Gedara Tv

Gedara Tv Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gedara Tv, Media/News Company, .

Where truth comes Home

Gedara TV is a Sri Lankan independent digital media platform operating through YouTube and website platforms, committed to uncovering the truth behind stories that impact the people of Sri Lanka.

-GEDARA TV PVT LTD-

22/08/2026

මේකනම් ඇත්තටම සුපිරි වැඩක් ❤️ ආණ්ඩුවට මල්මිටක් 💐

මේක කොයි වගේ රටක්ද? මේක කොයි වගේ සමාජයක්ද?"ආබාධිත දරුදැරියන් ස්පාවල ලිංගික සේවයේ යොදවනවා" - ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්ත...
22/08/2026

මේක කොයි වගේ රටක්ද? මේක කොයි වගේ සමාජයක්ද?

"ආබාධිත දරුදැරියන් ස්පාවල ලිංගික සේවයේ යොදවනවා" - ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්තද සිල්වා

ඔයාලත් හොරාගේ අම්මගෙන් මේ වගේ පේන අහලා තියෙනවද?"රනිල් වික්‍රමසිංහගේ එංගලන්ත සංචාරය නිල සංචාරයක් තමයි " කියලා මේ කියන්නේ...
22/08/2026

ඔයාලත් හොරාගේ අම්මගෙන් මේ වගේ පේන අහලා තියෙනවද?

"රනිල් වික්‍රමසිංහගේ එංගලන්ත සංචාරය නිල සංචාරයක් තමයි " කියලා මේ කියන්නේ රනිල් වික‍්‍රමසිංහ ජනාධිපති වෙලා ඉද්දි එයාගේ වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් කියලා හදපු තනතුරේ වැඩ කරපු සමන් රත්නප්‍රිය...

සමගි ජනබලවේගයේ අසික්කිත දේශපාලනය අධිකරණයේ ස්වාධීනත්වය ගැන බණ කියන ගමන් අගවිනිසුරුට කැත විදියට අපහාස කරනවා..එතකොට මේකෙන් ...
22/08/2026

සමගි ජනබලවේගයේ අසික්කිත දේශපාලනය

අධිකරණයේ ස්වාධීනත්වය ගැන බණ කියන ගමන් අගවිනිසුරුට කැත විදියට අපහාස කරනවා..එතකොට මේකෙන් අධිකරණයට හානියක් වෙන්නේ නැද්ද?

"එක්ස්ප්‍රස් පර්ල් නඩුවෙන් රටට ඩොලර් බිලියන එකක් අහිමි කළ අගවිනිසුරුවරයෙක් මේ. මේක වැදගත්... අග්‍රවිනිශ්චයකාරයා ගැන චෝදනා තියෙනවා... ඩාක් රූම් යූටියුබ් චැනල් එකේ කියනවා කේඩීයූ එකේ තොරතුරු නැහැ. විවාහ සහතිකේ උපන්දිනය නෑ දරුවන්ගේ උප්පැන්නවල නෑ වැරදිනම් මේවා නිවැරදි කරන්න එහෙම නොවේනම් අගවිනිසුරුගේ උප්පැන්න සහතිකේ අහුවෙලා එතුමව ජනාධිපතිතුමා විසින් බ්ලැක්මේල් කරනවද කියන ප්‍රශ්නය තියෙනවා. එතුමා කූඨ ලේඛණ හදලා අවුරුදු විස්සක් හිරේ යනවද නැත්නම් අපට ඕන විදියට නඩු තීන්දු ලබාදෙනවද කියලා එතුමව බ්ලැක්මේල් කරනවද කියන ප්‍රශ්නය මේ සමාජයට ඇතිවෙන එක වළක්වන්න බෑ..."- සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න

නිතීය සැමට සමානයිනම් ළමා දූෂණ චූදිතයෙක් විනිසුරු ගේට්ටුවෙන් වීදුරු කළු කරපු වාහනේක උසාවිය ඇතුළට ගියේ කොහොමද?ජනතාව ඉල්ලුව...
22/08/2026

නිතීය සැමට සමානයිනම් ළමා දූෂණ චූදිතයෙක් විනිසුරු ගේට්ටුවෙන් වීදුරු කළු කරපු වාහනේක උසාවිය ඇතුළට ගියේ කොහොමද?

