Sashi Halneththi

Sashi Halneththi I'm a Food Recipe Developer. I share only recipes that are tried, tested and cherished by my family.

My mission is to empower you with the confidence to create lasting memories through food. 💜️👩‍🍳

04/11/2025

Beautiful memories ❤️ Can you guess the location?

තාම හොදටම සුව නෑ. ඒත් ටිකක් අඩුයි 😊
04/11/2025

තාම හොදටම සුව නෑ. ඒත් ටිකක් අඩුයි 😊

මං වගේ... හැබැයි තරුෂිව නම් දන්නෙ නෑ 🤭
04/11/2025

මං වගේ... හැබැයි තරුෂිව නම් දන්නෙ නෑ 🤭

04/11/2025

Back to work after a long time 🙏

04/11/2025

Chiffon cakes, old fashioned layered cakes, angel food cakes වලට ගන්න විශේෂ Boiled Icing රෙසිපිය අද රාත්‍රීයේ බලාපොරොත්තු වන්න 😮👩‍🍳

අකුරු තුනේ කඩේ ස්ටයිල් එකට Chicken Popcorn රෙසිපිය 👩‍🍳.....................................................................
02/11/2025

අකුරු තුනේ කඩේ ස්ටයිල් එකට Chicken Popcorn රෙසිපිය 👩‍🍳.........................................................................
KFC එකේ විදියට මේක හදාගන්න නම් චිකන් කෑලි බටර්මිල්ක් මිශ්‍රණයෙ දාලා මැරිනේට් කරගන්න වෙනවා. ඊටපස්සේ සීසන් කරපු පිටි මිශ්‍රනයෙන් ඩබල් කෝට් කරගන්න ඕනි රන්වන් පාටට ක්‍රිස්පි වෙන්න බදින්න කලින්. කෝටින් එකට herbs හා spices වර්ග 11ක් යොදාගන්නවා.. අපි බලමු හදන විදිය.

අවශ්‍ය දේවල්.........................
⭕ චිකන් සහ මැරිනේඩ් එකට,.........................................................
☑️ කටු සහ හම රහිත චිකන් බ්‍රෙස්ට් 450g (අගලක ප්‍රමාණයේ cubes වලට කපාගත්
☑️ බටර්මිල්ක් 240ml
☑️ ලුනු තේ හැන්දක්
☑️ ගම්මිරිස් කුඩු තේ හැදි 1/2

⭕ Seasoned flour coating සදහා,...........................................................
☑️ All-purpose flour කප් 1
☑️ ක්‍රිස්පි ගතිය ගන්න කෝන්පිටි මේසහැදි 2
☑️ ලුනු තේ හැන්දක්
☑️ Celery salt තේ හැදි 1/2
☑️ ගම්මිරිස් තේ හැන්දක්
☑️ White pepper තේ හැදි 1/2
☑️ Sweet paprika තේ හැදි 2
☑️ ගාර්ලික් පවුඩර් තේ හැන්දක්
☑️ onion powder තේ හැදි 3/4
☑️ Dried thyme: තේ හැන්දක් (ඇගිලි වලින් පොඩි කරගත්)
☑️ Dried oregano තේ හැන්දක් (ඇගිලි වලින් පොඩි කරගත්)
☑️ මස්ටර්ඩ් පවුඩර් තේ හැදි 1/2
☑️ ඉගුරු තේ හැදි 1/2 (ground)
☑️ සමහරු මේකට msg තේ හැදි 1/2 දානවා. මම ඒක යොදා ගන්නෙ නෑ.
☑️ අමතරව deep fry කරගැනීමට vegetable, canola, හෝ peanut oil වගේ neutral oil වර්ගයක් අවශ්‍ය පමණට

සාදාගන්නා ආකාරය .....................................
✅ මුලින්ම චිකන් ටික මැරිනේට් කරගමු. චිකන් ටික බටර්මිල්ක්, ලුනු සහ ගම්මිරිස් සහිත මිශ්‍රණයටදාලා combine කරගෙන ඒක ශීතකරනයේ අවම වශයෙන් පැයක් තබා ගන්න.

