RIVI ARANA

RIVI ARANA ❤️💛💚
ARTISTRY FOR INNER HARMONY
❤️💛💚
(2)

14/04/2026

✨ **සුභ නව වසරක් වේවා! 2026** ✨

2026 සිංහල හින්දු නව වසර ආරම්භ වන්නේ....
නව බලාපොරොත්තු...
නව අවස්ථා සහ ශක්තිමත් ආත්ම අභිමානයක් සමඟින් බව අපි විශ්වාස කරන්නෙමු... 🌿

#රිවි_අරණ අපි ඔබට මේ නව වසරේදී,
🧠 යහපත් මානසික සෞඛ්‍යයෙන් ‍යුතු සුවපත් ජීවිතයක්...
💛 සාමය, සතුට සහ ආත්ම විශ්වාසය වර්ධනය වී සාර්ථකත්වය කරා යන ගමනක්....
සහිත ආශිර්වාදිත සුබ නව වසරක් වේවායි පතන්නෙමු...❤️❤️

එමෙන්ම.....
ඔබගේ මනසට සැනසීම ගෙන එන,
ජීවිතයට දීප්තියක් එක් කරන
තවත් වසරක් අප සමඟ ගමන් කරන්නට අපි ආරාධනා කරමු. ✨

**– Rivi Arana Wellbeing Hub –**

සියලුම ආදරණීය මුස්ලිම් සහෝදර සහෝදරියන් වෙත ලියන්නෙමි....🌙✨රාමසන් සුභ පැතුම්!මෙම පවිත‍්‍ර මාසයේ ඔබගේ ජීවිතය සාමය, දයාව සහ...
21/03/2026

සියලුම ආදරණීය මුස්ලිම් සහෝදර සහෝදරියන් වෙත ලියන්නෙමි....

🌙✨
රාමසන් සුභ පැතුම්!

මෙම පවිත‍්‍ර මාසයේ ඔබගේ ජීවිතය සාමය, දයාව සහ ආලෝකයෙන් පිරී යාමට හැකිවේවා.
ඔබගේ උපවාසය සහ භාවනාව ඔබට ආශීර්වාද, ශක්තිය සහ සතුට ගෙන එන ලෙස ප්‍රාර්ථනා කරමි.

ආදරය, එකමුතුව සහ කරුණාව පිරිපුන් ජීවිතයක් සඳහා මෙම Ramadan සමය ඔබට නව ආරම්භයක් වේවා.

🌙🤲✨

හැමදාමත් ආදරයෙන් ...❤️
- විමූ -

අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක්...දරුවන් දැනුම කුසලතා සහ ආකල්පමය දියුණුවක් සඳහා මඟපෙන්වීමේ ප්‍රයෝගික වැඩසටහනක්...ඉන්දොළමුල්...
17/03/2026

අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක්...
දරුවන් දැනුම කුසලතා සහ ආකල්පමය දියුණුවක් සඳහා මඟපෙන්වීමේ ප්‍රයෝගික වැඩසටහනක්...

ඉන්දොළමුල්ල කනිෂ්ඨ විදුහලේ දරුවන් වෙනුවෙන් කණ්ඩායමේ ස්වෙච්ඡා සේවයක්...

මාර්තු 20 උදේ සිට රාත්‍රිය දක්වා...



ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) තොරතුරු තාක්ෂණ අංශයේ (IT) දිවයිනපුරා සේවය කරන ඉංජිනේරු සහ කළමනාකරණ නිලධාරීන්ගේ වාර්ශික විනෝද...
12/02/2026

ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) තොරතුරු තාක්ෂණ අංශයේ (IT) දිවයිනපුරා සේවය කරන ඉංජිනේරු සහ කළමනාකරණ නිලධාරීන්ගේ වාර්ශික විනෝද චාරිකාවට සමඟාමීව ඔවුන් සැමගේ විනෝදය සතුට වෙනුවෙන් සහ වෘත්තීය මෙන්ම පෞද්ගලික ජීවිතයේ සාර්ථකත්වයට අවශ්‍ය මතක් කිරීම් සහිත විනෝදාත්මක ක්‍රීඩා සමඟින් වරුවක වැඩසටහනක් #රිවි_අරණ කණ්ඩායමේ සම්පත්දායකත්වයෙන් විදුලිබල මණ්ඩලයේ කලවාන සංචාරක බංගලාවේදී පැවැත්විය.





