Bahu jana hitha tv

Bahu jana hitha tv බොහෝ ජනයාට යහපත පිණිස �

19/09/2026

මිහිපිට දෙව් ලොව 🥰🙏

19/09/2026

මේවා සහතික ඇත්ත
Maheshi Jayawickrama
Priyantha Karunathilaka

16/09/2026

මේ ලෝකෙ හැමෝටම මුණ ගැහෙන්න ඕන හිතේ සතුට ඇති කරන හරිම ආදරණීය ආත්ම 🥰🙏

15/09/2026

කලෙකිනි බුදු කෙනෙකුන් උපදින්නෙ 🥹🙏

15/09/2026

මේ පංසලටනම් ලංකාවෙ ගොඩක් අය ගිහින් නෑ මම හිතන්නෙ 🥹🙏

වෛද්‍ය හෂිනි රංගිකා ඈපා ආරච්චි සොයුරියට උණුසුම් සුබපැතුම්!🖤වෛද්‍ය පුහුණු (Internship) පත්වීම් සඳහා වූ සමස්ත ලංකා Merit L...
11/09/2026

වෛද්‍ය හෂිනි රංගිකා ඈපා ආරච්චි සොයුරියට උණුසුම් සුබපැතුම්!🖤

වෛද්‍ය පුහුණු (Internship) පත්වීම් සඳහා වූ සමස්ත ලංකා Merit List එකේ පළමු ස්ථානය (Island 1st)

අවසන් MBBS විභාගය ඇතුළු විෂය ධාරාවන් 5ටම ප්‍රථම පන්ති සාමාර්ථ්‍යයන් (First Classes)

MBBS උපාධිය වෙනුවෙන් පිරිනැමුණු රන් පදක්කම් 32න් රන් පදක්කම් 16ක්ම තමන් සතු කරගැනීම

විශිෂ්ටතම අධ්‍යයන කුසලතාව වෙනුවෙන් පිරිනමන ගෞරවනීය මහාචාර්ය තිලක් හෙට්ටිආරච්චි සම්මානය

11/09/2026

මේ පින් බිමට එක පාරක් හරි ගියපු අය ඉන්නවද 🙏🥹

සිනහ වෙලා ඉන්න කියලා දෙන මිනිස්සු…මේ ලෝකෙ රිදුණු, බිඳුණු, කඳුළු වලින් තෙමුණු හිතක් සනසන්න පුළුවන් ලස්සන මිනිස්සු ඉන්නවා....
10/09/2026

සිනහ වෙලා ඉන්න කියලා දෙන මිනිස්සු…

මේ ලෝකෙ රිදුණු, බිඳුණු, කඳුළු වලින් තෙමුණු හිතක් සනසන්න පුළුවන් ලස්සන මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු හරිම වෙනස්. හරිම මායාකාරයි. ඔවුන්ගේ හිතවල තියෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට තේරුම් ගන්න අමාරු තරම් ලස්සන ආදරයක්.

ඒ මිනිස්සු මිනිස්සුන්ට ආදරේ කරනවා. ආපස්සට කිසිම දෙයක් බලාපොරොත්තු නොවී. ප්‍රශංසාවක් නැතුවත්, ලාභයක් නැතුවත්, වාසියක් නැතුවත්. අම්මා කෙනෙක් තමන්ගේ දරුවා දිහා බලන ආදරයෙන්. තාත්තා කෙනෙක් තමන්ගේ දරුවා වෙනුවෙන් නිහඬව කැපවෙන ආදරයෙන්.

සමහරවිට ඔයාට තාම එහෙම මනුස්සයෙක් හමු වෙලා නැතුව ඇති. තවත් සමහරුන්ට එහෙම හදවතක් ජීවිතේ දවසක හමු වෙලා ඇති. ඒත් එක දෙයක් නම් ඇත්ත… ඒ මිනිස්සු බෙදන ආදරේ හරිම පුදුමාකාරයි.

අපි ෆිල්ම් වල දකින, කතා පොත්වල කියවන ඒ ලස්සන හිත් ඇත්ත ජීවිතේත් ඉන්නවා. කෙනෙක් වැටෙනකොට අත දෙන්න. කෙනෙක් අඬනකොට අහගෙන ඉන්න. කෙනෙක් හිනාව අමතක කරලා ඉන්නකොට ආයෙත් සිනහ වෙන්න මතක් කරලා දෙන්න. ඒ වගේ මිනිස්සු ඇත්තටම ඉන්නවා.

හැබැයි ඒ වගේ හිත් හඳුනාගන්නත් වාසනාවක් ඕන. සමහර හදවත් වලට ඒ ආදරේ දරාගන්න බැරි වෙනවා. ඒ සැලකිල්ල, ඒ රැකබලා ගැනීම, ඒ සොයා බැලීම්, ඒ කැපකිරීම් තේරුම් ගන්න බැරි වෙනවා. මොකද ඒවාට හුරු නැති හිතකට ඒ තරම් නිර්මල ආදරයක් විශ්වාස කරන්නත් අමාරුයි.

ඒත් පුදුම දේ තමයි… ඔවුන්ගේ ආදරේ වෙනස් වෙන්නේ නැහැ. නොසලකා හැරියත්, වැරදි තේරුම් ගත්තත්, අගය නොකළත්… ඒ ලස්සන මිනිස්සුන්ගේ හදවතේ ආදරේ එහෙම්මමයි. ඔවුන් තවමත් යහපතම පතනවා. තවමත් සිනහවක් බෙදනවා. තවමත් කෙනෙක්ගේ දවස ලස්සන කරන්න උත්සාහ කරනවා.

ඒක හරිම පුදුමයි.

ඇත්තටම ප්‍රාර්ථනා ඉෂ්ට වෙනවා නම්, මම ප්‍රාර්ථනා කරන්නේ මේ ලෝකේ හැමෝටම හමු වෙන්න ඕන ඒ වගේ මිනිස්සු. තමන්ගේ දුක අමතක කරලා අනුන්ගේ හිනාව වෙනුවෙන් ජීවත් වෙන මිනිස්සු. අඳුරු දවසක ආලෝකයක් වෙලා එන මිනිස්සු. “කමක් නෑ… හිනාවෙලා ඉන්න” කියලා හිතට හයියක් දෙන මිනිස්සු.

මොකද සතුට කියන්නේ හැමෝටම ලැබෙන දෙයක් නෙවෙයි. ඒත් සතුට බෝ කරන මිනිස්සු නම් මේ ලෝකේ ඉන්නවා.

ඒ වගේ මිනිස්සු හමුවෙන එක ජීවිතේ ලැබෙන ලස්සනම වාසනාවක්. ❤️🌸

“ජීවිතේකට හමු වෙන්න ඕනෙ, සිනහ වෙලා ඉන්න කියලා දෙන මිනිස්සු…” ✨💛

(කරුණාකර කතෘ අයිතිය සුරකින්න)

✍ චතුරංගි ජයවික්‍රම

10/09/2026

සත්‍ය වාදී වූ බුදු සමිඳුන් හට මාගේ නමස්කාරය වේවා 🥰🙏

Address

Nuwaraeliya
Nuwaraeliya

Alerts

Be the first to know and let us send you an email when Bahu jana hitha tv posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bahu jana hitha tv:

Shortcuts

Share

Category