04/05/2021
Apex Legends
Pc ගේම් play කරන අය නම් දන්නව මොකද්ද මේ ගේම් එක කියල.
නොදන්න අයටත් එක්ක මේක කියන්න මේකත් ඔයාල දැනටමත් play කරන pubg mobile, Freefire සහ Cod Mobile වගේම ගේම් එකක්
ඒ වගේම සතුටු හිතෙන ආරංචියක් තියනව මේ ගේම් එකේ දැනටමත් Mobile වලට beta version එකක් විදිහට ලංකාවට හැර වෙන රටවල් කීපයකට Release වෙලා තියෙන්නෙ. මේක develope කරල තියෙන්නෙත් මේ pubg, cod වගේ ඒව හදපු කට්ටියම තමයි. ඒ වගේම නුදුරු අනාගතයේදීම මේක හැම රටකටම Release වේවි. ඊට කලින් ඕනි අයට vpn හරහා මේක play කරන්න පුලුවන්.
ඒ ගැන ඕනි නම් මම විස්තර දෙන්නම්. නැත්තම් අපි මේක මෝබයිල් වලට හැම රටකටම Release වෙනකම් ඉදල Play කරමු.
ඒ ප්ලේ කරද්දි ඔයාලට මේ ගේම් එකේ play styles, tactics, Heros ලට තියන Passive Powers, Tactical Powers සහ එයාලට තියන Ultimate Powers ගැනත් වෙන වෙනම කියාදෙන්නම්.
ඇත්තටම මේක Release උනාම මේක ලෝකෙම Mobile Game Industry එකේ ලොකු කරන Game එකක් විදිහට දැනටමත් මේක Publish කරන අය බලාපොරොත්තුවෙන් ඉන්නව.
මොකද මේක Free to Play Pc වලට Release වෙලා පලවෙනි සතියෙම 25 Million වගේ ප්ලේයර්ස මේක අරගෙන තියනව. ඒ වගේම මේක රිලීස් වෙලා මාසයක් යද්දි 50 Million වගේම 2021 April වෙනකොට මිලියන 100කට අධික ප්‍රමානයක් මේක Play කරන්න පටන් අරගෙන තියනව.
ඒ වගේම මේ ගේම් එකට නිධාන කතාවක් තියනව. ඔයාල මේක ගැන Interesting නම් මම ඒ ගැනත් විස්තරයක් දාන්නම්.
හරි පෝස්ට් එක ටිකක් දිග වේවි. ඉතින් හෙමීට තේකක් හදාගෙන බිස්කට් එකක් කකා පහසුවෙන් ඉදගෙන කියවන්න. එහෙම අමාරු අයට මම ඉදිරියේදී වීඩියෝ එකක් දාන්නම්.
Game Characters
මේ ගේම් එක Play කරද්දි මුලින්ම තියෙන්නෙ මුලින්ම කරන්න තියෙන්නෙ ඔයාට ගැලපෙන Legend කෙනෙක් තෝරගන්න එක. මුලින්ම Release වෙනකොට මේකෙ ඉදියෙ ලෙජන්න්ඩ්ස්ල 7ක් වගේ අද එන SEASON 9 වෙද්දි PC ගේම් එකට ලෙජන්ඩ්ස්ල 17ක් වගේ ඉන්නව.
මෙයාල 17ටම එයාලටම ආවේනික උන Special Skills, Abilities, වගේම ඓයාලටම වෙන් උන Play Styles තියනව.
උදාහරනයක් විදිහට මේකෙ ඉන්නව Bloodhound කියල කෙනෙක්. Teen Wolf fans ල නම් දන්නව ඇති අර Dred Doctors ල කියල කට්ටියක් ඉන්නව, අන්න ඒ වගේ Dred Doctor කෙනෙක්ගෙ පෙනුම තියන Bloodhoundව මම පහලින් පොටෝ එකකින් පෙන්නන්නම්.
https://youtu.be/euWTbVdRGv0
short Movie
https://youtu.be/1XN1ZOi2jJI
මෙයාගෙ Passive Skill එක විදිහට තියන්නෙ Enemy teams Track කරන්න පුලුවන්. ඒ කියන්නෙ ලගපාත ටීම් එකක් loot කරල හෝ Fight එකක් හෝ ඇවිදගෙන ගිහිල්ල තියනව නම් ටීම් එක මීට තත්පර කීයකට කලින් ගියාද කියල පෙන්නනව. (වීඩියෝ එකේ එයාගෙ වැඩකෑල්ල තියෙනවා)
මේකෙ තියන විශේශත්වය කියන්නෙ Enemy ටීම් වල ඉන්න Bloodhounds ල ගැන අපි ඉන්න ඕනි සෑහෙන්න අවධානයෙන්. ඒ වගේම හොදට කාලයක් තිස්සෙ Bloodhound Training උන ප්ලේයර් කෙනෙක් එක්ක Fight කරල මැදදි අපි පැනල ගිහිල්ල හැංගිලා ඉන්න ඒව සහ කෑම්ප් කරන්න හිතන් ඉන්නව නම් Bloodhound එක්ක ඒව හීන තමයි.
