RIVI ARANA

RIVI ARANA ❤️💛💚
ARTISTRY FOR INNER HARMONY
❤️💛💚
(2)

🌍💚ලෝක මානසික සෞඛ්‍ය දිනය🌍💚අද ලෝක මානසික සෞඛ්‍ය දිනය වන අතර, එය දින දර්ශනයේ දිනයකට වඩා එහා ගිය ගැඹුරු අරුතක් ඇති දිනයකි. ...
10/10/2025

🌍💚ලෝක මානසික සෞඛ්‍ය දිනය🌍💚

අද ලෝක මානසික සෞඛ්‍ය දිනය වන අතර, එය දින දර්ශනයේ දිනයකට වඩා එහා ගිය ගැඹුරු අරුතක් ඇති දිනයකි.
මෙම වසරේ තේමාව කාලෝචිත ආකාරයට ඉදිරිපත් කර ඇත.
එනම්...

"මානුෂීය හදිසි අවස්ථා වලදී මානසික සෞඛ්‍යය"

වර්තමානයේ ලොව පුරා සන්නද්ධ ගැටුම්, ස්වාභාවික විපත්, වසංගත සහ ආර්ථික අර්බුද....
සෞඛ්‍ය පද්ධතියට සහ ප්‍රජාවන් මත දැවැන්ත පීඩනයක් එල්ල කරයි.
එහිදී ආත්මාර්ථයෙන් තොරව පරාර්ථකාමීව එකිනෙකා වෙනුවෙන් පෙනිසිටිමින්..
එකිනෙකාට සංවේදී වෙමින්...
අන් අයගේ මෙන්ම පුද්ගලිකව තමාගේද යහපැවැත්ම පිළිබඳව අවධානය යොමු කිරීමට සහ අපගේ මානසික සෞඛ්‍යය පිළිබඳ තක්සේරුවක් කර ගැනීමට මතක් කරණ වැදගත් දිනයකි.

රැකියාවෙන්, සමාජ මාධ්‍යවලින් සහ පෞද්ගලික ජීවිතයෙන් එල්ල වන පීඩන සමඟ නිරන්තරයෙන් පරිණාමය වන ලෝකයක, මානසික සෞඛ්‍යයේ වැදගත්කම අමතක වීම සිදුවිය හැකි දෙයකි. එහෙත්, අපගේ චිත්තවේගීය හා මානසික යහපැවැත්ම ශාරීරික සෞඛ්‍යය තරම්ම වැදගත්බව මතක තබාගත යුතු කරුණකි.

මානසික සෞඛ්‍ය සඳහා වන අභියෝග පිළිබඳව දැනුවත්භාවය ඇති කිරීමට සහ එම අභියෝග ජය ගැනීමට ඇති ක්‍රමවේද වටා ඇති දුර්මත අඩු කිරීමට මෙම දිනය යොදා ගනී.
මානසික සෞඛ්‍යය ගැන විවෘතව කතා කිරීමට, අවශ්‍ය විටෙක සහාය ලබා ගැනීමට සහ මානසිකව විවිධ පීඩන සහ අරගල තුළ ජීවත්වන අයට සවන් දීමට අද දිනදී අපව දිරිමත් කරයි.
එමෙන්ම...
මානසික සෞඛ්‍ය පවත්වාගෙන යාමට වෘත්තීය උපදේශනය හරහා වේවා, මිතුරෙකු සමඟ කතා කිරීම හෝ හුදෙක් ස්වයං රැකවරණය ප්‍රගුණ කිරීම හරහා හෝ වේවා, කටයුතු කිරීම කමක් නැති බව මතක තබා ගැනීම ඉතා වැදගත් වේ.
එබැවින්...
මෙම ලෝක මානසික සෞඛ්‍ය දිනයේදී, අප ගැන සහ අන් අය ගැන අවධානය යොමු කිරීමට මොහොතක් ගත කරමු. කරුණාව පතුරුවමු, සංවේදනය පෙන්වමු, මානසික සෞඛ්‍යය වැදගත් බව එකිනෙකාට මතක් කර දෙමු. 💙

ආදරයෙන්...❤️🙏
- විමූ -




අපගේ ආදරණීය සේවාලාභීන් සහ ප්‍රජාව වෙත,❤️🙏අද අපි ඉතා අර්ථවත් සන්ධිස්ථානයක් සමරන්නෙමු...එනම් රිවි අරණ පළමු සංවත්සරය අදයි. ...
16/09/2025

අපගේ ආදරණීය සේවාලාභීන් සහ ප්‍රජාව වෙත,❤️🙏

අද අපි ඉතා අර්ථවත් සන්ධිස්ථානයක් සමරන්නෙමු...එනම් රිවි අරණ පළමු සංවත්සරය අදයි. පසුගිය වසර පුරා, මානසික උපදේශනය, මනෝචිකිත්සාව සහ මානසික සෞඛ්‍යය හා පුද්ගල යහපැවැත්ම ප්‍රවර්ධනය කරන වැඩසටහන් පවත්වමින් සේවාලාභීන්හට ආරක්ෂිත, සහකම්පනයෙන් යුතුව සහ වෘත්තීය අවකාශයක් සැපයීමට අපි කැපවී සිටියෙමු.

