Ayukthiya

Ayukthiya යුක්තිය, සාධාරණය සදහා වූ අන්තර්ජා‍‍‍?

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ තනතුරු දරන අඹුසැමියන් යුවළක් කර ගෙන ගිය ජාවාරමක හෙළි වෙයි.ශ්‍රී ලංකා විදේශ...
18/09/2024

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ තනතුරු දරන අඹුසැමියන් යුවළක් කර ගෙන ගිය ජාවාරමක හෙළි වෙයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) සේවයේ නියුතු අඹු සැමි යුවළක් විසින් සිදු කරනු ලබන නීති විරෝධී ජාවාරමක් පිළිබඳ පුවතක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.

මේ අතරින් සැමියා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නීති අංශයේ සාමාන්‍යාධිකාරීවරයා වන අතර, බිරිඳ එම අංශයේ ම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරිය ලෙස කටයුතු කරන බව වාර්තා වේ. මොවුන් දෙදෙනා එක් ව සංක්‍රමණික කම්කරුවන්ගෙන් රුපියල් මිලියන ගණනක් වංචා කර ඇති බව තොරතුරු අනාවරණය වී ඇති බව සුදන්තතක මහතා සිය Volgger (වීඩියෝ බ්ලොග්) එකක් මගින් හෙළි කරයි.

ඔහු පවසන පරිදි, බලපත්‍ර ලබා ගැනීමට උත්සාහ කරන විදේශ නියෝජිතායතන කඩාකප්පල් කිරීම සම්බන්ධයෙන් මෙම දෙදෙනාට චෝදනා එල්ල වී ඇත.

නියෝජිතායතන බලපත්‍රයක් ලබා ගැනීමෙන් පසු, යම් ආයතනයක් ගැටලුවකට මුහුණ දුන් අවස්ථාවක දී අදාළ වින්දිත පාර්ශ්වය තම ගැටලුව ඉදිරිපත් කළ යුත්තේ මොවුන් දෙදෙනාගෙන් එක් අයෙකු වෙත වන අතර, එහි දී මොවුන් දෙදෙනා විශේෂ දූතයකු හරහා අදාළ වාර්ශ්වයන්ගෙන් කොමිස් මුදලක් හෝ ගාස්තුවක් ඉල්ලා සිටින බවට තොරතුරු හෙළි කරයි.

මේ හේතුව නිසා අදාළ නියෝජිතායතන දැඩි අපහසුතාවන්ට ලක් වී ඇති බවත්, මෙම ප්‍රමාද වීම් නිසා අදාළ ගැටලුකාරී තත්ත්වයන් බරපතළ වී ඇති බවත්, උද්ගතව ඇති මෙම තත්ත්වය නිසා අදාළ නියෝජිතායතන සිය සේවා දායකයින් ඉදිරියේ වංචනිකයින් බවට පත් ව ඇති බවත් සුදන්තතක මහතා පෙන්වා දෙයි.

Sri Lanka Bureau of Foreign Employment
RedTape.lk

03/04/2024

කූට ලේඛන සකස් කර තමාට අයිති MGM නෙට්වර්ක් සමාගම කිසියම් ආයතනයක් විසින් ඉදිරියේදී ලංකාවටම විශාල තර්ජනයක් ඇතිවිය හැකි ක්‍රියාවක් සිදු කර ඇති බව පවසමින් MGM නෙට්වර්ක් සමාගමේ හිමිකරු වන ජනක රාමනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

පැමිණිල්ල බාර දීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ රාමනායක මහතා තමාට අයිති UHF-30 කොළඹ සහ UHF-56 හන්තාන යන සංඛ්‍යාත භාවිතා කරමින් අලුත් නාලිකාවක් අරඹා ඇති බවත් වසර හතක් පුරාවටම තමන් මේ සම්බන්ධයෙන් සටන් කරන අතර ආරක්ෂක අමාත්‍යාංශය හා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බවත් පවසනවා.

දේශීය හා විදේශීය ව්‍යාපාර කටයුතු වල නිරත වන ජනක රාමනායක මහතා දේශීය නිෂ්පාදන විදේශීය වෙළඳපොළ තුළට නිර්මාණශීලීව ඉදිරිපත් කිරීමට වෙහෙසන කෙනෙක් වන අතර 2007 වසරේ මුල් භාගයේදී ආරම්භ කර ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයින් හට නැවුම් අත්දැකීම් දායාද කළ මැක්ස් tv හා මැක්ස් Radio හි කළමනාකාර අධ්‍යක්ෂවරයාද වේ.

ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නා බව එතුමා වැඩිදුරටත් සඳහන් කලා.

