පංචාලි

පංචාලි "Uniting for change, aiding lives. Join us!"

you all welcome to panchali page please subscribe
https://youtu.be/QZLT1tamOFU
(28)

04/09/2025

ඔයාගෙ
page
එක මොකක්ද 💗🌝

20/08/2025

ඔයාලා ට්‍රැවල් කරපු ලස්සනම තැන photo එකක් දාමුද 🥰🤩

20/08/2025

Promote your page 🥰

දළදා මාලිගාවට  කොටි එල්ල කල බෝම්බ ප්‍රහාරයෙන් අද්භූත ලෙස බේරුණෙමි..🙏මෙවරද නිකිණි පෝදා අවසාන රන්දෝලිය නැරඹීමට හා දළදා සමි...
15/08/2025

දළදා මාලිගාවට කොටි එල්ල කල බෝම්බ ප්‍රහාරයෙන් අද්භූත ලෙස බේරුණෙමි..🙏

මෙවරද නිකිණි පෝදා අවසාන රන්දෝලිය නැරඹීමට හා දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට මහනුවර දළදා මාලිගාවට ගිය විට ඒ මතකය සැමදාම මෙන් අලුත් විය..මා අද ජීවතුන් අතර නම් එය අද්භූත ආශ්චර්යවත් දෙයකි..කිසිවෙකු විසින් මා බේරා ගන්නා ලදී..ඒත් ඒ කවුරුන්දැයි අදටත් නොදනිමි..🥺

පේරාදෙණියේ උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මා නුවර නවාතැන් ගෙන සිටි කාලයයි ඒ..
මාලිගාවට ආසන්නයේ අපූරු නවාතැනක මට නවාතැන් ගන්නට ලැබුණේ පෙර පිනකටය..
ඒ නිසාම මහනුවර ගත කල වසර 4 ක ට ආසන්න කාලය පුරාම සෑම දවසක්ම ආරම්භ වූයේ හිමිදිරියේ කිරි අහාර පාත්‍රයක් දළදා සමිඳුන් වෙත පූජා කිරීමෙනි..ඒ උතුම් අවස්ථාව මට මග හැරී ගියා නම් ඒ ඉතාම කලාතුරකිනි ඒ මා නුවර සිට ගෙදර ආ දිනවල පමණි..

පාන්දර අවදි වී මා විසින්ම කිරිබත් පිස අලංකාරව පාත්‍රයකට සකසාගෙන පාන්දර 5.30 පමණ වන විට මම නවාතැනින් නික්මෙමි..පා ගමනින්ම දළද මාලිගාවට යමි
සෑම උදෑසනකම උදෑසන 6 පමණ වනවිට මා මාළිගාවේ වාහල්කඩින් ඒ සුරපුරයට ඇතුල් වෙමි..

මෙලෙස කිරි අහාර හා අවශ්‍ය කැවිලි ආදියට වැය කලේ එකල ගෙදරින් වියමට ලැබෙන pocket money ය..තරුණ ගැහැණු දරුවෙකුට අමතරව වියදම් කිරීමට ඕනෑ තරම් හේතු තිබුණද..මිලදී ගැනීමට දහසකුත් දේ තිබුණාද මා මුදල් වැය කල ප්‍රධාන දේ දළද පූජාවටයි..

මා දෛනික ඉගෙනුම් කටයුතු වලට ගියේ උදෑසන දළද වහන්සේ වන්දනා කිරීමෙක් අනතුරුවය..

එදා 1998 ජනවාරි 25 දිනයයි..සුපුරුදු ලෙස මම පාන්දරම අවදි වී කිරි අහර සකසා ගතිමි..

උදෑසන 6 වන විට මා එහි සිටිය යුතුය..
එහෙත් එදා උදෑසන 6 .05 ට මිලේච්ජ කොටි ත්‍රස්තවාදි න් විසින් මරාගෙන මැරෙන ට්‍රක් බෝම්බ ප්‍රහාරයක් දළදා මාලිගාවේ වාහල්කඩ අසලදී සිදු කෙරිණි ..මුළු මහනුවරම පිපුරුම් හඬින් ගිගුම් දිනි..

හැමදාම අප මාලිගාවට පිවිසෙන වාහල් කඩ සීසී කඩව ගියේය..මරණ 17 ක් ඒ කාලකණ්ණි බෝම්බය නිසා සිදුවිය ..එහෙත් අද්භූත ලෙසින් එදා මගේ දිවි බේරුණි..මා නොදන්නා කිසිවෙකු විසින් මා බේරාගන්නා ලදී..අදටත් ඒ කවුරුන් දැයි නොදනිමි..නමුත් දනිමි..මා එකල උපයාගත් කුසල් හේතුවෙන් දළද මාලිගාවේ අද්භූත බලවේගයක් විසින් මා බේරා ගත් බවයි..

මේ සම්පූර්ණ කතාව නොවෙයි. සියල්ල ලිවීම උගහටය ..එනිසා ඒ ගැන අප නිර්මානය කල අලුත්ම විශේෂම වීඩියෝවෙන් ඔබට සම්පූර්ණ කතාවම කියැවිය හැක..
✨✨✨

එදා රටේ මුදුන් මල් කඩට පහර දුන් නීචම හිවල් සංවිධානය අද සහමුලින්ම උන්ගේ මහ එකාද සමග අතුරුදන් විය..
දළදා වත තුල දළදා වහන්සේගෙ අසීමිත අද්භූත බලය, ආශ්චර්යයන් ගැන අපමණ උදාහරණ ඇත..මේ මා ජීවිතයෙ ලද එවැනි එක් අද්භූත හාස්කමක් පමණි..එවැනි අත්දැකීම් ගනනාවක් දළදා මාලිගාව ඇසුරේදී ලදිමි..ඒ ගැනද පසුව ලියමි..
අදටත් ඉඩ ලැබෙන හැමවිටම මම උන්වහන්සේ බැහැදකිමි...දළදා මැදුරේ වැඩ වසන්නේ මගේ ජීවමාන භාග්‍යවතුන් වහන්සේමය..🙏🙏🙏
. සමන්තී දේශප්‍රිය ..
Super Mind සමඟ

24/05/2025
꧁✿නමෝ බුද්ධාය...!✿꧂❝ ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වන  වෛශාක්‍ය මංගල්‍යය...❜❜ඔබ සැමට සුපින්බර වෙසක් මංගල්‍යයක් වේවා...!!!උතුම් ත...
11/05/2025

꧁✿නමෝ බුද්ධාය...!✿꧂

❝ ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වන වෛශාක්‍ය මංගල්‍යය...❜❜

ඔබ සැමට සුපින්බර වෙසක් මංගල්‍යයක් වේවා...!!!

උතුම් තෙරුවන් සරණයි...!!!

කැමති හැමෝම එන්න අද හවස 3 වෙනකන් පුළුවන්
01/05/2025

කැමති හැමෝම එන්න අද හවස 3 වෙනකන් පුළුවන්

30/03/2025

Pr0m0te Y0ur Page n0w !!!

🌻❤️💐😍

Address

Matara

Alerts

Be the first to know and let us send you an email when පංචාලි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share