ඒත් Caustic වගේ Defensive Player කෙනෙක් අපිට ඉන්නව නම් එයා ගාව තියන Toxic Gas Traps විශ දුම සහිත ගෑස් කෑන් දොරවල් වලට හිර කරල වගේ දෙයක් කරල බේරිලා ඉන්න සහ ටීම් එකේ කට්ටියව Push කරන එකෙන් බේරිලා ඉන්න වගේ සුපිරිම හැකියා ටිකක් තියන Legends ල ටිකක් මේකෙ ඉන්නව.
Castic ගෙ වැඩ පහල වීඩියෝ එකේ
https://youtu.be/dSz8Dnj1pdI
ඉතින් ඇත්තම මේකෙ හරියට Fight එකක් යනව කියන්නෙ අඩුම ගානෙ විනාඩි 5කට වැඩිය එක ෆයිට් එකක් අරගෙන යන්න පුලුවන් මේ Legends ලට තියන Special Unique Skills නිසා.
ඒ වගේම මේක Mobile ආවම Play කරන්න හිතාගෙන ඉන්න අයට මම කියන්න මුල ඉදන්ම ඔයාලට ගැලපෙන එක Main Legend කෙනෙක් තෝරගෙන මේක දිගටම Play කරන්න. ඒකෙන් ඔයාලව මේකෙ ගොඩක් දුරට අරන් යාවි. මොකද මේකෙ ලෙජන්ඩ්ස්ලගෙ උස ප්‍රමායයන් සහ මෙයාලගෙ Movement Pattern එකිනෙකට වෙනස්.
ඒ වගේම කියන්න ඕනි මේකෙ ඉන්න හැම Legend කෙනෙක්ගෙම Back Story එකක් තියනව.
ඒව ගැන දැනගත්තම අපිට අපේ ලෙජන්ඩ්ව තෝරගන්න ලේසි වෙනව. ඒ වගේම අපේ විදිහ සහ අපි දිගටම පාවිච්චි කරන ලෙජන්ඩ්ගෙ ප්ලේ ස්ටයිල් එක කොහොමද හසුරවන්න ඕනි කියන එක ගැන දැනුම එනව . අනික මේ ගේම් එක Aim එක සහ Kills ගැනීමම අරමුනු කරගත්ත ගේම් එකක් නෙවෙයි. ඒ ගැන විස්තර සහ එක එක්කෙනාගෙ Stories සහ ඒවා එක්ක ගේම් එක හොදටම ප්ලේ කරන්න අපිට කරන්න පුලුවන් දේවල් ගැන අදහසක් මම දන්න විදිහට ඔයාලට දෙන්නම්.
ඉතින් මීට වඩා කියම්න ගියොත් පෝස්ට් එක ලොකු සහ දිග වැඩි වෙනව.
කැමති අය ඉන්නව නම් Page එකට ලයික් එකක් දාල සෙට් වෙන්න. අපි ලංකාවෙන් අලුත්ම විදිහක Apex Play කරන සෙට් එකක් හදමු.
මම 2019 ඉදන් මේක ප්ලේ කරල ගොඩක් Kills ගන්න බැරි උනා. මොකද එදා ඉදන්ම මට මේකෙ Focus උනේ Tactical පැත්ත.
ඉතින් මම කලේ Season 3 වල ඉදන් Game එකට ආපු වැඩකට lනැතිම Legend කෙනෙක් විදිහට ඉදපු Drone එකක් තියන හැකර් කෙනෙක් උන Crypto කියන චරිතය 2021 වෙනකන්ම Play කරපු එක.
karanna
මේ ටික ගේම් එක ගැන දන්න අයට.
මම අවුරුදු 2ක් Crypto ප්ලේ කරපු එකේ ප්‍රතිපලයක් විදිහට මට තේරුන දේවල් මම කියන්නෙ. මොකද ක්‍රිප්ටෝ කියන්නෙ හැකර් කෙනෙක් එයා මේ ගේම් එක මෙයාලගෙ වැඩ ගැන බලාගෙන ඉන්න කෙනෙක්.
"I'm watching. I'm Always Watching"
-Crypto-
https://youtu.be/NEAWC9eK1Ts
මේ ගේම් එකේ රහස් මැප් ඇතුලෙ හංගපු රහස් ගොඩක් තියනව. ඒව හොය හොයා මම මැප් එකේ ඇවිදිනකොට සහ ගේම් එකේ ට්‍රේලර්ස් වලින් මම දැනගත්ත ඒවගෙන් පොඩි දෙයක් මේ කියන්න යන්නෙ.
ඔයාල දන්නව Low profile කියන perk එක නැත්තම් Hitbox එක පොඩිම අය තමයි Watson, Wraith සහ Lifeline කියන්නෙ.
