01/10/2022
2022 වර්ෂයේ ලෝක ළමා දිනය වෙනුවෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිතුමාගේ පණිවිඩය.
“සිනහ දකින අපේ ලොවක්” යන තේමාව යටතේ 2022 වර්ෂයේ ඔක්තෝබර් මස 01 වන දිනට යෙදෙන ලෝක ළමා දිනය මෙවර ද උත්කර්ශවත් ලෙස සැමරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සියලු කටයුතු සූදානම් කර ඇත.රටේ ජීවනාලිය බඳු ළමයින් ආරක්ෂා කරගැනිම ඔබ අප සැමගේ යුතුකම මෙන්ම වගකිම ද වේ. මේ සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මේ වන විටත් විවිධ පියවර රාශියක් ගෙන ඇත.
එසේම ළමා අපයෝජන ඉහලයාම හා ළමා අයිතිවාසිකම් කඩවීම (කායික,ලිංගික,මානසික,හා නොසලකාහැරීම) වැනි අපයෝජන මෙන්ම කොවිඩ් තත්වය හේතුවෙන් අන්තර්ජාල අධ්‍යාපන ක්‍රමය නිසා ඇතිවූ අතුරු ප්‍රතිපලයන් ලෙස අන්තර්ජාලය හරහා සිදුවන ළමා අපයෝජන වල වර්ධනය වීමක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිරීක්ෂණය කර ඇත. විශේෂයෙන්ම ළමයින් පාසල් හැරයන තත්වයන් උද්ගතවීම, අඛණ්ඩව පාසල් නොයැවීම ඉහලයාම, ළමා ශ්‍රමික ප්‍රශ්ණය, මව්වරුන් විදේශගතවීම, පවුල් ආරවුල් සහ දෙමාපියන් දික්කසාද වීම වැනි ගැටලු ඉහලයාමේ තත්වය තුළ ළමයින්ට අනාරක්ෂිත පරිසරයක් ඇතිවීම පිළිබඳ සියලු දෙනාගේ විශේෂ අවධානයක් යොමුවිය යුතුව ඇත. රටේ වර්තමානයේ උද්ගතවී ඇති ආර්ථීක සහ සමාජීයීය තත්වයන් හමුවේ ළමයින් පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිරික්ෂණය කර ඇත.
ඒ අනුව සියලුම දෙමාපියන්, වැඩිහිටියන්, ගුරුවරුන්, භාරකරුවන් සහ ව්‍යාපාරිකයන් මෙන්ම සියලු පුරවැසියන් මේ පිළිබඳ දැඩි අවධානය යොමුකළ යුතු කාළය එළඹ ඇත. වයස අවුරුදු 18 ට අඩු සෑම ළමයෙක්ම ළමා අයිතිවාසිකම් සපිරි ශාරීරික, මානසික, ලිංගික හිංසනයන්ගෙන් තොර සමාජයක ජිවත්විමට අයිතිය තහවුරු කළ යුතු අතර, අනිවාර්ය අධ්‍යාපනය සඳහා යොමු කළ යුතු පොදු සමාජ වගකීම තහවුරු කිරිමට ඔබ, අප සමඟ අත්වැල් බැඳගනු ඇතැයි බලාපොරොත්තු වෙමි.
සියලුම ළමයින්ගේ ආරක්ෂාව තහවුරු කිරිම ජාතික වගකීමක් වන අතර ඒ සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිරන්තරයෙන් ඇපකැප වී සිටින අතර තම දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිරන්තරයෙන් විමසිලිමත් වීම සියලුම දෙමාපියන්, වැඩිහිටියන්, ගුරුවරුන්, භාරකරුවන් සහ ව්‍යාපාරිකයන් මෙන්ම සියලු පුරවැසියන්ට පැවරී ඇති අත් නොහලයුතු වගකීමක් වේ. එසේ විමසිලිමත් වීම තුළින් තම ළමයා මෙන්ම අන් ළමයින්ද අපයෝජනටන්ට ගොදුරුවීම සැලකිය යුතු මට්ටමකින් අවම කරගත හැකි වේ. රටේ සියලුම ළමයින්ට යහපත් වටපිටාවක නිදහසේ ජීවත්විමට අවශ්‍ය පරිසරය සකස්කර දීම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ඒකායන පරමාර්ථය වේ. සියලුම ළමයින්ට අද දින මාගේ සුභාශිංශන එක් කරමි. දිරියෙන් ශ්‍රී ලංකා නාමය ලොව තුළ බබලවන්නට දිරිය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
උදයකුමාර අමරසිංහ
සභාපති
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
පිටපත 01:- ලේකම්, ජනමාධ්‍ය අමාත්‍යංශය.