෙක්😍🥰👰‍♀️👑👑💍💍

Congratulations Thailand. Buddhist country . buddhist Girl. 💜👏🇱🇰💓🇮🇱👑❤💐
31/05/2025

Congratulations Thailand. Buddhist country . buddhist Girl. 💜👏🇱🇰💓🇮🇱👑❤💐

අති විශාල හදවතක් හිමි ජිවිතේ ඇරියස් නැති මිනිස්සු 😘මම චන්ද්‍රිකා උනා නම් මට මෙච්චර ග්‍රේට් වෙන්ඩ බෑ.. මාලනි මැරුනමත් විජ...
25/05/2025

අති විශාල හදවතක් හිමි ජිවිතේ ඇරියස් නැති මිනිස්සු 😘

මම චන්ද්‍රිකා උනා නම් මට මෙච්චර ග්‍රේට් වෙන්ඩ බෑ.. මාලනි මැරුනමත් විජය මරුනමත් චන්ද්‍රිකා තවම ජිවතුන් අතර.. ඇයට තියෙන්නෙ ශක්තිමත් අභිමානවත් පෞරුෂයක් වෙන්ඩ ඇති . නමුත් end of the day චන්ද්‍රිකාත් තවත් එක බිරිඳක්.. මට මතකයි එක්තරා සාකච්චාවකදි චන්ද්‍රිකාගෙන් නිවේදකයා සෑහෙන ට්‍රයි එකක් දුන්නා විජය මාලනිගෙ ආදර කතාව ගැන ඇගේ අදහස දැනගන්න..

ඇය කෙලින්ම කිව්වා

" මගෙන් ඔය ආදර කතා ගැන නම් අහන්ඩ ලෑස්ති වෙන්ඩ එපා මට ඕවා මතකත් නෑ දැන් මට ඊට වඩා කරන්න වැඩ තිබ්බා " කියලා

විජය මාලිනිගෙ ආදර කතාව ගැන මාලනීගෙන් අහනකොට ඇය උත්තර දුන්නෙත්

" මට තේරුනා ඒක නෙමේ ජිවිතය කියලා .. මගෙ ජිවිතය මෙතනින් මිදිය යුතු බව සහ මට තවත් මගෙ ජිවිතය තුල කරන්නට වැඩ ඇති බව"

මට නම් මාලනි තරමටම චන්ද්‍රිකාත් වින්දිතයෙක්.. අගතියට පත් වුන පාර්ශවයක්.. සමහර වෙලාවට දැනෙනවා මාලනිටත් වඩා අගතියට පත් වුනේ චන්ද්‍රිකා කියලාත්..

නමුත් ඇය මැසිවිලි නැගුවෙ නෑ.

විජය යනකොටත් දරු දෙන්නෙක් තුරුල් කරන් බලන් හිටියා
අද මාලනි යනකොටත් ඇය තාමත් අනේ ඉන්නවා..

මිනිස්සු ඉපදෙයි.. මැරෙයි.. ඒ මිනිස්සු ගැන පුරාවෘත විතරක් ඉතුරු වෙයි.. ඒ පුරාවෘත නිසා ජිවිත කාලේ පුරා විඳවපු ජිවත් වෙන මිනිස්සු මැරෙනකම්ම ඒ බර හුස්මක් පිට නොකරම මුවින් නොබැනම හදවතින් ඒ බර දරාගනීවී..

හැම එකටම හෑලි ලියනවා නෙමෙයි මේ..මේක නොලියම බැරි හෑල්ලක්.. ඒ නිසා ලිව්වා!!

චන්ද්‍රිකාට පිටුපසින් බැක්ග්‍රවුන්ඩ් එක බලන්න

ආදරයේ ඔබ ඔබමයි
ඔබ මා නොව
මා ඔබ නොව
හදුනාගත්තොත් ඔබ මා...

මේක ලස්සන කැප්චර් එකක්!

කටපුරා මැඩම් කිව හැකි මේ උත්තුංග ස්ත්‍රීයට දිර්ඝායු වේවා! ❤️🙏

🔴අවසානය කෙසේ වූවත්නුඹ හමුවීමත් ප්‍රේමයක්..💞😘
23/05/2025

🔴අවසානය කෙසේ වූවත්
නුඹ හමුවීමත් ප්‍රේමයක්..💞😘

22/05/2025

ජාතික රූපවාහිනියේ සේවකයන් පිරිසක් සහ පරිපාලන අංශය අතර අද උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා.

ඒ අනුව එහි අධ්‍යක්ෂ ජෙනරාල් මනෝජ් නදීෂන අමරසිංහ සහ එහි පරිපාලන අංශය භාරව සිටි තනූජා ආරියරත්න යන අයව ජාතික රූපවාහිනියේ සේවකයින් විසින් හූ කියා පන්නා දමා ඇති බව වාර්තා වනවා.

