VOTER VIBE

VOTER VIBE news

ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලයේ රේඩාර් සහ සතුරු හඳුනාගැනීමේ පද්ධති දැඩි ලෙස අඩාල වී ඇති බව වාර්තා ව...
13/03/2026

ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලයේ රේඩාර් සහ සතුරු හඳුනාගැනීමේ පද්ධති දැඩි ලෙස අඩාල වී ඇති බව වාර්තා වේ.
මේ හේතුවෙන් ඉරානයේ සිට දියත් කෙරෙන මිසයිල ප්‍රහාර හඳුනාගැනීමට ඊශ්‍රායල ආරක්ෂක අංශවලට ඇති හැකියාව බරපතල ලෙස සීමා වී ඇති බව තස්නිම් පුවත් සේවය පවසයි.

එම පුවත් සේවය සඳහන් කරන්නේ, ඉරාන මිසයිල සහ ඩ්‍රෝන යානා දියත් කෙරෙන නිවැරදි වේලාවන් හඳුනාගැනීමට ඊශ්‍රායලයට නොහැකි වීම හේතුවෙන් එරට පුරා පවතින අනතුරු ඇඟවීමේ පද්ධති දැඩි ව්‍යාකූලත්වයකට පත්ව ඇති බවයි.

අද දිනයේ සිට ඉරානය විසින් දියත් කරන ලද මිසයිල කිහිපයක් කිසිදු පූර්ව අනතුරු ඇඟවීමකින් හෝ සූදානමකින් තොරව ඊශ්‍රායලයේ ඉලක්ක වෙත සාර්ථකව පතිත වී ඇත. මෙහිදී ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධතිවලින් සැලකිය යුතු ප්‍රතිචාරයක් එල්ල වී නොමැති බව ද වාර්තා වේ.

ඇතැම් අවස්ථාවලදී ඉරානයෙන් කිසිදු මිසයිල ප්‍රහාරයක් දියත් නොවුණද, ඊශ්‍රායලය තුළ අනතුරු ඇඟවීමේ සංඥා නාද වන බව හෙළි වී තිබේ.

මිසයිල ප්‍රහාරයක් එල්ල වන බවට සංඥා නිකුත් නොවන විටෙක වුවද ප්‍රහාරයක් එල්ල විය හැකි බවත්, සංඥා නිකුත් වන විටෙක ප්‍රහාරයක් එල්ල නොවීමට ඉඩ ඇති බවත් පැවසේ. මෙම තත්ත්වය ඊශ්‍රායල ආරක්ෂක අංශ තුළ දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය කර ඇත.

මෙම මස තුළ මෙරටට ළඟාවන බවට තහවුරු කර ඇති ඉන්ධන නෞකාවල ඉන්ධන තොගවලින් එළඹෙන අප්‍රේල් අග දක්වා ප්‍රමාණවත් ඉන්ධන රටට ලැබෙනු...
13/03/2026

මෙම මස තුළ මෙරටට ළඟාවන බවට තහවුරු කර ඇති ඉන්ධන නෞකාවල ඉන්ධන තොගවලින් එළඹෙන අප්‍රේල් අග දක්වා ප්‍රමාණවත් ඉන්ධන රටට ලැබෙනු ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් එහි කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා මේ බව ප්‍රකාශ කළේය.