ජනතාව ඉල්ලුවේ එකම දෙයකි. නීතිය සැමට සමාන කරන්නට කියාය. ජනාධිපතිවරයා ලෙස ඔබත් රටට කියන්නේ නීතිය සැමට සමාන බවය.

එසේ නම් අද මේ ප්‍රශ්නයට පිළිතුරක් තිබිය යුතුය.

දැරියකට ලිංගික අපයෝජනයක් කළ බවට චෝදනා එල්ල වී ඇති පල්ලේගම හේමරතන හිමියන් උසාවියට රැගෙන යාමේදී සාමාන්‍ය සැකකරුවෙකුට භාවිත නොවන ආකාරයේ, විනිසුරුවරුන් උසාවි පරිශ්‍රයට ඇතුළු වන ගේට්ටුවෙන් වාහයෙන්ම ඇතුළට රැගෙන ගියේ කෙසේද?

නීතිය සැමට සමාන නම්, චෝදනාවක සිටින පුද්ගලයෙකුට විනිසුරුවරුන් භාවිත කරන ගේට්ටුවෙන් උසාවි පරිශ්‍රයට ඇතුළුවීමට අවසර ලැබුණේ කුමන නීතියක් හෝ ක්‍රියාපටිපාටියක් යටතේද?

තවත් බරපතළ ප්‍රශ්නයක් තිබේ.

සාමාන්‍යයෙන් චූදිතයන් අධිකරණයට රැගෙන එන ආකාරය සහ මෙහිදී සිදුවූ බව කියන ක්‍රියාමාර්ගය අතර වෙනසක් තිබුණේ නම්, ඒ වෙනසට හේතුව කුමක්ද?

මෙය කිසිවෙකුට කලින්ම වරදකරුගේ ලේබලය ඇලවීමක් නොවේ. චෝදනාවක් තිබීම සහ වරදකරු වීම එකක් නොවන බව අපි පැහැදිලිව දනිමු. අවසන් තීන්දුව ලබාදිය යුත්තේ අධිකරණයයි.

නමුත් අධිකරණය ඉදිරියේ පෙනී සිටින සෑම චූදිතයෙකුටම එකම ක්‍රමවේදය ක්‍රියාත්මක විය යුතුය.

එක් අයෙකුට එක නීතියක්, තවත් අයෙකුට තවත් නීතියක් නම්, එතැනදී මෙලෙස ඇතිවන ප්‍රශ්නය සාධාරණය.

විශේෂයෙන්ම බරපතල සහ ආන්දෝලනයකට තුඩුදුන් ළමා අපයෝජනයක් සම්බන්ධ චෝදනාවක් ඇති අවස්ථාවක, අධිකරණ ක්‍රියාවලිය පිළිබඳ ජනතාව තුළ ඇති විශ්වාසය කිසිසේත්ම බිඳ වැටීමට ඉඩ නොදිය යුතුය.

වීදුරු කළු කළ වාහනයකින්ද, විනිසුරුවරුන් භාවිත කරන ගේට්ටුවකින්ද යම් චූදිතයෙකු අධිකරණ පරිශ්‍රයට ඇතුළු වූයේ නම්, ඒ පිළිබඳ සාධාරණ පැහැදිලි කිරීමක් ලබාදීම අධිකරණ පද්ධතියටත්, අදාළ බලධාරීන්ටත් වගකීමකි.

නීතිය සැමට සමාන නම්, ඒ සමානත්වය වචනවලින් නොව ක්‍රියාවෙන් පෙන්විය යුතුය.

