A-Znews.lk

A-Znews.lk කාලීන,ක්‍රීඩා,දේශපාලන,විදෙස් පුවත්

01/01/2024
Happy new year guys
31/12/2023

Happy new year guys

25/12/2023

(විමුක්ති එස් රුද්‍රිගු)

සෑම නත්තල් උත්සව සමයකම බාල මහලු සැවොම අමතක නොකර නරඹන ප්‍රසිද්ධ චිත්‍රපටයක් වන හෝම් අලෝන් චිත්‍රපටයේ දෙවැනි කොටසේ කෙවින් විඳි අත් දැකීමට සමාන අත් දැකීමක් විඳි දරුවකු පිළිබඳ පුවතක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා විය.

නත්තලට තම මිත්තණිය සමඟ සිටීමට යෑම සඳහා ෆිලඩෙල්පෆියා ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණි කැස්පර් නැමැති සය හැවිරිදි දරුවා ස්පිරිට් ගුවන් සේවය විසින් වැරදි ගුවන් යානයට ගොඩ කිරීම හේතුවෙන් විශාල අකරතැබ්බයකට මුහුණ දී ඇත.කැස්පර් භාරකරුවකු නොමැතිව ගුවන් සේවය බාරේ පියාසර කිරීමට පැමිණි ප්‍රථම අවස්ථාවද මෙය වී තිබිණ.

වැරදි ගුවන් යානයට ගොඩ කිරීම හේතුවෙන් කැස්පර්ගේ ගමනාන්තය වීමට තිබූ නිරිතදිග ෆ්ලොරීඩා ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් කිලෝ මීටර් 257 ක දුරින් තිබෙන ඔර්ලැන්ඩෝ නගරයේ කැස්පර් තනි වී ඇත.කැස්පර් බාර ගැනීම සඳහා ඔහුගේ මිත්තණිය වූ මරියා රාමොස් නිරිතදිග ෆ්ලොරීඩා ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ සිටියාය.කැස්පර් පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානය ෆ්ලොරීඩා ගුවන් තොටුපොළේ ගොඩ බෑ පසු මරියා බෑග් ලබා ගන්නා ස්ථානයෙන් කැස්පර්ගේ බෑගයත් රැගෙන ඔහු බාර ගැනීමට ගොස් ඇතත් එහිදී එවැනි දරුවකු ගුවන් යානයේ නොපැමිණි බව ගුවන් සේවිකාවන් මරියාට පවසා ඇත.

ඉන් බියට පත් මරියා කිසිවක් කරකියා ගත නොහැකිව සිටියදී කැස්පර්ගෙන් දුරකතන ඇමතුමක් ලැබී ඇති අතර අම්මේ මම ප්ලේන් එකෙන් බැස්සා ඔයා පෙන්න නැහැනේ යැයි කැස්පර් පවසා තිබිණ.එහිදී සිදු වී ඇති අකරතැබ්බිය මරියාට වැටහී ඇති අතර ඇයගේ මෝටර් රථයෙන් පැය 4.5 කාලයක් වැය කරමින් ගමන් කර කැස්පර් බර ගෙන ඇත.සිදු වූ අත් වැරැද්ද හේතුවෙන් ගමනේ වියදම අදාල ගුවන් සේවය දරා තිබිණ.
Show quoted text

19/12/2023

(විමුක්ති එස් රුද්‍රිගු)

බලගතු කෘතිම බුද්ධි මොඩියුලවලට මිනිසුන්ගේ කිසිඳු සහායක් නොමැතිව එදිනෙදා ජිවිතයේ වැඩ කටයුතුවලට අවශ්‍ය කෘතිම බුද්ධි වැඩසටහන් තනිවම නිර්මාණය කිරීමේ හැකියාව තිබෙන බව තම පර්යේෂණයෙන් හෙළි වූ බව විද්‍යාඥයන් කණ්ඩායමක් ප්‍රකාශ කර ඇත.