"අද දිනය වනවිට කොළඹ වරායේ බොර තෙල් නෞකාවක් බාමින් තිබෙනවා. දින 18 පමණ සරිලන ප්‍රමාණයේ ඉන්ධ නිෂ්පාදනය කළ හැකි බොර තෙල් නෞකාවක්. ඊට අමතරව තවත් නෞකා 4ක් මේ මාසයේ පැමිණීමට ස්ථිරකර තිබෙනවා. 14, 15 කියන දිනයන් හි ඒ නැව් එනවා. එකේ ඩීසල් මෙට්‍රික්ටොන් 19,000ක් සම පෙට්‍රල් මෙට්‍රික්ටොන් 21,000ක් තියෙනවා. ඒ වගේම 17 සහ 18 කියන දවස් දෙකේ තවත් නෞකාවක් එනවා. එකේ ඩීසල් සහ පෙට්‍රල් මෙට්‍රික්ටොන් 20,000 බැගින් තිබෙනවා. ඒ දෙකෙම එන්නේ සිංගප්පූරුවෙන්. ඊට පස්සේ 21 සහ 22 දිනයනවල ඩීසල් සහ පෙට්‍රල් නැවක් එන්න තියෙනවා ඒක එන්නේ ඉන්දියාවෙන්. ඊට පස්සේ 27, 28 කියන දෙදින තුළ ඉන්දියාවෙන් පෙට්‍රල් මෙට්‍රික්ටොන් 35,000කුත් ඒ වගේම 29 සහ 30 කියන දවස්වල ඩීසල් මෙට්‍රික්ටොන් 37,000ක් සිංගප්පූරුයෙන් ලංකාවට ඒමට නියමිතව තිබෙනවා. ඒ අනුව, ගත්විට මේ මාසයේ අපි ඇනවුම්කරන ලද සියලුම නෞකා මේ වෙද්දි ස්ථිර කරලා තියෙනවා එන බවට. ඒ වගේම ඉන් කිහිපයක් ලංකාවට පිටත් වෙලා තියෙනවා. මේ එන නෞකාවල ගත්තාම අපේ තෙල් තියෙනවා ඊළඟ මාසේ අවසාන සතිය වෙනතුරු තියෙනවා."

අමෙරිකාවේද සත්කාරකත්වය යටතේ ඉදිරියේ දී ආරම්භවීමට නියමිත පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා සිටින ඉරාන පාපන්දු කණ...
13/03/2026

අමෙරිකාවේද සත්කාරකත්වය යටතේ ඉදිරියේ දී ආරම්භවීමට නියමිත පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා සිටින ඉරාන පාපන්දු කණ්ඩායම ගැන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මතභේදාත්මක ප්‍රකාශයක් සිදුකර තිබේ.

ඔහු සඳහන්කර ඇත්තේ, මෙවර ලෝක කුසලානයට සහභාගී වීම සඳහා ඉරාන පාපන්දු කණ්ඩායම සිය රටට සාදරයෙන් පිළිගන්නා නමුත් ඔවුන් තරග කිරීම සුදුසු යැයි තමා විශ්වාස නොකරන බවය.

"ඉරාන ජාතික පාපන්දු කණ්ඩායම ලෝක කුසලානයට සාදරයෙන් පිළිගන්නවා. නමුත් ඔවුන්ගේ ජීවිතය සහ ආරක්ෂාව සඳහා ඔවුන් එහි සිටීම සුදුසු යැයි මම විශ්වාස කරන්නේ නෑ" යනුවෙන් සිය Truth Social හි සටහනක් තබමින් පවසා ඇත.

අමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව යන රටවල සත්කාරකත්වය යටතේ මෙවර පාපන්දු ලෝක කුසලානය ජුනි මස 11 වනදා දින ආරම්භ වේ.

එහිදී ඉරානය මූලික වටයේ තරග තුනකට ක්‍රීඩා කිරීමට නියමිතය.

මේ අතර ඉරාන ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය අහමඩ් ඩොන්යමාලි ඊයේ (12) පවසා සිටියේ, ඉරාන ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව ගැන සහතිකයක් නොමැති බැවින් සහභාගීවීමට කොන්දේසි නොමැතිව තරගාවලියට ක්‍රීඩා නොකරන බවයි.

"මෙම දූෂිත රජය අපගේ නායකයා ඝාතනය කළා. කිසිදු තත්වයක් යටතේ ලෝක කුසලානයට සහභාගීවීමට අපෙන් කොන්දේසි නෑ" යනුවෙන් ඔහු පවසා තිබුණි.

කෙසේ නමුත් ට්‍රම්ප්ගේ සමීප මිතුරෙකු වන ෆිෆා සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ පවසා තිබුණේ, තමන් ඉරාන කණ්ඩායම ගැන ජනපති ට්‍රම්ප් සමගින් සාකච්ඡා කළ බවයි.

එහිදී ඔහු තරගාවලියට සහභාගීවීම සඳහා ඉරානය සාදරයෙන් පිළිගන්නා බව පැවසූ බවත්ය.

