Dabiya

Dabiya Dabiya official page
Actor | youtuber | voice Artist

07/10/2025

කව්ද බෝයි රැප් එකක් ඕනිද..?🧐👋😛 DABIYA RAP - 03 | COWDABOY CARTOON RAP - COMMING SOON #ඩබියා🇱🇰

06/10/2025

කාටද පුලුවන් මගේ මේ fb page එක reviwe කරන්න මට not rated කියලා වැටෙන මගුල හදා ගන්න..?🧐 පින් ඇති ඇත්තෙක් මට උදව් කරන්න.😍

06/10/2025

කළු උපන් ලපය Epi 06

04/10/2025

කජ්ජා Epi 06

03/10/2025

තාජඩීන් Epi 95 #ඩබියා

16/09/2025

නිස්සංක ගැහැවා.Epi 04

15/09/2025

වත්තේ තිබ්බ අයිස්ස්ස්...Epi 03


.

යාල් TV THANK YOU♥️
14/09/2025

යාල් TV THANK YOU♥️

I AM BaCk 🤨 පුලුවන් උන් මේක shear කරපල්ලා.අවුරුදු 05 ක කාලයක් මගෙන් සොරකම් කර තිබූ ඩබියා පේජ් එක ආයෙත් මට ගන්න පුලුවන් උ...
08/09/2025

I AM BaCk 🤨 පුලුවන් උන් මේක shear කරපල්ලා.අවුරුදු 05 ක කාලයක් මගෙන් සොරකම් කර තිබූ ඩබියා පේජ් එක ආයෙත් මට ගන්න පුලුවන් උනා.මේ මගේ පලවෙනි page එක.ඉතින් මිත්‍රවරුනි මෙපමණ කල් මාත් සමග රැදී සිටි ඔබට ස්තූතියි...එහෙනම් වැඩ අල්ලමු.🤨

තවමත් මගේ දෙවනි page එක වෙනත් බුරියේ මයිල ගිනිගත් රිලවෙකු අල්ලාගෙන විවිධාකාරයේ ජිලයන් අසැබි විඩීයෝ upload කරමින් සිටී.කම් නැත එයද ලබා ගැනීමට මා මෙහිදී කටයුතු කරනවා.මෙපමණ කාලයක් මා සමග සිටි මා පිළිබද සොයා බැලූ ඔබට යහලුවන්ට ස්තූතියි.

හැමදේම නැතිවෙලා ගිහිං ආයෙත් මට මෙතනට එන්න උනේ.ආයෙත් මේ page එක ලැබුනේ කිනම් වූ වාසනාවකට ද යන්න මට තවමත් ප්‍රශ්න ගෙනෙයි.යාලුවනේ ඒත් මගේ පරණ youtube channel එක මට නැවත ලබාගත නොහැකි උනා.ඒක මේ වෙද්දි youtube එකෙන් delete වෙලා ඉවරයි.

ඒත් මම අලුත් youtube චැනල් එකක් හදලා තියෙනවා.
(Dabiya - ඩබියා ) මෙහෙම සොයාලා ඒක ආස අය sub කරන්න.
ඒකේ sub count එක 35.2k ඉතින් එච්චරයි.හැමෝටම ස්තූතියි.
ආදරෙයි.
Youtube channel Link - https://www.youtube.com/

#ඩබියා
.

ඩබියා 🇱🇰 නමින් ම ඉල්ලන්න.😂
ඔබට අවශ්‍ය සියලුම එව්වා

26/01/2022

ශිෂ්‍යත්වේ මොකද උනේ | Talk with Dabiya | ඩබියා 🇱🇰 | අන්limit හිනා | Parody Dubbing

Thank  you "රැල්ල "අද Ralla - රැල්ල "ඩබියා විදියට මාව ගොඩක් අය හඳුනාගත්තට ඇත්තටම  මම  වේදිකානාට්‍යයශිල්පියෙක්,මට හැමදාම ...
23/01/2022

