Bahu jana hitha tv

Bahu jana hitha tv බොහෝ ජනයාට යහපත පිණිස �

ඉන්දියාවේ සිදුවූ ගුවන් අනතුරේදී ගුවන් යානය කඩා වැටුණු මේඝානි නගර් හි බීජේ වෛද්‍ය විද්‍යාලයේ නේවාසිකාගාරයේ ඇතිවූ ගින්න නි...
12/06/2025

ඉන්දියාවේ සිදුවූ ගුවන් අනතුරේදී ගුවන් යානය කඩා වැටුණු මේඝානි නගර් හි බීජේ වෛද්‍ය විද්‍යාලයේ නේවාසිකාගාරයේ ඇතිවූ ගින්න නිවීමෙන් අනතුරුව දිස්වූ අයුරුයි මේ.

එහි අධ්‍යාපනය ලැබූ MBBS සිසුන් බොහෝ දෙනෙකුට ජීවිත අහිමි වී තිබෙන බවටත් වාර්තා වනවා

“මරණසතිය වැඩීමෙහි අනුසස්”

පින්වතුනේ, පින්වත් දරුවනේ, කෙනෙකුන් තුළ නුවණ වැඩෙන්නේ තමන්වත් නොදැනමයි. ධර්මය පුරුදු කිරීමේ වාසිය ඒකයි. අදට වුණත් ටික ටික නමුත් මරණසතිය වැනි භාවනාවක් පුරුදු කළොත් කලක් යනකොට ඒ නිසා ඇතිවෙන යහපත තේරුම් ගන්න පුළුවන්. දැන් ඔබ කියවන්නේ එබඳු කථාවක්.

ඒ කාලෙ භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ අලව් නුවර අග්ගාලව නම් චෛත්‍ය ස්ථානයේ. දිනක් අලව් නුවර මිනිස්සු භාග්‍යවතුන් වහන්සේ එහි වැඩම කළ වේලෙහි දානයක් පූජා කළා.
එදා උන්වහන්සේ භුක්තානුමෝදනා බණ හැටියට වදාළේ මරණානුස්සතිය වැඩීම ගැනයි. උන්වහන්සේ මෙහෙම වදාළා.

“ගෘහපතිවරුනි, මේ අයුරින් මරණය ගැන සිහිකරන්න. මාගේ ජීවිතය අස්ථිර දෙයකි. එහෙත් මරණය ස්ථීර දෙයකි. අනිවාර්යයෙන්ම මම මරණයට යටත් විය යුතු වෙමි. මාගේ ජීවිතය මරණයෙන් අවසන් වේ. ජීවිතය අනියතයි. මරණය නියතයි.

ගෘහපතිවරුනි, මරණසතිය වැඩිය යුත්තේ ඔය විදිහටයි. ගෘහපතිවරුනි, මරණය ගැන සිහි නොකළ උදවිය ඉන්නවා. ඔවුන් මරණයට මුහුණ දෙන්නේ භයානක විෂඝෝර සර්පයෙකු දැකපු කෙනෙක් වගෙයි. ඔහුගේ අතේ දඬු මුගුරක් නෑ. ඔහු භීතියට පත්වෙනවා. බිරාන්ත වෙනවා. කෑගහනවා. ඒ විදිහටමයි මරණසතිය නොවැඩූ කෙනා මරණය ඉදිරියේ හැසිරෙන්නේ.

නමුත් හොඳට මරණසතිය වැඩුවොත් ඈතදීම භයානක සර්පයාව දණ්ඩෙන් රැගෙන ඈතට වීසි කරනවා වගේ මරණය අභියස කිසි බියක් තැති ගැනීමක් නැතිව මුහුණ දෙනවා. ඒ නිසා මරණසතිය වැඩිය යුතුයි.”

භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ උතුම් අනුශාසනයට හැමෝම ආදරයෙන් සවන් දුන්නා. නමුත් බණ අහලා ඔවුන් සාමාන්‍ය විදිහට වැඩකටයුතුවල යෙදුණා. භාග්‍යවතුන් වහන්සේත් පිළිවෙලින් චාරිකාවේ වඩින්න පිටත් වුණා.

එදා දහසය හැවිරිදි පේසකාර දියණියක් ඒ බණ අහන්න ඇවිත් හිටියා. ඇය රෙදි වියන පවුලක සිටිය තරුණ දුවක්. ඈ මෙහෙම හිතුවා.

‘ඇත්තෙන්ම බුදුරජාණන් වහන්සේගේ වචනය නම් හරිම අසිරිමත්. එහෙමනම් මරණසතිය වැඩීම මාත් කරන්න ඕන.’

