05/11/2025
අද දිනට (නොවැ.05) යෙදී තිබූ කුරුණෑගල-රිදීගම ඓතිහාසික රිදී විහාරස්ථානයේ 2025 වාර්ෂික කඨින චීවර පූජෝත්සවය බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
අද අළුයම කඨින චීවරය වඩමවාගත් පෙරහර ඓතිහාසික රිදී විහාරයේ බස්නායක නිළමේතුමන්ගේ නිවසේ සිට හිමිදිරි අළුයම උත්කර්ෂවත්ව කස, ගිණිබෝල, වෙස් නර්ථන සහ අලි ඇතුන් පිරිවරාගෙන රිදීගම නගරය හරහා වීදි සංචාරය කරමින් රිදී විහාරස්ථානය වෙත ලඟ වීමෙන් අනතුරුව එම කථින චීවර වස්ත්‍රය සකස් කිරීම සඳහා පූජ්‍ය හෙම්මාතගම පියදස්සී හිමිපාණන් වහන්සේ වෙත බාර දෙන ලදී.
ඉන් අනතුරුව අද දහවල් සංඝයා වහන්සේලා හැත්තෑ නමක් (70) විෂයෙහි පැවැත්වූ සංඝගත දක්ෂිණාවෙන් අනතුරුව චීවර පූජාව සහ ආනිශංස ධර්ම දේශනාව සිදු කරමින් කඨින පිංකම නිමාවට පත්විය.
ඡායාරූප : රිදී විහාර මාධ්‍ය ඒකකය