✅ දැන් seasoned flour එක සූදානම් කරගමු. ඒකට dry coating ingredients සියල්ල එකට මිශ්‍ර කරගෙන බටර් මිල්ක් එකේ දාපු චිකන් ටික මේ පිටි මිශ්‍රණයට දාලා dredge කරගෙන coat කරගන්න. මේක දෙපාරක් කරගන්න ඕනි එතකොට තමයි හොදට ක්‍රිස්පි වෙන්නෙ.

✅ දැන් තෙල් ටික 175°Cට හරියටම රත් කරගන්න. ඊටපස්සේ කුඩා කාණ්ඩ වශයෙන් චිකන් ටික දාලා ෆ්‍රයි කරගන්න.

✅ ඒ එක කාණ්ඩයක් විනාඩි 3-4ක් වත් බැදෙන්න ඕනි. ඊටපස්සේ තෙල් බේරෙන්න පෙපර් ටවල් මතට දාලා ලුනු දාලා සීසන් කරගෙන උණුවෙන් පිලිගන්වන්න. මම මේක ketchup සහ mushroom sauce සමග තමයි පිලිගන්වලා තියෙන්නෙ.

සශී හල්නෙත්ති 👩‍🍳

02/11/2025
02/11/2025

හෙට සදුදා රෙසිපි දාන්නෙ නෑ. මට රෙස්ට් එකක් ඕනි සනීප මදි නිසා
🙏❤️

ක්‍රිස්පි වෙන්න french  fries හදාගන්න රෙසිපිය 👩‍🍳..........................................................................
02/11/2025

ක්‍රිස්පි වෙන්න french fries හදාගන්න රෙසිපිය 👩‍🍳...........................................................................
Fries ක්‍රිස්පි එකට හදාගන්න රහස තියෙන්නේ double-fry technique එකේයි. ඒ විදියට ඔයාට පුලුවන් රෙස්ටුරන්ට් එකේ ස්ටයිල් එකට ගෙදරදීම french fries හදාගන්න. මේ රෙසිපිය මගින් 4 දෙනෙකුට සෑහෙන්න fries 340g පමණ හදාගන්න පුලුවන්.

අවශ්‍ය දේවල් (4 දෙනෙකුට) ..................................................
☑️ ලොකු අල වලින් 900g
☑️ ගැබුරු තෙලේ බැදගන්න අවශ්‍ය ගානට Vegetable, canola, හෝ peanut oil
☑️ ලුනු (රස අනුව)

සාදාගන්නා ආකාරය .....................................
✅ මුලින්ම අල ටික සූදානම් කරගමු. පොතුඉවත් කරගෙන 1/4-inch සිට 1/2-inch ඝනකමට sticks හැඩයට කපාගන්න. ඊටපස්සේ ලොකු බදුනකට cold water දාලා අවම වශයෙන් විනාඩි 30ක් වත් පෙගෙන්න අරින්න ඕනි. මේක රැයක් තියාගන්න පුලුවන් නම් වඩා හොදයි. එතකොට අමතර පිෂ්ටය ඉවත් වෙනවා. මේකතමයි ක්‍රිස්පි වෙන රහස.

ඊටපස්සේ අල ටික පෙරාගෙන පේපර් ටවල් හෝ පිරිසිදු kitchen towel මත අතුරාගන්න. ඊටපස්සේ pat dry කරගෙන සම්පූර්ණයෙන්ම වියලා ගන්න. පොඩ්ඩක්වත් තෙතමනය තියෙන්න බෑ.

✅ දැන් පලමු වරට බදින්නයි යන්නෙ. මේක අපි blanching කියලා හදුන්වනවා. තෙල්ටික pot එකකට දාලා එහෙම නැත්නම් deep fryer එකකට දාලා 150°C - 160°C අතර උෂ්නත්වයට අනිවාර්යයෙන්ම රත් කරගන්න ඕනි. මේ උෂ්නත්වය හරිම වැදගත් ක්‍රිස්පි වෙන්න. දැන් කුඩා කාණ්ඩ වශයෙන් විනාඩි 5-7 ක් වගේ අල ටික ෆ්‍රයි කරගන්න. අලටිකහොදට cook වෙලා tender වෙන්න ඕනි pale කලර් එකක් එන්න ඕනි නමුත් බ්‍රවුන් වෙන්න දෙන්න එපා මේ stage එකේදී.

