RW -Sri Lanka

RW -Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from RW -Sri Lanka, Media, Sri Jayavardhanapura.

නොබෝ දිනකින් ඔබ විසින් සිදු කල වැරැද්ද ස්භාවධර්මය නිවරදි කිරීමට සූදානම්..
27/01/2025

නොබෝ දිනකින් ඔබ විසින් සිදු කල වැරැද්ද ස්භාවධර්මය නිවරදි කිරීමට සූදානම්..

හිටපු අමාත්‍ය ගරු ජානක වක්කුඹුර මැතිතුමනි ඔබට  සුබ උපන් දිනයක් වේවා.
14/12/2024

හිටපු අමාත්‍ය ගරු ජානක වක්කුඹුර මැතිතුමනි ඔබට සුබ උපන් දිනයක් වේවා.

" විශ්වාසයට තවත් නමක් රුවන්පුරට ජානක "
08/10/2024

" විශ්වාසයට තවත් නමක් රුවන්පුරට ජානක "

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි” - ජනාධිපති රනිල් වික්‍රමසිං...
25/09/2024

“අනුර දිසානායක ජනාධිපතිතුමනි,
ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”
- ජනාධිපති රනිල් වික්‍රමසිංහ

පසුගිය 21 වනදා පැවති ජනාධිපතිවරණයේදී ජනතාව ලබාදුන් ජනවරම ප්‍රකාරව අභිනව ජනාධිපති අනුර දිසානයක මහතාට රට භාර දෙන්න බවත් තමන්ට සහය දුන් නොදුන් සියලුම දෙනාට ස්තූතිවන්ත වන බවත් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා තමන් මෙතෙක් ආරක්ෂිතව වැල් පාළමේ ගෙන ආ බවත් අභිනව ජනාධිපතිවරයා යටතේ එම දරුවා වඩා ආරක්ෂිතව වැල් පාලමෙන් එතෙර කරවීමට හැකියාව ලැබේවායි තමන් ප්‍රාර්ථනා කරන බවත් ජනාධිපතිවරයා සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්පූර්ණ කතාව පහතින් දැක්වේ.

