Happy Life

Happy Life This is shrot trip enjoy your it
(9)

09/08/2026

ආදරය, ජීවිතය, දාරාගැනීම්

ආදරය ❤️
09/08/2026

ආදරය ❤️

ආදරය තුළදී බොරුවක් කරන්න එපා… ඔයාට ඇත්ත කියන්න බැරි නම්, අඩුම තරමේ බොරුවක් කියලා කෙනෙක්ගේ හිත රවට්ටන්නත් එපා.ආදරේ කරන කෙ...
09/08/2026

ආදරය තුළදී බොරුවක් කරන්න එපා…
ඔයාට ඇත්ත කියන්න බැරි නම්, අඩුම තරමේ බොරුවක් කියලා කෙනෙක්ගේ හිත රවට්ටන්නත් එපා.
ආදරේ කරන කෙනෙක්ට ඇත්ත දැනගත්තම රිදෙයි…
හැබැයි බොරුවක් විශ්වාස කරලා ජීවත් වෙලා,
එක දවසක ඒ බොරුව අහුවුණාම ඒ වේදනාව ඊට වඩා දරුණුයි. මොකද එදාට නැතිවෙන්නේ
ආදරය විතරක් නෙමෙයි… “මං ඔයාව විශ්වාස කළා” කියන හිතේ තිබුණු අන්තිම ආරක්ෂාවත්.
ඒ නිසා ආදරේදී
ඇත්ත කියන්න…
රිදුණත් ඇත්ත කියන්න.
මොකද බොරුවකින් රැකගන්න හදන ආදරයක්,
අවසානයේ ඒ බොරුවෙන්ම නැතිවෙන්න පුළුවන්.
(Copied)

එකක් හරි කියවන්න...ඉතින් බැරි වුනොත් මේ ආත්මෙට මගේ වෙන්න... මං ඒක හරිම හෙමින්, හදවතින්ම බාරගන්නම්. සමහර ප්‍රේමයන් තියෙනව...
06/08/2026

එකක් හරි කියවන්න...

ඉතින් බැරි වුනොත් මේ ආත්මෙට මගේ වෙන්න... මං ඒක හරිම හෙමින්, හදවතින්ම බාරගන්නම්. සමහර ප්‍රේමයන් තියෙනවා, එකට ජීවත් වෙන්න ලියවිලා නැති, ඒත් ජීවිතේ තියෙනකම්ම හදවත අස්සේ රිදුමක් එක්ක පිරිලා ඉතිරෙන. අපේ කතාවත් අන්න ඒ වගේ එකක් කියලා මං දැන් තේරුම් අරන් ඉවරයි.

සමහර හැන්දෑවන්වල මට ඔයා ගැන හිතුණු තරම... ඔයා ළඟින් නැති අඩුව මගේ මුළු ආත්මයටම දැනුණු තරම මං කාටවත්ම කිව්වේ නෑ. ඒ හැම නොකියූ වචනයක්ම, හැම සුසුමක්ම මං පෑනක කොනෙන් සුදු කොළ කැබලිවලට හැලුවා. අද මා ළඟ ඔයා වෙනුවෙන්ම ලියවුණු කවි පොත් පිරිලා තියෙනවා. ඒ හැම පිටුවකම, හැම අකුරක් අස්සෙම ගෑවිලා තියෙන්නේ ඔයාගේ සුවඳ විතරයි. ඉතින්, මං ඔයාගෙන් ලොකු දෙයක් ඉල්ලන්නේ නැහැ...

කවදාහරි දවසක ඒ කවි පොත් අතරින් එකක් හරි කියවන්න. එකම එක පදයක් හරි ඔයාගේ නෙතට හමු වෙනවා නම්, මගේ මේ පාලු හිතට ඒ ඇති.