28/12/2025

27/12/2025

සා. ආනා දේවස්ථානය - බේරුවල2025 ඔක්තෝම්බර් 19 ඉරිදා.ගරු ජූඩ් සුරේෂ් පියතුමාගේ ආරාධනයකට අනුව දේවස්ථානයේ දහම් පාසලේ දරු දැර...
26/12/2025

සා. ආනා දේවස්ථානය - බේරුවල
2025 ඔක්තෝම්බර් 19 ඉරිදා.

ගරු ජූඩ් සුරේෂ් පියතුමාගේ ආරාධනයකට අනුව දේවස්ථානයේ දහම් පාසලේ දරු දැරියන් සඳහා පවත්වන ලද කෙටි වැඩසටහන.

ක්‍රිස්තුස් වහන්සේ තුළ ළමා හා නව යෞවන අවධියේ ඔවුන්ගේ කාර්‍ය්යභාර්‍ය..
අධ්‍යාපන කටයුතු පිළිබඳව...
යහපත් සම්බන්ධතා ගොඩනඟාගැනීම....
ඇබ්බැහිවීම් සහ ඒවායේ ප්‍රතිවිපාක මෙන්ම ඉන් මිදීම පිළිබඳව ආදී කරුණු රැසක් මූලික පියවර ලෙස සාකච්ඡා කරන ලදී..

විශේෂ ස්තූතිය...
රිවි අරණ සහ මා කෙරෙහි විශ්වාසය තැබූ බේරුවල මීසම් සේවක ගරු ජූඩ් සුරේෂ් පියතුමාට සහ නියෝජ්‍ය විදුහල්පති තුමිය ඇතුළු දහම් ගුරු මණ්ඩලයේ සියලුම දෙනාට
ඩෙල්ටා අයියාට
වැඩසටහන කිරීමට සය වුනු නිමේෂ් Nimesh Laksh*tha සොයුරාට

- රිවි අරණ -

❤️🎄✨ **සුභ නත්තලක් වේවා!** ✨🎄❤️සුවය යනු පරිපූර්ණ වීමක්ම නොවන නිසා...ඔබට ඔබගේ හැඟීම් පිළිගෙනනව බලාපොරොත්තුවක් සමඟඉදිරියට ...
25/12/2025

❤️🎄✨ **සුභ නත්තලක් වේවා!** ✨🎄❤️

සුවය යනු පරිපූර්ණ වීමක්ම නොවන නිසා...

ඔබට ඔබගේ හැඟීම් පිළිගෙන
නව බලාපොරොත්තුවක් සමඟ
ඉදිරියට ගමන් කිරීමට ශක්තිය ලැබෙන....💪

ඔබගේ සිතට විවේකයක්,
චින්තනයට පැහැදිලිතාවයක්,
ජීවිතයට සමාධියක්,
ලැබෙන....🙂

ආතතිය, අභියෝග සහ හැඟීම් අතරින් සිතට සහනයක් දැනෙන..
ආරක්ෂිතව සිත විවෘත කරගැනීමෙන් සාමය හා බලාපොරොත්තුව නැවත දළුලන..🫰❤️❤️

මානසික සුවය සුරක්ෂිත වන
සමබර ජීවිතයකට නව පියවරක් තබන
සුබම සුබ නත්තල් සමයක් වේවා.
❤️❤️✨🎄❤️❤️

- විමූ සමඟින් රිවි අරණ -

24/12/2025

🔸🔸🔸"ඔයා දැන් වෙනස් වෙලා.. ඉස්සර වගේ මට ආදරේ නෑ.."🔸🔸🔸🔸🔸🔸"මමම එපෑයෑ ඔක්කොම කරන්න. දන්නේ බලන් ඉන්න තමා"🔸🔸🔸🔸🔸🔸මෙච්චර මහන්සි ...
22/12/2025

🔸🔸🔸"ඔයා දැන් වෙනස් වෙලා.. ඉස්සර වගේ මට ආදරේ නෑ.."🔸🔸🔸

🔸🔸🔸"මමම එපෑයෑ ඔක්කොම කරන්න. දන්නේ බලන් ඉන්න තමා"🔸🔸🔸

🔸🔸🔸මෙච්චර මහන්සි වෙලා කෑම හදනවා ගානක්වත් නෑ මේ මිනිස්සුන්ටනම්"🔸🔸🔸

මේ වගේ ප්‍රශ්න නිසා ඔයා අපහසුතාවයට පත් වෙලා තියෙනවද කියලා මම ඔයාලගෙන් ඇහුවා නේද?🙄
ඔන්න දැන් මම කියන්න හදන්නේ කෙනෙක්
මේ වගේ පැහැදිලි කාරණයක් නොමැතිව අපිට එල්ල කරන චෝදනා හෝ බැණුම් වලින් අපි හුඟක් වෙලාවට අපහසුතාවයට පත් වෙන්නේ ඇයි? 😔🙆‍♂️
ඒවයේ පදනම මොකද්ද..
ඒවායේ සැඟවුණු අර්ථය මොකද්ද කියලා ඔයාලා එක්ක කතා කරන්න.🙂🙂

අපි ඒ වගේ සන්නිවේදන රටා
🕵️‍♂️🕵️‍♂️ Dry Begging 🕵️‍♂️🕵️‍♂️
කියලා හඳුන්වා දෙන්න පුළුවන්.

