16/08/2026
ලෝකයේ අතිශය ජනප්‍රිය වුවත් ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ පීසා ආපනශාලා මඟින් අලෙවි නොකරන Detroit-Style Pizza (ඩෙට්‍රොයිට් ස්ටයිල් පීසා) රෙසිපිය 🍕
මෙහි ඇති විශේෂත්වය නම් සාමාන්‍ය පීසා මෙන් ටොපිංස් උඩින් දැමීම වෙනුවට චීස් පෑන් එකේ අද්දරටම දමා කරකැවීම සහ පීසා සෝස් එක පීසා එක පිළිස්සීමෙන් පසු හෝ උඩින් ඉරි (Racing Stripes) හැඩයට දැමීමයි.
අවශ්‍ය ද්‍රව්‍ය..................
පීසා ඩෝ (Dough) සඳහා
🍕 පාන් පිටි හෝ බ්‍රෙඩ් ප්ලෝර් (Bread Flour) - ග්‍රෑම් 300 (කෝප්ප 2 යි මඳක් වැඩිපුර)
🍕 ක්ෂණික යීස්ට් (Instant Yeast) - තේ හැදි 1ක්
🍕 ලුණු - තේ හැදි 1 ½ ක්
🍕 සීනි - තේ හැදි 1ක්
🍕 මඳක් උණුසුම් වතුර - මිලි ලීටර් 220 (කෝප්ප 1කට වඩා මඳක් අඩුයි)
🍕 ඔලිව් තෙල් හෝ සාමාන්‍ය තෙල් - මේස හැදි 1ක් (පෑන් එක ගෑමට සහ ඩෝ එකට)
ටොපිංස් සහ සෝස් සඳහා
☑️ මොසරැල්ලා සහ චෙඩාර් චීස් මිශ්‍රණය (කුඩා කැබලි කපාගත්) - ග්‍රෑම් 350ක් පමණ (මුල් ක්‍රමයට 'Brick cheese' භාවිතා කරයි, නමුත් මොසරැල්ලා සහ සුළු ප්‍රමාණයක් චෙඩාර් එකතු කරගැනීම පහසුය).
☑️ පෙපරෝනි (Pepperoni) හෝ චිකන්/බීෆ් සාසේජස් සිහින් පෙති - කෝප්ප 1ක්
☑️ ලුණු දැමූ තක්කාලි (Crushed Tomatoes) - ග්‍රෑම් 400 කෑන් එකක්
☑️ බටර්/ඔලිව් තෙල්,
☑️ Minced Garlic සහ වියළි ඔරිගනෝ (Oregano), සීනි සහ ලුණු ස්වල්පයක්.
සාදාගන්නා ආකාරය ...................................
☢️ පිටි ඇනීම: බෝල් එකකට පාන් පිටි, යීස්ට්, සීනි සහ ලුණු එකතු කර හොඳින් කලවම් කරන්න. එයට වතුර සහ තෙල් ස්වල්පයක් දමා අතින් හෝ මීටර් එකකින් මෘදු, තරමක් දියර ගතිය වැඩි (Sticky) පීසා පදමට විනාඩි 8-10ක් හොඳින් අනාගන්න.
☢️ Proofing : ඍජුකෝණාස්‍රාකාර ලෝහ පෑන් එකක් (රෙක්ටැන්ගුලර් බේකින් ට්‍රේ එකක්) ගෙන එයට තෙල් හොඳින් ගාන්න. සකස් කරගත් පිටි ගුලිය පෑන් එකට දමා, අතින් පෑන් එකේ මුළු කොනටම (Edge to edge) විහිදුවන්න. එය පැය 2ක් පමණ උෂ්ණත්වය හොඳින් ඇති තැනක පිපෙන්නට හරින්න.
☢️ සෝස් සකස් කරගැනීම: bowl එකකට curshed tomatoes, ඔලිව් තෙල්, සුදුළූණු, ඔරිගානො, සීනි සහ ලුණු ස්වල්පයක් දමා හොඳින් කලවම් කර සෝස් එක සූදානම් කරගන්න (මෙය උයාගැනීම අවශ්‍ය නැත).
☢️ පිටිමඳ හොඳින් පිපී පෑන් එක පිරුණු පසු, චීස් කැබලි පෑන් එකේ අද්දරටම (Edges) වැටෙන සේ මුළු මතුපිටම අතුරාගන්න. චීස් පෑන් බිත්තියටම වැදී පිලිස්සීමෙන් Crispy edge හැදේ. ඊට උඩින් පෙපරෝනි පෙති අතුරන්න.
☢️ බේක් කිරීම: අවන් (Oven) උපරිම උණුසුමට (230°C - 250°C පමණ) විනාඩි 20ක් ප්‍රිහීට් කර, පීසා පෑන් එක උඳුනට දමා විනාඩි 12-15ක් චීස් හොඳින් දිය වී අද්දර කළු පැහැ වනතුරු බේක් කරගන්න.
☢️ රේසිං ස්ට්‍රයිප්ස් (Racing Stripes): පීසා එක එළියට ගත් පසු, සකස් කරගත් තක්කාලි සෝස් එකෙන් පේළි දෙකක් (ඉරි හැඩයට) පීසා එකට උඩින් දිගට දමන්න.
