
27/07/2025
🛑🛑පලමු වරට 🇮🇹ඉතාලියට ඇතුල් වීමෙන් පසුව තිබූ නීතීන් වෙනස් වේ.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
2025 ජුලි මස 18 වෙනි දින සිට, ඉතාලියට 2025 ස්පොන්සර් නීතිය යටතේ පැමිණෙන සේවකයන් තව දුරටත්,පළමු රැකියා ගිවිසුම අත්සන් කිරීමට සේවායෝජකයා සමග ප්‍රෙරෙෆෙත්තුරා ආයතනයට ඉදිරිපත් වීමට අවශ්‍ය නැහැ. ❤️❤️
❗️වැරදියට වටහාගන්න එපා මේ කියන්නේ සේවායෝජකයා නැතිව ඩොකුයිම්න්ට් හදන්න පුළුවන් කියන එක නෙමෙයි. මේ දේටත් සේවායෝජකයා ඉන්න ඕනා. නැතිව කිසිම දෙයක් කරන්න බෑ.
මේ නිසා කලින් තිබූ එපොයිමන්ට් එකක් ගැනීමේ ගැටලු හා Pec එකක් දාලා පිලිතුරක් ලැබෙන තුරු සිටීමේ ප්‍රශ්න අවසන් වනවා.
🔰මොකක්ද මේ අලුත් ක්‍රමය? කොහොමද මෙය සිදුකරන්නේ?
✅ ඔබ 2025 ඉතාලි වීසා නීතියට ඉතාලියට ඇතුල් වීමෙන් පසුව දින 8ක් ඇතුලත පලමු රැකියා ගිවිසුම ඩිජිටල් ක්‍රමයට අත්සන් කල යුතුයි.
✅ පලමුව ඉතාලියට ඔබ ඉතාලියට ඇතුල් වූ බව portaleservizi වෙබ් අඩවිය හරහා දැනුම් දීම සිදුකරන්න ඕනා.
🔻PROVINCIA DI INGRESSO IN ITALIA
🔻COMUNE DI INGRESSO IN ITALIA
🔻DATA DI INGRESSO
🔻DESCRIZIONE (PORTO, AEROPORTO, ECC.)
🔻NUMERO VISTO
යනාදිය ඇතුලත් කරන්න ඕනා. මේක කරන්න ඕනා ඔබ වෙනුවෙන් ඉතාලි වීසා නීතියට portaleservizi වෙබ් අඩවිය හරහා අයදුම් පත්‍ර යොමු කල පුද්ගලයා හෝ ආයතනයයි.
මෙය ඔබ ඉතාලියට ඇතුල් වී දින 8ක් ඇතුලත මෙය සිදුකල යුතුයි,
මේ විස්තර Invia Dati Frontiera කිරීමෙන් පසුව විනාඩි 10ක් 15ක් ඇතුලත ඔබේ codice fiscale Generate වෙලා එනවා.
❗️ඉන්පසුව contratto di soggiorno එක firmare digitalmente විදියට අත්සන් කරන්න එනවා.
📌La firma digitale - ඩිජිටල් අත්සනක්.
මෙය කොලයක, කඩදාසියකට අත්සන යොදනවාට වඩා ඩිජිටල් ක්‍රමයට අත්සන යෙදීම මෙහිදි සිදුවනවා. අත්සන් යෙදීමේ උපාංග කාඩ්පතක් විදියට, පෙන් ඩ්‍රයිව් එකක් විදියට, බ්ලූටූත් ඩිවයිස් එකක් විදියට මේ බලාගන්න පුලුවන්. මෙම සේවාව සදහා ඔබ මුදල් ගෙවීමක් කල යුතු වනවා.
✅ firma digitale සේවාවන් ලබගන්න පුලුවන් ආයතන.
🔻Aruba
🔻Poste Italiane
🔻Infocert
🔻Bufetti
🔻Namirial
වගේ ආයතන,වෙබ් අඩවි වලින් මිලදී ගන්න පුලුවන්.