ජනතාවට අවශ්‍ය වන්නේ කවුරුන් හෝ ආරක්ෂා කිරීම නොවේ. කවුරුන් හෝ අල්ලාගෙන දඬුවම් කිරීමද නොවේ. ජනතාවට අවශ්‍ය වන්නේ එකම දෙයකි. චෝදනාව කාට එල්ල වුවත්, ඔහු බලවතෙකු වුවත්, දුප්පතෙකු වුවත්, භික්ෂුවක් වුවත්, දේශපාලනඥයෙකු වුවත් නීතිය ඉදිරියේ එකම ක්‍රමවේදයක් ක්‍රියාත්මක වීමය.

එසේ නොවුණහොත් “නීතිය සැමට සමානයි” යන ප්‍රකාශය ජනතාවට තවත් එක් දේශපාලන සටන් පාඨයක් පමණක් බවට පත්වනු ඇත. ඒ නිසා මේ සිදුවීම සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක් අවශ්‍යය.

විනිසුරුවරුන් සඳහා වෙන්කර ඇති ගේට්ටුවෙන් චූදිතයෙකු උසාවියට ඇතුළත් කළේ කවුද? ඒ සඳහා අවසර දුන්නේ කවුද? එය සාමාන්‍ය ක්‍රියාපටිපාටියක්ද?

නීතිය සැමට සමාන නම්, මේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට කිසිවෙකු බිය විය යුතු නැත.

නැතහොත් නැවත ස්ටේජ්වල නීතිය සැමට සමානයි කියා කියද්දි ජනතාවට හිනා යනු ඇත...

තවද යුක්තිය ඉටුවීම පමණක් ප්‍රමාණවත් නැත ජනතාවට නීතිය කෙරෙහි විශ්වාසය ඇතිවීමට නම් යුක්තිය ඉටුවන බව පෙන්විය යුතුය. ඒ ක්‍රියාදාමයට මෙවන් අප්‍රසන්න සිදුවීම් විශාල බාධාවකි... එසේ වෙද්දි ජනතාවට යුක්තිය පිළිබඳ විශ්වාසය ඇති කිරීම ව්‍යාජයක් පමණක් බවට පත්වෙනු ඇත..

මේ කතාව සහ පහත ඡායාරූපය අතර සම්බන්ධයක් නොමැත...

නීතීඥ සංගමය ඔච්චරටම දන්නැද්ද පාර්ලිමේන්තුවේ කටයුතුවලට කතා කරන්න ඕන කථානායකට කියලා....නැත්නම් හිතාමතා ඩ්‍රාමා එකක් හදාගන්...
21/08/2026

නීතීඥ සංගමය ඔච්චරටම දන්නැද්ද පාර්ලිමේන්තුවේ කටයුතුවලට කතා කරන්න ඕන කථානායකට කියලා....නැත්නම් හිතාමතා ඩ්‍රාමා එකක් හදාගන්න කරපු වැඩක්ද?

21/08/2026

"මම වැරදි තීරණවල⁣ට සහය දීලා තියෙනවා... මම වක්‍රව වැරදිවලට සහය දුන්න පුද්ගලයෙක් - පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර

21/08/2026

පිදිය යුත්තා ජීවත්ව ඉද්දීම පිදිය යුතුය ! ❤️

උපහාර පිදිය යුත්තේ ජීවත්ව ඉන්නා විටදීය... මිය ගිය පසු ගුණ ගී ගයා ඵලක් නැත.. එය බලන්නට ඒ වටින මිනිසා ඒ වටින ගැහැණිය අප අතර නැත...

නන්දා මාලනියට මිය යන්නට පෙර මේ කරන ලද උපහාරය එතරම් වටින්නේය ❤️❤️

21/08/2026

පාර්ලිමේන්තුවේ ක්‍රියාපටිපාටි ගැනවත් දන්නැතුවද නීතීඥ සංගමය ව්‍යවස්ථා සංශෝධන ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට උපදෙස් දෙන්න එන්නේ?

නීතීඥ සංගමයට නීතිය ගැන කතා කරන්න අයිතිය තිබේ. ව්‍යවස්ථාව ගැන තම මතය ඉදිරිපත් කිරීමටත් අයිතිය තිබේ. ඒ ගැන කිසිවෙකුට ප්‍රශ්නයක් නැත.