Thank you "රැල්ල "
අද Ralla - රැල්ල
"ඩබියා විදියට මාව ගොඩක් අය හඳුනාගත්තට ඇත්තටම මම වේදිකානාට්‍යයශිල්පියෙක්,මට හැමදාම තිබුණ ජංගම studio එක phone එක තමයි"
Isuranga Jayakumara Dabiya

ජීවිතේ අපි ගොඩනගාගන්නා ලද අරමුණු වෙනුවෙන් හැල්මේ හඹායාම කියන්නේ එක්තරා ආකාරයකට උමතුවක්.ඔහුගේ ඒ උමතුවෙන් මුළු ලෝකයක් උමතු කළ ආදරණීය යෞවනයෙකු සමඟයි මේ කතාබහ.ඔබ කවුරුත් දන්න ඔහු තමයි ඩබියා.

1)ඉතිං ඩබියා මොකද මේ දවස්වල වෙන්නේ?
සුපුරුදු වැඩ ටික කරගෙන ඉන්නවා.වේදිකා නාට්‍ය කිහිපයක මේ දවස් වල රංගනයෙන් දායක වෙලා ඉන්නවා.හඩ කැවීම් කටයුතු කරනවා.තව අලුත් වැඩ කිහිපයකට ඉස්සරහදි සම්බන්ධ වෙන්න ඉන්නේ.ටෙලිනාට්‍යකට ද සම්බන්ධ වෙන්න ඉන්නේ.ඒ අතරේ අධ්‍යාපන කටයුතුත් සිදු කරගෙන යනවා.හිනා වෙලා හැම තප්පරයක් ම ගෙවනවා.

2)පෞද්ගලික වතගොත ගැන කියනවානම්
මාව ගොඩක් දන්නේ ඩබියා හැටියට. ඉසුරංග ට වඩා ගොඩක් අය ආදරේ කරන්නේ ඩබියට.මම W.M.ඉසුරංග ජය කුමාර,ගම රන්වන්ගුහාව,ඒත් ගොඩක් කල් හිටියේ බණ්ඩාරවෙල.මගේ පවුලේ ඉන්නේ අම්මයි,තාත්තයි,නංගී,මමයි.මං පුංචිකාලේ ගියේ ගමේ ඉස්කෝලේට බ/ කිරවනාගම නවෝද්‍යා පාසල.සාමාන්‍ය පෙළ ,උ.පෙළ කලේ බ/ ධර්මාශෝක ම.ම.විද්‍යාලයේ තමයි.

3)ඉසුරංග බණ්ඩාරවෙලින් කොලඹට එන්නේ නළුවෙක් වෙන්න හිතාගෙන නේද?
ඔව් , මේ දවල් හදාරන්න ඉගෙන ගන්න ආසාව නිසා තාමා මම කොළඹට එන්නේ.රගපාන්න නළුවෙක් වෙන්න ආසාවක් ඇති උන දවසේ ඉදලා මේ කොළඹ ගමන එන්න හේතු හැදුනා.උසස් පෙළ නිමා කරලා මම ටවර්හොල් නාට්‍ය හා රංගකලා පාසලට අයදුම් කරනවා.මේ නාට්‍ය පාසලට තේරී පත්වීමත් සමග තමා නාට්‍ය ජීවිතයේ ආසම රස්තියාදුව ආරම්භ වෙන්නේ.මෙහෙම ඉද්දි නාට්‍ය පාසලේ නිර්මාණ වලට , සහ වෙනත් නාට්‍ය නිර්මාණ වලටත් සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබෙනවා.පාසලේ අධ්‍යාපන කටයුතු සිදු කරන අතර රංගනය පිළිබද තිබෙන පාඨමාලා වලට ද ඇතුළු වෙනවා.ඔන්න ඔහොමයි තමයි පටන් ගන්නේ.

