27/03/2026
කොටු ටෙලිනාට්‍යට හා ආලකමන්දාවේ කසුන් (Room Boy)ට ආදරය කල ඔබ සියලු දෙනාට ම ආදරෙයි ස්තූතියි..!!
අද දිනයේ කොටු ටෙලිනාට්‍ය විකාශය වි අවසන් වෙනවා.ඉතින් මෙපමණකල් මෙම නිර්මාණය හා ඒකාද්මික වු සහෘද ඔබ සැමට බෙහෙවින් ස්තූතියි.මා හට ආදරය කල මගේ යහලුවන්ට හා සමස්ථයක් ලෙස මෙම ටෙලිනාට්‍ය හා එක් වු මෙම ටෙලිනාට්‍යට ආදරය කල විවිධ ලෙස විචාරයට ලක් කල කතිකාවතක් නිර්මාණය කල ප්‍රේක්ෂක ඔබ සැමට පළමු කොට මාගේ ස්තූතියි පුද කරනවා.
ප්‍රථමයෙන් මෙම නාට්‍ය නිර්මාණය සදහා මා තෝරාගත් අධ්‍යක්ෂකතුමා වන අසංක සායාක්කාර අයියාට මා මෙහෙදි ස්තූතිවන්ත වනවා.ජීවිතේ රංගනශිල්පියකුට හමුවිය යුතුම අධ්‍යක්ෂකවරයෙක් විදිහට මම අසංක සායක්කාර අයියාව දකිනවා.ඉතින් අයියේ ඔයාගෙන් මගේ ජීවිතයට ලැබුන අත්දැකීම් හා වටිනාකම් බොහොයි.අද මම ලංකාවේ කලාක්ෂේත්‍රය තුල යම් අකාරයකට ස්ථානගත වනවානම් ඒ පස්සේ අසංක සායක්කාර කියන නම අනිවාර්යයෙන් තියෙනවා.
එසේම විශේෂයෙන් මෙහිදී නාමල් අයියා , ෂැගී අයියා (සජිත අයියා ) ඇතුලු කොටු නාට්‍ය කණ්ඩායමේ සියලු දෙනාට ද මෙහිදී මා බෙහෙවින් මාගේ ස්තූතිය හා ආදරය පිරි නමනවා.එසේම මෙම ටෙලිනාට්‍යයේ නිෂ්පාදකතුමා වන ජනක අයියාට ද බෙහෙවින් ම ස්තූතියි.
කෙටි කාලයක් තුල මා ඇගයීමට ලක් කරමින් මා හට කසුන්ගේ චරිතයට විවිධ ආකාරයේ පැසසුම් හා ආදරය ලබා දුන් මාගේ යහලුවන්ට සහෝදර සහෝදරියන්ට ප්‍රේක්ෂක ඔබට බෙහෙවින් ම මා හිසනවා ආචාර කරනවා.අද මා යම් ජයග්‍රහණයක් ඇගයීමක් කුමන හෝ අවස්ථාවක ලබනවානම් ලබන්නේ මා පසුපස සෙවනැල්ලක් සේ සිටගත් ඔබ සියලු දෙනා නිසාවෙනි.
කසුන් උඹට ආදරෙයි අද රංගන ශිල්පියෙක් විදිහට කව්රු හරි අදුරගන්නවනම් උඹත් පස්සේ ඉන්නවා.ඒ වගේම මගේ workshop set එක සකියෝ team එකටත් මම respect කරනවා.උඹලගේ හයිය තමයි මාව මෙච්චර දුරකට අරගෙන ආවේ.මට ආදරය කරන මාව දරාසිටින හයියක් වෙන හැමෝට ම හදවතින් ම ආදරෙයි ස්තූතියි.
මේ ටෙලිනාට්‍ය තුල කසුන් ජීවත් උනේ ඔබ සියලු දෙනාගේ චිත්ත සන්තානයේ වන බව මා හට මෙහිදී විශ්වාසයි.සමාජයේ විශාල ලෙස කතිකාවක් ඇති කිරීමට මෙම ටෙලිනාට්‍ය ගත් වෑයම සාර්ථක දිශානතියකට ගමන් කල බවද මා හට මෙහිදී විශ්වාසයක් තිබෙනවා.
නැවතත් පැවසිය හැක්කේ මෙහිදී මා අද කුමන හෝ චරිතයක් ටෙලිනාට්‍යයක නිරූපණය කර හෝ වේදිකාවක් මත නිරූපණය කර යම්කිසි ඇගයීමක් ලබනවා නම් සාර්ථකත්වයක් ලබනවා නම් ඒ පිටුපස ඇත්තේ මා හට ගුරුහරුකම් ලබාදෙන රංගනයට අත්පොත් තැබීමට සවියක් වූ මාගේ ගුරුවරුන් හා රංගවේදීන් නිසා වෙනි.මගේ අම්මා තාත්තා ඇතුලු පවුලේ හැමෝටම ස්තූතියි මං වගේ මනුස්සයෙක්ට මේ වගේ දේවල් කරන්න නිදහසක් ලබා දුන්නට තමන්ට තමන්ව අදුරගෙන ඉස්සරහට යන්න දෙන තල්ලුවට.
ඉතින් අවසාන වශයෙන් කියන්නම් මේ කොටු ටෙලිනාට්‍යයේ අවසානය සේම කොටු සිනමා වියමනේ ආරම්භයයි.🌱
ඉතින් ආලකමන්දාවේ කසුන්ට සමුගන්න අවසරයි...!!
දෙවි පිහිටයි.!🙃
- ඉසුරංග ජයකුමාර -