ලිපියේ මුලින්ම පුද්ගලයා ගැන හැඳින්වීමක් දුනහොත් "මේ යකා නම්  යකෙක් කිව හැක" සිය පළමු වීර පදක්කම සතුරාගේ අත්පත් කරගත නොහැ...
22/05/2025

ලිපියේ මුලින්ම පුද්ගලයා ගැන හැඳින්වීමක් දුනහොත් "මේ යකා නම් යකෙක් කිව හැක"

සිය පළමු වීර පදක්කම සතුරාගේ අත්පත් කරගත නොහැකි වූ බංකරයක් ඉදිරියට RPG අවියක් සමග ගොස් එය විනාශ කොට ලබාගන්නා විට හේ තනි තරුවක් හා තවත් තරුවකි..

කොතනින් පටන්ගෙන කොතනින් අවසාන කරන්නදැයි සිතා ගත නොහැකි චරිතාපදානයක ඕනෑම ලේඛකයෙකු අතරමං වනු නොඅනුමානය... මේ පහත චායාරූපයේ කිසිදු නිළයක් සිය උර බාහුවේ එල්ලා නොගෙන සාමාන්‍ය සෙබළෙකු සේ සිටිනා මිනිසා එවන් චරිතාපදානයකි.. හේ මේජර් ජනරාල් චාගී ගාල්ලගේ නම් වේ..

චාගි ගාල්ලගේ හමුවේ සතුරා අන්දමන්ද වූ අවස්ථා බොහෝ ඇත. ඒවා බොහෝ ප්‍රචලිත කරුණු හේතුවෙන් චාගි ගාල්ලගේ නිසා හමුදාව අන්දමන්ද වූ අවස්ථා කිහිපයක් මෙසේ මා රචනා කරමි..

වරක් නැගෙනහිර ඉතා බලවත් හමුදා තනතුරක් හොබවමින් තිබියදී චාගි ගාල්ලගේ සිටියේ තමන්ගේ කදවුරේ නිළ නිවස්නයේ නොව ඉදිරි ආරක්ෂක වලල්ලේ බංකරයකය.. මොහොතක විරාමයක් ගන්නට සෙසු සෙබලුන්ට පවසා චාගි ගාල්ලගේ දැන් නිදිය.. වටින් පිටින් මදුරුවන් තලනවිට ඔහුගේ දුරකථනය බිම වැටී දුරකථන ඇමතුමක් යන්නේ ජනරාල් සරත් ෆොන්සේකාටය..ජෙනරාල් සරත් ෆොන්සේකා දුරකථන ඇමතුම ලබාගත් නමුත් චාගි ගාල්ලගේ කතා කළා නම් නොවේ.ඒ වෙනුවට ඇසුනේ මෝටර් සහ කාලතුවක්කු හඬයි.වහා කලබල වූ ජනරාල් සරත් ෆොන්සේකා චාගි ගාල්ලගේ කොහේදැයි සොයන විට හේ ඉදිරි ආරක්ෂක වලල්ලේ මදුරුවන් තල තලා අඩ නින්දේය..

තවත් වතාවක් නැගෙනහිර ප්‍රධානී තනතුරක් හොබ වන්නේ කර්නල් සරත් ෆොන්සේකා මහතාය. චාගි ගාල්ලගේ ඉදිරි ආරක්ශක වලල්ලේ සටන් පෙරමුණේ සිටී. සතුරන්ගෙන් එල්ල වුනු මෝටර් ප්‍රහාරයක් නිසා ඔහු අසලම සිටි මේජර්වරු දෙදෙනෙකු මියගිය අතර චාගිගේ හිසට පමනක් කුඩා තුවාලයක් විය. ලේ ගලමින් සිටියදී සරත් ෆොන්සේකා පණිවිඩ හුවමාරු යන්ත්‍රය මගින් " මම කිව්වනේ.. දකුණෙන් යනවා වමෙන් යනවා.. දකුණට ගහනවා අයිසේ.. ආර්ටිලරි ඉල්ලගන්නවා යනුවෙන් ගුගුරා අණ විධානය කලේය.. චාගි රිසීවරය කට අසලට ගෙන.. " සර් මෙතන නෑනේ මෙතන ඉන්නේ මං . මට තමයි ගහන පැත්ත මුලින්ම පේන්නේ" යනුවෙන් පවසා කූගර් පණිවිඩ හුවමාර යන්ත්‍රය පසෙක තැබීය.. චාගි ගාල්ලගේ ඉවරයි යනුවෙන් වටා සිටි අය පැවසූවද සිය පහත නිලයේ දක්ෂතා මැනවින් හඳුනා ගත් ෆොන්සේකා පසුදා උදාවන විට කිසිවක් නොකොට නිහඩව සිටියේය..

