EJOURNALIST

EJOURNALIST E-JOURNALIST: beyond the imagination. News and features from Sri Lanka

ඉංග්‍රීසිකාරයෙකු වූ බ්‍රැන්ඩන් ග්‍රිම්ෂෝව් ඩොලර් දහතුන්දහසක් ගෙවා ෂීෂෙල්ස්හී ජනාවාසයෙන් තොර කුඩා දිවයිනක් මිලට ගෙන සදහටම...
13/03/2024

ඉංග්‍රීසිකාරයෙකු වූ බ්‍රැන්ඩන් ග්‍රිම්ෂෝව් ඩොලර් දහතුන්දහසක් ගෙවා ෂීෂෙල්ස්හී ජනාවාසයෙන් තොර කුඩා දිවයිනක් මිලට ගෙන සදහටම එහි පදිංචියට ගියේය. එකල ඔහුට වයස අවුරුදු 40ක්වත් සම්පූර්ණ නොවී තිබූ අතර පුවත්පත් කතුවරයෙකු ලෙස කරමින් සිටි රස්සාව අතහැර මෙසේ නව ජීවිතයක් ආරම්භ කළේය.

මෙම අවදිය වන විට අඩුම තරමේ අවුරුදු පනහකින්වත් දූපතේ මිනිස් පාපහසක් තැවරී තිබුණේ නැත. හැබෑ රොබින්සන් කෲසෝ කතාවේ වාගේම බ්‍රැන්ඩන් යාබද දූපත් වැසියන් අතරෙන් සහායකයෙකු සොයා ගත්තේය. ඔහුගේ ෆ්‍රයිඩේ (රොබින්සන් කෲසෝ හී සහායකයාගේ නම) රේනේ ලැෆෝර්ටින් නම් විය.

බ්‍රැන්ඩන් රේනේ හා එක් ව සිය නව නිවහන සුන්දර කිරීම ඇරඹුවේය. රේනේ දිවයිනට ඉඳහිට එද්දිත් එකදු අවස්ථාවක් හෝ එය හැර නොයමින් බ්‍රැන්ඩන් දශක ගණනාවක් එහි වාසය කළේය.
වසර 39 ක් තිස්සේ බ්‍රැන්ඩන් හා රේනේ සිය දෑත්වලින් දූපතේ ගස් 16000ක් සිට වූ අතර ඇවිදින්නට පෙත් මං කිලෝමීටර් 05ක් තැනූහ. 2007 දී රේනේ ලැෆොර්ටීන් මිය ගිය අතර බ්‍රැන්ඩන් සියල්ල සමග දූපතේ තනි විය.

ඔහුට වයස අවුරුදු 81 ලැබුවේය. මේ කාලයේදී ඔහු පක්ෂි විශේෂ 2000ක් දිවයිනට කැඳවා ගත් අතර ෂීෂෙල්ස්හී සහ ලොව වෙනත් රටවල දැනටමත් වඳවීමට ලක්ව සිටින යෝධ ඉබ්බන් 100ක්වත් හඳුන්වා දුන්නේය.
බ්‍රැන්ඩන්ගේ උත්සාහයට පින් සිදු වන්නට කලක් කතරක් සේ පැවති දිවයිනක් දැන් සමස්ත ෂීෂෙල්ස්හී සත්ව විශේෂවලින් තුනෙන් දෙකකට නිවහන වී ඇත. අතහැර දමා තිබූ බිම් කැබැල්ලක් පාරාදීසයක් බවට පත් ව ඇත.

වසර කිහිපයකට ඉහත දිවයින ඩොලර් මිලියන 50කට මිලට ගන්නට සවුදි රජකුමරු බ්‍රැන්ඩන් ග්‍රිම්ෂෝව්ට යෝජකා කළේය. අපේ කාලයේ රොබින්සන් කෲසෝ ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළේ, “මට දූපත සල්ලිකාරයින්ගෙ නිවාඩු තිප්පොලක් කරන්නට වුවමනා නැහැ. හොඳම දේ එය හැමට රස විඳින්නට පුලුවන් ජාතික උද්‍යානයක් වෙනවනම්” කියමිනි.
2008 දී ඔහුට ඒ ඉලක්කය සපුරා ගන්නට පුලුවන් වූ අතර විය යුතු පරිද්දෙන්ම දිවයින ජාතික උද්‍යානයක් ලෙස ප්‍රකාශ කෙරුණි.