රුසියානු ඛනිජ තෙල් මිලදීගැනීම සම්බන්ධයෙන් අමෙරිකාව විසින් රටවලට පනවා තිබූ වාරණය තාවකාලිකව ඉවත්කිරීමට තීරණය කර තිබේ.අමෙරි...
13/03/2026

රුසියානු ඛනිජ තෙල් මිලදීගැනීම සම්බන්ධයෙන් අමෙරිකාව විසින් රටවලට පනවා තිබූ වාරණය තාවකාලිකව ඉවත්කිරීමට තීරණය කර තිබේ.

අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මේ වනවිට මුහුදේ යාත්‍රා කරන නෞකාවල පවතින රුසියානු බොරතෙල් සහ ඛනිජ තෙල් මිලදී ගැනීමට සිට රට එළැඹෙන අප්‍රේල් 11 වනදා දක්වා ලොවපුරා රටවලට අවසර ලබාදී ඇති බවය.

ඉරානයට එරෙහි යුද්ධය අතරතුර ගෝලීය බලශක්ති වෙළෙඳපොළ ස්ථාවරව පවත්වාගෙන යාමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මීට පෙර අමෙරිකාව විසින් ඉන්දියානු පිරිපහදුකරුවන්ට ද රුසියානු තෙල් මිලදී ගැනීමට දින 30ක සහන කාලයක් ලබාදීමට කටයුතු කළේය.

ඒ අනුව ඉකුත් මාර්තු 5 වන දින අප්‍රේල් 3 වනදා දක්වා කාලය තුළ රුසියානු සමූහාණ්ඩුවට අයත් බොරතෙල් සහ ඛනිජ තෙල් නිෂ්පාදන ඉන්දියාව තුළ බෙදා හැරීමට සහ විකිණීමට අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාලයෙන් අවසර ලබාදී ඇත.

ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නංවන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි.ඒ ...
11/03/2026

ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නංවන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අනුව, තේ කෝප්පයක් රුපියල් 5කින්, කිරි තේ කෝප්පයක් රුපියල් 10කින්, කෙටි කෑම රුපියල් 10කින් සහ බත් - කොත්තු රුපියල් 25කින් මිල ඉහළ නංවා තිබේ.

මෙවර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 131ක මුදල් ත්‍යාගයක් ප...
11/03/2026

මෙවර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 131ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 445කට අධිකයි.

මෙවර පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී නවසීලන්තය පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට සූර්යකුමාර් යාදව් ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායම සමත්විය.

ඉන්දියාව දිනූ 3 වැනි 20-20 ලෝක කුසලානය මෙය වන අතර 20-20 ලෝක කුසලාන 3ක් දිනූ එකම කණ්ඩායම බවටද ඔවුන් ඉතිහාසගත වුණි.

මෙවර 20-20 ලෝක ශූරයින් වූ ඉන්දීය කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 131ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 445කට අධිකය.

මෙවර 20-20 ලෝක ශූරතාව දිනූ කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 27කට අධික මුදලක් ප්‍රදානය කෙරුණු අතර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඉන්දීය රුපියල් කෝටි 131කට අධික විශාල මුදල් ත්‍යාගයක් පිරිනැමීම කැපී පෙනුනි.

මේ අතර ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ආර්ෂ්දීප් සිං ට 20-20 ලෝක කුසලාන තරගාවලියේ ඉකුත්දා පැවති අවසන් මහා තරගයේ තරග ගාස්තුවෙන් සියයට 15 ක දඩයක් ICC ය විසින් නියම කර තිබේ.

ඒ විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරඟය අතරතුර, විනය විරෝධී ක්‍රියාවක නියැලෙමින් ICC චර්යා ධර්ම පද්ධතියේ 1 වන මට්ටමේ වරදක් සිදු කිරීම හේතුවෙන්ය.

නවසීලන්තය සමග පැවති අවසන් මහා තරගයේදී නවසීලන්ත ඉනිමේ 11 වැනි පන්දුවාරයේදී ඩැරල් මිචෙල් පන්දුවට පහරදෙමින් සිටියදී පන්දුව ඔහු දෙසට වැරෙන් දමා ගැසීමේ විනය විරෝධී ක්‍රියාවේ නියැලීම නිසා ඔහුට මෙලෙස දඩ නියම කර තිබේ.

එමෙන්ම ආර්ෂ්දීප් සිං හට දඬුවම් ලකුණක් පැනවීමට ICC ය කටයුතු කළේය.

