ROW

ROW Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ROW, Media/News Company, .

10/10/2022

ඔබේ සිනහව ලොවක් සනහයි, ඉතිං ! සීනාසෙන්න !!

12/02/2022
උදාරි පෙරේරා ,2016 වසරේ චීනයේ පැවති විශ්ව රූ රැජිණ තරගය නියෝජනය කරනු ලැබූයේ , 2016 කොළඹදී පැවති National Mrs. Universe P...
30/01/2022

උදාරි පෙරේරා ,2016 වසරේ චීනයේ පැවති විශ්ව රූ රැජිණ තරගය නියෝජනය කරනු ලැබූයේ , 2016 කොළඹදී පැවති National Mrs. Universe Pageant හිදී Mrs. Sri Lanka කිරුල දිනාගනිමින්.

නමුත් ඇය ශ්‍රී ලාංකිකයින් අතර වඩාත් ජනප්‍රිය තත්වයට පත්වුනේ , ඇය පලමුවරට රංගනයෙන් දායක වූ ප්‍රවේගය සිනමා නිර්මාණයත් සමගයි. සේයා , නෙලා, බිම්බා දේවි හෙවත් යශෝධරා සහ මිසිස් ජෙනිස් යන සිනමා නිර්මාණ හරහාත් ඇය තම දස්කම් පෙන්වා තිබෙනවා.

මහීකා ලියනගේ ,වර්තමානයේ වෙලද දැන්වීම් ක්ෂේත්‍රයේ නමක් දිනා සිටින නිරූපිකාවක්. ඇය 2018 වසරේ Mrs Sri Lanka Tourism 2018 කිරුල හිමිකරගත්තා.

Udari Perera won Mrs. Sri Lanka in 2016 and represented the Mrs universe pageant in 2016 held in china. However, Udari became a popular actress after screening her first movie named “PRAVEGAYA”. "Seya", "Nela", "Bimba Devi allies Yashodhara "and "Mrs. Jennis "are the other movies she contributes her talent.

Mheeka Liyanage, who is a well-known actress in the advertising field. She was Mrs. Sri Lanka Tourism 2018.

උදාරි පෙරේරා ,2016 වසරේ චීනයේ පැවති විශ්ව රූ රැජිණ තරගය නියෝජනය කරනු ලැබූයේ , 2016 කොළඹදී පැවති National Mrs. Universe Pageant හිදී Mrs. Sri Lanka කි....

විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අයෝමි ඉරුගල්බණ්ඩාර.Dr. Ayomi Irugalbandara is a Senior Lecturer in Educ...
30/01/2022

විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අයෝමි ඉරුගල්බණ්ඩාර.

Dr. Ayomi Irugalbandara is a Senior Lecturer in Education at the Open University of Sri Lanka, Department of Secondary and Tertiary Education.

විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අයෝමි ඉරුගල්බණ්ඩාර.Dr. Ayomi Irugalbandara is a Senior Lecturer in Education at the Open University of Sri L...

THINK TWICE | Vindya Warakagoda
30/01/2022

THINK TWICE | Vindya Warakagoda

Mathilda Karlsson (born 27 September 1984, Kandy) is a Sri Lankan born Swedish equestrian athlete. Mathilda hails from S...
30/01/2022

Mathilda Karlsson (born 27 September 1984, Kandy) is a Sri Lankan born Swedish equestrian athlete. Mathilda hails from Sri Lanka and was adopted by her Swedish parents when she was three months old. She competed for Sweden until 2018 when she switched to her native country. In 2021 she qualified as an individual rider for the 2020 Summer Olympics in Tokyo, being the first Sri Lankan equestrian at the Olympic Games. She also became the first Sri Lankan to qualify for the Tokyo Olympics.[4] Her horse is named Chopin VA

අද කයිවාරුව | බ්ලූමින්ග් ෆ්ලෝරා අධිපති දිළුම් බණ්ඩාර
28/01/2022

අද කයිවාරුව | බ්ලූමින්ග් ෆ්ලෝරා අධිපති දිළුම් බණ්ඩාර

Facebook - https://www.facebook.com/rowfb© Sri Lanka Rupavahini(TV) | ROW 2021 All rights reserved. No part of this video may be reproduced or transmitted i...