කෙනෙක්ට අවශ්‍ය දෙය හෝ උදව්ව පැහැදිලිව ඉල්ලීමක් නොකර වක්‍ර ආකාරයෙන් හැඟීම් මත බලපෑම් කරමින් හෝ ඉඟි–සංකේත භාවිතා කරමින් ලබාගන්න උත්සාහ කිරීමක් Dry Begging කියලා අර්ථ දක්වලා තියෙනවා.

මෙය විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල (Facebook, Instagram, TikTok වැනි) සහ පුද්ගලික සබඳතා අතර බහුලව දකින්න ලැබෙන හැසිරීමක්.

එවැනි හැසිරීම් නිසා වෙන්නේ අපිට ඕන දේ අනිත් කෙනා තේරුම් ගනීවි කියලා බලාපොරොත්තු වෙලා, එහෙම නොවුණාම🤦‍♀️ කේන්ති යනඑක.. ඒකෙන් වෙන්නේ අපේ සම්බන්ධතා වල තියෙන ශක්තිමත්භාවය අඩු වෙන එක.🙅‍♂️

🟠 Dry Begging වල ප්‍රධාන ලක්ෂණ

1. පැහැදිලි ඉල්ලීමක් නැතිවීම.
අවශ්‍යය දේ සෘජුව නොඉල්ලයි.ඒ වෙනුවට වෙනත් දේවල් පවසයි.

2. දයානුකම්පාව උද්දීපනය කිරීම.
අනිත් අයගෙන් උදව් බලාපොරොත්තුවෙන් තමන්ගේ දුක, අසීරුතාව, අසරණභාවය වැඩි කර පෙන්වීම.

3. වගකීම අනිත් අයට දමන හැසිරීම.
උදව් නොලැබීම නිසා සිදුවන දේ සඳහා අනිත් අය වගකිවයුතු ආකාරයට කතා කිරීම.

🟠 Dry Begging කරන ආකාරය පිළිබඳව උදාහරණ කිහිපයක් අපි බලමු.

🪧 සමාජ මාධ්‍යවල....

තමන්ගේ වැඩකට සහයක් අවශ්‍යය වෙලාවට අදාළ සහය නොඉල්ලා පහත ආකාරයට මැසිවිලි නැඟීම.
"දිනපු මිනිස්සුන්ට හයියට අය ඉන්නවා.එයාලට හැමදේම ලැබෙනවා.. හැබැයි අපිට එහෙම නෑ"

🪧 පුද්ගලික සබඳතාවල....

නිතරම එක් පාර්ශවයක් අනෙක් පාර්ශවය මතම යැපෙන්නේ නම්.. අදාළ පාර්ශවයට නිශ්චිත වියදම් කොටසක් බාරනොදී මෙසේ පැවසීම.
“මේ දවස් වල මගේ අතේ සල්ලිත් නෑ අනේ.. මොනව අරන්නද මන්ද. ඔයාව හම්බෙන්න එන එකත් අඩු කරන්න වෙයි"

🪧 මිතුරන් අතර...

ඔබට මුදල් අවශ්‍යතාවයක්දී අවශ්‍ය මුදල ණයට ඉල්ලීම සිදු නොකර
"මේ දවස් වල මාර වියදම් බං. ලයිට් බිල් වතුර බිල් ඔක්කොමහිර වෙලා.. ගෙදරට ඕනේ බඩු ගෙනියන්න විදිහක් හොයා ගන්නෙත් අමාරුවෙන්" ලෙස පැවසීම.

මේ ආකාරයට අවශ්‍ය දේ නැතිව වෙනත් දේ පැවසීමේ බලාපොරොත්තුවනම් අනිත් පාර්ශවය සොයා බලා සිතා බලා උදව් කිරීමේ තත්වයට පත් කිරීමයි. නොඑසේනම් එසේ කළයුතුයැයි විශ්වාස කිරීමයි.