යාපනය මුදා ගැනීමේ සටනේදී ඉහළම හමුදා නිලයන් වෙත ලැබුණු bel හෙලිකොප්ටරයේ එක් අසුනක් හිස්ව තිබිණ..ඒ සඳහා කවරෙකුද රැගෙන යන්නේ යනුවෙන් ෆොන්සේකාගෙන් ඇතැමෙක් ඇසූ විට "වෙන මොකෙක් ගෙනියන්නද අන්න අර චාගිට ඉක්මනට ඇවිල්ලා නගින්න කියනවා" යනුවෙන් පවසා චාගි ගාල්ලගේ සමඟින් අහසට නැගීය..

චාගි ගාල්ලගේ ඉතිහාස ගතවන්නේ මෙරට පාසල් දරුවෙකු උවත් වීරත්වය දන්නා 53.54.55.56.57.58.59 සේනාංක සියල්ලටම අණ දුන් මෙරට සිටි එකම මේජර් ජනරාල් වරයා නිසාවෙනි.. නමුත් කිසිම දිනක මේජර් ජනරාල් චාගි ගාල්ලගේ ස්තීර අණ දෙන නිළධාරියෙකු නොවීය.. සේනාංකාධිපතිවරුන් නිවාඩු ගිය විට චාගි පත් වූයේ වැඩබලන සේනාංකාධිපති තනතුරටය.. එම නිසා යුද හමුදාව සතු සියලු සේනාංකවල හැසිරීම් දක්ෂතා සහ බුද්ධීන් චාගි ගාල්ලගේ මනාව අධ්‍යයනය කොට තිබින.. ඇතැම් සේනාංකාධිපතිවරුන් තමන්ගේ සේනාංකය ත්‍රස්තවාදින්ට ප්‍රහාර එල්ල කොට කිලෝමීටර් දායක් දොළහක් අත්පත් කොටගෙන ඇති බව දන්නේ ගෙදර නිවාඩු පිට රූපවාහිනිය බලාගෙන සිටිනා විටය.. චාගි ගාල්ලගේ යනු යකෙක් වන්නේ එබැවිනි..

නමුත් 59 වන සේනාංකයේ සේනාංකාධිපති තනතුරට වරෙක චාගි ගාල්ලගේ පත් විය.. අවාසනාවට ඔහුට හෘදයාබාධ රෝගයක් වැළඳී හෙලිකොප්ටරයෙන් අනුරාධපුරය බලා ගෙනෙන්නට කටයුතු යෙදින. හෙලිකොප්ටරය අනුරාධපුරයට ලං වනවිට අනුරාධපුර ගුවන් හමුදා කදවුරට වටකොට කොටි ත්‍රස්තවාදීන් පහර දෙමින් තිබෙනු දුටු ගුවන් නියමුවන්ට දෙලොව රත් වීය.. වහා හෙලිකොප්ටරය ආපසු හරවාගෙන යාමට කටයුතු කලත් ත්‍රස්තවාදීන් ආපසු එනමග රැකසිට හෙලිකොප්‍ටරයට ප්‍රහාරයක් එල්ල කෙරීය.. දක්ෂ ගුවන් නියමුවන් ඉතා අපහසුවෙන් චාගි ගාල්ලගේ සමග හෙලිකොප්ටරය ආරක්ෂක ස්ථානයකට ගොඩ බෑහැ.. දැවැන්ත ගුවන් නාශක උන්ඩ වලින් චොපරයට හානි වී ඇත.. එසේම මේජර් ජනරාල් චාගි ගාල්ලගේ "ජීවිතය යනු මෙහෙම අත හරින එකෙක් නොවන බැව්" පසක් කරමින් ඊලග හෙලිකොප්ටරය එන තෙක් දිවි අල්ලාගෙන සිටියේය.
ඉන්පසු පුහුණු අධ්‍යක්ෂක තනතුරට පත්කෙරුවද පුහුණු අධ්‍යක්ෂක පුටුව හැමදාම හිස් ය.. චාගි ගාල්ලගේ වන්නි කැළයේය..

2009 මැයි 18 වනදා 4 වන විජයබාහු පාබල රෙජිමේන්තුව මගින් වේලුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය කළෝය.. එම පුවත මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විසින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට දැනුම් දුන් පසු " ප්‍රසිඩන්ට් කිව්වා කරුණා එනකම් ප්‍රභාව ඔතනින් ඔහොමම තියාගන්න කියලා" පරිස්සම් කරලා තියාගන්නවා යනුවෙන් කෝපයෙන් දුරකථනය විසන්ධි කොට තිබිණි. යුද හමුදාවේ අණ යන්නේ ගඟ ගළන ආකාරයටය.. එම අණ කමල් ගුණරත්න විසින් ඊළඟට ලබා දුන්නේ මේජර් ජනරාල් චාගි ගාල්ලගේටය..

