ජිල් බිල්

ජිල් බිල් දැන්වීම් / ක්‍රීඩා / වාහන / සුන්දර ස්ථාන / විනෝද ජනක සහ විෂේශ අවස්ථා

31/03/2025

මේ උදා වුණේ ආදරය පිරුණු සෙනෙහෙබර අප්‍රේල් මාසයයි ! දන්නවද මේ මාසය ඔයාගේ ජීවිතේ , ලස්සනට හැඩ කරන අපූරු මාසයක් !!!
ජීවිතේ හැම හිස් තැනක්ම පුරවන...
ජීවිතේ හැම මොහොතක්ම අර්ථවත් කරන...
බිඳුණු සිත් යලි පුබුදුවන ...
සෙනෙහෙබර අපූරු මාසයක් !!! 🌾

-Gumiho's Diary-

31/03/2025

💗✨️
C R U S H

31/03/2025
31/03/2025
31/03/2025
31/03/2025

⭕ ජනප්‍රිය නිළි මිෂෙල් දිල්හාරාට තවත් ඉන්දියානු සිනමා ඇරයුමක් - සංගීතයෙන් සනුකත් එක්වෙයි
-----------------------------------------------------------------

දවස ගාණේ තමන්ගේ වටිනාකම දක්ෂතාවයෙන් ඔපමට්ටම් කරගන්නා අපූරු තාරකාවකි, ජනප්‍රිය නිළි මිෂෙල් දිල්හාරා.

තමන්ටම අනන්‍ය වූ ගමනක නියැලෙන ඈ, අතළොස්සක් වූ සම්මානනීය තරු ගොන්නට ද අයිති වන තාරකාවක් වීම විශේෂයි.

ලංකාවේ අපිට හුරුපුරුදු මිෂෙල් දිල්හාරා කියන නම, අසල්වැසි ඉන්දියාවෙන් නිතර ඇහෙන දවස වැඩි ඈතක නැති බව කියන්නයි මේ සටහන.

මිෂෙල් රංගනයෙන් එක්වන කුළුඳුල් සිනමා අත්දැකීම ''අධිරන්'' (Adhiran)

එහි නිල පූර්ව ප්‍රචාරක පටය පසුගියදා එළිදැක්වුණා.

විශේෂම කාරණය නම් පළමු දමිළ සිනමා පටයෙන්ම ඇයට ප්‍රධාන චරිතයක් ලැබීම. ඒ අනුව සුදර්ශන් රවීන්ද්‍රන් (Sudharshan Raveendran) සහ මිෂෙල් දිල්හාරා විසින් චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරනු ඇති.

එහි තවත් විශේෂත්වයක් නම්, චිත්‍රපටය සම්පූර්ණයෙන්ම රූගත කළේ ලංකාවේ වීම.

''අධිරන්'' සිනමා සිත්තම ගැන ඒ කතාබහ එක්කම, මිෂෙල්ට ලැබුණු තවත් ඉන්දියානු සිනමා ඇරයුමක් ගැන තොරතුරු අපට අහන්න ලැබුණා.

ඒ අනුව ඉන්දීය සිනමාවේ ප්‍රවීණ නලුවෙකු වන සමුතිරකානි රංගනයෙන් එක්වන 'Baila' නවතම කොලිවුඩ් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට රංගන දායකත්වය ලබාදීමටයි, මිෂෙල් දිල්හාරාට අවස්ථාව ලැබිලා තියෙන්නෙ.

රම්‍යා නම්බීසන්, යෝගි බාබු ඇතුළු දමිළ සිනමාවේ තවත් ජනප්‍රිය නලු නිළියන් රැසක් එක්වන මෙම චිත්‍රපටයේ මුහුරත් උළෙල ඉන්දියාවේ රාමේෂ්වරම්හිදී ඊයේ (29) පැවැත්වුණා.

'Baila' සිනමාපටයේ ගී පද රචනය සිදු කරන්නේ ඉන්දියාව පුරා ජනප්‍රිය ලාංකීය පද රචකයෙකු වන පොතුවිල් අස්මින් විසින්.

ළඟදීම රූගත කිරීම් ආරම්භ කිරීමට නියමිත මෙම චිත්‍රපටයේ මුහුරත් උළෙලේදී තවත් ලාංකීය කලාකරුවෙකුගේ සේයා රුවක් දක්නට ලැබුණා.

ඒ, ඔබ අප කවුරුත් හඳුනන ජනප්‍රිය ගායක සනුක වික්‍රමසිංහ.

'අයියෝ සාමි' ගීත නිර්මාණයෙන් වඩාත් කතාබහට ලක්වූ සනුක වික්‍රමසිංහ, 'Baila' සිනමාපටය සඳහා සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වනු ඇති.

කේ. වීරකුමාර්ගේ තිර රචනයක් සහ අධ්‍යක්ෂණයක් වන 'Baila', නිෂ්පාදනය කරනුයේ ආර්. කන්නන් විසිනි.

Address

Wattala
Gampaha

Telephone

+94716313330

Website

Alerts

Be the first to know and let us send you an email when ජිල් බිල් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ජිල් බිල්:

Share