පරිවර්තනය - ලසන්ත ද සිල්වා.

මේ ලංකා ඇල්ල. එක හුස්මකින් නිවෙන්න පුලුවන් තැනක්. මුල්ම කමෙන්ටුවෙන් විස්තරය කියවන්න ලින්ක් එක ලැබෙනවා.
15/01/2024

මේ ලංකා ඇල්ල. එක හුස්මකින් නිවෙන්න පුලුවන් තැනක්. මුල්ම කමෙන්ටුවෙන් විස්තරය කියවන්න ලින්ක් එක ලැබෙනවා.

බණ්ඩාරවෙල මීමැස්සෝ.                    ලොකයේ මීමැසි පාලනයෙහි ප්‍රකටව වැඩි පුර කථා කරන මීමැසි වර්ග දෙකක් පවතී ,  යුරොපා ර...
14/01/2024

බණ්ඩාරවෙල මීමැස්සෝ.

ලොකයේ මීමැසි පාලනයෙහි ප්‍රකටව වැඩි පුර කථා කරන මීමැසි වර්ග දෙකක් පවතී , යුරොපා රටවල ආසියානු. රටවල බහුලව දකින. ලැබෙන , ඒ. පීස් සෙරාන සහ ඒ පීස් මෙලී පෙරා නම් බිගූන් වර්ග දෙක , ලංකාවේ දක්නට ලැබෙන මීමැස්සෝ සිරස් අතට වද කිපයක් තනන අතර ,එහි ඉහලින්ම හරස් අතට පැණි තිරුවක්ද ඊට පහලින් පරාග තිරුවක්ද ඊටත් පහලින් ඔවුන්ගේ දරු පැටව් බො කරන මාතෘ වාට්ටුව පිහිටා ඇත , හොදින් වැඩුණු ජනපද යක බිගූන් දහඅට දහසකට අඩු පිරිසක් ජිවත් වේ, මොවුන් මිටර් හත් අට සියයක්. කෙලින්ම පියාසර කිරීමට හැකි වුවද, ආහාර සෙවිටමිටර තුන් සියකටත් අඩු දුරක් පියාසරකරයි, මොවුන්ට පාරජම්බුල කිරණ දුටු සැණින් ඇරෙන ඇස් දෙකෙන් සහ අදුරෙ දීවැඩ කිරිමට ඇස් තුනක් පිහිටා ඇත, මොවූන්ගෙ රාජධානියේ රැජිණ පිරිමි මැස්සන් සහ හැගැණු මැස්සියන් සිටිති මෙලිපෙරා සමගින් බලන විට මෙයා ඉතාම කම්මැලි සත්ව කොටසක්, එයට හේතුව ලංකාවේ ඕනම අහෙනි කාලයක් තුල පවා ආහාර සුලබ විමය ආහාර රැස් කිරීම බොතල් හත අටකට අඩු අගයක්. (02) මෙලිපෙරා නම් මීබීගූන්ගෙ කැදලි වල මීමැස්සන් ඒ ක් ලක්ෂ විසි පන්දාහකට අඩු පිරිසක් ජීවත් වේ,, ලංකාවේ මෙන්ම තිරස් අතට වද බදින අතර වදෙ ඉහලින්ම පැණි තිරැවක් සහ පරාග තිරුවක්ද ඊට පහලින් ඔවුන්ගේ දරු පැටව් බො කරන මාතෘ වාට්ටුව පිහිටා ඇත, මොවුන්ගෙද රැජින පිරිමි මැස්සන් සහ හැගැණු මැස්සියන් සිටිති මෙලිපෙරා හට ආහාර පාන සෙවිම සදහා කිලො මිටර් තුනකටත් වඩා පියාසර කරයි ,එයට හේතුව එම රටවල අහෙනි කාලය මාස අටක් දහයක් විතර නිසා මොවුන් පැණි බොල් එකසිය පනහකටත් වැඩිපුර වරකට රෑස් කරයි , මොවුන් පහරදීම අතින් ඉතාම දරුණු සත්ව කොටසක් මම ඕමාන් රටෙ දී සවසට වැඩ නිමකරන, වෙලාවේ ඇදුම්වල මීවිතවල් ගලවා දමන්නේ පිහියෙන් දුරලා , ඒවිට මීවිතවල් සමාන්‍ය පොල් කටුවක් විතර සැම දිනකම ගලවා දමනවා මොවුන්ට ද පාරජම්බූල කිරණ දුටු සැණින් ඇරෙන ඇස් දෙක ක් සහ අදුරෙ වැඩ කිරීමට හැකි ඇස් තුනක් පිහිටා ඇත අදට ඇතිනේද ,,. අපේ ලංකාවෙ සම හරක් මීමැසි පාලන අය බොරැව ඇත්ත කරන්න පිටරට ඉටි ෂිට්රමු පෙන්නලා. බොරුව රජ කරවන්න දර දිය අදින ජාතියක් අවශ්‍ය අය කථා කරන්න , 0712188446. මම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මීමැසි පාලනයෙහි නිමල්