විශේෂයෙන් චැට් ජීපීටී බල ගන්වා ඇති කෘතිම බුද්ධියට මෙම හැකියාව තිබෙන බවත් එදිනෙදා ජීවිතයට ප්‍රයෝජනවත් කෘතිම බුද්ධි වැඩසටහන් නිර්මාණය කිරීමට චැට් ජීපීටී බල ගන්වා ඇති කෘතිම බුද්ධියට හැකියාව තිබෙන බවත් එම විද්‍යාඥයන් කණ්ඩායම සිදුකළ පර්යේෂණයේදී අනාවරණය වී තිබේ.ඒඅයි සිප් සමාගමේ, මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ සහ කැලිෆෝනියා විශ්ව විද්‍යාල මණ්ඩප කිහිපයක විද්‍යාඥයන් පිරිසක් එකතු වී මෙම පර්යේෂණය සිදුකර ඇත.

එම වැඩසටහන් වලට ඇසීමේ හැකියාව වැඩි දියුණු කිරීමට මෙන්ම තෙල් නල නිරීක්ෂණය කිරීමටද, වඳවී යන සතුන් පිළිබඳව විමසිල්ලෙන් සිටීමටද හැකියාව තිබෙන බව එම විද්‍යාඥයන් කණ්ඩායම ප්‍රකාශ කළේය. වර්තමානයේ එදිනෙදා ජිවිතයේ වැඩ කටයුතුවලට අවශ්‍ය කෘතිම බුද්ධි වැඩසටහන් නිර්මාණය කිරීමට බලගතු කෘතිම බුද්ධියන් අතින් සිදුවන බවත් එම වැඩසටහන් අතර තිබෙන්නේ සහෝදර සම්බන්ධයක් බවත් ඒඅයි සිප් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී යන් සන් ප්‍රකාශ කර ඇත.

19/12/2023

(විමුක්ති එස් රුද්‍රිගු)

විදේශ රටවල පර්යේෂණ නෞකාවලට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ පර්යේෂණ කටයුතු කිරීමට අවසර ලබා දීම නැවත සලකා බලනතුරු වසරක කාලයක් සඳහා තාවකාලිකව අත්හිටුවා ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.ඒ සම්බන්ධව අදාළ රටවල්වලට දැනුම් දීමට කටයුතු කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පැවැසුවේය.

නමුත් පර්යේෂණ නෞකාවලට සැපයුම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා වරායන්හි නැංගුරම්ලා හැකි බවත් එය වැළැක්විය නොහැකි බවත් විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා දුන්නේය.මෙම තීරණයත් සමඟ චීනය ලබන ජනවාරි 5 වැනිදා සිට මැයි මාසය අවසානය දක්වා දකුණු ඉන්දියානු මුහුදු ගැඹුරු ජලයේ පර්යේෂණ කටයුතු කරන ෂියෑන් යැන්ග් හොන්ග් 3 චීන පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකා වාරයේ නැංගුරම්ලෑමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේද යන ප්‍රශ්නය කතා කිරීමට අවශ්‍යතාවයක් පැන නොනගින බව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

ෂි යාන් 6 චීන පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකා වෙරළට ඔබ්බෙන් සිය සමීක්ෂණය අවසන් කර පසුගිය 2 වැනිදා සිංගප්පූරුවට ළඟා වූ අතර ඉන් පසුව තවත් පර්යේෂණ සහ සමීක්ෂණ නෞකාවක් වන ෂියෑන් යැන්ග් හොන්ග් 3 කොළඹ වාරයේ නැංගුරම්ලා ගැඹුරු මුහුදේ පර්යේෂණ කටයුතු කිරීමට චීනය ශ්‍රී ලංකාවෙන් අවසර ඉල්ලා සිටියේය.ඒ අවස්ථාවේදී ගැඹුරු මුහුදේ පර්යේෂණ කටයුතු කිරීමට ෂියෑන් යැන්ග් හොන්ග් 3 නෞකාවට අවසර ලබා නොදෙන ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවට දන්වා සිටියේය.

