News

News We support you to watch news very fast and quick

20/05/2023

දුප්පත්කමක් මාකට් කරන්න එපා
දුප්පත් උන්ට බිස්නස් එකක් මාකට් කරපන්...❤️

ලංකාවේ දේශපාලනය සහ ආගමට පස්සේ ලාභදායීම ව්‍යාපාරය චැරිටි කියලා කිව්වොත් වරදක් නෑ....

ඈත පිටිසර ගමක එදාවේල කන්න නැති මනුස්සයෙක් හොයාගෙන ඒ මිනිස්සුන්ව ලෝකෙට පෙන්නලා දුක හිතෙන Background music එකක් Video එකට දාලා ඒ දුක මාර්කට් කරගෙන මුන්ගේ බැංකු ගිනුම් වල සල්ලි පුරවගන්න එක තමා මුන්ගේ වැඩේ. ලක්ෂ 10ක් Donation විදිහට හම්බ උනොත් ඒකෙන් ලක්ෂයක විතර වැඩක් කරලා ඒකත් අපි තමා හොඳටම කලේ කියලා පෙන්නන්නත් ලස්සන Video එකක් හදලා දැම්මම Profit එක ලක්ෂ 9 😎. ඒක නිසා මුන් වගේ උන්ට සල්ලි දාන්න කලින් දෙපාරක් හිතන්න, මෑත කාලයේ බිහිඋන චැරිටි හොරු,

පහල වීඩියෝ එක ගැන කියනවනම් Tik tok එකේ උඩට පහලට යද්දී දැක්කේ... මනේජ් සංජයගේ ලොකු රසිකයෙක් නම් නෙවේ ඒත් කරන වැඩෙන් අපිට හිතන්න අලුත් පැතිකඩක් විවෘත කරලා දෙනවා ❤️😎

සමාජ මාධ්‍ය නව ප්‍රවණතා එක්ක මේ මාතෘකාව සංවාදයට ගත යුතුමයි. ඒ වගේම දැන දැන මිනිස්සු අමාරුවේ දාන වංචා කරනවට වඩා මේ වගේ දෙයකින් ලාභ ලබන එක හොදයි කියන එක කෙනෙකුගේ මතය වෙන්න පුලුවන්. ඒ සියලු මත වලට මේ පෝස්ටුව විවෘතයි

12/05/2023

රටක් හඩවමින් තවත් දියණියක් ඝාතනය කරයි‼️

First comment 👇

12/05/2023

ග්‍රාමීය රෝහල් 50ක් වහන්න වෙයි -‼️

12/05/2023

යතුරුපැදිය ගවයකුගේ ඇඟේ ගැටී ශිෂ්‍යයාත් - ගවයාත් දෙදෙනාම මිය යයි ‼️

12/05/2023

දියළුම ඇල්ලේ කදවුරු බැඳගෙන සිටි තරුණියට අලියාගෙන් ප්‍රහාරයක් – තරුණිය එතනම මරු දකියි‼️

මැයි 9 අහිමිවුණු අගමැති පුටුව මැයි 9 වෙනිදාම මහින්දට යළි ලබාදීමේ සූදානමක් ⁉️️හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මැයි...
06/05/2023

මැයි 9 අහිමිවුණු අගමැති පුටුව මැයි 9 වෙනිදාම මහින්දට යළි ලබාදීමේ සූදානමක් ⁉️️

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මැයි 09 වෙනිදා යළිත් අග්‍රාමාත්‍ය ධුරයෙහි දිවුරුම් දීමේ සූදානමක් පවතින බවට රාවයක් දේශපාලන ක්ෂේත්‍රය තුළ පැතිර යමින් තිබේ.

මහින්ද රාජපක්ෂ මහතාට ගෞරවාන්විත සමුගැනීමක් ලබාදීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලවත් ඉල්ලීම පරිදි මෙම කටයුත්ත සිදුකිරීමට නියමිත අතර වත්මන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද මීට එකඟ වී ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ.

රටේ පැවති අරගලය හමුවේ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට මහින්ද රාජපක්ෂ මහතාට සිදුවූයේ 2022 මැයි 09 වෙනිදා ය. එදින අරලියගහ මන්දිරයට පැමිණි ඒ මහතාගේ ආධාරකරුවන් විසින් ගෝල්ෆේස් අරගල භූමියට ප්‍රහාරයක් එල්ල කරන ලද අතර එයින් කුපිත වූ ජනතාව කොළඹදී මෙන්ම දිවයින පුරා ප්‍රදේශ රැසකදී රාජපක්ෂවරුන්ට සහ පොහොට්ටුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව දැවැන්ත ප්‍රතිප්‍රහාරයක් දියත් කරන ලදී.