කාලය හරිම ඉක්මනින් ගලාගෙන යනවා. අපේ පාරවල් දැන් වෙනස්. ඒත් නුහුරු වීදියකදී, හුදෙකලා වැසි බර හැන්දෑවක අපි අහම්බෙන් හමු වුණොත්... මගේ මේ පාලු දෑස් දිහා මොහොතකට බලන්න. මගේ හදවතේ ඔයා වෙනුවෙන් තාමත් ඉතිරි වෙලා තියෙන ඒ ලස්සන මතක අතරින් එකක් හෝ දැක ගන්න...

එදාට මං ඔයාට කිසිම දෙයක් නොකියා හිතින් විතරක් සමුගෙන යන්න යාවි. ඒත් ඒ අකුරු අස්සේ තියෙන මගේ ආත්මයේ රිදුම දැනෙද්දී, ඔයාටම තේරෙයි... මෙච්චර කාලයක් මගේ හිතේ තිබුණු ඒ නිහඬ ආදරේ වග පොත් පවා ලියවෙන්න !

24/07/2026
24/07/2026

❤️❤️❤️❤️

මට කවුරුත් නැතිවහිත කැඩිලා වැටෙන මොහොතක,මට අල්ලගන්න ඕන වුන අතමං ලග හිටියෙ නෑ…මට හුස්ම ගන්න එකත් බර වෙලා තිබ්බ වෙලාවක,මට ...
14/07/2026

මට කවුරුත් නැතිව
හිත කැඩිලා වැටෙන මොහොතක,
මට අල්ලගන්න ඕන වුන අත
මං ලග හිටියෙ නෑ…

මට හුස්ම ගන්න එකත් බර වෙලා තිබ්බ වෙලාවක,
මට “මම ඉන්නවා” කියලා කියන්න
ඕනම කෙනා නැතිවුනා…

මට කතා කරන්න ඕන වුන වෙලාවට
නිහඩවීමක් විතරයි ලැබුනේ…
මට ආදරේ අවශ්‍ය වුන වෙලාවට
දුරස්වීමක් විතරයි දැනුනේ…

ඒ වෙලාවට මට තේරුනේ,
කෙනෙක් අපිට වටිනවා කියන එකට වඩා
අපිට වටින වෙලාවට
එයා අපි එක්ක ඉන්නවද කියන එක
තමයි ඇත්තම වැදගත්…

මොකද…
සතුටේදි ලග ඉන්න කෙනාට වඩා,
ප්‍රශ්නයක් වුන වෙලාවෙ
අපිව අතහැර යන්නේ නැති කෙනා
තමයි ඇත්තටම අපිට ආදරේ කෙනා…

ඒත් එදා…
මට ඒ කෙනා නැතිවුනා…

ඒ නිසාම අද,
මට එයා නැතුව ජීවත් වෙන්න වුනත්,
එදා මට එයා හිටියා නම්…
මගේ හිත මේ තරම් කැඩිලා තියෙන්නෙ නැති වෙයි..! ❤️‍🩹

💔🇵🇹 අවසානයේ ලෝක කුසලාන වේදිකාවට සමුදුන් පෘතුගාලයේ සදාකාලික අංක 7...1930 සිට 2002 දක්වා වසර 72ක ලෝක කුසලාන ඉතිහාසය තුළ පෘ...
07/07/2026

💔🇵🇹 අවසානයේ ලෝක කුසලාන වේදිකාවට සමුදුන් පෘතුගාලයේ සදාකාලික අංක 7...

1930 සිට 2002 දක්වා වසර 72ක ලෝක කුසලාන ඉතිහාසය තුළ පෘතුගාලය ලෝක කුසලානයට සුදුසුකම් ලැබුවේ අවස්ථා තුනකදී පමණි. යුරෝ කුසලාන තරගාවලියටත් ඔවුන්ගේ සහභාගීත්වය ඉතා සීමිත වූ අතර, ජාත්‍යන්තර පාපන්දු පිටියේ ප්‍රධාන ශූරතාවක් ඔවුන් සතුව තිබුණේ නැහැ.

ඒත් 2004දී තරුණ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පෘතුගාල ජාතික කණ්ඩායමට එක්වීමත් සමඟ එම කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.

