10/11/2023
👉 11-B පංතිය විසින් මෙහෙයවු උදෑසන රැස්වීම.
------------------------------
✍️ අ/ තලාව ජාතික පාසලේ ඉගෙනුම ලබන සෑම දරුවෙකුටම සන්නිවේදන හැකියාව, ඉදිරිපත්වීමේ කුසලතා, පෞරුෂ වර්ධනය, ත්‍රිත්ව භාෂා කුසලතා, උත්සව සංවිධාන හැකියාව ආදිය සංවර්ධනය කිරීමේ අරමුණ ඇතිව විධිමත්ව පවත්වනු ලබන උදෑසන රැස්වීම පසුගිය 2023-08-17 වන බ්‍රහස්පතින්දා දින උදෑසන රැස්වීම පැවැත්වීමේ වගකීම පැවරී තිබුනේ නිලූ රත්නායක මහත්මිය පංති භාරකාරත්වය දරන 11-B පංතියටයි.
✍️ විද්‍යාලයේ සහකාර විදුහල්පති පුජ්‍ය ඉපලව පේමානන්ද නාහිමිපාණන් විසින් ආගමික වතාවත් සිදු කරනු ලැබුවා.
✍️ සිංහල භාෂාවෙන් මලීෂා ඉන්දීවරී සිසුවිය ද, ඉංග්‍රීසී භාෂාවෙන් කෞශල්‍යා මධුභාෂිනි සිසුවිය ද, දෙමළ භාෂාවෙන් ලෝචනා සත්සරණී සිසුවිය ද ඉතාමත්ම දක්ෂ ලෙසින් හා ආකර්ෂණීය ලෙසින් රැස්වීම භාෂා ත්‍රිත්වයෙන්ම මෙහෙයවීමට දායක වුණා.
✍️ දිනිත් දම්සර සිසුවා විසින් මත්ද්‍රව්‍ය රකුසාගෙන් තරුණ පරපුර බේරාගැනීම පිළිබඳ හරවත් කතාවක් සිදුකරනු ලැබුවා.
✍️ රෝහණ වීරසිංහ මහතා විසින් ගායනා කරන ලද “නැති බැරි මොහතක පිහිටට ඉන්නේ” මව්ගුණ ගීතය තිළිණ ලක්ෂිත සිසුවා හා දෙනෙති සුවන්දි සිසුවිය විසින් දක්ෂව ගායනා කරනු ලැබුවා.
✍️ ඉරේෂා මධුභාෂිණී, කාව්‍යා සත්සරණී, භාග්‍යා සත්සරණී, තිළිණ ලක්ෂිත, දුලාජ් දිල්ෂාන්, ගිහාන් මිහිරංග යන සිසු සිසුවියන් විසින් බිම්බා දේවීය හෙවත් යශොධරා දේවියගේ ගුණ වර්ණනාව පිළිබඳ සමූහ කවි පංතියක් ඉදිරිපත් කරනු ලැබුවා.
✍️ තම අරමුණ හිතේ තබාගෙන කටයුතු කිරීමෙන් ඉතා වේගයෙන් අරමුණට ලගා විය හැකි බව ප්‍රකාශ කරමින්, මෙම රැස්වීම සාර්ථකව ඉදිරිපත් කිරීමට තම 11-B පංතියේ සිසු සිසුවියන් කටයුතු කිරීම පිළිබඳ ප්‍රශංසා කරමින් මෙන්ම මේ සඳහා සහය දැක්වු සියඵම දෙනාට ස්තූතිය පුදකරමින් පංතිභාර ගුරුතුමිය නීලු රත්නායක මහත්මිය විසින් රැස්වීමේ ගුරු කතාව සිදු කරනු ලැබුවා.
✍️ එසේම රැස්වීම අතරතුරදීම පළාත් සමාජ විද්‍යා තරඟාවලියෙන් ජයග්‍රහණය ලැබු දිනෙති මේකලා සිසුවිය ඇගයීමට ලක්කරමින් සහතිකපත් ප්‍රදානයද සිදු කෙරුණා.
✍️ විදුහල්පති ඩොනල් බෝයගෝඩ මැතිතුමා එතුමාගේ දේශනයේදීද මෙම උදෑසන රැස්වීම සාර්ථකව පැවැත්වීම පිළිබඳ පංතියේ සියඵම සිසු සිසුවියන්ට හා පංතිභාර ගුරු දෙපළට සුභාශිංසන එක් කරනු ලැබුවා.
✍️ තවද දරුවන් අධ්‍යාපනය සඳහා උනන්දුව අඩුවීම, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම, නොගැලපෙන වයසේදී ඇතිකර ගන්නා ප්‍රේම සම්බන්ධතා ආදිය නිසා තමන්ගේ ජීවිතය අසාර්ථක විය හැකි බවත්, අධ්‍යාපනික අරමුණ ඉටුකර ගැනීම වෙනුවෙන් වෙහෙස මහන්සි වීමෙන් තම ජීවිතය සාර්ථක කර ගත හැකි බවට අවධාරණය කරමින්, තවත් වටිනා උපදෙස් හා ආදර්ශ රැසක් දරු දැරියන්ට කියා දෙමින් විදුහල්පතිතුමා තම දේශනය හරබරව සිදු කලා.
✍️ පාසල් පරිසරය අලංකාරවත් කිරීමට මූලිකවම වෙහෙස මහන්සි වී කටයුතු කරන පවින්ද ජයලාන් ගුරු මහතා සහ එවැනි විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන අනෙකුත් ගුරුභවතුන්ටද විශේෂ ස්තූතියක් පළකිරීමට විදුහල්පතිතුමා කටයුතු කරනු ලැබුවා.
✍️ විදුහල්පතිතුමාගේ දේශනය අතරතුරදීම විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට එක් වු ආර්ථික විද්‍යාව/ ගණිතය විෂයට පැමිණි නවක ගුරු මහත්මියක් සිසු සිසුවියන්ට හදුන්වාදීමද සිදු කෙරුණා.
✍️ වාර අවසාන දවස බැවින් සිසු සිසුවියන් සියඵ දෙනාම එක්වී ගුරුභවතුන් වෙනුවෙන් ගුරු වන්දනාවද සිදු කරනු ලැබුවා.
✍️ රැස්වීම අවසානයේදී ජාතික ගීය ගායනය සමගින් ජාතියට ගෞරවය පුද කර, සියලු දෙනාම තම දවසේ වැඩකටයුතු සඳහා සතුටින් විසිර ගියා.