දැන් තෙල් හැන්දක් භාවිත කරලා fries ටික තෙල් බේරෙන්න paper towel හෝ වයර් රැක් මතට දාගන්න. සම්පූර්ණයෙන්ම නිවෙන්න ඕනි. ඔයාට පුලුවන් ශීතකරනයේ හෝ ෆ්‍රීසර් එකේ මේක පැයක් වගේ දාගන්නත්.

✅ දැන් දෙවන වර බැදීම. මේකට crisping කියලා කියනවා. දැන් තෙල් වල උෂ්නත්වය 190°C - 200°C ට වැඩි කරගන්න ඕනි. මේ උෂ්නත්වයන් හරිම වැදගත්.

නිවාගත් අල ටික දෙවෙනි වතාවට කුඩා කාණ්ඩ වශයෙන් විනාඩි 2-4ක් වගේ කාලයක් ඒවා රන්වන් දුඹුරු පාට වෙලා ක්‍රිස්පි වෙනකම් බදින්න. දැන් fries ටික පිරිසිදු වයර් රැක් එකක් මත හෝ පේපර් ටවල් දාගත්ත ප්ලේට් එකක් මත අතුරාගෙන වැඩිපුර තෙක් බේරෙන්න අරින්න.

✅ දැන් ඉක්මනින් ලුනු ටිකක් උඩින් ඉසගෙන ටොස් කරලා ඒවා හොදින් coat කරගන්න. ඔයා කැමති ඩිපින් සෝස් එකක් එක්ක (Ketchup හෝ මයොනීස් වගේ) පිලිගන්වන්න.

සශී හල්නෙත්ති 👩‍🍳

Chicken Shawarma රෙසිපි අංක 2 ............................................................කලින් ශවර්මා රෙසිපියක් දැම්මා....
02/11/2025

Chicken Shawarma රෙසිපි අංක 2 ............................................................
කලින් ශවර්මා රෙසිපියක් දැම්මා. මේ තියෙන්නේ ඒකෙ ලින්ක් එක 👇
https://www.facebook.com/share/p/14P4UEcFR1Y/

Chicken Shawarma රෙසිපි අංක 2 ............................................................
අවශ්‍ය දේවල්........................
☑️ කටු රහිත චිකන් thighs 680g
☑️ Plain yogurt 120g (කප් 1/2)
☑️ ඔලිව් ඔයිල් මේසහැදි 3 (45ml)
☑️ ලෙමන් යුෂ මේසහැදි 2
☑️ සුදුළුණු බික් 4 (තලා අඹරාගත්)
☑️ සූදුරු තේ හැන්දක් (ground)
☑️ කොත්තමල්ලි තේ හැන්දක් (ground)
☑️ paprika තේ හැන්දක් (ground)
☑️ කහකුඩු තේ හැදි 1/2
☑️ කුරුදු තේ හැදි ¼ (ground)
☑️ ගම්මිරිස් කුඩු තේ හැදි 1/2
☑️ ලුනු තේ හැන්දක්
☑️ කෑලි මිරිස් සැර අනුව

පිලිගැන්වීමට .........................
☑️ ශවර්මා රොටි (flatbreads/pita bread) - මේක ගෙදරදී හදාගන්න විදිය උඩ ලින්ක් එකෙන් ගිහින් ශවර්මා රෙසිපි අංක 01 අනුව හදාගන්න පුලුවන්.
☑️ ගාර්ලික් යෝගට් සෝස් හෝ tahini sauce
☑️ කපාගත් පිපිඤ්ඤා, තක්කාලි, සලාද කොළ සහ pickles

සාදා ගන්නා ආකාරය.......................................
✅ ලොකු බදුනක් අරගෙන, යෝගට්, ඔලිව් ඔයිල්, ලෙමන් යුෂ, සහ තලා අඹරාගත් සුදුළුණු දාලා whisk කරගන්න. ඊටපස්සේ ඒකට spices සියල්ල දාලා stir කරගන්න මැරිනේඩ් එක rich වගේම සුවදක් එනකම්.

✅ දැන් ඒකට චිකන් ටික දාලා මිශ්‍රණයෙන් ඒවා හොදට coat කරගන්න. හැම චිකන් කෑල්ලක්ම මිශ්‍රණයෙන් හොදට coat වෙන්න ඕනි.

