
23/05/2025
මේ වෙලාවේ හංදියේ ටොපික් එක අනුදි. අනුදි එක පාරටම මෙච්චර hype එකක් ගන්නේ අනුදි ලස්සන නිසාම නෙමෙයි. මේ පන්නයේ තරග වලට ලංකාවෙන් යන්නෙම ලස්සන ගැහැණු/ ගැහැණු ළමයි තමයි නේ. ඒ අතරේ මම හිතනවා මේ වෙනසට හේතුව අනුදිගේ “උගත්කම” කියලා. අපි මේ බුකියට ආපු දවසේ ඉදලා ලංකාවේ තියන අවුරුදු කුමාරි තරග වල ඉදලා ලංකාව නියෝජනය කරමින් ලෝක රූප රැජිණි තරග වලට යනකම් යන ලස්සන අය සිය දාස් ගානක් දැකලා තියනවා නේ. ඒ අතරේ අනුදිගේ තියන ලොකුම වෙනස මම හිතන්නේ ඒ උගත්කම කියන එක.
මීට කලින් ලංකාව නියෝජනය කරපු කාටද කියන්න පුළුවන් වෙලා තිබුනේ මගේ target එක ලංකාවේ foreign service එකට එකතු වෙන එක කියලා කියන්න. අනුදි ඉන්නේ එතන. මීට කලින් අහලා දැකලා තිබුණු ඔය තරග වලට ගිහිපු කාටවත් කියන්න පුළුවන් වෙලා තිබුනේ නෑ මම ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ product එකක් කියලා. අනුදි ඒක කියනවා. ලෝකේට ඒවා හරිම සාමාන්‍ය ඇති. හැබැයි ලංකාවේ අපිට හෙන අළුත් ඒක. ආපස්සට අවුරුදු දහයක් මතක් කරලා බැලුවත් මේ වගේ ස්ටේජ් වල ලංකාව නියෝජනය කරමින් නැග්ගේ එකම ත්‍රාඩ කල්ලියක මිනිස්සු. පොත්තයි කදුළුයි එක්ක විතරක් ගේමක් ගහන්න පුළුවන් කියලා හිතපු ගැහැණු. නම් විදියට නොකිව්වට එකින් එක මතක් වෙනවා නේ.
සාමාන්‍යයෙන් “රූප රැජිණි” කියපු ගමන් විහිළුවක් වෙච්ච ලංකාව වගේ රටක ඔක්කොම එක වගේ උනන්දුවකින් අනුදි ගැන කතා කරන එකම හෙන වෙනසක් වෙන්නේ ඒකයි. උගත්කම කියන්නේ අනුදි ගත්ත ඩිග්‍රියම විතරක් නෙමයි. ඒ වටේ හැදිච්ච හැමදේම. අධ්‍යාපනය මිනිස්සුන්ව කොච්චර වෙනස් කරනවද. අධ්‍යාපනයක් අවශ්‍යම නොවන ක්ෂේත්‍රයකදි උනත් මොනවම හරි විදියකින් කෙනෙක් ලබපු අධ්‍යාපනය අනික් අය අතර තමන්ව කොච්චර උස්සලා ඉහළින් තියනවද. ඒකට මේ වෙලාවේ පෙන්නන්න තියන හොදම උදාරණයක් තමයි අනුදි.
Credit to Thilan jayasekara ✍️🙏