ඒ සිද්ධියෙන් රාජපක්ෂවරුන්ටත් පොහොට්ටුවටත් ඇතිවූ දැඩි අවමානය සංසිඳුවා ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ මහතාව යළි අග්‍රාමාත්‍ය ධුරයට මැයි 09 වෙනිදාම පත්කිරීමට යෝජනා වී ඇති අතර ඒ සඳහා අවශ්‍ය නැකැත් වේලාවන් ද මේ වනවිට ඔවුන් සූදානම් කරගෙන සිටින බවත් ආරංචිමාර්ග පැවසීය.

මේ අතර පොහොට්ටුවෙන් පැමිණෙන මෙම බලවත් ඉල්ලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කිසිදු එකඟතාවක් හෝ ප්‍රසාදයක් පළවී නොමැති බවත ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධයෙන් රජයට සම්බන්ධ ඉහළ පෙළේ දේශපාලනඥයින් දෙදෙනෙකුගෙන් ලංකා නිව්ස් වෙබ් අප කළ විමසීමකදී ඔවුන් පැවසුවේ මහින්ද රාජපක්ෂ මහතාව යළි අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීමේ සූදානමක් පිළිබඳ පුවතෙහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි.

මෙම පුවත විටින් විට විවිධ දින දාතම් සහිතව මීට පෙර අවස්ථා ගණනාවකදී ප්‍රචාරණය වුණු නමුත් එවැන්නක් සිදු නොවුණු බවත් මෙවරත් ප්‍රචාරණය වන්නේ ඒ පැරණි තැටියම බවත් ඔවුහු පැවසූහ.

කෙසේවෙතත් රාජපක්ෂවරුන් සහ ජනාධිපතිවරයා අතර යම් විරසකයක් ඇවිළෙමින් පවතින බවත් රාජපක්ෂවරුන්ගේ පාර්ශ්වය කුමකට හෝ අර අඳිමින් සිටින බවත් මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රය තුළ රහසක් නොවේ.

03/05/2023

රටපුරා කොරෝනා නව ප‍්‍රභේදයක්.. මුව ආවරණ පලදින්නැයි දැනුම් දෙයි..‼️

First comment 👇

03/05/2023

සියළු විදුලි බලාගාර පුද්ගලික අංශයට.. නොරොච්චෝල හා ජල විදුලි බලාගාර ඒ අතරයි.‼️
First comment 👇

02/05/2023

එයාර්ටෙල් සමාගම – ඩයලොග් සමග එක් වෙයි‼️

Bharti Airtel Lanka (පුද්) සමාගම ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් Dialog Axiata PLC සමඟින් ඒකාබද්ධ කිරීමට තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුවත් කරමින් Dialog Axiata PLC හි අධ්‍යක්ෂ/ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා පවසන්නේ, අදාළ නීති සහ රෙගුලාසිවලට අනුව පාර්ශව දෙක විසින් අදාළ නියාමන බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි. එසේම යෝජිත ගනුදෙනුව සඳහා නිශ්චිත ගිවිසුම් අත්සන් කිරීමට සහ අදාළ නියාමන සහ කොටස් හිමියන්ගේ අනුමැතිය ඇතුළුව අවශ්‍ය අවසන් කොන්දේසිවලට යටත් වනු ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඔහු වැඩිදුරටත් දැනුම් දී සිටී...

02/05/2023

මගීන්ගේ කන් පළන බස් සින්දු පාලනයට නව නිතී ගෙන එයි ‼️

First comment 👇

රනිල්ට මඟහැරුනු මැයිදා දේශපාලනය ‼️අද මැයි පළවෙනිදා.ජාත්‍යන්තර කම්කරු දිනය.මැයි දිනය කියලා කියන්නේ සමස්ථ ලෝකයේම දේශපාලනය ...
01/05/2023

රනිල්ට මඟහැරුනු මැයිදා දේශපාලනය ‼️

අද මැයි පළවෙනිදා.ජාත්‍යන්තර කම්කරු දිනය.මැයි දිනය කියලා කියන්නේ සමස්ථ ලෝකයේම දේශපාලනය අලුත් වෙන දවසක්. දේශපාලනයේ අලුත් පිබිදීමක් පෙන්නන දවසක්.අපේ රටේ මැයි දිනය කියන්නේ දේශපාලන පක්ෂවල සහ පුද්ගලයන්ගේ උවමනාවන් වෙනුවෙන් පාව්චි වෙන දවසක්.තමන්ගේ ශක්තිය පෙන්නන්න,ආණ්ඩු විරෝධය කුළු ගන්වන්න,අලුත් දේශපාලන පණිවිඩය දෙන්න මැයි දිනය පාවිචිචි කරගන්නවා.විපක්ෂයේ ප්‍රධාන ධාරාවන් මේ මැයි දිනය පාව්චිය කරගන්නේ තමන්ගේ ශක්තිය පෙන්නන්න.ඒ වෙනුවෙන් දැවැන්ත සහ ආකර්ෂණීය මැයි පෙලපාලිය සහ රැලි සංවිධානය කරලා තියනවා.

