Pulathisi News

Pulathisi News JSG MEDIA NETWORK
JS Television | Pulathisi News

🥲 කලා ලොවේ ප්‍රවීණයෙකු වූ රංගන ශිල්පී නලින් ප්‍රදීප් උඩුවෙල මහතා දිවි ගමනට සමුදෙයි..ඔබට නිවන් සුව!.JS Television | Janit...
23/09/2025

🥲 කලා ලොවේ ප්‍රවීණයෙකු වූ රංගන ශිල්පී නලින් ප්‍රදීප් උඩුවෙල මහතා දිවි ගමනට සමුදෙයි..

ඔබට නිවන් සුව!.

JS Television | Janitha Sudarshana | Pulathisi News | සන්දාරා

🟥 සම්පත් මනම්පේරි වළ දැමූ උණ්ඩ ඇතුළු ආයුධ තොගයක් මිද්දෙණියේ ඉඩමක තිබී සොයා ගැනේ..සම්පත් මනම්පේරි නැමැත්තා වළ දැමූ බව කිය...
22/09/2025

🟥 සම්පත් මනම්පේරි වළ දැමූ උණ්ඩ ඇතුළු ආයුධ තොගයක් මිද්දෙණියේ ඉඩමක තිබී සොයා ගැනේ..

සම්පත් මනම්පේරි නැමැත්තා වළ දැමූ බව කියන උණ්ඩ ඇතුළු ආයුධ තොගයක් මිද්දෙණියේ ඉඩමක තිබී සොයා ගෙන තිබේ.
ඒ, ඔහු විසින් ලබාදුන් තොරතුරු මත ඉඩමේ කල සෝදිසි මෙහෙයුමකදී ය.

පොලීසිය පැවසුවේ, එහි තිබී රන්පැහැති ටී 56 මැගසින් 2ක්, ටී 56 උණ්ඩ 115 ක්, අත් බෝම්බයක්, කැඩී ගිය මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් සොයා ගත් බවයි.

මෙම ආයුධ සැකකරු විසින් පසුගිය 3 වැනිදා සිය අනියම් බිරිඳගේ නිවස පිහිටි ඉඩමේ වළ දමා ගොස් ඇතැයි සිදු කළ විමර්ශන වලදී අනාවරණ වී තිබේ.

මිද්දෙණියේ ඉඩමකින් අයිස් මත්ද්‍රව්‍ය සහ කන්ටේනර් දෙකක් සොයා ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන අපේක්ෂක සම්පත් මනම්පේරි නැමැත්තා පසුගිය 17 වැනිදා වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට භාරවිය.

මේ අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ සිටින සම්පත් මනම්පේරි නැමැත්තා ඊයේ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය වෙත රැගෙන ආවේ මිද්දෙණිය ප්‍රදේශයේ ඔහුට අයත් ඉඩමක අයිස් මත්ද්‍රව්‍ය වළ දමා තිබී සොයා ගැනීමේ සිද්ධියට අදාළව ප්‍රශ්න කිරීම සඳහායි.

🟥 EPF සම්බන්ධ ජනතා ගැටලු විසඳීමට අද සිට විශේෂ සතියක් ඇරඹෙයි..සේවක අර්ථසාධක අරමුදල හෙවත් EPF සම්බන්ධයෙන් ජනතාවට පවතින ගැට...
22/09/2025

🟥 EPF සම්බන්ධ ජනතා ගැටලු විසඳීමට අද සිට විශේෂ සතියක් ඇරඹෙයි..

සේවක අර්ථසාධක අරමුදල හෙවත් EPF සම්බන්ධයෙන් ජනතාවට පවතින ගැටලු විසඳීම සඳහා අද සිට විශේෂ සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.
කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද මහත්මිය පැවසුවේ , නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කම්කරු කාර්යාලයට හා රටපුරා පවතින සෑම දිස්ත්‍රික් කම්කරු කාර්යාලයකින්ම මෙම සේවා ලබාගත හැකි බවයි.

