පුලතිසි News

පුලතිසි News JSG MEDIA NETWORK
JS Television | Pulathisi News

28/07/2025

🟥 Update : බොරැල්ල කනත්ත වටරවුමේ සිදුවූ රිය අනතුරෙන් එක් අයෙකු මියයයි. 4 දෙනෙකුට තුවාල.
- පොලිස් මාධ්‍ය ප්‍රකාශක

🟥 බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේදී දොබකරයක් වාහන කිහිපයක ගැටී සිදු වූ අනතුරක් හේතුවෙන්, ඒ ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක්. - ...
28/07/2025

🟥 බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේදී දොබකරයක් වාහන කිහිපයක ගැටී සිදු වූ අනතුරක් හේතුවෙන්, ඒ ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක්. - පොලිසිය

🟥 අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් පැමිණිලි 2,138ක් - අල්ලස් කොමිසමඅල්ලස්  හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් පැමිණිලි 2,138ක් ලැ...
21/07/2025

🟥 අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් පැමිණිලි 2,138ක් - අල්ලස් කොමිසම

අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් පැමිණිලි 2,138ක් ලැබී ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
එම කොමිසම පැවසුවේ, මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට මැයි 31 වැනිදා දක්වා කාලය තුළ වැටලීම් 44ක් සිදුකර ඇති අතර එහිදී සැකකරුවන් 31 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් පිරිස අතරට පොලිස් නිලධාරීන් 8 දෙනෙකු ඇතුළත් වේ.

ගතවූ මාස 6 තුල අල්ලස්, දූෂණ, වත්කම් බැරකම් හෙළි නොකිරීම, අයුතු වත්කම් ඉපැයීම සම්බන්ධයෙන් මහාධිකරණයේ නඩු 42ක් පවරා ඇති අතර ඇතැයි ද අල්ලස් කොමිසම සඳහන් කළේ ය.

එම කාලසීමාව තුළ පුද්ගලයින් 45 දෙනෙකු චූදිතයින් වී තිබේ.

🟥 වසර 20ක් කෝමා තත්ත්වයේ සිටි සෞදියේ 'නිදන කුමරා' ජීවිතක්ෂයටසෞදියේ 'නිදන කුමරා' ('Sleeping Prince' ) අල්වලීඩ් බින් කලීඩ්...
21/07/2025

🟥 වසර 20ක් කෝමා තත්ත්වයේ සිටි සෞදියේ 'නිදන කුමරා' ජීවිතක්ෂයට

සෞදියේ 'නිදන කුමරා' ('Sleeping Prince' ) අල්වලීඩ් බින් කලීඩ් (Alwaleed Bin Khaled ) වසර 20ක් කෝමා තත්ත්වයේ සිටීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ.
1990 අප්‍රේල් 18 වන දින උපත ලැබූ අල්වලීඩ් බින් කලීඩ් කුමරු සෞදි රාජකීය පවුලේ ප්‍රමුඛ සාමාජිකයෙකු වන කලීඩ් බින් තලාල් අල් සවුද් කුමරුගේ වැඩිමහල් පුත්‍රයායි

ඒ වගේම ඔහු නූතන සෞදි අරාබියේ නිර්මාතෘ අබ්දුලාසිස් රජුගේ මී මුනුපුරා ද වෙයි.

අල්වලීඩ් කුමරු 2005 දී ලන්ඩනයේ හමුදා විද්‍යාලයක ඉගෙනුම ලබමින් සිටියදී වයස අවුරුදු 15 දී බරපතල මෝටර් රථ අනතුරකට ලක් වෙයි.

මේ අනතුරෙන් මොළයේ රුධිර වහනයක් සහ අභ්‍යන්තර රුධිර වහනයක් ඇතුළු දරුණු මොළයේ කම්පනයක් ඇති වූ අතර එමගින් ඔහු සම්පූර්ණ කෝමා තත්ත්වයට පත් වුවේ ය.

ඔහුගේ පවුලේ අය ලොව පුරා විශේෂඥයින්ගෙන් වෛද්‍ය ප්‍රතිකාර කළ නමුත් ඒ කිසිවකින් අල්වලීඩ් කුමරු සිහිය ලබා ගත්තේ නෑ

කෝමා තත්ත්වයේ ගත කළ වසර 20 පුරාම අල්වලීඩ් කුමරු නිරන්තර වෛද්‍ය ප්‍රතිකාර යටතේ සිටියේ ය.

2019 දී ඇඟිලි චලනයන් සහ හිස හැරීම් වැනි සුළු භෞතික ප්‍රතිචාර කෙටි බලාපොරොත්තුවක් ලබා දුන් නමුත්, ඔහුගේ තත්වය යහපත් වූයේ නෑ.

වසර 20ක් කෝමා තත්ත්වයේ සිටි අල්වලීඩ් කුමරු ඊයේ මිය ගියේ ය.

🟥 ඉරානයේ බස් අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු මියයයි.ඉරානයේ ෂිරාස් ප්‍රදේශයේදී බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් 21 දෙනෙකු මි...
21/07/2025

🟥 ඉරානයේ බස් අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු මියයයි.

