01/07/2025
මෙරට නව ශක්‍යතා අධ්‍යයනයකට සහභාගි වී සිටින ඉන්දියාවේ ප්‍රකට සමාගම් රැසක ප්‍රධානීන්ගෙන් සමන්විත කණ්ඩායම හමුවූ ජනපති...
"මාගේ ඉන්දීය සංචාරයේදී කරන ලද ආරාධනයකට අනුව, මෙරට පවත්නා ආයෝජන අවස්ථා තවදුරටත් වර්ධනය කර ගැනීමේ සහ නව ආයෝජන අවස්ථා පිළිබඳව සොයා බැලීමේ අරමුණෙන් ඉන්දියාවේ ප්‍රකට සමාගම් රැසක ප්‍රධානීන්ගෙන් සමන්විත කණ්ඩායමක් මෙරට නව ශක්‍යතා අධ්‍යයනයකට සහභාගි වී සිටියි.
අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එම පිරිස හමු වූ මම, රට තුළ ආර්ථික ස්ථාවරත්වය සහ ආයෝජන සුදුසු පසුබිමක් නිර්මාණය කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබඳව ඔවුන්ට පැහැදිලි කළෙමි.
මෙරට බලශක්ති, යටිතල පහසුකම්, ඩිජිටල් ආර්ථික, සංචාරක, කෘෂි කර්මාන්ත යන ක්ෂේත්‍රවල මෙන්ම ව්‍යවසායක ධාරිතා වර්ධනයට අදාළ නව ආයෝජන අවස්ථා සඳහා මෙම ඉන්දියානු ව්‍යවසායකයන්ගේ විශේෂ අවධානය යොමුව ඇත.
එහිදී, කලාපීය ආයෝජකයන් මෙරටට පහසුවෙන් කැඳවා ගැනීම සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම කෙරෙහි ශ්‍රී ලංකා රජයේ අවධානය යොමු වී තිබෙන බව පැවසූ මම, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය වශයෙන් පවතින නව ආයෝජන අවස්ථා සොයාබැලීම සඳහා වූ ඔවුන්ගේ උනන්දුව ඇගයීමට ලක්කළෙමි"