29/12/2024
Journaling ජීවිතේ පුරුද්දක් කරගමූ..
'Journaling' මේ වචනෙ ඔයාලා හුඟක් අහලා ඇති. දැකලා ඇතී. ඉතින් මොනාද ඇත්තටම ඔයාලා මේ ගැන දන්නෙ ?? (comment section එක ඒ ගැන ඔයාලගෙ අදහස් වලට විවෘතයී.)
සරලවම 'journaling' කියන්නෙ, ඔයාගෙ ජීවිතේ ගැන ඔයාට දැනෙන දේවල්, ඔයාගෙ හැඟීම්, ඔයාගෙ අරමුණු පැහැදිලිව (ඔයාට විතරක් පැහැදිලි වුණහම ඇති) ලියන එකට.
💁♀ කොහොමද 'journaling' පටන්ගන්නෙ ??
මුලින්ම ඔයාට මොකක් හරි සටහන් පොතක් ඕන වෙනවා. ඔයා කැමති නම් ලස්සන cute notebook එකක් ගන්න පුළුවන්. නැත්නම් excercise book එකක් වුණත් ඇතී. එහෙමත් නැත්නම් online app එකක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්.
ඊළඟට ඉතින් ලියන්න පටන්ගන්න තමයී තියෙන්නෙ. මුලින් මුලින් ඔයාට මොනා ලියන්නද කියලා තේරෙන එකක් නෑ. මොනා කියලා ලියන්නද වගේ හිතෙයී. හැබැයී ටික ටික ඔයා ලියද්දි ඔයාට ඒක ඔයාගෙ ජීවිතේට ලොකු support එකක් විදිහට දැනෙන්න පටන් ගන්නවා.
💁♀ 'jounrnaling' වලින් ඔයාගෙ ජීවිතේට ලැබෙන්නෙ මොන වගේ support එකක්ද ??
* ඔයා නිතර stress වෙන කෙනෙක් නම්, ඒ stress එක හුඟක් දුරට control කරගන්න පුළුවන් වෙනවා.
* ඔයාගෙ ජීවිතේට හොඳ hobby එකක් එකතු වෙනවා.
* ඔයාගෙ ජීවිතේ ඉස්සරහ හරි විදිහට සැලසුම් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම ඔයාගෙ ඉස්සරහ ජීවිතේට මඟ පෙන්වීමක් වෙනවා.
* ඕනම කෙනෙක්ට සමාවදීලා, ඔයාගෙ ජීවිතේ ඉස්සරහට move on වෙන්න පුළුවන් වෙනවා.
* ප්‍රශ්න අඩුවෙන් සැහැල්ලුවෙන් ජීවිතේ ගෙවන්න පුළුවන් වෙනවා. මොකද ඔයාගෙ හිතට පීඩාවක් දෙන දේවල් ඔයා ඔයාගෙ journal එකත් එක්ක share කරගන්න නිසා.
* ඔයා තනියම ජීවත්වෙන කෙනෙක් වුණත්, ඔයාට තනිකමක් නොදැනෙන්න journal book එක ලොකු support එකක් වෙනවා.
ඉතින් මේ වගේ තව හුඟක් දේවල් කියන්න පුළුවන්. මොකද ඒ තරමටම 'journaling' කියන දේ ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න ලොකු support එකක් වෙනවා.. ඔයාටත් පුළුවන් අලුත් අවුරුද්දෙ ඉඳලා මේ වගේ වටින පුරුද්දක් ජීවිතේට එකතු කරගන්න.
ඔයත් දවසෙන් දවස, ඔයාගෙ ජීවිතේ තියෙන හීන හැබෑ කරගන්න ඇඟිලි ගණින කෙනෙක් නම්, ඔයා අනිවාර්යයෙන්ම 'journaling' කරන්නම ඕන.. කළේ නෑ කියලා ජීවිතේ වරදින්නෙත් නෑ. හැබැයී කරන එකෙන් ජීවිතේට ලොකුම ලොකු පිටිවහලක්, හයියක් වෙනවා..
හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..
©️ Study with gimi