🟠 මේ ආකාරයට Dry Begging කිරීමට හෝ නොදැනුවත්ව සිදු වීමට හේතු කිහිපයක් හඳුනා ගතහැකිය.
ඒවානම්

1. ලැජ්ජාව හෝ අහංකාරය.
- සෘජුව ඉල්ලීමට ලජ්ජාවක් දැනීම.

2. ප්‍රතික්ෂේප වීමට බිය.
- “නැහැ” කියලා කියනවාට මුහුණ දීමට අකමැති වීම.

3. පෙර අත්දැකීම්.
- කලින් මේ ක්‍රමයට උදව් ලබාගෙන තිබීම.

4. අවධානය සහ සැනසීම ලබාගැනීම.
- මුදල් හෝ දේවල්ට වඩා මානසික තෘප්තියක් බලාපොරොත්තුවීම.

🟠 දැන් අපි සෘජු ඉල්ලීමක සහ Dry Begging අතර ඇති වෙනස්කම් කෙරෙහි අවධානය යොමු කරමු.

1. සෘජු ඉල්ලීමකදී පැහැදිලිව අවශ්‍ය දෙය කියන අතර Dry Begging වලදී ඉඟි–සංකේත භාවිතා කරයි.

2.සෘජු ඉල්ලීමකදී සත්‍යතාව සහ විවෘතභාවය දැකිය හැකි අතර Dry Begging වලදී වක්‍රබව සහ චිත්තවේග දක්නට ඇත.

3.සෘජු ඉල්ලීමකදී ප්‍රතිචාරය පැහැදිලි අතර Dry Begging වලදී අනෙකාට වරදකාරී හැඟීම් ඇති කළ හැකිය.

🟠 Dry Begging අපට බලපාන ආකාර දෙකකි.

1.පුද්ගලයින්ගේ චිත්‍තවේග සහ හැඟීම් අවදි කර උදව් ලබාගැනීමේ අවස්ථාවන් ලැබෙන අතර කෙලින්ම උදව් ඉල්ලීමට අමාරු අයට පහසු ක්‍රමයක් ලෙස භාවිතා කළ හැකිය.

2. සබඳතා තුළ අසංවිධානාත්මකබව සහ අසතුටුභාවය වැඩිවිය හැකි අතර අනිත් පාර්ශවයට තමන්ව චිත්තවේගීයව පාලනය කරනවා කියන හැඟීම ඇතිවීම නිසා සබඳතා වල විශ්වාසය අඩුවීම.

🟠 එසේනම් දැන් අපිDry Begging වලට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද යන්න සොයා බලමු.

1. “ඔයාට උදව්වක් ඕනද? පැහැදිලිව කියන්න.” ලෙස නිවැරදිව අවශ්‍යතාවය දැන ගැනීම.

2. ඔබේ හැඟීම් වලට බලපෑම් කිරීම පිළිබඳව විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට අවශ්‍යය සීමාවන් ගොඩනඟාගන්න.

3. සෘජු කතාබහට මඟ පෙන්වමින් සත්‍ය සන්නිවේදනය උද්දීපනය කිරීමට උත්සහ කරන්න.

🕵️‍♂️🕵️‍♂️🕵️‍♂️ අවසාන වශයෙන්...
Dry Begging කියන්නේ නවීන සමාජයේ, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය බලපෑමත් සමඟ වැඩිවෙමින් පවතින හැසිරීමක්.
එය සමහර අවස්ථාවල අහිංසක වුවත්, දිගු කාලීනව සබඳතා හා විශ්වාසයට අහිතකර විය හැක.

ඒ නිසාම, "සෘජු, අවංක සහ පැහැදිලි සන්නිවේදනය" යනු ඕනෑම සබඳතාවයකට හොඳම විසඳුම බව මතක තබා ගැනීම අපගේ වටිනා සම්බන්ධතා ආරක්ෂා කර ගැනීමට ඉවහල් වේවියැයි සිතමි.

සියල්ලටම ආදරෙන්❤️❤️❤️

- විමූ-

සටහන:-
විමුක්ති සඳකැළුම්
මනෝ උපදේශක,
රිවිඅරණ නිර්මාතෘ,
නායකත්ව හා මෘදුකුසලතා සංවර්ධන පුහුණු උපදේශක,

ඔයාලගේ අදහස ලියාගෙන යන්න.. ❤️-විමූ-
21/12/2025

ඔයාලගේ අදහස ලියාගෙන යන්න.. ❤️

-විමූ-

Address

Pugoda

Telephone

+94782704599

Website

Alerts

Be the first to know and let us send you an email when RIVI ARANA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share