යම් කෙනෙක්ට මෙය මිලදී ගනීම ප්‍රයෝජනයක් නැහැ කියලා සිතනවා නම් මේ වෙද්දි සමහර CAF/ PATRONATO ආයතන වලින් ඔවුන්ගේ උපාංග භාවිතා කිරීමේ හැකියාව පවතිනවා.
❗️ඔබට මේ සේවාවා ගැන වැඩි දුර තොරතුරු දැනගැනීමට ගූගල් කරන්න පුලුවන්.
🛑contratto di soggiorno එකට අත්සන යොදන්න ඔබගේ සේවායෝජකයා එන්න ඕනා. මම කලින් කිව්ව වගේ මේක කරන්න පුලුවන් portaleservizi එකට විස්තර ඇතුලත් කල කෙනාගේ SPID එක හරහා ඇතුල් වීමෙන්.
සේවායෝජකයා ඔහුගේ අත්සන යෙදීමෙන් පසුව ඉතාලියට අතුල් වෙන ඔබ අත්සන යෙදිය යුතු වනවා.
ඔබට මේ වෙද්දි codice fiscale නම්බර් එක පමනක් තිබෙන නිසා ඩිජිටල් ආකාරයට ඔබට අත්සනක් යෙදිය නොහැකියි. එම නිසා මැනුවලි අත්සනක් ඩොකුයුමන්ට් එකට දාලා ස්කෑන් කරලා ඉදිරිපත් කරන්න පුලුවන්.
මෙය යැවීමෙන් පසුව පලමු වරට ඉතාලියට ඇතුල් වන පුද්ගලයා අනිවාර්යයෙන් කල යුතු පාඨමාලාව ගැන් විස්තර පුරවන්න එන්නේ.
(මෙම පාඨමාලාව දින දෙකක්. සම්පූර්න කාලය පැය 16 ක පාඨමාලාවකි. මෙයට සහභාගි විම අනිවාර්යය අතර ඔබ රැදීසිටීමේ බලප්ත්‍රය ලබාගැනීමට යාමේදි මෙය විමසීමක් කරන්න පුලුවන්.)
✅ ඉන් පසුව කුස්තූරා ආයතනයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය ඩොකුයුමන්ට් ටික ඔබට ලැබෙනවා. මෙය පොස්තාලේ හරහා යැවීමෙන් ඔබට කුස්තූරා ආයතනයට යාමට දිනය හා වෙලාවක් ලැබෙනු ඇත.එහිදි ඔබගේ ඇගිලි සලකුනු හා චායාරුප ලබා ගැනීම සිදුවනවා.
මේ ක්‍රමයෙදි එපොයිමන්ට් නෑ කියලා මගහරින සේවායෝජකයින්ට නම් හොඳ පාඩමක් වෙයි.
මේ කිසි දෙයක් සේවායෝජකයා ඉදිරිපත් වෙන්නෙ නැතිව කරන්න බෑ.
ඒ නිසා ඉතාලියට එන ඔබ ඩොකුයුමන්ට් සියල්ල සම්පුර්න කරලා දීලා රැදීසිටීමේ බලපත්‍රය ලැබෙන තෙක් අඩුම යම් 💰ප්‍රමානයක් වත් හෝල්ඩ් කරගන්න බලන්න.
මේ ක්‍රමය සේවායෝජකයා ඉදිරිපත් වෙන අයට පහසුවක් පමණයි තියෙන්නේ.
🛑🛑දැනට මෙය පටන් අරන් දවස් කිහිපයක්
මම හිතන්නේ මේ විස්තරය මෙහෙම සවිස්තරාත්මකව ඉතාලියේ දකින පළමු ලිපිය මේක වෙන්න පුළුවන්.😁
ඒ නිසා අඩු පාඩු තියෙන්න පුලුවන්. ඉදිරියේදි වෙන විස්තරත් එක්ක මගහැරුනු තැන් ටිකත් අප්ඩේට් කරන්නම්..
©️Thilana Fernando
විශේෂ ස්තූතිය- මල්ලික ගමගේ මහත්මියට