ජවිපෙ සහ සජබය ගත්තොත් ඒ දෙගොල්ලන්ගේ පරමාර්ථය දැවැන්ත බලයක් රට ඉදිරියේ පෙන්වීමයි.මෙතනදී තවත් විශේෂයක් තියනවා.මෙතුවක් කල් හැංගිලා හිටිය පොහොට්ටුවත් මේ මැයි දිනය පාව්ච්චි කරගෙන එලියට එන්න හදනවා.මැයි දිනය සමරන්න පොහොට්ටුවට තියන අයිතිය රටේ රාළ පිලිගන්නවා. ගෝල්ෆේස් අරගලයෙන් පස්සේ කුජීතම වෙලා ගිය පොහොට්ටුව පහුගිය කාලේ අවස්ථා කීපයකදී නැගිටින්න උත්සහ කළත් ඒ උත්සාහයන් සියල්ල අසාර්ථක වුනා.හැබැයි එයාලා මේ අවස්ථාවේදී ඉස්සෙල්ලට වැඩිය යම් සාර්ථකත්වයක් පෙන්න ගන්න උත්සහයක් දරන බව පේනවා. ඇත්තටම පොහොට්ටුවේ මේ කලඑළි බැසිම විසින් බරපතලම අර්බුදයට යන්නේ රනිල්.මොකද පොහොට්ටුවේ මේ කලඑලි බැසීම ආණ්ඩුවේ මැයි දිනය විදිහට අර්ථකතනය නොවුනත් පෙනුමේදී ඒක ආණ්ඩුවේ මැයි දිනය බවට පත්වෙනවා.පොහොට්ටුව ඒ පෙනුමත් පාව්චි කරගෙන ආයෙත් ප්‍රවර්ධනය කරන්නේ රාජපක්ෂලාගේ පවුල්වාදය. අගමැති ඇතුළු කැබිනට් එකේ බහුතරය ඉන්නේ පොහොට්ටුවේ මැයි රැළියේ.එතකොට ඒක ආණ්ඩුවේ මැයි රැලිය විදිහට එලියට පේන එක නවත්තන්න බෑ.

රනිල් මැයි රැලියක නෑ.අඩුම ගානේ රනිල් එජාප මැයි රැලියේවත් නෑ. රනිල් එතෙන්ට යන්නේ නැත්තේ තමන් නිර්පාක්ෂිකයි කියලා පෙන්වන්න.හැබැයි මෙතනදී රනිල්ට මගැරුණ පැත්තක් තියනවා.උදාහරණයක් විදිහට ගත්තොත් අප්‍රියෙල් 28 වෙනිදා IMF පනත සම්මත කරගන්න රනිල්ට පුළුවන් වුනා.ඒක රනිල්ගේ ජයග්‍රහණයක්.රනිල්ට විධායකය බලය වගේම තවමත් ව්‍යවස්ථාදායකයේ බහුතරය තියන බව එතනින් ප්‍රකාශ වුනා.හැබැයි ඊට දවස් දෙකට පස්සේ එන මැයි පළවෙනිදා ආයෙත් රටට පේන්නේ ඒ බලයේ විසිරිලා ගිය ස්වභාවයක්.ඒ ජයග්‍රහණයේ අයිතිකාරයා බවට පොහොට්ටුව පත්වෙනවා.එතකොට එතනින් එන්නේ රනිල්ට ඕනි පණිවිඩය නෙවෙයි.රනිල්ට තිබුණේ ආණ්ඩුව විදිහට ඒකාබද්ධ මැයි දින සමරුවක් කරන්න.රනිල් Zoom තාක්ෂණය ඔස්සේ එජාප මැයි රැලිය අමතලා මොනවා හරි කියයි.හැබැයි ඒක පාර්ෂවීයයි.