නමුත් ප්‍රශ්නය තිබෙන්නේ වෙනත් තැනකය.

පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් නිල වශයෙන් වගකිව යුතු නිලධාරීන් සිටියදී, නීතීඥ සංගමය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ උපදෙස් ලබාදීමට මැදිහත් වන්නේ මෙසේද? ක්‍රියාපටිපාටි ගැන දැනුවත් නැති ආකාරයටද?

පාර්ලිමේන්තුවේ කථානායකවරයා සිටී. සභානායකවරයා සිටී. පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා සහ එහි නිලධාරී මණ්ඩලය සිටී. පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් ව්‍යවස්ථාමය හා පාර්ලිමේන්තු රාමුවක් තිබේ.

එසේ නම් පාර්ලිමේන්තුව සම්බන්ධ කරගැනීමට අවශ්‍ය වූ විට, විපක්ෂ නායකවරයා හරහා පාර්ලිමේන්තුවට පැමිණීමට උත්සාහ කරන්නේ ඇයි?

මෙය විපක්ෂ නායකවරයාට එරෙහි ප්‍රශ්නයක් පමණක් නොවේ. මෙය නීතීඥ සංගමයට එරෙහි ප්‍රශ්නයක් පමණක්ද නොවේ.

මෙය පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය සහ ක්‍රියාපටිපාටිය පිළිබඳ ප්‍රශ්නයකි.

පාර්ලිමේන්තුව තුළ කටයුතු සිදුකරන නිශ්චිත ක්‍රමවේදයක් තිබේ. ඕනෑම බාහිර සංවිධානයකට පාර්ලිමේන්තුවට පැමිණ, තමන්ට අවශ්‍ය මාර්ගයකින් මන්ත්‍රීවරුන් සම්බන්ධ කරගෙන, ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය පිළිබඳ උපදෙස් දීමට හැකි නම්, එය බරපතළ ලෙස සාකච්ඡා කළ යුතු කරුණකි.

අද නීතීඥ සංගමය එසේ කරයි නම්, හෙට වෙනත් වෘත්තීය සංගමයක් එසේ කරනු ඇත. අනිද්දා වෙනත් බලපෑම් කණ්ඩායමක් එසේ කරනු ඇත.

එවිට ප්‍රශ්නය වන්නේ “පාර්ලිමේන්තුවේ තීරණ ගන්නේ කවුද?” යන්නයි.

ජනතාව විසින් තෝරා පත්කරන ලද මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව තුළ නීති සම්පාදනය කරති. ඔවුන්ට විශේෂඥයන්ගෙන් උපදෙස් ලබාගැනීමට කිසිදු තහනමක් නැත. නීතීඥ සංගමයටද තම නීතිමය මතය ඉදිරිපත් කිරීමට අයිතිය තිබේ.

නමුත් උපදෙස් ලබාදීම සහ පාර්ලිමේන්තු ක්‍රියාදාමයට මැදිහත් වීම අතර සීමාවක් තිබිය යුතුය.

ඒ සීමාව පැහැදිලි නොකර, “අපි නීතීඥයන් නිසා අපි කියන දේ පිළිගත යුතුයි” යන ආකාරයේ තත්ත්වයක් ඇති කිරීමට කිසිදු ආයතනයකට අයිතියක් නැත.

තවත් ප්‍රශ්නයක් තිබේ.

පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් සැබෑ ගැටලුවක් තිබුණේ නම්, ඒ ගැන පාර්ලිමේන්තුවේ කථානායකවරයාගෙන්, සභානායකවරයාගෙන් හෝ පාර්ලිමේන්තුවේ අදාළ නිල ක්‍රමවේදයෙන් කරුණු විමසීමට නොහැකි වූයේ ඇයි?

එසේ නොකර විපක්ෂ නායකවරයා හරහා පාර්ලිමේන්තුව සම්බන්ධ කරගැනීමට උත්සාහ කිරීමෙන් මතුවන ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරක් අවශ්‍යය.