ඊශ්‍රායලයේ වෙසෙන මෙරට ශ්‍රමිකයින් සමාජ මාධ්‍ය සහ විද්‍යුත් තැපෑල භාවිතයේදී නොදන්නා පණිවිඩ සඳහා ප්‍රතිචාර දැක්වීමෙන් වළකි...
11/03/2026

ඊශ්‍රායලයේ වෙසෙන මෙරට ශ්‍රමිකයින් සමාජ මාධ්‍ය සහ විද්‍යුත් තැපෑල භාවිතයේදී නොදන්නා පණිවිඩ සඳහා ප්‍රතිචාර දැක්වීමෙන් වළකින ලෙස ඊශ්‍රායලයේ පිහිටි තානාපති කාර්යාලය දැනුම්දීමක් සිදු කර තිබේ.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ, සයිබර් ප්‍රහාර එල්ල වීමේ අවධානමක් පවතින බැවින් ඒ පිළිබඳ ශ්‍රී ලංකා ශ්‍රමිකයින් අවධානයෙන් පසුවිය යුතු බවය.

"දින 11ක් පුරා ව්‍යාප්තවන ඊශ්‍රායල, ඉරාන් සහ අමෙරිකානු හමුදා සම්බන්ධ වූ මැදපෙරදිග යුදමය තත්ත්වය දිනෙන් දින වර්ධනය වෙන තත්ත්වයක් දක්නට ලැබෙනවා. ඊයේ රාත්‍රීයේ පමණක් 7 වතාවක් සයිරන් නාදවුණා. ඊශ්‍රායලට මිසයිල ප්‍රහාර එල්ල කිරීමේ දී ඔවුන් හමුදා සහ සන්නිවේදන ඉලක්ක වෙත මිසලයිල එල්ල කිරීමේ ප්‍රවණතාවයක් දකින්න තියෙනවා. මීට අමතර වශයෙන් අද ‍ඊශ්‍රායල් ආරක්ෂ හමුදා දන්වනු ලැබුවා තමන්ට ‍ඊශ්‍රායලයේ තියෙන සමාජ මාධ්‍ය හෝ ඊමේල් ආදියට නොදන්නා අංකයකින් හෝ නොදන්නා ගිණුමකින් ලැබෙන සියලුම ලිපි හෝ වෙනත් දෑ කිසිම හේතුවකින් විවෘතකරන්න එපා මොකද බොහෝ අවස්ථාවලදී සයිබර් ප්‍රහාර එල්ල කිරීමේ උත්සහායන් තියෙනවා."

ආසියානු වෙළෙඳපොළ තුළ අද (10) උදෑසන ගනුදෙනු ආරම්භයේදී බොරතෙල් මිල පහළ වැටී තිබේ.බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 8.5%ක...
10/03/2026

ආසියානු වෙළෙඳපොළ තුළ අද (10) උදෑසන ගනුදෙනු ආරම්භයේදී බොරතෙල් මිල පහළ වැටී තිබේ.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 8.5%කින් පමණ පහළ වැටී ඩොලර් 92.50ක් ලෙස සටහන් වී ඇති බව වාර්තා වේ.

එමෙන්ම අමෙරිකානු වෙළෙඳපොළේ ද බොරතෙල් මිල ද 9% කින් පමණ පහළ ගොස් ඇති අතර එහි බැරලයක මිල ඩොලර් 88.60ක් ලෙස සටහන්ව ඇත.

මෙම මිල ගණන්, යුද්ධය ආරම්භ වූ අවස්ථාවේ පැවති මිලට වඩා 30%කින් පමණ ඉහළ මට්ටමක තවදුරටත් පවතී.

කෙසේවෙතත් තෙල් මිල මෙලෙස පහළ වැටී ඇත්තේ ''යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බවට'' අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශයත් සමඟිනි.

තෙල් මිල පහළ වැටීමත් සමඟ ආසියානු කොටස් වෙළෙඳපොළ තුළ නව උද්යෝගයක් ඇති වී තිබේ.

ඒ අනුව ජපානයේ 'Nikkei 225' දර්ශකය 2.8% කින් ද, දකුණු කොරියාවේ 'Kospi' දර්ශකය 5% කට වඩා වැඩි අගයකින් ද ඉහළ ගියේය.