✅ දැන් ඒ බදුන ආවරණය කරලා, චිකන් මැරිනේට් වෙන්න ශීතකරනයේ දාලා අවම වශයෙන් පැය දෙකක් තියන්න. රැයක් තියාගන්න පුලුවන් නම් ගොඩක් හොද flavors ගන්න පුලුවන්.

✅ දැන් grill pan එකක් හෝ skillet එකක් ලිපේ තියාගන්න medium-high heat එකක් යටතේ. skillet එකක් නම් භාවිත කරන්නේ, ඔලිව් තෙල් ටිකක් ඉහගෙන එක පැත්තක් විනාඩි 5-6ක් වගේ වෙන්න චිකන් වල දෙපැත්තම හොද gold කලර් එජක් ඇවිත් පිසෙනකම් sear කරගන්න. අවන් එකේ වුනත් රෝස්ට් කරගන්න පුලුවන්. ඒකට පාර්ච්මන්ට් ලයින් කරගත් ට්‍රේ එකක මැරිනේට් කරගත් චිකන් ටික අතුරලා 200°Cට preheat කරගත්ත අවන් එකක විනාඩි 25-30ක් බේක් කරගන්න ඕනි දෙපැත්තම චිකන් එකේ.

✅ cook වුනාට පස්සේ චිකන් එක මිනිත්තු කීපයක් තියෙන්න ඇරින්න strips වලට කපාගන්න් කලින්. edges ටිකක් charred වෙන්න ඕන වගේම ඇතුලත tender වෙන්නත් ඕනි.

✅ ඊටපස්සේ හදාගත්ත pita bread ටික warm කරගෙන ගාර්ලික් යෝගට් හෝ tahini sauce ටිකක් ඒකේ ගාගෙන ඊටපස්සේ චිකන් ලේය්‍ර් එකක් ඊටපස්සේ සලද කොල, තක්කාලි, සහ මොනහරි tangy pickle එකක් තියාගන්න.

✅ wrap up කරගෙන ටිකක් press කරලා පිලිගන්වන්න තමයි තියෙන්නෙ.

සශී හල්නෙත්ති 👩‍🍳

සති 1 1/2 තියාගන්න පුලුවන් දිය නොවෙන කඩේ තියෙන බටර් අයිසින් රෙසිපිය 👩‍🍳....................................................
02/11/2025

සති 1 1/2 තියාගන්න පුලුවන් දිය නොවෙන කඩේ තියෙන බටර් අයිසින් රෙසිපිය 👩‍🍳..............................................................................
කඩවලට පොඩි ව්‍යාපාරයක් විදියට කප්කේක් දාන අයට ගොඩක් වැදගත් රෙසිපියක්. හැකි තරම් ශෙයාර් කරන්න අනික් අයටත් බලන්න.

අවශ්‍ය දේවල්.......................
☑️ කාමර උෂ්නත්වයේ තබා ගත් මෙඩෝලි හෝ ඇස්ට්‍රා බටර් 200g (දියවෙලත් නැති හයියත් නැති ගාන)
☑️ අයිසින් ෂුගර් 600g
☑️ වැනිලා තේ හැදි 1/2
☑️ අවශ්‍ය පාට වලින් ෆුඩ් කලරින් (කලරින් භාවිත නොවනවා නම් අයිසින් ෂුගර් ප්‍රමාණය 500g සෑහෙනවා බටර් 200g ට)

සාදාගන්නා ආකාරය .....................................
✅ බදුනක් අරගෙන ඒකට බටර් සහ වැනිලා දාලා මිශ්‍රණය medium speed එකෙන් බීට් කරගෙන ක්‍රීම් කරගන්න ඕනි pale සහ fluffy වෙනකම්.

✅ ඊටපස්සේ අයිසින් ෂුගර් ටික වරකට ටික ටික කාණ්ඩ තුනක් යටතේ එකතු කරමින් බීට් කරගන්න ඕනි low speed එකෙන්.