මෙය කිසිසේත්ම “නීතීඥයන්ට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට කතා කරන්න බැහැ” යන තර්කයක් නොවේ.

කතා කරන්නට අදහස් දෙන්නට නීතිමය මත ඉදිරිපත් කරන්නට හැකිය...

ඒ සියල්ල නීතිමය විග්‍රහයන්ය.

නමුත් පාර්ලිමේන්තුව කටයුතු කළ යුතු ආකාරය තීරණය කිරීම පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර ක්‍රියාදාමයට අදාළ කරුණකි.

එය නීතීඥ සංගමයකට හෝ වෙනත් කිසිදු බාහිර සංවිධානයකට අත්පත් කරගත හැකි බලයක් නොවේ.

අද අපි මේ ප්‍රශ්නය නොඅසන්නේ නම්, හෙට පාර්ලිමේන්තුවේ බලය පිළිබඳ තවත් විශාල ප්‍රශ්නයක් මතුවිය හැකිය.

ජනතාව ඡන්දය දී පාර්ලිමේන්තුවක් පත් කරන්නේ පාර්ලිමේන්තුවෙන් රට පාලනය කිරීමටය. වෘත්තීය සංගම්වලින් පාර්ලිමේන්තුව පාලනය කිරීමට නොවේ.

ඒ නිසා නීතීඥ සංගමය ඇතුළු ඕනෑම සංවිධානයක් තම මැදිහත්වීමේ සීමාව පැහැදිලිව දැනගත යුතුය.

කථානායකවරයා සිටියදී කථානායකවරයාගේ මාර්ගය නොගෙන වෙනත් දේශපාලන මාර්ගයක් හරහා පාර්ලිමේන්තුව සම්බන්ධ කරගන්නේ ඇයි?

සභානායකවරයා සිටියදී ඔහුගේ භූමිකාව නොසලකා හරින්නේ ඇයි?

පාර්ලිමේන්තුවේ නිල ක්‍රියාපටිපාටිය තිබියදී එය හරහා නොගොස් වෙනත් මාර්ග සොයන්නේ ඇයි?

මේ ප්‍රශ්නවලට රටට පැහැදිලි පිළිතුරක් අවශ්‍යයි.

මොකද මෙතැන තියෙන්නේ නීතීඥ සංගමයක් සහ දේශපාලනඥයන් අතර ඇති සාමාන්‍ය සම්බන්ධතාවයක් ගැන ප්‍රශ්නයක් නොවේ.

මෙතැන තියෙන්නේ “පාර්ලිමේන්තුවේ කටයුතු මෙහෙයවන්නේ කවුද?” යන මූලික ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්නයයි.

නීතිය පිළිබඳ උපදෙස් දෙන්නට, ව්‍යවස්ථාව පිළිබඳ විග්‍රහ කරන්නට,මන්ත්‍රීවරුන්ට තම නීතිමය මතය කියන්නට පුළුවන...

නමුත් ව්‍යවස්ථා සංශෝධන ගැන පාර්ලිමේන්තුවේ උගන්වන්න එන්නට පෙර, අවම වශයෙන් පාර්ලිමේන්තුවේ ක්‍රියාපටිපාටිය ගැන තමන්ට තිබෙන අවබෝධය රටට පෙන්විය යුතුය.

තවත් බරපතළ කාරණයක් මෙහිදී මතු වේ.

පසුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ විට, එය “තර්ජනයක්”, “මර්දනයක්” හෝ “නීතීඥ වෘත්තියට එල්ල කරන බලපෑමක්” ලෙස හුවා දැක්වීමට උත්සාහ කිරීම විහිළුවකි...

මන්ත්‍රීවරයෙකු මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම තර්ජනයක් ද?.

මන්ත්‍රීවරයෙකු යම් සංවිධානයක හෝ මන්ත්‍රීවරයකුගේ ක්‍රියාකලාපය ප්‍රශ්න කිරීම තර්ජනයක් නොවේ.

