02/11/2025
තම බිරිඳ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් රුපියල් ලක්ෂ 21ක මුදලක් වංචා කර ඇත්නම්, මාධ්‍ය සංදර්ශන නොපවත්වා වහාම අධිකරණයට යන ලෙස තමන් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයාට අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ප්‍රකාශ කළේය.
ඔහු මෙම ප්‍රකාශය සිදු කළේ, හේෂා විතානගේ මහතාගේ බිරිඳ විසින් ලොතරැයි මණ්ඩලයට ලක්ෂ 21ක මුදලක් ගෙවිය යුතු බවට එහි සභාපති එම්.ඩී.සී.ඒ. පෙරේරා මහතා පසුගියදා (29) සිදුකළ ප්‍රකාශයට පිළිතුරු වශයෙනි.
මෙම චෝදනාව මීට පෙරද විවිධ අවස්ථාවලදී මතු වූවක් බවත්, එය තමාට අදාළ නොවන කරුණක් බැවින් මෙතෙක් ඊට පිළිතුරු දීමට ඉදිරිපත් නොවූ බවත් විතානගේ මහතා පැවසීය.
“දේශපාලනඥයින්ට කඩේ යන්නේ නැතුව, ඇත්තටම වංචාවක් වෙලා තියෙනවා නම්, මාධ්‍ය සංදර්ශන ඕන නෑ, කෙළින්ම අධිකරණයට යන්න” යනුවෙන් ඔහු සභාපතිවරයාට අභියෝග කළේය.
එමෙන්ම, තමන් “හිල් වුණු යට ඇඳුම්” නොඅඳින බවට උපහාසාත්මක ප්‍රකාශයක් කළ මන්ත්‍රීවරයා, අවශ්‍ය නම් තම යට ඇඳුම ගලවා පෙන්වීමට පවා සූදානම් බව පවසමින්, එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළේය.
ජාතික ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිත ධූරයක් මගේ බිරිඳට තිබුනය එකේ යම් කිසි මුදලක් ගෙවන්න තියනවා කියලා මාධ්‍යට කියනවා.මම ඉස්සරවෙලා කියනවා මට විරුද්ධව දාලා තියෙන්නේ මම දේශපාලකයෙකු විදියට ජාතික ලොතරැයි මණ්ඩලයේ ධුරයක් ලබා ගැනිමට ලියුමක් නිකුත් කරා කියලා.
එක ඇත්ත මම පිලි ගන්නවා.මම එක ලියුමක් නෙවෙයි දේශපාඥයෙකු වුණ දවසේ ඉදලා මගේ හිතවත් කෙනෙකු ඉල්ලුවොත් ඒ ලියුමක් ඉදිරිපත් කිඑරිම මගේ ගාව තියනවා. ඒක ඉස්සරහටත් කරනවා. ඒක දේශපාලනයත් එක්ක බද්ධ වෙච්ච කොටසක්. මම එක් බොරුවට නැහැ කියන්නේ නැහැ. හැබැයි මම එක දෙයක් කියනවා බිරිඳට මට මගේ පවුලේ වෙනත් අයෙකුට එක සත විසිපහක් වංචා කරලා චෝදනාවක් තිබුනනම් ගරු සභාපතිතුමා මාධ්‍ය සංදර්ශන තියන එක නෙමෙයි තියෙන්මේ මේ රටේ අධීකරණ පද්ධතියක් තියනවා අධිකරණයට යන්න තියෙන්නේ.
ජාතික ලොතරයි මණ්ඩලේ නියෝජිත ධුරයක් ගන්න කොට තියනවා ගිවිසුමකට එන්න ඕන. ඒ ගිවිසුම ප්‍රකාරව හේෂගේ කවුරු හරි පොල්ලක් තියලා තියනවා නම් අධිකරණයට යන්න. මම ඔබතුමාට අභියෝග කරනවා බොරුවට දේශපාලඥයින්ගේ පස්සේ ගිහිල්ලා දේවල් කරන්න යන්න එපා. ඔබලාගේ පක්ෂේ වගේ හිල් වෙච්ච යට ඇදුම අදින මිනිස්සු නෙමෙයි අපි. අපේ යට ඇදුම ගලවලා පෙන්නන්න පුලුවන් අපේ හිල්වෙලා නැහැ. අපි හොදට පිරිසිදුව අදින්නේ. ඒ නිසා සභාපතිතුමාට කියනවා ඒ හිල්වෙච්ච යට ඇදුම් අදින මහත්වරුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් දේශපාලකයින් වෙනුවෙන් කඩේ යන්න එපා එහෙම තියනවනම් අධිකරණයට යන්න.