01/11/2022
01/11/2022

බෝගම්බර ප්‍රධාන බස් නැවතුම්පල මධ්‍යම පළාත් ප්‍රවාහන සේවා අධිකාරිය මගින් පාලනය කරනු ලබන නවීන තාක්ෂණයෙන් සපිරි බස් නැවතුම්පොලකි. එහෙත් අද වන විට මෙම බස් නැවතුම්පොලේ වංචා හා දූෂණ, සොරකම් බහුලව සිදුවෙමින් පවතී. සීසීටීවී පද්ධතියත් අක්‍රීය වී ඇත.

බස් නැවතුම්පොලේ දවල් කාලෙට මෙන්ම රාත්‍රී කාලයේදීත් නොයෙකුත් අක්‍රමිකතා, වංචා හා දූෂණ,සොරකම් දිගින් දිගටම සිදුවන බව ඔක්තෝම්බර් මස 4 වැනි දින දිනමිණ පුවත්පත වාර්තා කර තිබිණි. පහුගිය කාලය තුළ ලැප්ටොප් පරිගණක දහ අටක් පමණ මෙලෙස සොරකම් කර ඇති බව එම පුවත්පත වාර්තා කරයි. ඒවගේම මෙම නැැවතුම්පලේ සිදුවෙන දූෂණ සම්බන්ධව මහනුවර පොලිසියට පැමිණිලි රාශියක් ලැබී ඇති බව වැඩිදුරටත් එහි සඳහන් කර ඇත.

මෙම පුවත් පළ වීමත් සමග ප්‍රධාන ලේකම් තුමාගේ නියෝගය පරිදි මධ්‍යම පළාත් ප්‍රවාහන අධිකාරියේ සාමාන්‍යධිකාරි, විමර්ශන නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් ඔක්තෝම්බර් මස දොළොස්වෙනි දින හවස හයයි තිහට පමණ බස් නැවතුම් පොළ වෙත ගොස් ඇත. මෙහිදී බලපත්‍ර නොමැති බස් රථයක් සම්බන්ධව ප්‍රශ්න කිරීමේදී තාවකාලික කුලී පදනම් මත බස් නැවතුමේ හෝටලයක් කරන කාන්තාවක්, ඇගේ පුතා හා තවත් මැර කණ්ඩායම්ක් විසින් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර මරණීය තර්ජන එල්ල කර ඇත. මේ සම්බන්ධව එම නිලධාරින් විසින් මහනුවර පොලිසිය වෙත කළ පැමිණිල්ලකට අනුව අදාළ කාන්තාව හා පුත්‍රයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත මුදා හැර තිබේ.

අදාළ කාන්තාවගේ මෙවැනි පහරදීම් සම්බන්ධයෙන්දව මීට පෙර ද පොලිසියට පැමිණිලි ලැබී ඇති බවත්, මෑතකදී මෙම ස්තානයේ ඇතිවුන බහින්බස් වීමක් දුරදිග ගොසින් පුද්ගලයකුට කොස්සකින් පහර දී ඇති බවත් වාර්තා වේ. මගීන්ට අසුන් ගැනීමට පනවා ඇති පුටු පේලිත් මැයගේ හෝටලේ ආසන බවට පත්කරගෙන ඇති අතර, ඇයගේ හෝටලයෙන් බඩු නොගන්න කිසිවෙකුට එහි වාඩිවීමට නොහැකි බව වාර්තා වේ.

අදාළ කාන්තාව බෝගම්බර බස් නැවතුම්පොළ අසල පදිංචිකාරියක් වන බැවින් නිලධාරීන්ට මෙන්ම එහි පැමිණෙන අහිංසක මගී ජනතාවට හා අනෙකුත් වෙළඳ ව්‍යාපාර කරන අහිංසක මිනිස්සුන්ටත් චණ්ඩි පාට් දමන බවට මගී ජනතාව චෝදනා කරයි.

12/07/2022

තෙල් පෝලිමේ සිටි අහිංසක තරුණයින්ට බැටන් ප්‍රහාර දෙන මහරගම පොලිස් කුක්කා..…

රංජිත් සියඹලාපිටියගේ ලීක් වුනු ලියුම...LEAKED LETTER...
11/06/2022

රංජිත් සියඹලාපිටියගේ ලීක් වුනු ලියුම...LEAKED LETTER...