4)එතකොට ඩබින් නැතනම් 'ඩබියා' ආරම්භ වෙන්නේ කොහොමද ?
ඒක ඇත්තට මම ගත්ත ආතල් එකක්.ඩබියා ගැන කතා කරනවනං ඔය නම හැදුනෙත් මිනිස්සු අතරින් ම තමයි.ඩබියා බිහි වෙන්නේ පළවෙනි කොරෝනා රැල්ලත් එක්ක.මං ගම්පහා ආච්චිලගේ ගෙදර හිරවෙනවා.සංචරණ සීමා නිසා.ඔන්න ඔය අතරේ මං කම්මැලි කමට Tik Tok බලන්න ගන්නවා.ඔය අතරෙදි තමා මම වීඩියෝස් කරන්න ගන්නේ.මුලින් ම මම dubbing වීඩියෝ එකක් කරනවා asterix cartoon එකේ හැමෝම දන්න සූර පප්පා කාටුන් එකකට කොරෝනා ගැන.තප්පර 24 ක විතර වීඩියෝ එකක්, ඕක මම Tik tok එකට Upload කරනවා. Tik Tok App එකට කොහොම බැන්නත් එහි creative creaters ලා ඉන්නවා.ලංකාවෙත් සහ වෙනත් රටවලත්.අපි ඕන ම දෙයක් පාවිච්චි කරන විදිහ අනුව තමා ප්‍රතිඵල ලැබෙන්නේ.ඉතින් ඔය අතරේ මම දාපු වීඩියෝස් නොහිතන විදිහට කට්ටිය බලන්න ගත්තා.දවසින් දවස බලන අය වැඩි උනා.මම හැමදාම කරපු හැම වීඩියෝ එකක් ම කලේ මම සමාජය පිළිබඳව,දේශපාලනය,කලාව,trending කියන කතාවල් පිළිබද අපක්ෂපාතීව මම දකින දේවල්.ඔය comedy videos ද ඒ අතර මම කරන්න ගත්තා.ඔය අතරේ ඇත්තටම ඩබියා නිසා ගොඩක් දේවල් මට ලැබුනා.මං මේ ගේන parody dubbing Cartoon කියන concept එක මම දන්න විදිහට ලංකාවට අලුත්.මේක නිකං Cartoon එකක් බලන ඇහෙන් බලන්න එපා.ඕන තැන ඕන වචන ඕන විදිහට දැනෙන්න ගලපලා ඇති.ගොඩක් ජනප්‍රිය parody dubbing Artist ලා ලෝකේ ඉන්නවා.youtube channels තියෙනවා.උදාහරණයක් විදිහට woa paody,frame order,flashgitz,Oneyng වගේ youtube චැනල් ගැන කියන්න පුලුවන්.ඒ channel s වල 1.M වලට වඩා subscribes ලා ඉන්නවා.

5)ඩබියා කතා කරන කන්ටෙන්ට් එක නිසාම ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙනවා කියලා ආරංචියි.ප්‍රතිචාර ගැන කියනවානම්
ඔව්.ඒත් මමත් සාමාන්‍ය මනුස්සයෙක්.ප්‍රතිචාර වලට වඩා ඒකට මම කියන්න කැමතී ආදරේ කියලා.මං කලාවට ආදරේ කරන කොල්ලෙක් විදිහට මං ආසයි මිනිස්සු එක්ක ජීවත් වෙන්න එකට හිනා වෙන්න කන්න බොන්න.ජනප්‍රියත්වය තාවකාලිකයි ඒත් මනුස්සයෙක්ගේ හිතක ඇදුණු චරිතයක් නං හැමදාම ඒ මනුස්සයගේ හිතේ ජීවත් වෙනවා.ප්‍රතිචාර ලැබෙනවා calls වලින් මැසේජ් වලින්‍ යන එන තැන් වල දී අදුරගන්න අය ඩබියා නේද අහලා කතා කරනවා.ඇත්තට ම ඒ වෙලාවට හිතට එන්නේ නිහතමානී සතුටක්.

6)මොනවද පැමිණි අභියෝග
පැමිණි අභියෝග නම් ඉතින් ලොකු contents කරන්න හිතේ idea තිබුණත් ඒ දේවල් අධ්‍යාපන කටයුතු එක්ක කරගන්න බැරි උන එක තමයි.