ආසියානු කලාපයේ බොහෝ රටවල් ගල්ෆ් කලාපයෙන් තෙල් මිලදී ගන්නා ප්‍රධාන පාරිභෝගිකයන් වන බැවින්, මීට පෙර පැවති තෙල් මිල ඉහළ යාම එම වෙළෙඳපොළවල් වෙත දැඩි බලපෑමක් එල්ල කර තිබුණි.

මේ අතර ඊයේ (09) දිනයේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල 25% කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබුණි.

එය 2022 වසරේ මැද භාගයෙන් පසු වාර්තා වූ ඉහළම මිල මට්ටම ලෙස ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව ඊයේ දිනයේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල ඩොලර් 24.96කින් හෙවත් 27%කින් ඉහළ ගොස් බැරලයක මිල ඩොලර් 117.65 ක් ලෙස සටහන් විය.

මෙය ඉතිහාසයේ එක් දිනක් තුළ සිදුවූ විශාලතම මිල ඉහළ යාම ලෙසද සඳහන් විය.

එමෙන්ම අමෙරිකානු WTI බොරතෙල් මිල ද ඩොලර් 25.72 කින් හෙවත් 28.3% කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 116.62ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

එමෙන්ම වෙළෙදපලේ බොරතෙල් ගැටලුවට විසදුම් වශයෙන් ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය හදිසි බොරතෙල් බැරල් මිලියන 300ක් මුදාහැරීමට යෝජනා කර ඇති බව වාර්තා වේ.

G7 රටවලට මුදල් අමාත්‍යවරුන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මේ සම්බන්ධයෙන් යෝජනා වි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මේ වන විට ලෝක වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 110ඉක්මවා ගොස් ඇති අතර මිල පාලනය කිරිම සහ ඉන්ධන හිගය මගහැරවීම සදහා මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.

(09) මධ්‍යම රාත්‍රියේ  සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරයි. ඒ අනුව ලංක...
10/03/2026

(09) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරයි.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 22කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 303ක් වේ.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇත.

ඒ අනුව එහි නව මිල රුපියල් 353ක් වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ, රුපියල් 365කි.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයේ මිල රුපියල් 24කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 317ක් ලෙස දැක්වෙයි.

ලංකා භූමිතෙල් මිල රුපියල් 13කි ඉහළ දැමීමට පියවර ගෙන ඇත.

ඒ අනුව එහි නව මිල රුපියල් 195ක් වන ලංකා ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට සාපේක්ෂව IOC ඉන්ධන මිල ගණන් ද ඉහළ දැමීමට තීරණය කර තිබේ.

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) පැවැත්වීමට නියමිතව තිබේ.අද රාත්‍රී 7.00ට මෙම තරගය ...
08/03/2026

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) පැවැත්වීමට නියමිතව තිබේ.

අද රාත්‍රී 7.00ට මෙම තරගය ඉන්දියාවේ අහමදාබාත්හී නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

මෙම තරගය සඳහා ඉන්දියාව සහ නව නවසීලන්තය සුදුසුකම් ලබා ඇත.

පන්දුවාර විස්ස20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයක් සඳහා ඉන්දියාව මීට පෙර අවස්ථා තුනකදී සුදුසුකම් ලබා ඇති අතර ඉන් අවස්ථා දෙකකදී ඔවුන් ශූරතාවය හිමිකරගෙන තිබේ.

2014 වසරේදී ඉන්දියාව අනුශූරතාවය හිමිකර ගත් අතර එම වසරේ ශූරතාවය හිමිකර ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමය.

නවසීලන්ත කණ්ඩායම 2021 වසරේදී පමණක් ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ඇති අතර එහිදී ඔවුන් අනුශූරයෙන් බවට පත්වුණේ ඕස්ට්‍රේලියාව ශූරයින් බවට පත් කරමිනි.

ඉරාන හමුදාව විසින් අමෙරිකා එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට එරෙහිව නවතම ප්‍රතිප්‍රහාර මාලාවක් දියත් කර තිබේ.මෙම වාර්තාවට අනුව...
08/03/2026

ඉරාන හමුදාව විසින් අමෙරිකා එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට එරෙහිව නවතම ප්‍රතිප්‍රහාර මාලාවක් දියත් කර තිබේ.

මෙම වාර්තාවට අනුව, ඉරාන හමුදාව විසින් මෙම නවතම ප්‍රහාරය "ටෲ ප්‍රොමිස් (Operation True Promise) මෙහෙයුමේ 27 වන රැල්ල" ලෙස හඳුන්වා දී ඇත.