රාජතාන්ත්‍රිකව ශ්‍රී ලංකාවට එල්ල වන පීඩනය හමුවේ විදේශ රටවල පර්යේෂණ නෞකාවලට ශ්‍රී ලංකා මුහුදේ පර්යේෂණ කටයුතු කිරීමට අවසර ලබා දීම වසරක කාලයක් සඳහා අත්හිටුවීමට තීරණය කළ බව ආරංචි මාර්ග පැවැසුවේය.

19/12/2023

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි මහතා ඝාතනය කිරීම සම්බන්ධව වරදකරු වී පසුව නිදහස ලැබූ වී.ශ්‍රීහරන් නොහොත් මුරුගන් ඔහු ඉල්ලා ඇති පරිදි එක්සත් රාජධානියට පිටුවහල් කර නොහැකි බවත් ඔහුව පිටුවහල් කර හැක්කේ ශ්‍රී ලංකාවට පමණක් බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය මුදුරාසි මහාධිකරණයට ඊයේ(18) දැනුම් දුන්නේය.

එයද කළ හැක්කේ චෙන්නායිහි පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය අවසර ලබා දෙන්නේ නම් පමණක් බවද විදේශ කටයුතු අමාත්‍යංශ නිලධාරියා අධිකරණයේදී ප්‍රකාශ කළේය.වී.ශ්‍රීහරන් එක්සත් රාජධානියට පිටුවහල් කරන ලෙස ඉල්ලමින් ගොනුකර තිබූ පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී නිලධාරියකු මාර්ගයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය මෙම කරුණු අධිකරණයට දැනුම් දුන්නේය.

ඩී.ක්‍රිෂ්ණකුමාර් සහ පී.ධනබාල් යන මහත්වරුන්ගෙන් සමන්විත මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම විභාගයට ගැනිණ.

එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් එල්.සුන්දරේසන් ප්‍රකාශ කර සිටියේ මුරුගන්ව එක්සත් රාජධානියට පිටුවහල් කිරීමට නියෝගයක් ලබා දුන්නහොත් එය නරක පූර්වාදර්ශයක් විය හැකි බවත් එවිට නීති විරෝධීව ඉන්දියාවට ඇතුලුවන පුද්ගලයන් සියලු දෙනා ඔවුනට කැමති රටවලට පිටුවහල් කරන ලෙස ඉල්ලමින් පෙත්සම් ගොනු කරනු ඇති බවත්ය.

19/12/2023

(විමුක්ති එස් රුද්‍රිගු)

සියවසේ දැවැන්ත ම අන්තර්ජාතික බෞද්ධ සමුළුව වන අන්තර්ජාතික සංඝ සමුළුව ජාත්‍යන්තර බෞද්ධ සංවිධාන සියයකට අධික සංඛ්‍යාවක එකතුවෙන් හා සහභාගීත්වයෙන් හෙට(20) සිට ලබන 23 වැනිදා දක්වා ඉන්දියාවේ බිහාර් හී බුද්ධගයාවේ දී පැවැත්වේ.

ශුද්ධෝත්තම 14වැනි දලයි ලාමා වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, බුරුමය, වියට්නාමය, කාම්බෝජය, තායිලන්තය, ලාඕස්, බූතානය,නේපාලය,ජපානය, රුසියාව,කොරියාව, මොංගෝලියාව ආදී රටවලින් බෞද්ධ භික්ෂූන් වහන්සේලා දෙදහසකට අධික සංඛ්‍යාවක් වැඩම කිරීමට නියමිතය.

