Gossip Eagle news

  • Home
  • Gossip Eagle news

Gossip Eagle news Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gossip Eagle news, News & Media Website, .

Get the latest breaking news and top stories from Sri Lanka, the latest political news, sports news, weather updates, exam results, business news, entertainment news, world news and much more from Gossip Eagle, Sri Lanka's leading news network.

The Unexpected Death of the President of IranThe sudden demise of Iran's President has left a vacuum in the country's le...
20/05/2024

The Unexpected Death of the President of Iran

The sudden demise of Iran's President has left a vacuum in the country's leadership, prompting speculation and concern about the direction in which Iran is headed. This blog post aims to provide a thorough examination of the situation, drawing on available information to offer insights and forecasts.

The Context of the President's Death
Health and Previous Medical Issues
Iran's President had a history of health complications, which were often downplayed by official sources. Despite occasional rumors about his deteriorating health, the suddenness of his death caught many off guard. The official cause of death has been stated as a heart attack, though there are numerous speculations and conspiracy theories circulating in various media.
https://gossipeaglenews.blogspot.com/2024/05/the-unexpected-death-of-president-of.html

එක්‌තරා කාලෙක දි ඉන්දියාවෙ හිමාල ප්‍රදේශයට මහ විශාල වර්ෂාවක්‌ එක දිගට දින 7ක්‌ වහින්න ගත්ත. ඒ වැස්‌ස මොන තරම් දරුණු ද කි...
21/03/2024