එමෙන්ම, කුවේටයේ පිහිටි 'අරිෆ්ජාන්' (Arifjan) අමෙරිකානු හමුදා කඳවුරේ මූලස්ථානය ඉලක්ක කර ගනිමින් ඉතා නිවැරදි ඉලක්ක වෙත පතිත වන මිසයිල (precision-strike missiles) ප්‍රහාර එල්ල කළ බව ද ඉරාන හමුදාව වැඩිදුරටත් සඳහන් කර සිටී.

ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබේ.කාන්තාවන් සමාජීය, ආර්ථික, සංස්කෘතික සහ දේශපාලනික වශයෙන් ලබා ඇති ජයග්‍රහණ ඇගයීම...
08/03/2026

ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබේ.

කාන්තාවන් සමාජීය, ආර්ථික, සංස්කෘතික සහ දේශපාලනික වශයෙන් ලබා ඇති ජයග්‍රහණ ඇගයීමටත්, ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානතාවය තහවුරු කිරීමටත් මෙම දිනය වෙන් කර ඇත.

මෙය හුදෙක් සැමරුමක් පමණක් නොව කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගීමේ ව්‍යාපාරයක්ද වේ.

පළමු කාන්තා දිනය 1909 පෙබරවාරි 28 වන දින අමෙරිකාවේදී සමරා ඇති අතර 1910දී ජර්මානු ක්‍රියාකාරිනියක වූ ක්ලාරා සෙට්කින් විසින් මෙය ජාත්‍යන්තර දිනයක් ලෙස යෝජනා කළ බවත් සඳහන් වේ.

පසුව 1975 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිල වශයෙන් මාර්තු 08වන දින ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස නම් කෙරූ බවත් වාර්තා වේ.

ජාත්‍යන්තර කාන්තා දිනය ප්‍රධාන වර්ණ තුනකින් භාවිතා වන අතර දම්, කොළ සහ සුදු පැයැයෙන් එය නිරූපණය වේ.

දම් පැහැයෙන් යුක්තිය සහ ගෞරවය සංකේතවත් කරන අතර කොළ පැහැයෙන් බලාපොරොත්තුව සංකේතවත් කරයි.

එමෙන්ම සුදු පැහැයෙන් පිරිසිදු බවද සංකේතවත් කරන බවද සඳහන් වේ.

මේ අතර ලොව පුරා ස්ත්‍රීත්වය සැමරෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසුවේ සියලු කාන්තාවන් සහ ගැහැණු ළමයින් සඳහා අයිතිවාසිකම්. යුක්තිය. ක්‍රියාකාරීත්වය යන්න තේමා කරගනිමින් ජාත්‍යන්තර කාන්තා දිනය සැමරෙන අද වැනි දිනක අප රටේ ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන් පිළිබඳ නැවුම් දෘෂ්ඨි කෝණයකින් දකින්නට උත්සහ කිරීම වැදගත් වන බවය.

ස්ත්‍රී - පුරුෂ සමාජභාවය මත සුදුසු නුසුදුසු බව සහ ධාරිතාවය තීරණය කරන ලද අතීතයකට හිමිකම් කියූ නමුත් මෙම මොහොත වන විට අවස්ථා ඉදිරියේ කාන්තාවන් ප්‍රශ්න නොකෙරෙන සමාජයක් වෙනුවෙන් සාධනීය පියවරයන් රැසක් තබා ඇති බවත් ඇය සිය සුබ පැතුම් පණිවිඩය නිකුත් කරමින් සඳහන් කර තිබේ.

අමාත්‍යවරියගේ සම්පූර්ණ සුබ පැතුම් පණිවිඩය පහතින්,

ලොව පුරා ස්ත්‍රීත්වය සැමරෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරනුයේ ඉමහත් සතුටිනි.

සියලු කාන්තාවන් සහ ගැහැණු ළමයින් සඳහා අයිතිවාසිකම්. යුක්තිය. ක්‍රියාකාරීත්වය යන්න තේමා කරගනිමින් ජාත්‍යන්තර කාන්තා දිනය සැමරෙන අද වැනි දිනක අප රටේ ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන් පිළිබඳ නැවුම් දෘෂ්ඨි කෝණයකින් දකින්නට උත්සහ කිරීම වැදගත් වේ.