එදා සිට පෘතුගාලය ලෝක පාපන්දු බලවතෙක් බවට පත්වුණා. සෑම ප්‍රධාන තරගාවලියකටම සුදුසුකම් ලබන කණ්ඩායමක් බවට ඔවුන් පත්වූ අතර, වසර ගණනාවක් සිහිනයක්ව තිබූ ජාත්‍යන්තර ශූරතාවද අවසානයේ යථාර්ථයක් වුණා.

🏆 2016දී රොනාල්ඩෝගේ නායකත්වයෙන් පෘතුගාලය ඉතිහාසයේ පළමු යුරෝ කුසලානය ජයගත්තා.

🏆 2019 සහ 2025 UEFA Nations League ශූරතාවන්ද ඔහුගේ නායකත්වය සහ දායකත්වය සමඟ පෘතුගාලය දිනාගත්තා.

ඒ අතරතුර ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා බවට පත්වුණා. තවමත් කිසිවෙකුට බිඳ දැමීමට නොහැකි වූ එම වාර්තාව ඔහු සතුයි. එපමණක් නොව, අඛණ්ඩ ලෝක කුසලාන 6කදී ගෝල රැස් කළ ලොව එකම ක්‍රීඩකයා ලෙසද ඔහුගේ නම ඉතිහාසයට එක්වී තිබෙනවා.

රොනාල්ඩෝ ගෝල පමණක් ගැහුවේ නැහැ...

ඔහු පෘතුගාලයට විශ්වාසයක් ලබාදුන්නා. ජයග්‍රහණයේ සංස්කෘතියක් ගොඩනැගුවා. ලෝකය ඉදිරියේ පෘතුගාල නාමය ගෞරවයෙන් ඔසවා තැබුවා.

ඔහුගේ ක්‍රීඩා දිවිය දෙස බලාගෙන පාපන්දු සිහින දැකපු තරුණ ක්‍රීඩකයන් අද ලෝකයේ සුපිරි තරු බවට පත්වෙලා ඉන්නවා. පිටියේදීත්, පිටියෙන් පිටතදීත් ඔහු දුන් ආදර්ශය පරම්පරාවන් ගණනාවකටම උරුමයක්.

අද ඔහු නිල වශයෙන් ප්‍රකාශ කරලා තියෙනවා...

මෙය තමන්ගේ අවසන් ලෝක කුසලානය බව. 💔

ස්පාඤ්ඤය හමුවේ ලැබූ පරාජයත් සමඟ ලෝක පාපන්දු ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම චරිතයකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, ලෝක කුසලාන වේදිකාවෙන් සමුගන්නවා.

ඔහු ලෝක කුසලානයක් නොදිනුවා විය හැකියි...

නමුත් පෘතුගාලය ලෝක පාපන්දු සිතියමේ බලවත් නාමයක් බවට පත්කිරීමට කළ සේවය කිසිදා මකා දැමිය නොහැකියි.

අනාගතයේ තවත් දක්ෂ ක්‍රීඩකයන් බිහි වේවි. වාර්තා බිඳ වැටේවි. නව වීරයන් බිහි වේවි.

නමුත්...

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ කියන නම පාපන්දු ඉතිහාසයේ සදාකාලික පරිච්ඡේදයක්.

පෘතුගාල ජර්සියෙන් ලෝක කුසලානයක ඔහුව නැවත දකින්න ලැබෙන්නේ නැහැ.

ඒ හිස්තැන කිසිදා පිරවිය නොහැකි එකක්.

ස්තූතියි CR7. ❤️🇵🇹

දශක දෙකකට අධික කාලයක් ලෝක පාපන්දු රසිකයන්ට ඔබ ලබාදුන් සෑම මොහොතක්ම, සෑම ගෝලයක්ම, සෑම සැමරුමක්ම සහ සෑම මතකයක්ම සදාකාලිකයි.

Legends never die. They live forever in the hearts of football fans. ❤️❤️

04/07/2026

🤍🙂

Address

Pannipitiya
Pannipitiya
10230

Website

Alerts

Be the first to know and let us send you an email when Happy Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share