✅ ඊටපස්සේ කලරින් එකතු කරගෙන කලවම් කරගන්න. මේ අයිසින් එක සති එකහමාරක් තියාගන්න පුලුවන් දියවෙන්නෙ නෑ...ඕක තමයි කඩවල කප් කේක්/කේක් වල එහෙම දාලා තියෙන අයිසින් එක

සශී හල්නෙත්ති 👩‍🍳

Bread Samosa රෙසිපිය 👩‍🍳...............................................මීට කලින් සාමාන්‍ය සමෝසා රෙසිපි දෙකක් දුන්නා මතක ...
02/11/2025

Bread Samosa රෙසිපිය 👩‍🍳...............................................
මීට කලින් සාමාන්‍ය සමෝසා රෙසිපි දෙකක් දුන්නා මතක ඇති. මේ ඒකෙ රෙසිපි දෙකේ ලින්ක් 👇 https://www.facebook.com/share/p/1ANmKJrbFY/

මේක bread samosa. ට්‍රයි කරලා බලන්නකො

අවශ්‍ය දේවල් (සමෝසා 10කට).......................................................
☑️ වාටි කපාගත් පාන් පෙති 10 ක්
☑️ මධ්‍යම ප්‍රමාණයේ තම්බාගෙන පොඩිකරගත් අල ගෙඩි දෙකක්
☑️ පිසගත් චිකන් හෝ බීෆ් (Minced) - අත්‍යවශ්‍යම නෑ
☑️ කරි පවුඩර් තේ හැදි භාගයක්
☑️ thyme තේ හැදි 1/2
☑️ චොප් කරගත් පොඩි ළුණු ගෙඩියක්
☑️ තලා අඹරාගත් සුදුළුණු බික් දෙකක්
☑️ ග්‍රේට් කරගත් කැරට් අලයක්
☑️ මිරිස් කුඩු සහ ගම්මිරිස් කුඩු තේ හැදි 1/2 බැගින්
☑️ ලුනු රස අනුව
☑️ පිරවුම තෙල් දාගන්න තෙල් මේසහැදි දෙකක්
☑️ පාන්පිටි මේසහැදි 2කට වතුර මේසහැදි 3ක් එක් කර සාදාගත් සීලීන් පේස්ට් එක
☑️ ගැබුරු තෙලේ බදින්න අවශ්‍ය ගානට තෙල්

සාදාගන්නා ආකාරය .....................................
✅ මුලින්ම ෆිලින් එක හදාගමු. පෑන් එකකට තෙල් මේසහැදි දෙකක් දාලා රත් කරගන්න.ළුණු සහ සුදුළුණු දාලා සුවදක් එනකම් saute කරගන්න. ඊටපස්සේ ඒකට කැරට්, පොඩිකරගත් අල, minced චිකන් හෝ බීෆ් දාගන්න. දැන් කරි පවුඩර්, thyme, මිරිස් සහ ලුනු එකතු කරලා හැන්දෙන් කලවම් කරගන්න. හොදට කලවම් කරලා විනාඩි 3ක් පිසගන්න. ඊටපස්සේ නිවෙන්න පැත්තකින් තබා ගන්න.

✅ දැන් පාන් පෙති වල වාටි කපාගන්න. ඒවා හැම එකක්ම රෝලින් පින් එකෙන් තද කරලා flatten කරගන්න. හැම පාන් පෙත්තක්ම විකර්ණ හැඩයට දෙකට කපලා ත්‍රිකෝණාකාර පෙති දෙකක් එක පාන් පෙත්තකින් හදාගන්න.

✅ ඊටපස්සේ පාන්පිටි සහ වතුර එකතු කරලා සීලින් පේස්ට් එක හදාගන්න. දැන් කපාගත් ත්‍රිකෝණාකාර පාන් පෙත්තක ෆිලින් එකෙන් පොඩ්ඩක් තියලා දාර ටික පේස්ට් එකෙන් බ්‍රශ් කරගන්න. අනික් ත්‍රිකෝණයෙන් ඒක උඩින් තියලා ප්‍රෙස් කරලා edges ටික පේස්ට් එකෙන් සීල් කරගන්න. ඊටපස්සේ දෙපැත්තම රන්වන් පාට වෙනකම් ගැබුරු තෙලේ බැදගන්න. පේපර් ටවල් උඩින් තියලා තෙල් බේරෙන්න තියාගන්න.

⭕ පාන් යොදාගත් නිසා බාහිරින් හොදට ෆ්‍රයි වෙන නිසා මම මේකට බිස්කට් කුඩු යොදාගත්තෙ නෑ.

සශී හල්නෙත්ති 👩‍🍳

Address

Panadura

Alerts

Be the first to know and let us send you an email when Sashi Halneththi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sashi Halneththi:

Share