ස්ත්‍රී - පුරුෂ සමාජභාවය මත සුදුසු නුසුදුසු බව සහ ධාරිතාවය තීරණය කරන ලද අතීතයකට අප හිමිකම් කියුවෙමු. නමුත් මෙම මොහොත වන විට අවස්ථා ඉදිරියේ කාන්තාවක් වීම ප්‍රශ්න නොකෙරෙන සමාජයක් වෙනුවෙන් අපි සාධනීය පියවර රාශියක් තබා ඇත්තෙමු.

අද වන විට ප්‍රවාහන සහ ගමනගමන ක්ශේත්‍රය තුළ, සංචාරක සහ හෝටල් කර්මාන්තය තුළ, නිශ්පාදනීකරණය සහ සැපයුම්කරණය යන ක්ශේත්‍ර තුළ කාන්තා නියෝජනය දක්නට ලැබීම භූමි ප්‍රමාණය පරයා සමාජයීය දැක්ම පුළුල් වී ඇති බවට නිදසුනකි.

එසේ වුවද මේ පොළොව මත මුණගැසෙන බොහොමයක් කාන්තාවන් ව්‍යවසායිකාවක, සේවා සපයන්නියක, රජයේ හෝ පෞද්ගලික අංශයේ වෘත්තීන්හි නියැලෙන්නියක, විදෙස්ගත රැකියාවක නිරත වන්නියක යන කවර භූමිකාවක සිටින කාන්තාවක වුව ද දවස අවසානයේ නිවෙස් තුළ මූල්‍යමය වශයෙන් අගය නොකළ වැටුප් නොලබන සුරැකුම් ශ්‍රමයේ නිරත වන්නෝය.

ඒ අනුව කාන්තාවන්ගේ මෙම සුරැකුම් ශ්‍රමය සඳහා නිසි වටිනාකමක් ලබා දෙමින් ඇයව පවුලේ බර දරන්නියකට සීමා නොකර ඇය රටේ ආර්ථිකයේ සක්‍රීය හවුල්කාරිය බවට පත් කිරීම අප වගකීමක් සේ සළකන්නෙමු.
"පොහොසත් රටක අබිමන - ඇය වේ දැයක පෙර මග" යන්න මෙවර ජාතික තේමාව ලෙස තෝරා ගැනෙන්නේ ද එනිසාවෙනි.

කාන්තාව නිසි ගෞරවයට පාත්‍ර වන සමාජයක් ගොඩනැගීම මගින් ඇයට තීරණ ගැනීමේ ක්‍රියාවලියේ දී සම අයිතිය හිමිවන බව අප විශ්වාස කරන අතර, ඒ වෙනුවෙන් වන ප්‍රතිපත්තිමය සහ ව්‍යූහාත්මක බාධා ඉවත් කරමින් ඇයට ලෝකය තරණය කිරීමේ නව මං පෙත් විවර කරන්නට අප බැඳී සිටින්නෙමු.

"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ සංවර්ධනය යනුවෙන් අර්ථකතනය කරනු ලැබුවේ ආර්ථික දර්ශක ඉහළ නැංවීම පමණක් නොව, සෑම පුරවැසියෙකුටම ගෞරවනීය ජීවිතයක් උරුම කර දීමයි.

රජයක් ලෙස අප කැප වන්නේ ග්‍රාමීය කාන්තාව හෝ නාගරික කාන්තාව ලෙස බෙදා වෙන් නොකළ අභිමානවත් ශ්‍රී ලාංකීය කාන්තාවක් ගොඩ නැගීම වෙනුවෙනි.

ආදරය, මානව දයාව සහ අන්‍යොන්‍ය ගෞරවය ගෝලීය අවශ්‍යතාවයක්ව පවතින අවස්ථාවක ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස "කාන්තාවෝ ද මනුෂ්‍යයෝය ය" උත්තරීතර දැක්ම අප හදවත් තුළ තැන්පත් කර ගැනීමටත් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමටත් 2026 ජාත්‍යන්තර කාන්තා දිනය අපි අවස්ථාවක් බවට පත්කරගනිමු.

Address

192/15 Walpita Toad. Batawala. Padukka
Padukka
10500

Website

Alerts

Be the first to know and let us send you an email when VOTER VIBE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share