7)ඉසුරංගේ නාට්‍යමය කටයුතු ගැන කතා කළොත්
මට වේදිකාවෙන් මහපොළවට නාට්‍ය උළෙල සදහා පෙන් වු කෙටි නාට්‍යයක ප්‍රධාන චරිතය සදහා රංගනයෙන් දායක වෙන්න ලැබෙනවා.ඒ අවස්ථාව මට ලබා දුන්න අමාෂා අක්කාත් මේ වෙලාවේ මතක් කරන්න ඕන.එහි දී එම නාට්‍ය උළෙලහි නිර්දේශිත හොඳම නළුවාට හිමි සහතිකය සම්මානය මම දිනා ගන්නවා.ඒ වගේ ම විශේෂයෙන් මේ වෙලාවේ මේ නාට්‍ය සදහා මා හා රංගනයෙන් එක් වු දිනුෂ ප්‍රියශාන් (දිගා ) අයියවත් ආදරේන් මතක් කරන්න ඕන.විශේෂයෙන් සුරේෂ් මදුශාන් පෙරේරා (කලුඅයියා),සුදා අයියා,දුමින්ද අයියා,භාග්‍ය,බෝඩිමේ හැමදේනාමත් මේ වෙලාවේ ආදරේන් මේ කතාවට එකතු කරන්න ඕන අය තමයි.ඒ වගේම මේ වෙද්දි වේදිකා නාට්‍ය කිහිපයකට රංගනයෙන් දායක වෙලා ඉන්නවා.රාජ්‍ය නාට්‍ය උළෙල නාට්‍ය සදහා කරන නාට්‍ය නිර්මාණ වලට ද මේ දින වල සම්බන්ධ වී සිටිනවා.

8)ඩබින් එක්ක මේ දක්වා ගෙවුණු මතකයන් ගැන කියමු
ඔව් මං පළවෙනියට ම dubbing කලේ phone එකෙන් අදටත් වීඩියෝස් හදන්නේ phone එකෙන්.මට studios නෑ.හැමදාම තිබුණ ජංගම studio එක phone එක තමයි.ඒත් හදන වීඩියෝ වල ගේන concept වල තියෙන කොලිටිය next level එකට ගේන්න මම පුලුවන් තරම් try කරනවා.ඒත් එක්කම ඩබින් එක්ක වැඩකටයුතු ගැන කියනවානම් මේ දිනවල සිරසේ විකාශය වෙලා අවසන් උන spiderMan Man cartoon එක සදහා හඩ කැවීම් සිදුකලා.ඒ වගේ ම super ශිවා කාටුන් එකට ද හඩකැවීම් වලින් දායක උනා.සිරසෙහි විකාශය වු කිසා නාට්‍ය ට හඩකැවීම් සිදු කලා.ඒත් එක්කම මේ දවස්වල ශ්‍රී fm කණාමැදිරි රාත්‍රියෙත් ඉන්නවා.ඉදිරියේ දී තවත් නිර්මාණ කිහිපයකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.මෙතනදි මතක්කරන්න ඕනි ඩිලාන් සේනානායක අයියව.ඩබියා වීඩියෝස් හද හද ඉද්දී මුලින්ම චැනල් එකක කාටුන් එකක් ඩබ් කරන්න කතා කළේ එයා.ඒ සුපර් ශිවා කාටුන් එක. ඒත් එක්කම බුද්ධි නිරංජන් අයියවත්,චමත් අයියාවත්,දිලිප් අයියාවත්,අනුර අයියාවත්,චාලක අයියාවත් ඇතුළුව මාව වැඩවලට සම්බන්ධ කරගත් හැමෝම ආදරෙන් මතක්කරනවා.

සටහන
කවී විජේසූරිය

පාන්දර මල්බඩවන උදෑෂන 😊❤️හායි පුතේ 😂 #ඩබියා 🇱🇰 |  #අන්limit_හිනා |
21/01/2022

පාන්දර මල්බඩවන උදෑෂන 😊❤️
හායි පුතේ 😂
#ඩබියා 🇱🇰 | #අන්limit_හිනා |

Address

Obesekarapura Street
Rajagiriya
10107

Alerts

Be the first to know and let us send you an email when Dabiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dabiya:

Share