ඉතින් එහෙම හිතලා එම යොවුන් දියණිය දිනපතා නොකඩවාම මරණය මෙනෙහි කළා. දිවා රාත්‍රී මෙනෙහි කළා. දැන් ඈ තුන් අවුරුද්දක් තිස්සේ මරණසතිය වඩනවා.

දිනක් භාග්‍යවතුන් වහන්සේ හිමිදිරි උදෑසන ලෝකය දෙස බැලුවා. මේ තරුණ දියණිය මරණසතිය වැඩීම නිසා ප්‍රඥාව ද දියුණු වී ඇති බව පෙනුණා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ යළිත් චාරිකාව පිණිස සංඝයා පිරිවරා වඩිද්දී අලව් නුවර අග්ගාලව චෛත්‍යස්ථානයටත් වැඩියා. බුදුරජාණන් වහන්සේගේ වැඩමවීම අසා වඩාත්ම සතුටු වුණේ අර දියණියයි. ඇයත් බණ අහන්න යන්න හරි ආසාවෙන් ඉන්නේ. එතකොට පියා මෙහෙම කිව්වා.

“දුවේ… වෙන කෙනෙකුගේ සළුවක් වියන්ට පටන් අරගෙනයි තියෙන්නේ. තව වියතක් පමණ ඉතිරි වෙලත් තියෙනවා. අද කොහොමහරි ඉවර කරන්න ඕන. ඉක්මනින්ම ගිහින් නූල් ටික ඔතාගෙන එන්න.”

එතකොට ඈ කල්පනා කළා. ‘අනේ…. මං බණ අහන්න යන්න ආසාවෙන් හිටියේ. එහෙත් පියාණන් මට නූල් ඔතන්න කියනවා. මං දැන් මොකද කරන්නේ? කමක් නෑ දැන් නූල් ඔතනවා. පස්සෙ බණ අහන්න යනවා’ කියලා ඈ නූල් ඔතන්න පටන් ගත්තා.

එදා භාග්‍යවතුන් වහන්සේ දන් වළඳා අවසානයේ අනුමෝදනා බණ දේශනා කරන්න සූදානම් වුණා. උන්වහන්සේ වැඩම කළේ අර දියණිය වෙනුවෙන්මයි. නමුත් ඈ තාම බණ අහන්ට ඇවිත් නෑ.
පේසකාර දියණියත් ඉක්මනින්ම නූල් ඔතා එන ගමන් ධර්ම දේශනාව අසනු කැමැත්තෙන් පිරිස කෙළවරේ වාඩිවුණා. බුදුරජාණන් වහන්සේ ඈ දෙස හොඳින් බැලුවා. එතකොට ඈ නූල් පන්දුව ඇති පැස පසෙකින් තැබුවා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. මෙතෙක් වේලා නිහඬව වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ ඇය අමතා වදාළා.

“කුමාරිකාවෙනි, කොහේ ඉඳලද එන්නේ?”

“ස්වාමීනී, ඒ ගැන මං දන්නෙ නෑ.”

“කොහේද යන්නේ?”

“ස්වාමීනී, ඒ ගැනත් මං දන්නෙ නෑ.”

“දන්නෙම නැද්ද?”

“ස්වාමීනී, දන්නවා.”

“දන්නවා නේද?”

“ස්වාමීනී, දන්නෙ නෑ.”

භාග්‍යවතුන් වහන්සේ මේ ප්‍රශ්න හතර ඇසූ විට ඇය පිළිතුරු දුන්න ආකාරයට මහජනයා කිපුණා.

“හප්පේ…! මේං බලාපල්ලකො වැඩක්. මේ පේසකාර කෙල්ල සම්මා සම්බුදුරජුන් සමඟ හිතු හිතූ අයුරින් කතාබස් කොරන හැටි… කොහේ ඉඳන්ද ආවේ කියලා අසද්දි පේසකාර ගෙදර ඉඳලා ආව බව කියන්ට එපායැ. කොහෙද යන්නේ කියලා අසද්දි පේසකාර ශාලාවට යන බව කියන්නට එපායැ. මොනවද මේකි දොඩන්නේ…?”

“පින්වත්නි, කලබල වෙන්න එපා. ඇය මගේ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ අවබෝධයෙන්මයි. දැන් අපි ඒ ගැන ඇගෙන් අහමු.

