Arunalu Bulathsinhala

  • Home
  • Arunalu Bulathsinhala

Arunalu Bulathsinhala I would love to explore the world and feel the freedom and beauty of mother nature
and write about it

සතුටක් විඳි මගෙ මේ සඳ   මනරම් කොපුලක් සිඹ සැනසූ නුඹ සනසම් දිවියක් තුළ හමුවුනු අය   කෙතරම් සුවඳක් දුන් මිහිරක් මට     නුඹ...
31/01/2025

සතුටක් විඳි මගෙ මේ සඳ මනරම්
කොපුලක් සිඹ සැනසූ නුඹ සනසම්
දිවියක් තුළ හමුවුනු අය කෙතරම්
සුවඳක් දුන් මිහිරක් මට නුඹනම්

-අරුණළු බුලත්සිංහල-

පායන කාලෙ උනත් ඉද හිට අවධි වෙන බිම්මල් නැතුවාම නෙමෙයි. මේ තියෙන්නෙ කෑමට ගන්න බැරි උනාට ලස්සනට හැඩට ඉන්න eyelash බිම්මල්....
18/01/2025

පායන කාලෙ උනත් ඉද හිට අවධි වෙන බිම්මල් නැතුවාම නෙමෙයි. මේ තියෙන්නෙ කෑමට ගන්න බැරි උනාට ලස්සනට හැඩට ඉන්න eyelash බිම්මල්. Cup mushroom කියලත් කියනවලු.. 🍄

| පුෂ්කරණී |ඉර නැගෙන උදෑසනහිරු බසින සැඳෑවකවිල් තෙරේ ඉවුරකටවී සිතමි නුඹ ගැනමනුඹේ ඔය මුනිවතරකිනවද තුන්යමනිහඬ බව හින්දාමමම ...
11/01/2025

| පුෂ්කරණී |

ඉර නැගෙන උදෑසන
හිරු බසින සැඳෑවක
විල් තෙරේ ඉවුරකට
වී සිතමි නුඹ ගැනම

නුඹේ ඔය මුනිවත
රකිනවද තුන්යම
නිහඬ බව හින්දාම
මම බිඳිමි නිහඬ බව

ප්‍රේමයට ලං වෙන්න
නුඹ මගෙන් දුර යන්න
පවසන්න සොඳුර කිම
නුඹ නිහඬ බව නිතර

හඬනවා මම තනි රෑක
නුඹේ රූ බල බලම
අනේ අදවත් හිනැහෙන්න
මගේ ආදර විල් ජලය

නෙළුම් මල් නැතුවාට
රණ හසුන් නැතිවාට
කම් නැතිය මගෙ සොඳුර
විල නුඹ⁣යි මගෙ කතරෙ

-අරුණළු බුලත්සිංහල-

සුබ ගමන් 2024පහුගිය ටිකේම පේජ් එකේ මුකුත් දාන්නත් බැරි උනා. ලබන 2025 ඉදලා අපි ලස්සන කතන්දර ටිකකින් හමුවෙමු සහෘදයිනි. ඔබ ...
31/12/2024

සුබ ගමන් 2024

පහුගිය ටිකේම පේජ් එකේ මුකුත් දාන්නත් බැරි උනා. ලබන 2025 ඉදලා අපි ලස්සන කතන්දර ටිකකින් හමුවෙමු සහෘදයිනි.

ඔබ සැමට සුබ 2025ක් වේවා!

මහා අකාසයෙන් වට වෙච්ච මේ පෘථිවි තලේ කොච්චර මිනිස්සු ඉපදිලා මැරිලා යන්න ඇතිද, ඒ මිනිස්සු කොහොම ජීවත් වෙන්න ඇතිද? අපිත් ම...
23/12/2024

මහා අකාසයෙන් වට වෙච්ච මේ පෘථිවි තලේ කොච්චර මිනිස්සු ඉපදිලා මැරිලා යන්න ඇතිද, ඒ මිනිස්සු කොහොම ජීවත් වෙන්න ඇතිද? අපිත් මේ ලෝකයේ එක්තරා සුළු කාලයක අඩුව පුරවන්න ආව මිනිස්සු විතරයි. අපි නැති උනා කියලා ලෝකය අපි වෙනුවෙන් නතර වෙන්නෙ නැහැ. අපි මැරිලා යනවා විතරයි.

අපි නගරවල ඉන්නකොට සමහර මිනිස්සු ගම්වල ඉන්නවා. තවත් සමහරු කැළෑ වල කාන්තාර වල කඳුවල ජීවත් වෙනවා. මුහුද කවදාවත් දැකපු නැති මිනිස්සුත් ඉන්නවා. හැබැයි මේ හැමෝම කොහේ හෝ තැනක තමන්ට සතුට,සුව පහසුව දැනෙන තැනක් හදාගෙන ඉන්නවා. ඒ මිනිස්සුත් ජවත් වෙනවා.