ඉන්පසු කමල් ගුණරත්න සථානයෙන් කෙටි වේලාවකට බැහැර විය.. තව මෙතන මේ යකාව තියාගත්තොත් කොල්ලො මුගේ මස් ටික ඉරලා කනවා.. මෙන්න මේ යකාව උස්සල දාගන්නවා අයිසේ ජිප් එකට යනුවෙන් චාගි ගාල්ලගේ කර්නල් වික්‍රමසිංහට පැවසීය.. එයින් පසු ප්‍රභාකරන්ගේ සිරුර ජිප් රථයට පටවාගත් චාගි ගාල්ලගේ සිය පෞද්ගලික ආරක්ෂකයන් සමග සාක්ෂියට ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකුද සමග ප්‍රභාකරන්ගේ සිරුර රැගෙන පලා යනු දුටු සෙසු නිලධාරීන් ඔහු පසුපස හඹා එන්නට විය.. ජිප් රිය පෑගිය හැකි උපරිම වේගයෙන් වන රොදට පැන කෙටි වේලාවකින් අතුරුදන් විය.. දැන් මල හත්තිලව්වකි.. චාගි ගාල්ලගේද නැත.. ප්‍රභාකරන්ද නැත.. කමල් ගුණරත්නද නැත. සෙසු නිළධාරීන්ට හික් ගෑවී ඇත..

වනය ඇතුළටම ජිප් රිය සමග ගමන් කළ මේජර් ජනරාල් චාගි දින කිහිපයකට පෙර අතහැර දමන ලද හමුදා කඳවුරකට ජිප් රිය ඇතුල් කලේය. ඉන්පසු බිම තිබූ පරන සරම් කැබැල්ලක් ගෙන සැරයන් වරයෙකු අමතා "මූට මොන ඇදුම්ද මෙන්න මුගේ ඇඳුම ගලවලා ගහපිය මූට අමුඩයක් යනුවෙන් " අණ ලබා දුනි.. සැරයන්වරයා ප්‍රභාකරන්ගේ ඇඳුම් ගලවා අමුඩයක් ගැසීය..

ඉන්පසු කලපුවට හෙලිකොප්ටරයෙන් කරුණා කරුණාඅම්මාන් ඈත එන බව දැනගත් චාගි ගාල්ලගේ ප්‍රභාකරන්ගේ සිරුර සමග සැනින් කලපුවට ජිප් රියෙන් කඩා පැන්නේය..

කරුණා එනවිට ප්‍රභාකරන් අමුඩෙන් ය..කමල් ගුණරත්න චාගි අමතා "මොකක්ද මේ කලේ මීඩියා ඔක්කොම මෙතන ඉන්නවා, ජනරල් තමුසෙව කයි ඕයි" යනුවෙන් පවසා තිබිණ.

චාගි සිනහවී.. "ජෙනරල් තමයි මටත් කීවේ" යනුවෙන් සිනහ වී තිබිණ...

මේජර් ජනරල් චාගි ගාල්ලගේ සර් යනු එවන් මිනිසෙකි.. දැයේ අවාසනාවට මංගල සමරවීර නැමැති දේශපාලන කල්ලතෝනියා ඇති කල ගැටලුවකින් පසුකලෙක මේ වීරෝධාර සෙන්පතියා එක රැයින් කොළඹට ගෙන්වීය.. ජාත්‍යන්තර යුධ අපරාධ ගොනුවිය. පසුකලෙක අනිවාර්‍යය විශ්‍රාම යැවීය ..

නමුත් චාගී ගාල්ලගේට නැතිවූ දෙයක් නැත.. යුධ බිමේ සේවය කල සෑම සෙබළෙකුටම නිළධාරියෙකුටම චාගි ගාල්ලගේ තවමත් මේජර් ජෙනරාල් චාගී ගාල්ලගේමය.. ,ඔබට දැනෙන මේ නිදහස් හුස්ම මෙවන් වීර සෙන්පතියන්ගේ නිහඬ කැපකිරීම් ය ..

මේ උත්තමාචාරය ඒ විසල් රණ හදවතටය

සටහන් චරිත් ජනප්‍රිය ගෙනි..
( L/Cpl පරණවිතාන CJ
9.19.25 (Rft) VIR )

Copied.

゚viralシfypシ゚viralシalシ

Address

Nuwara Eliya

Website

Alerts

Be the first to know and let us send you an email when Yasantha Bandula-Page posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share