🟥 සයිබර් අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි 6512 ක්වසරේ පළමු මාස 7 තුළ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන සයිබර් අපරාධ සම්බන්ධයෙන් පැමිණිල...
22/09/2025

🟥 සයිබර් අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි 6512 ක්

වසරේ පළමු මාස 7 තුළ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන සයිබර් අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි 6512 ක් වාර්තා වන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
එහි ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු චාරුක දමුණුපොළ මහතා පැවසුවේ , ඒ අතරින් මුදල් වංචා වීම් සම්බන්ධ පැමිණිලි 1198 ක් වාර්තා වන බවයි.

ඒ අතරින් වැඩි ප්‍රමාණයක් ෆේස්බුක් ව්‍යාජ ගිණුම් හරහා සිදුකරන සිදුවීම්, අන්තර්ජාලය ඔස්සේ සිදුවන ලිංගික හිංසනයන්, අපහාස කිරීම්, වට්ස්ඇප් ගිණුම් හැක් කිරීම් වාර්තා වෙයි

🟥 චීනය සමග TikTok ගිවිසුම සඳහා අමෙරිකානු ආයෝජකයින් නම් කෙරේ..චීනය සමග සිදුකිරීමට නියමිත TikTok ගිවිසුම සඳහා අමෙරිකානු ජන...
22/09/2025

🟥 චීනය සමග TikTok ගිවිසුම සඳහා අමෙරිකානු ආයෝජකයින් නම් කෙරේ..

චීනය සමග සිදුකිරීමට නියමිත TikTok ගිවිසුම සඳහා අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ආයෝජකයින් නම් කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයින් වන රූපට් මර්ඩොක්, ලැච්ලන් මර්ඩොක්, ඔරකල් සමාගමේ ප්‍රධාන තාක්ෂණික නිලධාරී ලැරී එලිසන් හා ඩෙල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මයිකල් එස්. ඩෙල් එලෙස නම් කර ඇති බවයි.

චීනයේ බයිට්ඩාන්ස් සමාගම සතු TikTokහි අමෙරිකාවේ පවතින කොටස් අමෙරිකාවට පැවරීම මෙම ගනුදෙනුවේදී සිදු වෙයි.

ජනපතිවරයා වැඩිදුරටත් පැවසුවේ, එම ගිවිසුම සම්බන්ධයෙන් මේ වන විට ප්‍රගතියක් ලබා ඇති බවයි.

පසුගිය ජෝ බයිඩන් පාලනය ජාතික ආරක්ෂාව මත පදනම්ව අමෙරිකාව තුළ ටික්ටෝක් තහනම් කළ නමුත්, ඩොනල්ඩ් ට්‍රම්ප්, එම තහනම කල් දැමුවේ ය.

ඒ අනුව අමෙරිකාව කොන්දේසි පැනවූවේ තහනම ඉවත් කිරීමට නම්, TikTokහි චීන මව් සමාගම සතු කොටස් චීන නොවන වෙනත් පාර්ශ්වයකට අලෙවි කරන ලෙසයි.

🟥 නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 78 දෙනෙකු නාවික හමුදාව භාරයට..නීති විරෝධී ලෙස ධීවර කටයුතුව නිරතවූ පුද්...
21/09/2025

🟥 නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 78 දෙනෙකු නාවික හමුදාව භාරයට..

නීති විරෝධී ලෙස ධීවර කටයුතුව නිරතවූ පුද්ගලයින් 78 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව භාරයට ගෙන තිබේ.

නාවික හමුදාව පැවසුවේ සති දෙකක් තුල සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල්, පුපුරණ ද්‍රව්‍ය සහ නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන් ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් හැත්තෑඅට දෙනෙකු, ඩිංගි යාත්‍රා තිස්පහක් සහ බහුදින ධීවර යාත්‍රාවක් සිය භාරයට ගෙන ඇති බවයි.

නීති විරෝධී ධීවර ආම්පන්න සහ පන්න ක්‍රම භාවිතයෙන් සිදුකරණු ලබන ධීවර කටයුතු හේතුවෙන්, සාගර පරිසර පද්ධතියට සිදුවන අහිතකර බලපෑම වැලැක්වීම සඳහා මෙන්ම නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රචලිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව දේශීය ජල තීරය ආවරණය වන පරිදි නිරන්තර මෙහෙයුම් සිදුකරනු ලබයි.