“ආයුබෝවන්
ආදරණීය පුරවැසියනි,
සැප්තැම්බර් 21 පැවති ජනාධිපතිවරණයෙන් මේ රටේ බහුතර ජනතාව තීන්දුවක් ලබා දී තියෙනවා. අපි ඒ තීන්දුවට ගරු කල යුතුයි. ඒ තීන්දුව ප්‍රකාරව ශ්‍රී ලංකා රාජ්‍යයේ යථා පැවැත්ම තහවුරු කල යුතුයි.
මීට අවුරුදු දෙකකට කලින් බංකොලොත් වෙලා, ආර්ථික අගාධයකට ඇද වැටී තිබුණ, ඉතාමත්ම අර්බුධකාරී වාතාවරණයකදී මම මේ රට භාර ගත්තා.
ඒ අභියෝගයට මුහුණ දීමට තරම් ආත්ම ශක්තියක් බොහෝ දෙනෙකුට නොතිබූ අවස්ථාවක තමයි මම ඒ වගකීම භාරගත්තේ.
ඉතිහාසය විසින් මට ලබාදුන් ඒ වගකීම මම සාර්ථකව ඉෂ්ඨ කලා.
වසර දෙකක් වැනි කෙටි කාලයකදී මේ රට බංකොලොත්භාවයෙන් මුදවා ගන්න මට හැකියාව ලැබුනා.
මගේ දේශපාලන ජීවිතයේ මගේ රට වෙනුවෙන් කරන්න ලැබුණු වටිනාම කාර්යභාරය එය කියලයි මම විශ්වාස කරන්නේ.
මම රට භාරගන්නා අවස්ථාවේදී සීයයට හැත්තෑවක්ව පැවති උද්ධමනය බින්දුවයි දශම පහක් (0.5%) දක්වා අඩු කිරීමට මට හැකියාවක් ලැබුණා.
ඇමරිකානු ඩොලර් මිලියන විස්සක්ව පැවති මෙරට විදේශ සංචිතය ඇමරිකන් ඩොලර් බිලියන පහයි දශම හතක් දක්වා ඉහළ දැමීමට මට හැකියාවක් ලැබුණා.
ඒ වගේම ඩොලරයට සාපේක්ෂව තුන්සිය අසූවක්ව පැවති රුපියලේ අගය රුපියල් තුන්සීයක් දක්වා පහත හෙළමින් ශක්තිමත්, ස්ථාවර අගයකට ගෙන ඒමට මට හැකිවුණා.
එසේම සෘණ හතයි දශම තුනක්ව (-7.3%) පැවති ආර්ථික වර්ධනය ධන දෙකයි දශම තුනක් (2.3%) දක්වා ඉහළ නැංවීමට මා කටයුතු කලා. ඒ ගැන මම සතුටු වෙනවා.
මගේ ඒ ඓතිහාසික දේශපාලනික කාර්යභාරය ගැන මේ රටේ අනාගත පරපුර නිසි ලෙස තක්සේරුවක් ලබාදෙයි කියලා මම විශ්වාස කරනවා.
මේ රටේ පාලකයා වශයෙන් ඉතිහාසයේ මට හිමි තැන තීරණය වනුයේ අද නොව අනාගතයේ බව මා දන්නවා.
මම නිවැරදි මාර්ගයේ ගිහින් ජනතාවගේ දුක් ගින්දර සෑහෙන දුරකට නිවා දැමුවා. නව ජනාධිපතිතුමාත් ඔහුට ලැබුණු ජනවරම ප්‍රකාරව නිවැරදි මාර්ගය තෝරාගෙන ජනදුක නිවා දමයි කියලා මම බලාපොරොත්තු වෙනවා.
ඉතාම අභියෝගාත්මක වැල් පාළමේ ශ්‍රී ලංකාව කියන ආදරණීය දරුවා මම හැකිතාක් උපරීම දුරක් ආරක්ෂිතව රැගෙන ආවා.
වැල් පාළමේ අවසානය පෙනි පෙනි ඒ ආදරණීය දරුවා අනුර දිසානායක ජනාධිපතිතුමාට භාර දීමට රටේ ජනතාව තීරණය කර තිබෙනවා.
ජනාධිපතිතුමනි, ඔබත් මමත් දෙදෙනාම ආදරය කරන ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම මහත් සෙනෙහසින් ඔබ වෙත භාර දෙනවා. මේ දරුවා මම රැගෙන ආවාටත් වඩා ආරක්ෂිතව වැල් පාලමෙන් එතෙර කරවීමට ඔබට හැකියාව ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා.
බලය ඇතත්, නැතත්, තනතුරු ඇතත්, නැතත්, මේ රටේ ජනතාවට මගෙන් විය යුතු යුතුකම් අදාළ අවස්ථාවේදී කිසිදු පැකිලීමකින් තොරව මා ඉටුකරනවා.
මගේ පාලන කාලය තුළදී ඒ සඳහා සහය දුන් නොදුන් සියලුම දෙනාටත්,
මේ රටේ සියලුම පුරවැසියන්ටත් ස්තූතියි!”

- ජනාධිපති රනිල් වික්‍රමසිංහ

25/09/2024

25/09/2024
- ඔබට ස්තුතියි ජනාධිපති තුමණි -රටක් මුහුන දුන් දුෂ්කරම මොහොතක, රටත් ජනතාවත් වෙනුවෙන් වගකීමක් ගන්න කිසිවෙකුත් ඉදිරිපත් නො...
22/09/2024

- ඔබට ස්තුතියි ජනාධිපති තුමණි -

රටක් මුහුන දුන් දුෂ්කරම මොහොතක, රටත් ජනතාවත් වෙනුවෙන් වගකීමක් ගන්න කිසිවෙකුත් ඉදිරිපත් නොවන තත්වයක,,රටේ

බංකොලොත්භාවය පවා ප්‍රකාශයට පත්කර තිබියදී අභියෝග ඉදිරියේ පලා නොගොස් දෙකොටි විසිලක්ෂයක් මිනිසුන්ගේ ජීවිත යහපත්කරදීම වෙනුවෙන් සියලු වගකීම් තම උරපතට ගෙන එය උපරිමයෙන් ඉටුකල,අස්ථාවර වු රට මුලු මනින්ම ස්ථාවර කරදුන් ඔබට අනේකවාරයක් ස්තුති කරමි. අද හෝ හෙට නොව ඉතිහාසයේ යම්.

දිනක , ඉතිහාසය විසින්ම ඔඹ කල මෙහෙයට සාදාරණ විනිශ්චයක්.ලබාදෙනු ඇත.ඔබ වැනි පරිනතයෙකුගේ සේවය මේ රටට තව බොහෝ කාලයක් ඇවසිද වනු ඇත.

21/09/2024

#රටට #සුබයි

21/09/2024

#රටට #සුබයි #පුළුවන්SriLanka

Address

Sri Jayavardhanapura

Website

Alerts

Be the first to know and let us send you an email when RW -Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category