A Mode Vibes

A Mode Vibes 😂 Daily Fun | Memes | Vibes
🔥 Stress free zone
📲 Follow for daily laughs
(1)

25/08/2026

ඉස්කෝලේ යන කාලේ ඉරිදා රෑම වෙන් කරලා තිබුනේ ඩිවෝස් වෙච්ච මේස් හොයන්න.🙄

24/08/2026

ඔයාලගෙ ගෙදර අමුතු නීති මොනවද?
අපේ ගෙදර නම් මුලින්ම නාන කෙනා පහණ තියන්න ඕනි.
ඔයාලගෙ?

24/08/2026

ඔබ දන්නවාද...? කුඹල් පෙරහැර හා රන්දෝලි පෙරහැර අතර ඇති වෙනස්කම්....🤔🤔🐘  කුඹල් පෙරහර කියන්නේ හැදෙන පෙරහරක්. නැත්තම් අසම්ප...
24/08/2026

ඔබ දන්නවාද...?

කුඹල් පෙරහැර හා රන්දෝලි පෙරහැර අතර ඇති වෙනස්කම්....🤔🤔

🐘 කුඹල් පෙරහර කියන්නේ හැදෙන පෙරහරක්. නැත්තම් අසම්පූර්ණ පෙරහරක්. කුඹල් පෙරහරවල් වලට ඒ නම ඇවිල්ලා තියෙන්නේ ඉස්සර කුඹල් පෙරහරේ ඉස්සරහින් මැටි වලං ගෙනියන මනුස්සයෙක් වලං කදක් අරන් ගිය නිසාලු.
කුඹල් පෙරහරවල් අසම්පූර්ණයි. වර්ණ භාවිතය අඩුයි. සුදු පාට තමා වැඩිපුර යොදාගන්නේ.

ඒ වගේම ඇත්තුන්ට දළ කොපු ,පාද සිලම්බු ආදිය පැළදවීමක් වෙන්නේ නෑ. ගජනායක නිලමේ වරයා රිදී අංකුසයක් දරන්නේ. ඒ වගේම ප්‍රධාන හේවිසි කණ්ඩායම සම්පූර්ණ හිස් වැසුම් පළදින්නේ නෑ. බෙර වලට සවරං බදින්නේ නෑ. ඒ වගේම දෑලෙ ඇතුන් පිට සාමන්‍ය නිල කරුවන් දෙදෙනෙක් විතරයි ගමන් කරන්නේ. පළවෙනි කුඹල් පෙරහරේ ඇරෙන්න දියවඩන නිලමෙ යන්නෙ නෑ. දේවාල වල බස්නායක නිලමෙවරු යන්නේ නෑ. සාමාන්‍යයෙන් නවක ශිල්පීන්,නවක අලි ඇතුන් පුහුණු වෙන්නේ මේ පෙරහරවල් වලින්. ඒ වගේම දේවාල සතරේ වෙස් ශිල්පීන් වෙස් තට්ටුව පළදින්නේත් නෑ.

🐘 නමුත් රන්දෝලි පෙරහර විචිත්‍රවත්. නෙක වර්ණ ශබ්ද ආදියෙන් අලංකෘතයි.
ගජනායක නිලමේ වරයා රං අංකුසයක් දරනවා. සියලු ශිල්පීන් අලි ඇතුන් නෙක විද වර්ණ ඇදුමෙන් හැඩ වෙනවා. ඇතුන්ට දල කොපු පළන්දනවා. පෙරහරේ බෞද්ධ කොඩි වලට අමතරව දිසා කොඩි මහ දිසා කොඩි රටවල් ,කෝරල වලට අදාල කොඩි පිත්තල දිසා කොඩි, දජ පතාක සේසත් මුරායුධ ගෙනයනවා. ප්‍රධාන හේවිසි කණ්ඩායම අංග සම්පූර්ණව ගමන් කරනවා. මඟුලැතුට දෙපස දෑලෙ ඇතුන් පිට පාතමාලේ රාල හා ගෙපරාල විසින් කරඩුවට මල් ඉසිනවා සහ චාමර සලනවා. බුරුම ධජ,සියම් ධජ පෙරහරේ ගෙනියනවා. ඒ වගේම මල් පහන් කණ්ඩායම ගමන් කරනවා. දියවඩන නිලමෙ තුමා හා බස් නායක නිලමෙවරු ප්‍රධාන පිටිසර දේවාල වල බස්නායක නිලමෙවරු ගමන් කරනවා.
මේ ආදී ලෙස ඉතා විචිත්‍ර පෙරහර 5 ක් ලෙස රන්දෝලි පෙරහර පවත්වනවා.
එයිනුත් හතර වැනි හා පස්වැනි හෙවත් අවසන් රන්දෝලිය යන පෙරහර දෙකේ මඟුලැතුට පාවඩ හා උඩු වියන් ඔසවා දළදා වහන්සේට පුද කරන සියලු පූජාවන් සම්පූර්ණ කරනවා.

ඒ වගේම රන්දෝලි පෙරහරවල රන්දෝලි වඩමවනවා. එනිසා තමා මේවා රන්දෝලි පෙරහර ලෙස හදුන්වන්නේ.කුඹල් පෙරහර හා රන්දෝලි පෙරහර අතර වෙනස්කම් කීපයක් තමා ඔය.

🐘 නමුත් කිසිදු පෙරහැරක දළදා වහන්සේ වඩමවන්නේ නෑ. පෙරහර කරඩුව තුළ සර්වඥ ධාතුන් වහන්සේලා දෙතිසක් වැඩ වසන බවයි කියන්නේ. අවසානයට 1828 වර්ෂයේදී තමයි දළදා වහන්සේ පෙරහරේ වඩමවා තියෙන්නේ. දැන් පෙරහරේ වඩමවන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් රිදියෙන් කරවා රනින් ආලේප කරවා පූජා කළ පෙරහර කරඬු වහන්සේයි.
දළදා වහන්සේ උඩ මාලයේ ශ්‍රී සුගන්ධ කුටියෙන් පිටතට වඩමවන්නේ දැඩි ආරක්ෂක හේතුවක් මත අතිශය රහසේ හෝ දළදා ප්‍රදර්ශනයකදී පමණයි..

21/08/2026
🥺🏳
20/08/2026

🥺🏳

Corry ප්‍රෙන්
17/08/2026

Corry ප්‍රෙන්

Address

Ratnapura

Website

Alerts

Be the first to know and let us send you an email when A Mode Vibes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share