කුමාරිකාවෙනි, කොහේ ඉඳලද ආවෙ කියා ඇසූ විට දන්නෙ නැහැ කිව්වෙ ඇයි?”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මං පේසකාර නිවසින් පැමිණි වග නුඹවහන්සේ දන්නා සේක. නුඹවහන්සේ ඇසුවේ කොයි ලෝකෙන් චුත වෙලා ඇවිදින් මේ මනුස්ස ලෝකයේ උපන්නාද කියලයි. ඒ ගැන නොදන්නා නිසයි දන්නෙ නෑ කිව්වේ.”

“සාදු! සාදු! කුමාරිකාවෙනි. මා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් අයුරු හරි අගෙයි. එතකොට කොහෙද යන්නේ කියා ඇසූ විට දන්නෙ නැහැ කිව්වේ ඇයි?”

“ස්වාමීනී, මං මේ නූල් අරගෙන පේසකාර ශාලාවට යන බව භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක. මෙයින් චුත වෙලා ආයෙ උපදින්නේ කොහේද කියලයි ඇහුවේ. ඒ ගැන මං දන්නෙ නැති නිසයි දන්නෙ නෑ කිව්වේ.”

ඒ වතාවෙත් භාග්‍යවතුන් වහන්සේ සාදුකාර දුන්නා.

“එහෙමනම් කුමාරිකාවෙනි, දන්නෙ නැද්ද කියලා ඇහුවාම දන්නවා කිව්වේ ඇයි?”

“ස්වාමීනී, මැරෙන්ට සිදුවෙන බව දන්නෙ නැද්ද කියලයි මගෙන් ඇහුවේ. මං මරණසතිය වඩමින් ඉන්නේ. ඒකාන්තයෙන්ම මරණයට පත්වෙන බව දන්නවා ස්වාමීනී. ඒ නිසයි මං දන්නවා කිව්වේ.”

තුන්වෙනි වතාවෙත් භාග්‍යවතුන් වහන්සේ සාදුකාර දුන්නා.

“එතකොට කුමාරිකාවෙනි දන්නවා නේද කියලා ඇහුවාම දන්නෙ නෑ කිව්වේ ඇයි?”

“ස්වාමීනී, මං මැරෙන බව දන්නවා. නමුත් රාත්‍රියක ද, දවාලකද, පාන්දරකද මං මැරෙන්නේ කියලා දන්නෙ නෑ. ඒ නිසයි ස්වාමීනී, මං දන්නෙ නෑ කිව්වේ.”

සිව්වෙනි වතාවටත් භාග්‍යවතුන් වහන්සේ සාදුකාර දුන්නා.

“ගෘහපතිවරුනි, දැන් බලන්න මා ඇසූ ප්‍රශ්නයට ඈ ඉතාම අගේට පිළිතුරු දුන්නා. මේ කිසිවක් නොදැන ඔබ කළේ නිකං කෑකොස්සං ගැසූ එක විතරයි. බොහෝ දෙනාට ප්‍රඥා ඇස නෑ. අන්ධකාරයේ ඉන්නේ. යමෙකුට ප්‍රඥා ඇස තියෙනවාද, ඒ අයට තමයි සත්‍යය පෙනෙන්නේ.”

මෙසේ වදාළ භාග්‍යවතුන් වහන්සේ ඉතා මිහිරි සරින් මෙම ගාථාව වදාළා.

අන්ධභූතෝ අයං ලෝකෝ – තනුකෙත්ථ විපස්සති
සකුන්තෝ ජාලමුත්තෝ’ව – අප්පෝ සග්ගාය ගච්ඡති

මේ ලෝකයේ බොහො දෙන – නුවණැසින් තොර අන්ධයන් ලෙස
සැබෑ තතු නොදැනයි වසන්නේ – ටික දෙනයි විදසුන් වඩන්නේ
දැලෙන් ගැලවී ඉගිලිලා යන – කුරුල්ලන් සේ ටිකදෙනයි
මෙයින් මතු සුගතියට යන්නේ

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඒ දේශනාව අවසානයේ අර දියණිය සෝවාන් ඵලයට පත්වුණා. ඇය ඉතාම සතුටට පත්වුණා. හනික නූල් රැගෙන පියා ළඟට ගියා. ඇගේ පියාට නූල් කටින යන්ත්‍රය ළඟ වාඩිවී සිටියදී ම නින්ද ගිහින් තිබුණේ. ඇයත් ඒ ගැන නොසිතා නූල් පන්දුව ළං කළා. එතකොට නූල් පන්දුවේ කෙළවර ඈට ඇනුනා. ඈ කෑ ගසමින් වැටුණා. කලබලෙන් අවදි වූ පියා කලින් ගත්තු විදිහටම නූල් පන්දුව ඇද්දා. ලීයේ කෙළවර ගිහින් ඇගේ පපුවේ වැදුණා. ඇය එතනම මිය ගියා. තුසිත දෙව්ලොව උපන්නා.