ඉරානයේ ෂිරාස් ප්‍රදේශයේදී බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් 34 දෙනෙකු ඉන් තුවාල ලබා ඇති බවයි.

ඉරානය, රිය අනතුරු බහුලව සිදුවන රටක්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉරානයේ වාර්ෂිකව රිය අනතුරු 17000කට අධික ප්‍රමාණයක් වාර්තා වන බවයි.

🟥 වියට්නාමයේ සංචාරක බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයින් 34 දෙනෙකු මියයයි.වියට්නාමයේ ලොන්ග් බොක්ක කලාපයේ සංචාරක බෝට්ටුවක් පෙරළ...
21/07/2025

🟥 වියට්නාමයේ සංචාරක බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයින් 34 දෙනෙකු මියයයි.

වියට්නාමයේ ලොන්ග් බොක්ක කලාපයේ සංචාරක බෝට්ටුවක් පෙරළීමෙන් මියගිය සංඛ්‍යාව 34ක් දක්වා ඉහළ ගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වර්ශා සහිත කාලගුණය හේතුවෙන් බෝට්ටුව අනතුරට ලක්ව ඇති බවයි

අනතුර සිදුවන අවස්ථාවේදී එම බෝට්ටුව තුළ සංචාරකයින් 53 දෙනෙකු සිට තිබේ.

ඉන් 11 දෙනෙකුට දිවි බේරා ගැනිමට හැකි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

🟥 අස්වැසුමට අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය හෙටින් අවසන්.අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ වැඩසටහන සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ ...
21/07/2025

🟥 අස්වැසුමට අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය හෙටින් අවසන්.

අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ වැඩසටහන සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය හෙටින්(21) අවසන් වේ.
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සදහන් කළේ, දෙවැනි අදියර සදහා අයදුම්පත් 30000කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට ලැබී ඇති බවයි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අදාල අභියාචනා භාරදිය හැකිවන අතර අනතුරුව ඒවා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට යොමු කරනු ලැබේ.

හෙටින් පසු, අභයාචනා සමාලෝචනය කිරීමට නියමිතයි.

🟥 කෑගල්ල, ගලිගමුව ප්‍රදේශයේදී සිදුවු බස් රථ අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකුට තුවාලකෑගල්ල, ගලිගමුව ප්‍රදේශයේදී සිදුවූ බස්ර...
21/07/2025

🟥 කෑගල්ල, ගලිගමුව ප්‍රදේශයේදී සිදුවු බස් රථ අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකුට තුවාල

කෑගල්ල, ගලිගමුව ප්‍රදේශයේදී සිදුවූ බස්රථ අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය පැවසුවේ අද(21) අළුයම 5.20ට පමණ කෑගල්ල සිට රත්නපුර බලා ධාවනයවූ පුද්ගලික බස් රථයක් හා වේරගොඩ සිට කෑගල්ල බලා ධාවනයවූ ලංගම බස් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් තුවාල ලැබුවන් කෑගල්ල හා වරකාපොල රෝහලවලට ඇතුලත් කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

🟥 අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක, අතිපුජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි අනුනාහිමියෝ අපවත්වෙති.මහා  විහාරවංශික ශ්‍යාමෝපා...
21/07/2025

🟥 අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක, අතිපුජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි අනුනාහිමියෝ අපවත්වෙති.

මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක, අතිපුජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි ස්වාමින්ද්‍රයන් වහන්සේ අපවත්ව තිබේ.
කුරණෑගල, වයඹ ඇත්කඳ රජමහා විහාරාධිපති, අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි අනුනාහිමියන් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ(20) රාත්‍රියේ අපවත්වන විට 67 වැනි වියේ පසුවිය.

18/07/2025

උදෑසන දුම්රියට ගල්ලෑල්ලේ දී වන අලියෙකු ගැටෙයි...

වන අලියා ජීවිතක්ෂයට පත්වන ආකාරය ඇතුලත් සංවේදී දර්ශන ..😢

🟥 උදෑසන දුම්රියට ගල්ලෑල්ලේ දී වන අලියෙකු ගැටෙයි... වන අලියා ජීවිතක්ෂයට ..පැය කිහිපයක් යනතුරු වන ජීවී නිලධාරීන් නොපැමිණිය...
18/07/2025

🟥 උදෑසන දුම්රියට ගල්ලෑල්ලේ දී වන අලියෙකු ගැටෙයි... වන අලියා ජීවිතක්ෂයට ..පැය කිහිපයක් යනතුරු වන ජීවී නිලධාරීන් නොපැමිණියායි ගම්වාසීන්ගෙන් චෝදනා ...

10/07/2025

🟥 ඓතිහාසික සෝමවතී රජමහා විහාර පුදබිමබිමේ සිට සජීවීව...

Address

Polnnaruwa
Polonnaruwa
51000

Telephone

+94750227985

Website

Alerts

Be the first to know and let us send you an email when පුලතිසි News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to පුලතිසි News:

Share