23/12/2020
🖋️ copide
අද දින මාගෙ කඩයට පැමිණි දමිල පිරිමි දරුවන් තිදෙනෙකි.
මෙයින් එක් දරුවෙක් මාගෙන් පෑනක් ඉල්ලාගෙන යමක් අතේ ලියා, රුපියල් පන්සීයක් මා හට දිගුකර,
මාමේ... මට මේ රුපියල් පන්සීය 166/= ගානේ 3 ට බෙදලා දෙන ලෙස ඉල්ලා සිටියේය. මා Calculate එකේ ගනන් සාදා බැලූ කල ගණන නිවැරදි විම නිසා මා ඔහූගේ තොරතුරු විමසීමට කටයුතු කරනලද අතර එහිදි, ඔහු මෙවර ශිෂ්‍යත්ව විභාගය ට පෙනි සිට ඈති බව ද ඔහුගේ විභාග අංකය 6242294 බව කට පාඩමින් මා හට පැවසී ය.
මාගේ දුරකථනය ගෙන ප්‍රතිඵල විමසීමට කටයුතු කරනලද අතර ඔහු විසින් පවසන ලද තොරතුරු නිවැරදි ය. ලකුණු 141 ඔහු ලබාගෙන ඇත.
මා ඔහුගෙන් පන්ති ගියේද විමසූ විට ඔහු කිවේ, පන්ති යන්න සල්ලි තිබුණේ නැහැ මහත්මයා. (ඔහුගේ පියා වෙනම වාසය කරයි)
ගුරුවරු කියලා දෙන ඒක හරියට අහගෙන ඉන්නවා නම් ඒ ඇති, යනුවෙනි. මාගේ දියණිය ද මෙවර ශිෂ්‍යත්ව විභාගය ට ඉදිරිපත් වී සමත්වි ය. ඒ සදහා අප කොතෙකුත් මහන්සි උනා.
මේ දරුවා රුපියල් පන්සීයක් සොයා ගැනීමට කර තිබෙන්නේ කාගෙ හෝ නිවසක පස් ඇඳිම යි.
මාගෙ ඉල්ලීම.. මා ඔහුගේ දෙමාපියන් සම්බන්ධ කර දෙන්නම්. කාරුණික හදවතත් ඇති ඔබගේ පුළුවන් උදව්වක් උපකාරයක් බලාපොරොත්තු වෙමි. ඔහුගේ අනාගතය සදහා.
දැනට ස්ථීර පදිංචියට ස්ථානයක් නොමැති බව සදහන් කරමි.
පෝස්ටුව කියෙවුවට ස්තූතියි. සියළු දෙනාට ම.
https://www.facebook.com/BaraniwalLliyanage.AnuraShantha
Anura shantha B.L. මහතාගේ පැතිකඩෙනි. ඉහත ලින්ක් එක හරහා කඩයේ අයිතිකරු හා සම්බන්ධ විය හැකිය. සොයා බලා කටයුතු කරන්න.
Anura shantha (වෙලදසැලෙහි හිමිකරු ) 0765298090
🖋️ copide