එක්‌තරා කාලෙක දි ඉන්දියාවෙ හිමාල ප්‍රදේශයට මහ විශාල වර්ෂාවක්‌ එක දිගට දින 7ක්‌ වහින්න ගත්ත. ඒ වැස්‌ස මොන තරම් දරුණු ද කියනව නම් වටපිට මහ විශාල බර සාර වස්‌තු පවා සැඩ පහරේ පා වෙන්න ගත්ත. ඔය පා වෙන වස්‌තු අතර මැරිල වැටිච්ච ඇතෙක්‌ ගෙ කුණකුත් පා වුණා. මේ මැරිච්ච ඇත් කුණ ගහගෙන ඇවිල්ල ගංගා නම් ගගට වැටුණ. ගංගා නම් ග⁣ගේ උඩහ ඉඳල මේ ඇත් කුණ හෙමින් හෙමින් ගහගෙන එනව. කෑමක්‌ හොයාගෙන ගියා කපුටෙක්‌. ස්‌වභාවයෙන් කෑදර සතෙක්‌. කපුට දැක්‌ක ඇත් කුණ. දැකල වහල හොටෙන් මස්‌ ටිකක්‌ ඉරාගෙන කෑව. හරි රහයි. ඇත් කුණේ ම ඉඳගෙන හොට දාලා ගගෙන් වතුර බිව්ව තිබහට. බීල ආපහු මස්‌ ඉරාගෙන කනව. කන ගමන් කපුට මෙහෙම කල්පනා කරනව
'මේ තරම් කන්න බොන්න තියෙන තැනක්‌ කවර නම් මෝඩයෙක්‌ දාල යයි ද?'
එහෙම හිතල ස්‌ථිරව ම හිතාගත්ත මං මේ ඇත් කුණේ ම වාසය කරනව කියල.
කපුට දැන් ඇත් කුණේ වාසය කරනව. මස්‌ කනව. වතුර බොනව. කිසි වෙහෙසකුත් නැහැ. හරි සැපයි, සැනසිල්ලයි. හැබැයි කපුට වහල හිටියට, ඇත් කුණ නතර වෙලා නැහැ. ටිකෙන් ටික හෙමින් හෙමින් මේ ඇත් කුණ ගහගෙන අවිල්ල මුහුදට වැටුණ. මුහුදෙනුත් රැල්ලෙන් රැල්ලට අහුවෙල ආපහු එන්න බැරි තරම ඈතකට දිය වැලකට අහු වෙල ගහගෙන ගියා.
කපුට දන්නෙ නෑ. මස්‌ කනව, වතුර බොනව, ඉන්නව. සති ගණනක්‌ යනකොට ඇත් කුණ ටිකෙන් ටික දිය වෙන්න ගත්ත. දැන් හම් කෑල්ලක්‌ විතරක්‌ ඉතිරි වෙලා තියෙනව. එතකොට කපුටට තේරුණා දැන් නම් මෙතන ඉඳල වැඩක්‌ නැහැ. එහෙම හිතිල ඉගිල්ලුණා උතුරු පැත්තට. ගොඩබිමක්‌ පෙනෙන්න නැහැ. දකුණු පැත්තට ගියා, ගොඩබිමක්‌ පෙනෙන්න නැහැ. නැගෙනහිර, බටහිර පැත්තටත් ගියා. හතර පැත්තට ම ගියා, ගොඩබිමක්‌ පෙනෙන්න නැහැ. හිටපු තැනට එනකොට ඉතුරු මස්‌ කෑල්ලත් මාළු කාල.
මස්‌ ටික කාපු එකේ නෙමෙයි දෝෂය. කලින් ම බේරිල යන්න තිබුණ. ස්‌ථිර වාසයට පැමිණි එකයි දෝෂය. බේරිල යන්න තිබුණු මාවත අතහැරුණ. යන්න තිබුණු තැනත් හිටපු තැනත් යන දෙපැත්තෙන් ම පිරිහුණු කපුටා අන්තිමේ දි හෙම්බත් වෙලා සාගරයට ඇදගෙන වැටුණා. ඒකෙ හිටපු මාළු, නොයෙක්‌ සත්තු කපුටව කාල විනාශ කළා.
හිමාලයෙ වාසය කරපු සෘෂිවරයෙක්‌ ආහාර අවශ්‍යතාවකට උඩින් යද්දි දකිනව මුහුද මැද්දෙ කපුටු තටු තියෙනව. කල්පනා කළා මේ තරම් දුරක්‌ කපුටෙකුට පියාඹලා එන්න බැහැ තටු වගේ සැහැල්ලු දෙයක්‌ ගහගෙන එන්නෙත් නැහැ. මෙච්චර දුරකට කපුටු තටු ආවෙ කොහෙන් ද කියල සෘද්ධියෙන් ආවර්ජනය කරනකොට දැක්‌ක කපුටා කරගත්ත විනාශය.
මේ කතාව අහල නුවණක්‌ තියෙන සත්පුරුෂයෝ විමුක්‌තිය උදා කරගත්වා කියන අදහසින් ඒ සෘෂිවරයා ධර්ම දේශනා කළා. ඒ කතාව අහලා රාජ්‍යයන් 7ක රජවරු ඒ රාජ්‍යයන් දාල ඇවිත් පැවිදි වුණා. ඒ බොහෝ දෙනෙක්‌ බ්‍රහ්ම ලෝකෙ ගියා කියල සදහන් වෙනවා.
කපුටා ඇත් කුණේ වහලා මස්‌ කෑමේ නෙමෙයි දෝෂය. ඇත් කුණ ගගෙන් මුහුදට වැටෙන තුරු ඇත් කුණේ වහලා හිටියත් කමක්‌ නැහැ. එතනින් පස්‌සෙ ඉගිලිලා යන්න තිබුණා. නමුත් කපුටට වැරදුණා. 'කවර නම් මෝඩයෙක්‌ මෙබඳු වූ කන බොන තැනක්‌ දාල යයි ද, මම නම් යන්නෙ නෑ' කියලා තමයි කපුටා හිතුවෙ. එපමණකින් ම විමුක්‌තියෙ මාර්ගය අතහැරුණා. තමන් විශ්වාස කරපු දේත් අන්තිමේ දි අතහැරුණා.
ඇත් කුණ වගේ තමයි ජීවිතය ජීවත් කරවන්න අපට හමු වෙච්ච වටපිටාව. අම්ම තාත්ත, දුවා පුතා, සහෝදර සහෝදරියො, නෑදෑයන් ගෙන් යුක්‌ත ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මේ ඇත් කුණ වගේ. මේක පරිභෝජනය කළාට කමක්‌ නෑ මිදිල යන මනසකින්. අපිට ලැබිලා තියෙන තනතුරු, සම්පත් සියල්ලම දාලා යන අදහසින්මයි පරිහරණය කරන්න ඕනී..
ඒව ,මේවා මගේමයි, ස්‌ථිරමයි කියල බොහොම ආදරෙන් බැඳිල අපි මේව තුළ ම ඇලිල ගැලිල මේව මගේ ම කරගෙන ඉන්නව කියන්නෙ කපුට ඇත් කුණේ දිගට ම හිටිය වගෙයි. ඒ මනසට ධර්මයක්‌ ඕන වෙන්නෙ නෑ. විමුක්‌තියෙ මාවතක්‌ නෑ. අතහැරෙනව.
මම මගේ කියල හිතාගෙන හිටපු මේ ටිකත් වැඩිම අවුරුදු 100 කින්, එනම් දවස්‌ 36000කින් මාස 1200කින් අතහැරෙනව. අතහැරෙන්න කිට්‌ටු වෙනකොට, ඇස්‌ පේන්නැති, කන් ඇහෙන්නැති, අතපය වාරු නැති තත්ත්වෙට පත් වේගෙන එනකොට තේරෙනව මේකෙ දැන් නම් ඉන්න සුදුසු නෑ කියල. එතකොට බේරිල යන්න තියෙන මාවත නෑ. බණ අහන්න කන ඇහෙන්නෙ නෑ. බණ පොතක්‌ බලන්න ඇස්‌ පේන්නෙ නෑ. පන්සලට යන්න, භාවනාවක්‌ කරන්න ශරීරය අතපය වාරු නෑ. විමුක්‌තියෙ මාවත කල ම අතහැරිල.
තමන් විශ්වාස කරපු දුවා දරුවො, දේපළ වස්‌තුව, තනතුරු , යානවාහන ටිකත් අතහැරිල. මේ දෙපැත්තෙන් ම පිරිහුණු අතහැරුණු අපි සංසාර සාගරයට ඇදගෙන වැටෙනව. සංසාර සාගරයෙ ඉන්න චණ්‌ඩ මත්ස්‍යයො තමයි ජාති, ජරා, මරණ. ඒවට හසු වෙලා අපි සුනු විසුනු වී යනව.
ඒ නිසා, හැම මොහොතකම සිහියෙන් , අපිට ලැබී ඇති දේට ඕනෑවට වඩා නොඇලී, ජීවිතය ගතකරමු.. හැකි උපරිමයෙන් පිනෙන් හා කුසලයෙන් ජීවිතය පුරවා ගනිමු..
තෙරුවන් සරණයි ..!

( උපුටා ගැනීමකි.)

Address


Alerts

Be the first to know and let us send you an email when Gossip Eagle news posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share