02/06/2026
🌸 සතුට රැඳී ඇත්තේ සරල තැන්වලයි... 🌸
Sayu’s Life Journal සමග එකතුවෙලා ඉන්න මගේ යාලුවෝ සියලූම දෙනවට සුභ සන්ධ්‍යාවක් වේවා...🥰
සීතල සවස් යාමයක, රන්වන් හිරු කිරණ පොළොවට සමුදෙන්න සූදානම් වන මොහොතක, පුංචි සයුරි ඇගේ නිවහන ඉදිරිපිට මිදුලට දිව ආවාය. ඇගේ අතේ තිබුණේ සබන් බෝල සාදන පුංචි සෙල්ලම් බඩුවක් පමණි.
ඇය හුළං පොදක් සමඟින් එක පිට එක සබන් බෝල අහසට මුදා හැරියාය. පාට පාටින් දිලිසෙන ඒ සබන් බෝල දෙස බලා ඇය හඬ නගා සිනාසුණාය. ඇගේ සුරතල් බලු පැටියා වන "ටොමී" ද බෝල පස්සේ පන්නමින්, වලිගය වනමින් ඇයට සහය දුන්නේය. වටපිටාවෙන්ම මතුවූ කණාමැදිරියන්ගේ එළියත්, මල් සුවඳත් ඒ මොහොත තවත් ඉන්ද්‍රජාලික කළේය.
ඇය ළඟ ඉතා මිල අධික සෙල්ලම් බඩු තිබුණේ නැත. නමුත් ඒ මොහොතේ ලෝකයේ සතුටින්ම සිටි දැරිය ඇයයි.
අද කාලයේ අපි හැමෝම දුවන්නේ "සතුට" කියන දේ මිල අධික දේවල් ඇතුළේ හොයන්නයි. අලුත්ම ෆෝන් එක, ලොකු කාර් එකක්, නැත්නම් සුඛෝපභෝගී ජීවිතයක් ඇතුළේ විතරක්ම සතුට තියෙනවා කියලා අපි හිතනවා. ඒ තරඟය අස්සේ අපි අපිට මඟහැරෙන ජීවිතයේ ලස්සනම දේවල් දකින්නේ නැහැ.
සැබෑ සතුට රැඳී තිබෙන්නේ අපි අවට ඇති ඉතාම සරල දේවල් අගය කිරීම තුළයි.
ආදරණීය සුරතලෙකුගේ සෙල්ලම් දැකීම...
බැසයන හිරුගේ ලස්සන විඳීම...
පුංචි සබන් බෝලයකින් වුණත් හදවතින්ම සිනාසෙන්නට හැකිවීම...
ජීවිතය සංකීර්ණ කරගන්නේ නැතිව, සරල දේ ඇතුළෙන් සතුට හොයාගන්න ඉගෙනගමු. මොකද, දවසක හැරී බලද්දී ජීවිතයේ අපිට දැනෙන ලොකුම සතුට වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ පුංචි මතකයන් විතරයි. ❤️✨
True Happiness Lies in the Simplest Things... 🌸
Good evening to all my wonderful friends who are part of Sayu’s Life Journal... 🥰
On a chilly evening, just as the golden rays of the sun were preparing to bid farewell to the earth, little Sayuri ran out into the front yard of her home. In her tiny hands, she held nothing but a simple little bubble-blowing toy.
With every gentle breeze, she released colorful, shimmering bubbles into the sky, laughing out loud as she watched them float away. Her adorable pet puppy, "Tommy," joined in the fun, wagging his tail and chasing after the bubbles. The magical glow of fireflies appearing all around, blended with the sweet fragrance of flowers, made that moment feel truly enchanted.
She didn't own any expensive toys, yet in that very moment, she was the happiest girl in the whole wide world.
Nowadays, we are all caught up in a never-ending race, chasing "happiness" in expensive things. We tend to think that happiness only exists in the latest smartphone, a luxury car, or an extravagant lifestyle. In the midst of this frantic rush, we completely blind ourselves to the most beautiful things life has to offer.
True happiness actually thrives in appreciating the simplest things around us
Watching the playful antics of a beloved pet...
Taking a moment to feel the beauty of a setting sun...
Being able to smile from the bottom of your heart at something as simple as a floating soap bubble...
Let’s stop complicating our lives and learn to find joy in simplicity. Because one day, when we look back, we will realize that the greatest happiness we ever felt came from these exact little moments. ❤️✨
සඳූ සූරියආරච්චි
✍️