මෙම සංඝ සමුළුව පැවැත්වීමේ ප්‍රධාන අරමුණ වන්නේ ලොව පුරා විසිරී පවතින විවිධ බෞද්ධ සම්ප්‍රදායන් අතර අන්‍යොන්‍ය අවබෝධය ඇති කොට එම අවබෝධය තුළින් ඒ සම්ප්‍රදායන් අතර ඇති දුරස්ථ බව අවම කිරීම බව සංවිධායකයෝ ප්‍රකාශ කළහ.

සමුළුවට සමගාමීව දෙවැනි ජාත්‍යන්තර අන්තර් භික්ෂු හුවමාරු වැඩසටහනද සිදු කෙරෙන බව සංවිධායකයන් පැවැසුවේය.

සමුළුව සඳහා මෙරට ප්‍රධාන සංවිධාන කාර්යයන් බෞද්ධ සහෝදරත්ව පදනම විසින් සිදු කරනු ලබන අතර තම පදනමේ මඟ පෙන්වීම යටතේ ප්‍රධාන ත්‍රෛනිකායන් නියෝජනය කරමින් මහා සංඝ රත්නය හැටනමක් ඉන්දියාවේ බුද්ධගයාව බලා වැඩම කළ බවත් සමස්ථයක් ලෙස සියයකට ආසන්න බෞද්ධ දූත පිරිසක් ලංකාවෙන් සමුළුව සහභාගී වීම සඳහා පිටත් වූ බව බෞද්ධ සහෝදරත්ව පදනම ප්‍රකාශ කළේය.

මෙම සමුළුව අවසානයේ සියලු ලෝ වැසියන්ට ආශිර්වාද පතා හා ලෝක සාමය ඇති වීම පිණිස පිරිත් සජ්ඣායනයක් ද පැවැත්වීමට නියමිත ය.

(විමුක්ති එස් රුද්‍රිගු)ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය නිල රථයට ගොඩ වීමට පැමිණෙද්දී, වේගයෙන් පැමිණි මෝටර් රථයක් ඔහුගේ ...
18/12/2023

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය නිල රථයට ගොඩ වීමට පැමිණෙද්දී, වේගයෙන් පැමිණි මෝටර් රථයක් ඔහුගේ පරිවාරක රථ පේළියේ තිබූ එස්.යූ.වී රථයක ගැටීම හේතුවෙන් ජනාධිපතිවරයා සහ ආර්යාව වහාම ආරක්‍ෂිත ස්ථානය කරා රැගෙන යාමට රහස් ඔත්තු සේවා නිලධාරීන් කටයුතු කර ඇත.

ජනාධිපති ජෝ බයිඩන් සහ ආර්යාව ජිල් බයිඩන් ඩෙලවෙයාර්හි සිය මැතිවරණ කණ්ඩායම සමඟ ආහාර භෝජන සංග්‍රහයකට සහභාගී වී පිටව යාමට සූදානම් වූ අවස්ථාවේදී මෙම අනතුර සිදුව තිබේ.කෙසේ වෙතත් මින් ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල නොවූ බවත් අනතුරෙන් කිසිවෙකුටත් හානියක් සිදු නොවූ බවත් රහස් ඔත්තු සේවය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

රිය අනතුර සම්බන්ධයෙන් විල්මින්ග්ටන් පොලිසිය වැඩි දුර පරීක්ෂණ කටයුතු සිදු කරයි.

Secret Service personnel swarm around a vehicle after it smashes into the president's security detail in Delaware.

(විමුක්ති එස් රුද්‍රිගු)පසුගිය සැප්තැම්බර් මාසයේ ඇතිවූ දැඩි වර්ෂාව හේතුවෙන් ගසක් කඩා වැටී විනාශ වූ කඳාන කන්දවත්ත ග්‍රාමය...
05/12/2023

(විමුක්ති එස් රුද්‍රිගු)

පසුගිය සැප්තැම්බර් මාසයේ ඇතිවූ දැඩි වර්ෂාව හේතුවෙන් ගසක් කඩා වැටී විනාශ වූ කඳාන කන්දවත්ත ග්‍රාමයේ ජී.ඩී. අයිරින් මහත්මියගේ නිවස වැඩ ආරම්භ කර දින 15 ක් තුළ නිමකර පසුගිය 1 වැනිදා එම මහත්මියට බාර දුන් බව ග්‍රාම නිලධාරී නිමල් වික්‍රමරත්න මහතා පැවසුවේය.