ඇත්තටම ප්‍රේමය රාගයෙන් තොරද ? ඔබගේ නිරුවත් පින්තූරයක් එළියට ගියොත් මොකද කරන්නේ ?
08/12/2021

ඇත්තටම ප්‍රේමය රාගයෙන් තොරද ? ඔබගේ නිරුවත් පින්තූරයක් එළියට ගියොත් මොකද කරන්නේ ?

ඔබගේ නිරුවත් ඡායාරුවක් එළියට ගියොත් කළ යුතුදේ ඔබ දන්නවාද ? එසේ එළියට යන්නට මග සලසන ආකාරයේ ඡායාරූප ඔබ පෙම්වතාට, සැම...

06/12/2021

අපිට හම්බෙනවා සමහර ආචාර්යවරු, මහාචාර්යවරු. විනාඩි 5ක් කතා කරන්න බෑ, උන්ගේ ඇතුලේ ඉන්න සත්තු එළියට එනවා !!
ජනප්‍රිය ගීත රචක රවී සිරිවර්ධන
Watch Full Programme Here -
https://www.youtube.com/watch?v=y-FB_NX8DPs

හිත ගත් පොත - මෙවර දයා ද අල්විස් ලියන “එකෝමත් එක දවසකට පස්සේ..
29/11/2021

හිත ගත් පොත - මෙවර දයා ද අල්විස් ලියන “එකෝමත් එක දවසකට පස්සේ..

අද දයා ද අල්විස් විසින් රචිත “එකෝමත් එක දවසකට පස්සේ“ කෘතිය.Facebook - https://www.facebook.com/rowfb© Sri Lanka Rupavahini(TV) | ROW 2021 All rights reserve...

ඔබ වර්ෂ 36,000 ක් පැරණි බයිසන් ගව මාංශ ආහාරයට ගැනීමට කැමතිද?19 වන ශත වර්ෂය අගභාගය වන්නට ඇලස්කානු රත්තරන් කැණීම නිසා, බෙහ...
29/11/2021

ඔබ වර්ෂ 36,000 ක් පැරණි බයිසන් ගව මාංශ ආහාරයට ගැනීමට කැමතිද?

19 වන ශත වර්ෂය අගභාගය වන්නට ඇලස්කානු රත්තරන් කැණීම නිසා, බෙහෝ පතල් කණින්නන් සහ ඒ්වා සොයා යන පිරිස් ඇමරිකා එක්සත් ජනපදය කරා පැමිණියෝය. ඔවුන්ගේ කැණීම් කටයුතු අතරදී, බොහෝ කණින පිරිස් හට, තද සීතලට ලක්වීම නිසා මමිකරණය වූ පුරාණ සත්ත්ව විශේෂයන්ගේ සිරුරු සොයාගන්නට හැකියාව ලැබිණ.

1979 වසරේදි සොයාගත් එවැනි මමිකරණය වූ ඇලස්කානු ස්ටෙප් තෘණභූමි බයිසන් ගවයාට දුන් නාමය වූයේ නීල බිලිඳා යන අර්ථය ඇති ය. මෙම ගවයාගේ දක්නට ඇති විශේෂ ලක්ෂණයක්නම් එම සිරුර බොහෝදුරට දිරාපත් නොවී තිබීමයි.මෙම ගවයා ජීවත් වූ කාල වකවානුව අනුවත්, එකල විසූ සත්ත්වයන්ගේ නෂ්ටාවශේෂ මෙතරම් දුරට ආරක්ෂා නොවීම අනුවත් එය එක්තරා ආකාරයකින් අහඹු සිදුවීමකි.

මළ සිරුර ඇසුරෙන් සිදුකළ විද්‍යාත්මක විශ්ලේෂනයන්ට අනුව ගවයා වැළලී ගිය, තද සීතලට ලක්ව කැටිගැසුණු පස විසින් වටිනා කාරණා සහ දත්ත රැසක් අනාවරණය කරගැනීමට හැකිවිය. ඒ් අනුව පර්යේෂයකයන්ට මේ ගවයාගේ ජීවිතේ අවසාන දින කිහිපයේ සිදුවූ දේ දැනගැනීමට හැකිවිය.