ගේම් එක ආපු මුල් කාලෙ ඉදන්ම වැඩියෙන්ම Skills තිබුන වැඩියෙන්ම KD හෝ වැඩිම Win Rate එකක් තිබුනෙ Wraith කියන ලෙජන්ඩ්ව පාවිච්චි කරන අයට. මාත් පෞද්ගලිකවම භය චරිතයක් තමා Wraith කියන්නෙ. මොකද Peacekeeper කියන ෂොට් ගන් එකයි, R99 කියන smg නැත්තම් සබ් මැශින් ගන් එකක් එක්ක Wraith කෙනෙක් ආව කියන්නෙ. අපිට යන එන මං නැතිවෙනව.
https://youtu.be/bglAJajZFx4
මේක ගැන හිත හිතා ඉන්නකොට තමයි මම මෙයාලගෙ Apex ලගෙ මේ වීඩියෝ එකේ Crypto GAME SYSTEM එක HACK කරන වීඩියෝ එකේ Wraith ගෙ win rate එක ගැන Crypto එයාගෙ සහෝදරිය වෙච්ච Mila එක්ක කතා කරන්නෙ.
එතනදි දැනට Wraith ගෙ වෙන Skills වැඩි බවත් ගේම් එකේ බැලන්ස් එක නැති වෙන බවත් තේරුනාම මට හිතුනෙ ඉස්සරහට මේ Wraith ට තියන Skills ගොඩක් අඩුකරාවි කියල.
ඒ වගේම දිගින් දිගටම මේ Wraith ගෙ Skills අඩු කරනකොට කට්ටිය ඊලගට තෝරගත්තෙ Lifeline සහ Octain වගේ ලෙජන්ඩ්ලව.
ඒත් බලන්න Season 9 වෙනකොට මෙයාලෙගෙ Skill පවා සෑහෙන්න අඩු කරල තියනව.
මොකද Lifeline කියන ලෙජන්ඩ් Combat Medical ඒ කියන්නෙ මෙයා ඉන්නෙ Push කර කර Fight කරන්න නෙවෙයි. මෙයා ඉන්නෙ ටීම් මෙම්බර් කෙනෙක් ඩවුන් උනාම එයා ලගට ගිහිල්ල එයාව ගන්න.
Lifelife ට මේකට විශේෂ හැකියා ටිකක් තියනව.
ඒ කියන්නෙ අපි Knockdown වෙලා ඉන්නකොට මෙයා ඇවිල්ල අපිව ගන්නව නම් අනික් අයට වඩා වැඩි Speed එකකින් වගේම එයා අපිව ගන්නකොට ඉබේම ෂීල්ඩ් එකක් වැටිල ගන්න කෙනාව Cover වෙනව. ඒ වගේම කවුරු හරි මෙයාලව Push කරන්න එනව නම් අතේ තියන Gun එකකින් එයාලට ඩැමේජ් කරල එයා අපිව Push කරන එක නවත්තන්න හෝ ලගටම ආවොත් ටීම් එකේ දෙන්නම එක්ක ඩැමේජ් කරල යාලුවව බේරගන්න හැකියාව තියනව. ඒ වගේම Enemy ටීම් එකක Lifeline කෙනෙක් ඉන්නව නම් මම ඉස්සෙල්ලම ගන්නෙ එයාව. මොකද ටීම් එකේ ඉන්න වැදගත්ම ප්ලේයර් කෙනෙක්. ඒ වගේම ෆට්ට ඇනයක් වෙන්න පුලුවන් චරිතයක්.
මට Crypto ගෙ Character එක Follow කරපු එකේ වටිනාකම මෙච්චරයි කියන්න බෑ.
https://youtu.be/5_8WHxyW86o
මේ වගේ විස්තර තව ගොඩයි ඉතින්. ඉදිරියට මේ ගේම් එකේ වෙන්න යන වෙනස්කම් පවා ගේම් එක අතුලෙම අපිට හොයාගන්න පුලුවන් රහස් විදිහට හංගල තියනව.
මම කරන්නෙ ඒව හොයන එක. ගොඩක් අමාරුයි මැච් එකක් ප්ලේ කරනවට වඩා මොකද හැමතැනම ගොඩක් වෙලාවට ෆයිට් යනව ඒ වගේම කෙටි කාලයක් ඇතුලත මැප් එකේ ගොඩක් තැන් වලට යන්න තියන ඒවත් තියනව.
ඉතින් ඔයාල ආස නම් එන්න අපි කතා කරමු. මෙතන තියන කතාව මම serious එකක් විදිහට දෙන්නම්.
හැමෝටම ගොඩක් ස්තූතී පෝස්ට් එක කියෙව්වට.
Happy gaming කොල්ලනෙ....
ඉස්සරහට අපිට මේ ගේම් එකේ ගොඩක් වැඩ ටිකක් තියනව කරන්න.
Truth is Coming an i won't be Stoped
-Crypto-
ඔයාට තියන ප්‍රශ්න අහන්න. මම දන්න විදිහට උත්තර දෙන්නම්.