සිද්ධිය සැල වූ වහාම ජී.ඩී. අයිරින් මහත්මියට නිවසක් ඉදිකර දීමට නිලධාරීන් පිරිසට අවශ්‍ය වූවත් අහිතකර කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊට බාධා එල්ල වුනු බව වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය.අවසානයේ පසුගිය නොවැම්බර් මස 16 වැනිදා අයිරින් මහත්මියගේ නිවසේ වැඩ ආරම්භ ආරම්භ කළ බවත් දින 15 ක් තුළ නිවස ඉදිකර අවසන් කිරීමට හැකි වූ බවත් වික්‍රමරත්න මහතා පැවසුවේය.

ග්‍රාම නිලධාරී නිමල් වික්‍රමරත්න,ආර්ථික සංවර්ධන නිලධාරීනි අනිෂ්කා ගමගෙදර,සමෘද්ධි සංවර්ධන නිලධාරීනි ඩිලානි පෙරේරා යන මහත්ම මහත්මීන්ගේ මැදිහත් වීමෙන් ප්‍රදේශයේ දානපතීන්ගෙ ආධාර මත ජාඇල සහකාර ප්‍රාදේශීය ලේකම් නිලංගා ගුණවර්ධන,පරිපාලන ග්‍රාම නිලධාරී රේණුකා අරඹෙවත්ත,ඵලදායිතා සංවර්ධන නිලධාරී වත්සලා ජයකොඩි යන මහත්මීන්ගේ සහභාගීත්වයෙන් මෙම සත් කාර්යය සිදු විය.

නිවස බාරදෙන අවස්ථාවේ ආගමික වතාවත් කඳාන ශාන්ත සෙබස්තියන් සිද්ධස්ථානයේ රන්ජුන පෙරේරා පියතුමා සිදු කළේය.

(විමුක්ති එස් රුද්‍රිගු)ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවක් වන ෂෙමාරා වික්‍රමනායක තෙවැනි වතාවටත් ඕස්ට්‍රේලියාවේ වැඩිම ව...
04/12/2023

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවක් වන ෂෙමාරා වික්‍රමනායක තෙවැනි වතාවටත් ඕස්ට්‍රේලියාවේ වැඩිම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිලධාරිනිය වී තිබේ.ඇය මැකෝරි සමූහ ව්‍යාපරයේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කරමින් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 32.8 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 70 ක් පමණ) මුදලක වාර්ෂික වැටුප් පැකේජයකට මෙම වසරේ ඇය හිමිකම් කියා ඇත.

පෙර වසරට සාපේක්ෂව ෂෙමාරා වික්‍රමනායක මහත්මියගේ මෙම වසරේ වැටුප් පැකේජය සියයට 30 කින් වර්ධනය වී තිබේ.

මැකෝරි සමූහ ව්‍යාපරය ඕස්ට්‍රේලියාව කේන්ද්‍රකරගත් දැවැන්ත මූල්‍ය සමාගම් සමූහයකි.ෂෙමාරා වික්‍රමනායක මැකෝරි සමූහ ව්‍යාපරයේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස 2018 වසරේ පත්ව ඇත.මෙම තනතුරුට පත් වූ ප්‍රථම කාන්තාවද ෂෙමාරා වික්‍රමනායක මහත්මිය වූවාය.ඇය 1962 වසරේ ඇය එංගලන්තයේ උපත ලැබුවාය.

Address


Telephone

+94788671734

Website

Alerts

Be the first to know and let us send you an email when A-Znews.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share