මෙම සංවත්සරය කාලය සැමරීමක් පමණක් නොව, සුව කිරීමේ සහ සංවර්ධනය කරා යන මෙම ගමනේදී අප සමඟ ගමන් කළ සෑම පුද්ගලයෙකු සමඟම බෙදාගත් විශ්වාසය සහ කැපවීම ද වේ. සමබර හා තෘප්තිමත් ජීවිතයක පදනම ලෙස මානසික සෞඛ්‍යය ශක්තිමත් කිරීමට සැමවිටම උත්සාහ කරමින්, සංවේදනය, දැනුම සහ අඛණ්ඩතාවයෙන් ඔබ සමඟ ගමන් කිරීමේ අපගේ මෙහෙවර අපි නැවත තහවුරු කරමු.

අපගේ ප්‍රජාවට, අපගේ වෘත්තීය කණ්ඩායමට සහ රිවි අරණ මධ්‍යස්ථානය යථාර්ථයක් බවට පත් කිරීමට දායක වූ සෑම පුද්ගලයෙකුටම අපි ස්තූතිවන්ත වෙමු. සැවොම එක්ව, චිත්තවේගීය යහපැවැත්ම අගය කරන, පෝෂණය කරන සහ වැළඳ ගන්නා අනාගතයක් අපි දිගටම ගොඩනඟමු.

කෘතඥතාවයෙන් හා බලාපොරොත්තුවෙන් යුතුව..

❤️❤️රිවි අරණ❤️❤

🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

කම්පන තත්වයක් කියන්නේ ඕනෑම පුද්ගලයෙකු පීඩා විඳිමින් ඉන්න පුළුවන් මානසික තත්වයක්.. එහි කුඩා හෝ විශාලත්වය සාපේක්ෂ වන අතර ක...
03/09/2025

කම්පන තත්වයක් කියන්නේ ඕනෑම පුද්ගලයෙකු පීඩා විඳිමින් ඉන්න පුළුවන් මානසික තත්වයක්..
එහි කුඩා හෝ විශාලත්වය සාපේක්ෂ වන අතර කම්පනයට පත්වූ පුද්ගලයාට එය විශාල පීඩාවකි.
එම පීඩාවෙන් මිදීමට නම් තමා කම්පන තත්වයක සිටින බවත් එම කම්පනය කුමක්ද යන්නත් අවබෝධයක් තිබිය යුතු අතර එය පිළිගතයුතුය...
ඒ සඳහා විශ්වාසවන්ත පළපුරුදු පුහුණුව ලත් අයෙකුගේ සහය ලබා ගැනීම කම්පනයන් නිසා පීඩා විඳින පුද්ගලයෙකුට ඉතාමත්ම වැදගත් වේ..
කම්පන සුව කිරීම පිළිබඳව ශ්‍රි ලංකා බයිබල් සමාගම හරහා ලබා ගත් දැනුම පුහුණුව හා පළපුරුද්ද එක් කොට එහි වූ මනෝ විද්‍යාත්මක දැනුම පමණක් උපයෝගී කර ගනිමින්
#සිත්නිවන ආයතනයේ සේවාලාභීන්ට ඔවුන්ගේ කම්පන තත්වයන් අවබෝධ කරගැනීමට පහසුකම් සලස්වමින් ඒවා හඳුනාගෙන ඒවා පිළිගනිමින් එම පීඩාවන්ගෙන් මිදීමට අවශ්‍යය මඟපෙන්වීමේ තුන්වන වැඩසටහන අද දිනදී පවත්වන ලදී..
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
සේවාලාභීන්ගෙන් ලැබුණු යහපත් ප්‍රතිචාර මාගේ වෘත්තීමය තෘප්තිමත්භාවාය වැඩිකරන්නක් වූ බව අවසානයේ සටහන් කර තබන්නෙමි.