රහස් (Secret Tips)................................
✅ චීස් තේරීම: සාමාන්‍ය පීසා මෙන් උඩින් පමණක් චීස් නොදමා, පෑන් එකේ අද්දර බිත්ති ස්පර්ශ වන සේ චීස් දමන්න. එය උණු වී පෑන් එකේ ඇදී කරවීමෙන් 'Lacy crispy cheese crust' එක නිර්මාණය වේ.
✅ සෝස් උඩින් දැමීමේ රහස: සෝස් එක උඳුනේදී පිලිස්සෙන්නේ නැත. එය උණුසුම් පීසා එක මතට බේක් කළ පසු දැමීමෙන් සීතල සහ උණුසුම් රසයේ අපූරු වෙනසක් (Contrast) ලබා දෙයි.
✅ පෑන් එකේ විශේෂත්වය: සාමාන්‍ය රවුම් පීසා තැටියක් වෙනුවට ඝන ඍජුකෝණාස්‍රාකාර තැටියක් (Metal Pan) පාවිච්චි කිරීම මෙහි නියම ක්‍රමයයි.
Oven සකස් කරගැනීමේ රහස්....................................................
☑️ ඩෙට්‍රොයිට් පීසා එකක යට කොටස හොඳින් කරවීමට (Crispy) සහ චීස් ටික නියමිත පදමට දියවීමට ඉතා ඉහළ උෂ්ණත්වයක් අවශ්‍ය වේ.
✔️ උෂ්ණත්වය: උඳුන 245°C සිට 250°C දක්වා (475°F - 500°F) උපරිම උණුසුමට සකස් කරන්න.
✔️ කල්තියා රත් කිරීම (Preheating): පීසා එක ඇතුළට දැමීමට පෙර අවම වශයෙන් විනාඩි 30ක්වත් උඳුන පූර්වයෙන් රත් කරගන්න.
✔️ තැටිය තබන ස්ථානය: පීසා පෑන් එක උඳුනේ පහළම තට්ටුවේ (Bottom rack) තබා බේක් කරන්න. එවිට පීසා එකේ යට කොටස හොඳින් ක්‍රිස්පි වේ.
✔️ පිළිස්සීමේ කාලය: විනාඩි 12 ත් 15 ත් අතර කාලයක් බේක් කරන්න. පීසා එකේ අද්දර තියෙන චීස් ටික තද දුඹුරු/කළු පාට වනතුරු (Burnt cheese edges) බේක් විය යුතුය.
චීස් සහ බටර් ප්‍රමාණයන්
(නිවැරදිම රහස් මිශ්‍රණය)...........................................
ඩෙට්‍රොයිට් පීසා එකක නියම රසය එන්නේ චීස් සහ බටර් එකතු වන ප්‍රමාණය මතයි.
☢️ චීස් මිශ්‍රණය (මුළු බර ග්‍රෑම් 350):මොසරැල්ලා (Mozzarella) - ග්‍රෑම් 250: මෙය පීසා එකට හොඳින් ඇදෙන ගතිය (Stretchy) ලබා දෙයි.
☢️ චෙඩාර් (Cheddar) - ග්‍රෑම් 100: ලංකාවේ 'Brick Cheese' නැති නිසා, තද රසයක් ඇති චෙඩාර් චීස් (Sharp Cheddar) එකතු කරගත යුතුය. පෑන් එකේ අද්දරටම දැමිය යුත්තේ මේ චෙඩාර් චීස් ය. එයින් පීසා එක වටේට රන්වන් පාට ක්‍රිස්පි බෝඩරයක් හැදේ.
☢️ බටර් / ඔලිව් තෙල් ප්‍රමාණය:පීසා එක දමන පෑන් එක අඩියේ සහ බිත්තිවල ගෑමට ලුණු රහිත බටර් (Unsalted Butter) මේස හැඳි 1 ½ ක් හෝ ඔලිව් තෙල් මේස හැඳි 2ක් භාවිතා කරන්න. බටර් භාවිතයෙන් පීසා එකේ යට කොටසට 'ප්‍රීඩ් චිකන්' එකක වැනි රසවත් ක්‍රිස්පි ගතියක් ලැබේ.
අමතර රහස් 2ක් 🤫....................................
🍕 පිටි ගුලිය නිවැරදිව තැබීම: පිටි ගුලිය පෑන් එක මත තබා අතින් දිග හරින විට එය නැවත හැකිලෙනවා නම් (Spring back), එයට අත නොතබා විනාඩි 15ක් වසා තබන්න. ඉන්පසු නැවත ඇඟිලිවලින් පෑන් එකේ මුළු හතරටම ඉතා පහසුවෙන් විහිදුවා ගත හැක.
🍕 කැබලි කැපීම: පීසා එක උඳුනෙන් ගත් සැනින් කපන්න එපා. පෑන් එකෙන් ඉවත් කර විනාඩි 5ක් නිවෙන්න හැර, ඉන්පසු කොටු හැඩයට කැබලි (Squares) කපාගන්න.
සශී හල්නෙත්ති👩🍳