►නීල බිලිඳාගේ සොයායාම සහ කැණීම

පුරාණ නෂ්ටාවශේෂයන් බොහෝවිට අංගසම්පූර්ණ නොවනවා සේම රත්තරන් කණින්නන් හට රත්තරන් වලට වඩා මේ සීතලට ලක්වූ සත්ත්ව මලසිරුරු වටින්නේ නැති හෙයින් ඔවුන් ඒ්වා තම අවටින් බැහැරකරත්. 1979 වසරේදී, රත්තරන් කැණීම් කරන පවුලක් වන වෝල්ටර් සහ රූත් රෝමන් සමග ඔවුනගේ පුතුන් දෙදෙනා ‌ඇලස්කාවේ ෆෙයාබෑන්ක් හි කණිමින් සිටියහ. ඔවුහු, පස් තට්ටු සහ අයිස්, කැණීම් සදහා භාවිතා කරන හයිඩ්‍රොලික් ජල නලයකින් දියකරමින් සිටින අතරවාරයේ මිහිදන් වූ බයිසන් ගවයාගේ නෂ්ටාවශේෂ කොටස් පිටතට නිරාවරණය වන්නට විය. කණින්නන් විසින් ඔවුන්ගේ නව සොයාගැනීම “නීල බිළිදා“ අරුතැති යන්නෙන් නම් කරන ලද්දේ පෝල් බන්යන්ගේ ඇමරිකානු ගැමි කතාවල‍ එන ලෝහමය දිලිසෙන සිරුරක් ඇති නීල ගවයා සිහිවීමටය.

කණින්නන් විසින් තමන් විසින් අනාවරණය කරගන්නා ලද මේ සුවිශේෂී සොයාගැනීමේ වැදගත්කම අවබෝධකොටගෙන ඇති නිසා ඇලස්කා විශ්ව විද්‍යාලයේ පාෂාණිධාතුක භූ පඬිවරයෙක් වන රසල් ඩේල් ගුත්රි මෙම කටයුත්තට සම්බන්ධ කරගැනීමෙන් අනතුරුව අදාල ස්ථානයට ඔහු කැටුව යන ලදි. ගුත්රි විසින්, මේ මිහිදන් වී සිටින්නේ අවුරුදු දස දහස් ගණනක් පමණ යැයි කිවහැකි තරමේ අයිස් යුගයට අයත් බයිසන් ගවයෙක් යැයි හඳුනාගන්නා ලදි.

පිටත පරිසරයට නිරාවරණය වීම නිසා මළසිරුර ඉක්මණින් නරක් වීමේ අවදානමක් ඇති හෙයින් ඔහු, අදාළ කැණිම් කටයුතු ඉතා ඉක්මණින් ආරම්භ කිරීමට තීරණය කළේය. මේ කටයුත්ත හිතූ තරම් පහසුනොවූයේ පස, ඒ් වනවිටත් තද සීතලට කැටි ගැසී තිබූ නිසාත්, එය කරා ළගාවීමට අපහසුවන ලෙස විශාල අයිස් කුට්ටි තැන්පත් වී තිබීම නිසාත්ය. එකල ගිම්හානය වුවද ඝන වූ පස් දියවූයේද දිනකට ඉතා අඩු ප්‍රමාණයකින්ය. අවසානයේ, ගවයාගේ හිස සහ ගෙල පසෙන්, ආරක්ෂා සහිතව මතුකරගැනීමට හැකිවිය. පරිසරයට නිරාවරණය වූ ගව සිරුරේ කොටස්, දිරාපත්වීමට ඉඩ ඇති නිසා ඔහු බෙල්ල සහ හිස කඳින් වෙන්කරන්නට තීරණය කළේය. පසුව හිස සුන් මළසිරුර නැවත විශ්වවිද්‍යාලයට රැගෙනවිත් නැවතත් අධිශීතකරණයට ලක් කළේය. අවසානයේ ගවයාගේ හිස සහ බෙල්ලේ වූ හිම දියකිරීමට ලක්කොට නැවතත් කැණීමෙන් පසු ගොඩගෙන සෙසු, සංරක්ෂණය කළ සතුන් හා තැබීමට කටයුතු කළේය.