අපි ශිෂ්ඨාචරෙ ඇතුලෙම ඉන්න මිනිස්සු විදිහට ලෝකය දකින්නෙ එක විදිහකට. අපි මොනවදෝ පස්සෙ හැල්මෙ දුවනවා. ජීවිතේ තේරුම මොකද්ද?

වැසි වනාන්තරේකට රිංගුවා 🌿❤🍃
18/12/2024

වැසි වනාන්තරේකට රිංගුවා 🌿❤🍃

ඇයි මේක, "හේ වැල්ලලේ" කියල කියන්න බැරි 😒
16/12/2024

ඇයි මේක, "හේ වැල්ලලේ" කියල කියන්න බැරි 😒

මේ තියෙන්නෙ ගොඩක් අය අහල තියෙන හැබැයි වැඩිය කට්ටිය දැකලා නැති කළු නික නෙවේ. 😁මේ තියෙන්නෙ වල්ලාපට්ටා | Agarwood 🌿🍃
15/12/2024

මේ තියෙන්නෙ ගොඩක් අය අහල තියෙන හැබැයි වැඩිය කට්ටිය දැකලා නැති කළු නික නෙවේ. 😁මේ තියෙන්නෙ වල්ලාපට්ටා | Agarwood 🌿🍃

දිව්‍යාංගනාවක් සමඟ පෙමින් වෙලුනු ගැමි තරුණයෙකුට රාත්‍රියේ පමණක් තමන්ගේ පෙම්බරිය හා සිටීමේ වාසනාව හිමිවී ඇති අතර රැයේ ඔහු...
11/12/2024

දිව්‍යාංගනාවක් සමඟ පෙමින් වෙලුනු ගැමි තරුණයෙකුට රාත්‍රියේ පමණක් තමන්ගේ පෙම්බරිය හා සිටීමේ වාසනාව හිමිවී ඇති අතර රැයේ ඔහුගේ අද්දැකීම් මෙලෙස දිගහරී.

|තුන්යම පෙම|

නුඹ නැති මේ රැය පාලු මකන්නට
සඳ දෙවියන්ටත් බැහැ එය, පුරනට
නුඹේ සිනා මල හදේ රඳන්නට
මේ රැය නුඹ මගෙ ළඟම හිදින්නට

එනවද සොඳුරිය කඳු මත පියමැන
තැනිතලාවෙ අපෙ මතකය අරගෙන
නුඹේ පතුල් රන් නළුමක් ලෙස ගෙන
දෝතට ගන්නෙමි නුඹ දවටාගෙන

බඳ වට සුරතින් වෙලා ගන්න අද
දෙතොලින් මීවිත එපා ගන්න අද
නුරාව කැටි වූ නුඹෙ දෑසත් අද
මටම කියන්නේ නුරා හැඟුම්වද

⁣රැය තව දිගු නැහැ සොඳුරිය මගෙ සඳ
සමුගෙන යන්නට හිත නැහැ හරි සඳ
දිලුනත් නිල් එළියෙන් මේ තනි සඳ
ප්‍රේමෙන් සමු ගමු එක රැයකට සඳ

දිවසළු අරගෙන නැවත වඩින්නට
අමතක නොකරම ප්‍රේමෙ පුදන්නට
දෙව් ලොව සිරියෙන් නුඹව පෙනෙ⁣න්ට
නැවතත් රැයකට අපි හමු වෙන්නට

දිවා කලට මට නුඹ සිහි වේවි
පාලු හිතක මතකෙක තනි වේවි
රෑ වෙනතෙක් මම ඇඟිලි ගනීවි
දිගු හොඳ රැයකට ආසිරි වේවී

-අරුණළු බුලත්සිංහල-

| එකෝමත් එක දවසක් |වන අරණක දැනෙන සුවයනුඹගෙ පපුතුරේ,රඳයි හුස්ම ආදරයේ මිහිර හැම කළේ,නුඹෙයි මගෙයි ආදරයට කිරුළ පැළඳුවේරජ වෙන...
07/12/2024

| එකෝමත් එක දවසක් |

වන අරණක දැනෙන සුවය
නුඹගෙ පපුතුරේ,
රඳයි හුස්ම ආදරයේ
මිහිර හැම කළේ,
නුඹෙයි මගෙයි ආදරයට
කිරුළ පැළඳුවේ
රජ වෙන්නට නොවෙයි සොඳුර
තුරුලු වෙමි සඳේ

-අරුණළු බුලත්සිංහල-

Address


Alerts

Be the first to know and let us send you an email when Arunalu Bulathsinhala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Arunalu Bulathsinhala:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share