හැමෝටම ආදරෙන්..❤️🌻🌿
-විමූ-

Clean Srilanka  වැඩසටහන යටතේ ක්‍රියාවට නැංවෙන Clean Mind ව්‍යාපෘතියේ දෙවන වැඩසටහන යාපනය නල්ලූර් කෝවිල මංඟල්‍යය සමය පාශක ...
20/08/2025

Clean Srilanka වැඩසටහන යටතේ ක්‍රියාවට නැංවෙන Clean Mind ව්‍යාපෘතියේ දෙවන වැඩසටහන යාපනය නල්ලූර් කෝවිල මංඟල්‍යය සමය පාශක කර ගනිමින් "හදවතින් යාපනයට" තේමාව කරගනිමින් 2025 අගෝස්තු 13 14 දෙදින තුළ යුධ නාවික හා ගුවන් හමුදා නිළධාරීන් සහ සෙසු නිළයන් 700ක් සඳහා යාපනය සේනා මූලස්ථානයේ දී පැවැත්විය.

එහිදී සායනික මනෝවිද්‍යාඥ ආචාර්ය මධුර ගුණවර්ධන මහතාගේ සහ එතුමාගේ සංකලපයකට අනුව බිහිවූ #සිත්නිවන_බළකාය මානසික සුවතාවය හා ආතති කළමනාකරණය පිළිබඳව දේශන හා ක්‍රියාකාරකම් මඟින් පැහැදිලි කරනලදී...

❤️🌿සාමය සහ සංහිඳියාව සඳහා ෆ්‍රැන්සිස් පාප්තුමාගේ ඉගැන්වීම් වැළඳ ගැනීම ❤️🌿2025 ජුනි 30 වන දින කැරිටාස් ආයතනය, ෆ්‍රැන්සිස්...
16/07/2025

❤️🌿සාමය සහ සංහිඳියාව සඳහා ෆ්‍රැන්සිස් පාප්තුමාගේ ඉගැන්වීම් වැළඳ ගැනීම ❤️🌿

2025 ජුනි 30 වන දින කැරිටාස් ආයතනය, ෆ්‍රැන්සිස් පාප්තුමාගේ සාමය සහ සංහිඳියාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සියලුම ආගම් වල සහෝදර සහෝදරියන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීය.

එය ගරු ආචාර්ය හරි හරන් පියතුමාගේ නායකත්වයෙන් යුතුව පැවැත්වූ අතර සුව කිරීම, සමාව දීම සහ සාමකාමී සහජීවනය යන තේමාවන් ඔස්සේ පවත්වන ලදී.
එහිදී..
🔶අන්තර්ක්‍රියාකාරී ක්‍රියාකාරකම්
🔶හුස්ම ගැනීමේ අභ්‍යාස
🔶ආදරණීය ආමන්ත්‍රණ සහිත සාකච්ඡා
මඟින් සහභාගිවන්නන් සාමයේ සැබෑ නිර්මාණ ශිල්පීන් බවට පත්වීමට අදිටන් කර ගන්නා ලදී.

එම වැඩසටහනට සම්පත්ලාභියෙකු ලෙස රිවිඅරණ අපද සම්බන්ධ විය.
අපව විශ්වාස කරමින් එයට සම්බන්ධ කර ගත් ගරු ආචාර්ය හරි හරන් පියතුමාට අපගේ ගෞරවණීය ස්තූතියි පුද කරමු.
❤️❤️🙏🙏🌿🌿

සා. සෙබස්තියන් දේවස්ථානයේ දහම් පාසල් ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා පැවැත්වූ නායකත්ව පුහුණුව...ගරු රංග පියතුමාගේ ප්‍රධානත්වය...
16/07/2025

සා. සෙබස්තියන් දේවස්ථානයේ දහම් පාසල් ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා පැවැත්වූ නායකත්ව පුහුණුව...
ගරු රංග පියතුමාගේ ප්‍රධානත්වයෙන් 2025-07-10 දින
Archdiocesan Social and Economic Development Center - Seth Sarana මධ්‍යස්ථානයේ දී පවත්වන ලදී..
එහිදී 59 දෙනෙකුට ආසන්න දරු දැරියන් පිරිසකට ඔවුන්ගේ නායකත්ව කැඳවීම තුළ දේව සේවය මෙන්ම පෞද්ගලික ජීවිතය සමබර කර ගනිමින් ක්‍රිස්තු ආදර්ශය තුළ තම අනාගත ගමන් මඟ සාර්ථක කර ගත යුතු ආකාරය පිළිබඳව අවබෝධය ලබාගැනීමට පහසුකම් සැලසීම සිදු විය..
එහිදී අපට සහය දැක්වූ
මීසම්භාර පියතුමන්ලාට..
ගුරු මණ්ඩලයට..
දෙමාපියන්ට ...
මධ්‍යස්ථානය භාර කාර්‍යය මණඩලයට..
Nimesh Laksh*tha සොයුරාට අපගේ ස්තූතිය. # #@@@





❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Address

Pugoda

Telephone

+94782704599

Website

Alerts

Be the first to know and let us send you an email when RIVI ARANA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share