නාවික හමුදාව පැවසුවේ සැකකරුවන්, තහනම් ධිවර ආම්පන්න, පුපුරණ ද්‍රව්‍ය සහ ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රීකුණාමලය, සාම්පූර්, වෙරුගල්, කොඩ්බේ, කුච්චවේලි, කින්නියා, මුලතිව්, මඩකලපුව, කල්මුනේ සහ යාපනය ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත භාරදීමට කටයුතු කර ඇති බවයි.

🟥 අදත් දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසිඅද(21) ප්‍රදේශ රැසකට තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඒ අන...
21/09/2025

🟥 අදත් දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි

අද(21) ප්‍රදේශ රැසකට තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව බස්නාහිර, සහ සබරගමුව පළාත්වල, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැකියි.

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් මධ්‍යම, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30 - 40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං මඟින් සිදු විය හැකි අනතුරු, අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ.

මේ අතර හලාවත සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 සිට 55 දක්වා දක්වා ඉහළ යා හැකියි

එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

🟥 මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් මිලියන 8000ක් අවභාවිතා වීම පිළිබඳ විමර්ශනයක් - නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායකමධ්‍යම...
21/09/2025

🟥 මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් මිලියන 8000ක් අවභාවිතා වීම පිළිබඳ විමර්ශනයක් - නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක

මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලයේ අනුමැතියකින් තොරව රුපියල් මිලියන 8000 කට වැඩි ප්‍රමාණයක් අවභාවිතා වී ඇති බවට අනාවරණය වී තිබේ.

බුද්ධ සාශන සහ ආගමික කටයුතු නියොජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පැවසුවේ, ඒ පිළිබඳ විමර්ශනය සඳහා පත් කළ කමිටුව, එම තොරතුරු අනාවරණය කර බවයි.

ඒ අනුව එම කමිටුවේ අවසන් වාර්තාවෙන් අනතුරුව මහජන මුදල් එලෙස අවභාවිතා කළ පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

🟥 සමාජයේ ව්‍යාජ මුදල් නෝට්ටු බහුලව සංසරණය වන බවට CIDයෙන් අනාවරණයක්සමාජයේ බහුලව ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වන බවට අපරාධ ප...
21/09/2025

🟥 සමාජයේ ව්‍යාජ මුදල් නෝට්ටු බහුලව සංසරණය වන බවට CIDයෙන් අනාවරණයක්

සමාජයේ බහුලව ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් මහතා පවසයි.

මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මේ වසරේදී ව්‍යාජ පන් දහසේ නෝට්ටු 407ක් පොලීසිය භාරයට ගෙන ඇති බවයි.

🟥 ගුවන්තොටුපොළේ වැසිකිළියක තිබී කෝටි ගාණක මත්ද්‍රව්‍ය සොයා ගනී.රුපියල් එක්කෝටි හැට අට ලක්ෂ හතළිස්දහසක් වටිනා කුෂ් සහ හෂී...
20/09/2025

🟥 ගුවන්තොටුපොළේ වැසිකිළියක තිබී කෝටි ගාණක මත්ද්‍රව්‍ය සොයා ගනී.

රුපියල් එක්කෝටි හැට අට ලක්ෂ හතළිස්දහසක් වටිනා කුෂ් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ, පිරිමි වැසිකිළිය තුළ දමා ගොස් තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අද (20) සොයා ගෙන තිබේ.

මෙහි කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 422ක් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 262ක් තිබී සොයා ගෙන ඇත.

වැසිකිළිය පිරිසිදු කිරීමට පැමිණි සේවකයෙකු විසින් මෙම පාර්සල් කිහිපය දැක ඇති අතර ඔහු ඒ පිළිබඳව කටුනායක ගුවන්තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් දැනුවත් කර තිබේ.

පසුව ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් දැනුවත් කර ඇති අතර ඔවුන් විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය සිය භාරයට ගෙන ඇත.

කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

🟥 නාවලපිටියේ දී  ත්‍රීරෝද රථයක් ගිනි ගනීනාවලපිටියේ සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබු ත්‍රීරෝද රථයක ගින්නක් හට ගෙන තිබේ.ධ...
20/09/2025

🟥 නාවලපිටියේ දී ත්‍රීරෝද රථයක් ගිනි ගනී

නාවලපිටියේ සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබු ත්‍රීරෝද රථයක ගින්නක් හට ගෙන තිබේ.

ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයේ හදිසියේ ඇතිවූ කාර්මික දෝෂයක් රියදුරා විසින් පරික්ෂා කිරීමට යෑමේදි එක්වරම ගින්න හට ගෙන ඇති බව නාවලපිටිය පොලීසිය පැවසුවේය.

ප්‍රදේශවාසීන් සහ ගිනිගත්හේන පොලිස් නිලධාරීන් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කළ ද ගින්නෙන් ත්‍රීරෝද රථයට දැඩිව අලාභ හානි සිදු ව ඇති බව වාර්තා වේ.

ගින්න හට ගන්නා අවස්ථාවේ ත්‍රීරෝද රථයේ දෙදෙනෙකු ගමන් කර ඇති අතර ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැත.

🟥 නීති විරෝධී ලෙස ධීවර කටයුතු කළ 78ක් නාවික හමුදා භාරයටදේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුමක් මගින් තහනම් ...
20/09/2025

🟥 නීති විරෝධී ලෙස ධීවර කටයුතු කළ 78ක් නාවික හමුදා භාරයට

දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුමක් මගින් තහනම් ධීවර දැල් භාවිතයෙන්, පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සහ විදුලි ආලෝක ධාරා භාවිතයෙන් නීති විරෝධී ලෙස ධීවර කටයුතු කළ සැකකරුවන් 78 දෙනෙකු නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ.

එමෙන්ම ඩිංගි යාත්‍රා 35ක් සහ බහු දින ධීවර යාත්‍රාවක් ද මෙහිදී නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන ඇත.

නීති විරෝධී ධීවර ආම්පන්න සහ පන්න ක්‍රම භාවිතයෙන් සිදු කරණු ලබන ධීවර කටයුතු හේතුවෙන්, සාගර පරිසර පද්ධතියට සිදුවන අහිතකර බලපෑම වැළැක්වීම සඳහා සහ නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙම මෙහෙයුම් සිදු කරයි.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානය මඟින් ත්‍රිකුණාමලය කල්ලරාව, වලෙයිතෝට්ටම්, කොකනට් පොයින්ට්, ෆ්ලෑන්ස්ටාෆ් පොයින්ට්, නොර්වේ අයිලන්ඩ්, බොල්ඩර් පොයින්ට්, කෝකිලායි, රෙඩ් රොක්, තුඩුව, විලාවත්ත, ජයනගර් සල්ලිමුනායි, කුච්චවේලි, අඩුක්කුපාඩු සහ කින්නියා යන වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි අදාළ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

එමෙන්ම යාපනය චුන්ඩිකුලම් හා කදෙයිකාඩු මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි සහ ගිණිකොන නාවික විධානය මඟින් කරෙයිතිව් සිට නින්දවූර් දක්වා මුහුදු ප්‍රදේශය ආවරණය වන ලෙසද මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

කෙසේ වෙතත් නාවික හමුදාව සිය භාරයට ගත් සැකකරුවන්, තහනම් ධීවර ආම්පන්න, පුපුරණ ද්‍රව්‍ය සහ ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රීකුණාමලය, සාම්පූර්, වෙරුගල්, කොබේ, කුච්චවේලි, කින්නියා, මුලතිව්, මඩකලපුව, කල්මුනේ සහ යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත භාරදීමට කටයුතු කෙරිණි.

Address

Polnnaruwa
Polonnaruwa
51000

Telephone

+94750227985

Website

Alerts

Be the first to know and let us send you an email when Pulathisi News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pulathisi News:

Share