නීතීඥ සංගමයකට තම මතය ප්‍රකාශ කිරීමට අයිතිය තිබෙනවා සේම, එම මතය සම්බන්ධයෙන් දේශපාලනඥයන්ට ප්‍රශ්න කිරීමටත්, විවේචනය කිරීමටත්, කරුණු විමසීමටත් අයිතිය තිබේ.

විවේචනයට පිළිතුරු දීමට නොහැකි වූ විට “තර්ජනයක්” යැයි කීම ඉතා පහසුය. එහෙත් එය ප්‍රජාතන්ත්‍රවාදය නොවේ.

ඇත්තටම තර්ජනයක් තිබේ නම් එය කුමක්දැයි පැහැදිලිව පෙන්විය යුතුය. තර්ජනයක් තිබේ නම් එය කුමන වචනයෙන්ද, කුමන ක්‍රියාවෙන්ද සිදුවූයේ යන්න පැහැදිලි කළ යුතුය.

එසේ නොකර, “අපි එන එක ප්‍රශ්න කළා, ඒ නිසා අපට තර්ජනය කළා” යන සරල තර්කයකට මාරු වීමෙන් සිදුවන්නේ මහජන සංවාදයම වසා දැමීමකි.

විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් යම් ආයතනයක ක්‍රියාකලාපයක් ගැන ප්‍රශ්න කිරීම ඔවුන්ගේ දේශපාලන වගකීමේම කොටසකි. එය වැළැක්වීමට “මර්දනය”, “තර්ජනය”, “බියගැන්වීම” වැනි වචන භාවිත කිරීමෙන් කිසිවෙකුට තමන් විවේචනයට ඉහළින් සිටින බව තහවුරු කරගත නොහැකිය.

නීතීඥ සංගමයට ප්‍රශ්න කළ නොහැකි දේශපාලනික ශුද්ධ භූමියක් තිබිය නොහැක. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද ප්‍රශ්න කළ නොහැකි සංවිධානයක් තිබිය නොහැක. ප්‍රජාතන්ත්‍රවාදය යනු එක් පාර්ශ්වයක් කතා කිරීමත් අනෙක් පාර්ශ්වය නිහඬව සිටීමත් නොවේ. කෙනෙකුට අදහස් දැක්වීමට ඇති අයිතියට සමානව, තවත් කෙනෙකුට ඒ අදහස ප්‍රශ්න කිරීමට ඇති අයිතියද ආරක්ෂා කළ යුතුය.

ඒ නිසා නීතීඥ සංගමය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට උපදෙස් දෙන්නේ නම්, එම උපදෙස් පිළිබඳ ප්‍රශ්න ඇසීමට මන්ත්‍රීවරුන්ටත් අයිතිය තිබේ.

ඒ ප්‍රශ්නවලට පිළිතුරු දෙනවා වෙනුවට ඒවා “තර්ජන” ලෙස හංවඩු ගැසීමට උත්සාහ කරන්නේ නම්, එය විහිළු සහගතය...

මේ රටේ කිසිදු වෘත්තීය සංගමයක් පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටිවලට ඉහළින් නැත. කිසිදු දේශපාලනඥයෙකුද ඒවාට ඉහළින් නැත.

මේවා දකින අපිට අසන්නට ඇත්තේ නීතීඥ සංගමය ව්‍යවස්ථා සංශෝධන ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට උපදෙස් දෙන්න එන්නේ පාර්ලිමේන්තුවේ ක්‍රියාපටිපාටි ගැනවත් දන්නැතුවද කියාය...

21/08/2026

කෝටි 24ක කෑවේ අපි විතරක් නෙමෙයි... පාර්ලිමේන්තු වැඩ කරන අය ඔක්කොගේම වියදමයි මේ..." - ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරසිංහ පෞද්ගලික රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින්....

Address


Alerts

Be the first to know and let us send you an email when Gedara Tv posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Gedara Tv:

Shortcuts

  • Want your business to be the top-listed Media Company?

Share