►අවුරුදු 36,000කට පෙර නීල ගවයා මෙබිම සැරිසැරුවේය

ඇලස්කා විශ්වවිද්‍යාලයේ විදු පඬිවරුන් නීල ගවයා පිළිබඳ විශ්ලේෂනය කිරීම ආරම්භ‍ කළහ. ගවයාගේ ශරීර කොටසක් ආශ්‍රයෙන් කළ රේඩියෝ කාබන් කාලනිර්ණ පරීක්ෂණයට අනුව මේ සත්ත්වයා අවුරුදු 36,000කට පෙර මියගොස් ඇත. අවුරුදු කීපයකට පෙර ඉතා ඉක්මන් ස්කන්ධ වර්ණාවලීක්ෂ පරීක්ෂණයක් කළද නැවතත් බයිසන් සිරුර කාබන් කාලනිර්ණ පරීක්ෂණයට ලක්වූවායැයි වාර්තා වේ.

බයිසන් ගවයා, උතුරු ඇමරිකාවේ ජීවත් වූ තවත් වඳවී ගිය, අයිස් යුගයේ ජීවත් වූ සිංහයන්ගේ උපවිශේෂයක් වන ඇමරිකානු සිංහයකුගේ හෝ සිංහ රංචුවකගේ පහරදීමකට ලක්වී ඇත. මෙම කරුණට පදනම් වන හෝඩුවාවන් වන්නේ ගවයාගේ ශරීරයේ පිටුපස ඇති සීරීම් සලකුණු, හමේ ඇති සිංහයාගේ දත් පහර, එමෙන්ම ගවයාගේ ගෙල තුළ එබී පැවති සිංහයාගේ දතක කොටසක් ය.

ඊට අමතරව, ගවයාගේ ශරීරයේ ලෝම වැස්ම, දත් සහ අං යුගලය, එමෙන්ම ශරීරයේ මේද අන්තර්ගතය යන කරුණු මගින් පෙන්වාදෙන්නේ ගවයා මියගොස් ඇත්තේ ශීත කාලය පටන්ගත් අවධියේ ය යන්නයි. ශීත සෘතුව දරුණු ලෙස පැමිණීම සමගත්, සිංහ රංචුවට නැවත තමන් විසින් දඩයම් කළ ගොදුර ආහාරයට ගැනීමට පැමිණීමට නොහැකි වීමත් යන කරුණු වලට පින්සිදුවන්නට නීල ගව සිරුර හොඳින් සංරක්ෂණය විය.

►අයිස් යුගයේ බයිසන් ගව මස්

නිල් ගවයාගේ කතාවේ පුදුමාකාර සිදුවීම නම්, මේ පුරාණ සත්ත්වයා අධ්‍යයනයට ලක්කළ පරීක්ෂකයන් විසින් උගේ ශරීරයෙන් කොටසක් පිස, ආහාරයට ගැනීමයි. 1984 වසරෙදි, ගුත්රි සහ සගයන් විසින් නිල් ගව සිරුර ප්‍රදර්ශනය සඳහා සූදානම් කරමින් සිටියහ. ඒ් අතරවාරයේ ගවයාගේ ගෙලෙන් කුඩා පටක කොටසක් කපා එයින් ස්ටුවක් සූදානම් කිරීමට ඔවුන් තීරණය කොට අනතුරුව එය ඔවුනතරේ බෙදාගෙන භුක්තිවින්දහ. පැහැදිලිවම, ගව මාංශයේ ඉතා ප්‍රභල පස් සහිත සුවඳක් තිබී ඇතිමුත්, එය ඉතා ප්‍රණීත විය. ඊට අමතරව මාංශ ඉතා දැඩි බවකින් යුතු වුවද, ආහාරයට ගතහැකි මට්ටමින් තිබී ඇත.

වර්තමානයේ, නීල බිලිඳා නොහොත් බයිසන් ගවයා, ඊටත් වඩා බයිසන් ගවයාගේ පඬු පැහැ ගැන්වුණු සහ නැවත සැකසූ සමට උඩින් ඇති කෘතිම ප්ලාස්ටර් අනුරුව, ඇලස්කා විශ්වවිද්‍යාලයේ උතුරු පර්යන්තයේ ප්‍රදර්ශනයට තබා ඇත.

ප්‍රසන්න සිල්වා

Address


Alerts

Be the first to know and let us send you an email when ROW posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ROW:

  • Want your business to be the top-listed Media Company?

Share