01/12/2025
කඳවුරු පිරෙයි මිනිසුන්ගෙන් සතර අතේ
වත්කම තෙත බරිත ඇඳිවත පමණි ගතේ
කුසගිනි සැරයි බීමට දිය බිඳක් නැතේ
තිස්තුන්කෝටියෙන් එක දෙවියෙකුදු නැතේ
සිටි හැකි නමුදු සුව සලකා තමා වෙතේ
කෙලෙසක සිටිම් තමවුන් අසරණ මොහොතේ
මනුසත් දෙවිවරුන් තව මිහිපිට වෙසෙතේ
මේ වැනි විරු පුතුන් ලක්මව රකිනු ඇතේ
පීඩිත තමවුන්ට සරණක් අවැසි වෙතී
දකුණෙන් මැද ට සෙනෙහස් පවුරක් බඳිතී
අදිඨන ශක්තිමත් සීමාවන් නොමැතී
සඳගිරි සමිඳු තව වෙහෙසෙයි නිදි නොමැතී