පහත ඡායාරූප වල සිටින තැනැත්තිය අහිංසක කුඩා දරුවන් දෙදෙනා හා ස්වාමියා අතහැර තම ස්වාමියාගේම අක්කගේ ස්වාමියා සමග පැන ගොස් ඇ...
07/03/2022

පහත ඡායාරූප වල සිටින තැනැත්තිය අහිංසක කුඩා දරුවන් දෙදෙනා හා ස්වාමියා අතහැර තම ස්වාමියාගේම අක්කගේ ස්වාමියා සමග පැන ගොස් ඇත. තොරතුරක් ඇත්නම් ස්වාමියාට දන්වන්න (0775 998291) . එය මේ පොඩි දරුවන්ට කරන ලොකු උදව්වකි.

කෑම බීම සමග ගුටි බැට නොමිලේ දෙන perera & sons ආයතනය.රත්මලානේ පිහිටි perera & sons ආයතනයේ ශාඛාවකට ආහාර ලබා ගැනීම සඳහා ගිය...
22/02/2022

කෑම බීම සමග ගුටි බැට නොමිලේ දෙන perera & sons ආයතනය.

රත්මලානේ පිහිටි perera & sons ආයතනයේ ශාඛාවකට ආහාර ලබා ගැනීම සඳහා ගිය පාරිභෝගිකයෙකුට ආයතනයේ සේවකයෙකූ විසින් පහරදීමක් සිදුකර තිබෙනවා.

මෙයට පාදක වී තිබෙන්නේ පාරිභෝගිකයා ආහාර ලබා ගැනීමෙන් පසුව තමන්ගේ පුද්ගලික වාහනයට නැග ගමන් ආරම්භ කිරීම සඳහා සූදානම් වූ අවස්ථාවේ perera & sons ආයතනයට අයත් වාහනයක් එම පාරිභෝගිකයාගේ වාහනය හරස් කොට නවත්වා ඔහුට එම වාහනය ධාවනය ඉඩ නොදීමයි.

මේ සම්බන්ධයෙන් පාරිභෝගිකයා විසින් අදාල රියදුරා වෙත කාරුණිකව තමන්ගේ වාහනයට ඉඩ සලසා දෙන ලෙස ඉල්ලීමක් කර ඇති අතර එහිදී ඇති වූ බහින් බස් වීම දිර දිග ගොස් perera & sons ආයතනයේ රියදුරා විසින් වාහනයෙන් බැස අමානුෂික ලෙස එම පාරිභෝගිකයා හට පහර දී තිබේ.

විමතියට කරුණ වන්නේ මෙම අවස්ථාවේදී එතැනට පැමිණි ආයතනයේ ප්‍රධාන කළමනාකාරතුමා ද රියදුරාගේ නොමනා ක්‍රියාවන් අනුමත කොට පාරිභෝගිකයා තවදුරටත් දැඩි අපහසුතාවයට පත් කිරීමයි.

මෙරට අවන්හල් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ නමක් දිනා ඇති මෙවැනි ආයතනයක් පාරිභෝගිකයන් හට මෙසේ සැලකීම කිසිසේත් අනුමත කල නොහැකි අතර එය ලැජ්ජා සහගත කාරණයක් ලෙස අප හෙලා දකිමු.

Address


Alerts

Be the first to know and let us send you an email when Ayukthiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ayukthiya:

  • Want your business to be the top-listed Media Company?

Share

අයුක්තිය!

යුක්තිය, සාධාරණය සදහා වූ අන්තර්ජා‍‍‍ල මෙහෙයුම සදහා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට හා පොදුවේ සියලු ශ්‍රී ලාංකික අන්තර්ජාල පරිශීලකයන්ට එකතු වන්නයි කෙරෙන කාරුණික ආරාධනයයී..එන්න අප හා එක්වන්න..අලුත් වන රට කාර්‍යක්ෂම කිරීමට පුරවැසියන් පෙල ගස්වමු. වැරද්දක් දුටු තැන ඊට එරෙහිව නැගිටමුු....අද රටේ අවශ්‍යතාවය එයයී...

ඒ සදහා ඔබට වේදිකාව තනන්නට අප සූදානම්. ඔබට මොනයම් හෝ අයුක්තියක්, අසාධාරණයක් සිදු වනවා නම් නොබියව එය අපට කියන්න... අප ඔබ වෙනුවෙන් බලා සිටී... Subscribe| Like and Share Ayukthiya

https://www.youtube.com/channel/UClalCcWKMU7qYjyo7Dom7BA https://www.facebook.com/ayukthiya https://www.instagram.com/ayukthiya https://twitter.com/ayukthiya ස්තූතියි‍‍‍‍... අයුක්තිය! යුක්තිය, සාධාරණය සදහා වූ අන්තර්ජා‍‍‍ල මෙහෙයුම