බදුල්ල කොළඹ පාර. Photo credit - Ruckshan
10/01/2024

බදුල්ල කොළඹ පාර. Photo credit - Ruckshan

09/01/2024

බදුල්ලේ චමින්ද කරපු දේ පළමු කමෙන්ටුවේ

එක්ස්ප්‍රස් පර්ල් අනතුර වන්දි කෙසේ වෙතත් ආයතන බයිල ගහල වගේ. පළමු කමෙන්ටුව බලන්න.
02/01/2024

එක්ස්ප්‍රස් පර්ල් අනතුර වන්දි කෙසේ වෙතත් ආයතන බයිල ගහල වගේ. පළමු කමෙන්ටුව බලන්න.

කන්නාඩිකාරයො තුන් දෙනාගෙන් මැද ඉන්න හාදයගෙ උපන්දිනය අද. සුබ උපන්දිනයක් Chandrasekara Dodawatta ප්‍රිය මිතුර.
27/12/2023

කන්නාඩිකාරයො තුන් දෙනාගෙන් මැද ඉන්න හාදයගෙ උපන්දිනය අද. සුබ උපන්දිනයක් Chandrasekara Dodawatta ප්‍රිය මිතුර.

විදුලිබල මණ්ඩලයේ ලොක්කන්ගේ ළමයි පාසල් යන්නේ අපේ වියදමෙන්ද? පහත ඡායාරූපයේ දැක්වෙන බස්රථය සතියේ දිනවල පාසල් ආරම්භ කරන හා අ...
11/10/2023

විදුලිබල මණ්ඩලයේ ලොක්කන්ගේ ළමයි පාසල් යන්නේ අපේ වියදමෙන්ද?

පහත ඡායාරූපයේ දැක්වෙන බස්රථය සතියේ දිනවල පාසල් ආරම්භ කරන හා අවසන් කරන වේලාවට බලංගොඩ නගරයේ සැරිසරන අන්දම දැකගත හැකිය.

වායුසමනය කළ CEB නාමපුවරුව රැඳවූ එම බසයේ පාසල් දරුවන් පස්දෙනෙකුට අඩු සංඛ්‍යාවක් බලංගොඩ නගරයේ පාසල්වලට පැමිණෙන අතර ඒ දෙමව්පියන්ගේ පුද්ගලික වියදමින් නම් CEB නාමපුවරුව භාවිතා කරන්නේ ඇයිද යන්න ප්‍රශ්නයකි.

මේ බසයේ වියදම් දරන්නේ විදුලිබල මණ්ඩලය නම් මතුවන ගැටලුව කිසියම් පොදු අධිකාරියක සේවකයන්ගේ දරුවන් පාසල් යැවීමට අදාල වියදම් මහජන මුදලින් දරන්නේ කුමන ප්‍රතිපාදනයක් හෝ නීතියක් මතදැයි යන්නයි.

පුරවැසියෙක්ට මේ සාධාරණ ගැටලු මතු වෙන්නේ මහජන උපයෝගිතා කොමිසම නැවතත් විදුලිබිල වැඩි කිරීමට සළකා බලමින් තිබෙන පසුබිමක ය.

රට උලා කන්නේ දේශපාලනඥයින් පමණක්ද? සිතන්න. එරෙහිවන්න. අහිමි වන හැම රුපියලම අපේ ය.

Address


Alerts

Be the first to know and let us send you an email when EJOURNALIST posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to EJOURNALIST:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share