ඇගේ පියාට මෙය දරාගත නොහැකි ශෝකයක් වුණා. තමාගේ අතින් දියණිය මියගිය බව කිය කියා හඬා වැටුණා. ඔහු බුදුරජාණන් වහන්සේ සොයාගෙන ගියා. තමන්ගේ ශෝකය නිවාදෙන්න කියා ඉල්ලා සිටියා. ඔහු බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා. සුළු කලෙකින් අරහත්වයට පත්වුණා.

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඒ යුගයේ උපන්න අය හරි පින්වන්තයි. ප්‍රශ්න වලට මුහුණ දුන්නා. නොයෙක් කරදර කම්කටොළුවලටත් මුහුණ දුන්නා. අනපේක්ෂිත දුක් විපත් වලටත් මුහුණ දුන්නා. හැබැයි ඒ ආත්මෙන් එය අවසන් වුණා. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය නිසා චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්ට ලැබුණා. සසරෙන් එතෙර වෙන්ට ලැබුණා. මොනතරම් වාසනාවක්ද!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

17/05/2025

මෝර පිරිත කියලා, ජිවිතේ තෙරුවනට පූජා කරලා,
වාහන වල යන්න. මොන විදියකින් හරි ජිවිතේ රැකේවී..!

චතුර උපන්දිනේට කරපු ලස්සන වැඩේ ❤️ape dansala
15/05/2025

චතුර උපන්දිනේට කරපු ලස්සන වැඩේ ❤️

ape dansala

꧁✿නමෝ බුද්ධාය...!✿꧂❝ ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වන  වෛශාක්‍ය මංගල්‍යය...❜❜ඔබ සැමට සුපින්බර වෙසක් මංගල්‍යයක් වේවා...!!!උතුම් ත...
11/05/2025

꧁✿නමෝ බුද්ධාය...!✿꧂

❝ ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වන වෛශාක්‍ය මංගල්‍යය...❜❜

ඔබ සැමට සුපින්බර වෙසක් මංගල්‍යයක් වේවා...!!!

උතුම් තෙරුවන් සරණයි...!!!

මේක ඓතිහාසික පින්තූරයක්..!ලෝකේ 4 වැනියට බලවත්ම රාජ්‍ය නායකයා , හමුදා ප්‍රධානියා මේ විදියට දණ නමන්නේ ඉන්දියාවෙන් ලංකාවට ල...
06/04/2025

මේක ඓතිහාසික පින්තූරයක්..!

ලෝකේ 4 වැනියට බලවත්ම රාජ්‍ය නායකයා , හමුදා ප්‍රධානියා මේ විදියට දණ නමන්නේ ඉන්දියාවෙන් ලංකාවට ලැබුන මහා උරුමයක වර්තමාන භාරකාරිත්වයට ...

ඊළඟට අපේ රටේ ඉන්න හිංගල බෞද්ධ දණිස්ස නැමෙන්නැති නායකයින්ටත් මේක ආදර්ශයක් !

Shout out to my newest followers! Excited to have you onboard! Sri Dhamma Paradise, Malsha Nawodani, Kavindu Shehan, San...
06/04/2025

Shout out to my newest followers! Excited to have you onboard! Sri Dhamma Paradise, Malsha Nawodani, Kavindu Shehan, Sanjeewa Nanayakkara, Pradeep Gamachchige, Chandrika Weerasinha, Shiran Lalindu, Ishara Sharmali, Jude Shantha, Madu Dissanayaka, Binaya Manori Das, Eranga Udawela, Prasanna Pradeep Welivita, Thiwanka Dilshan, Dinithi Kavi, Nayana Udayangani, Dumali Nisansala, Sagarika Kumarasinghe, Samantha Soyza, Rasika Priyadarshini, Sarath Jayamanna, Eranda Sumith

මොන වෙලාවක මොන විදිහෙන් මගේ මරණය වෙයිද දන් නෑ
06/04/2025

මොන වෙලාවක මොන විදිහෙන් මගේ මරණය වෙයිද දන් නෑ

03/04/2025

මියන්මාරයේ භූමි කම්පාවෙන් ස්ථානය අහිමි වූ පොඩි ස්වාමින් වහන්සේලා 😭🙏

Address

Nuwaraeliya
Nuwaraeliya

Alerts

Be the first to know and let us send you an email when Bahu jana hitha tv posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bahu jana hitha tv:

Share

Category