ඒක ඒකාබද්ධ ක්‍රියා මාර්ගයකදී කරන ප්‍රකාශයක් තරම් බලවත් නෑ. රටේ රාළ කියන්නේ රනිල්ට එජාප මැයි රැලියට යන්න තිබුණා කියලා නෙවෙයි.එහෙමත් නැත්තං පොහොට්ටුවේ මැයි රැලියට ගොඩවෙන්න කියන එකත් නෙවෙයි.පොහොට්ටුව සහ එජාපය එකතු කරලා මැයි දිනයක් සමරන්න කියන අප්‍රායෝගික යෝජනාවත් නෙවෙයි.හැබැයි රනිල්ට ආණ්ඩුව විදිහට මැයි දින සමරුවක් කරන්න තිබුණා.IMF පනත සම්මත උනාට පස්සේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන යෝජනාවක් රනිල්ට රටට ඉදිරිපත් කරන්න තිබුණා.ඊළගට අපි දන්නවා අද ආණ්‌ඩුව ඇතුලේ ඉන්න පොහොට්ටු කණ්ඩායම් තුනකට කැඩිලා කියලා.ඒ මහින්දගේ කණ්ඩායම,බැසිල්ගේ කණ්ඩායම සහ රනිල්ගේ කණ්ඩායම විදිහට. ආණ්ඩුව විදිහට මැයි දින සමරුවක් නොපැවැත්වීමෙන් රනිල් කලේ පොහොට්ටුව ඇතුලේ ඉන්න තමන්ගේම කණ්ඩායමත් ආයෙත් බැසිල්ගේ ග්‍රහණයට යැවීමයි.

මොකද රනිල් එක්ක ඉන්න පොහොට්ටුවේ කිසිදු මන්ත්‍රී කෙනෙකුට හරි ඇමති කෙනෙකුට හරි පොහොට්ටුවේ මැයි රැලියට නොගිහින් ඉන්න බෑ.නිකං හිතන්නකෝ රනිල් තමයි ඊළග ජනාධිපති අපේක්ෂකයා කියලා එලිපිට කියන කණ්ඩායමට ගිහින් පොහොට්ටුව ඇතුලේ මුළු ගැන්විලා ඉන්න සිද්ධ වෙන්නේ නැද්ද කියලා. දැන් පොහොට්ටුව පැත්තෙන් ඊළග ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා කතා කිරීමත් තහනම් කරලා.දැන් රනිල් තමන් නිර්පාක්ෂික ජනාධිපති කියන පණිවිඩය දෙනවා.රනිල් තවමත් නිර්පාක්ෂික ජනාධිපති භූමිකාවට සාධාරණය ඉෂ්ඨ කළේ නැති උනත් අද රනිල්ට එහෙම කියන්න හරි සිද්ධ වෙලා තියනවා.ඇත්තටම ඒක හොදයි.හැබැයි රට නැවත යථාවත් වෙනකොට තමන්ගේ දේශපාලන පෞරුෂය වෙන කණ්ඩායමකට කොල්ල කන්න දෙන එක වැරදියි. මොකද ජනතාවට මේ වෙලාවේ රනිල් පෙන්නන්න ඕනි රනිල්ගේ ආණ්ඩුවක් තියනවා කියලා මිසක් රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ ඉත්තෙක් කියන එක නෙවෙයි.

ඒ ආණ්ඩුවේ අඩු පාඩුකම් ඕනි තරම් තියෙන්න පුළුවන්,පරන හොරු තක්කඩි තවමත් ඉන්නවා වෙන්නත් පුළුවන්.හැබැයි රනිල්ගේ ආණ්ඩුව කියන හැගීම ජනතාවට දෙන එකයි රනිල්ට වැදගත්.රනිල් ආණ්ඩුවේ මැයි දින සමරුවක් තියලා ආණ්ඩු ක්‍රියාවලියේ ඉන්න පිරිස එක මිටකට අරන් පෙන්නන්න බැරිවීමෙන් වෙන්නේ මේ ආණ්ඩුව තවමත් රාජපක්ෂලා මෙහෙයවන එකක් බවට ජනමනස ඇතුලේ අර්ථ නිරූපනයවීමයි.එතකොට රනිල් රාජපක්ෂලාට යටවුණ, රාජපක්ෂලාට අවශ්‍ය විදිහට කටයුතු කරන දුර්වල දේශපාලන චරිතයක් විදිහට Brand වීම නතර කරන්න බෑ.ඒ රනිල්ගේ ඉදිරි සැලසුම්වලට රනිල්ම කරගන්න බරපතල බාධාවක්.පොදු එකඟතාවයෙන් කරන දේකට රනිල් සක්‍රීයව දායකවුනා නං ඒ තත්වය ඇති වෙන්නේ නෑ.ඒක නිසා රනිල් විසින්ම රනිල් එක්ක ඉන්න පොහොට්ටුවේ කණ්ඩායමට යන එනමං නැති කරලා තියනවා.

එයාලට එජාප මැයි දිනයට යන එක කරන්න බෑ.ඒක නිසයි එයාලට තැනක් ඕනි වෙන්නේ.ඒක ආණ්‌ඩුවේ තැනක් විදිහට හදන්න කිසිම බාධාවක් තිබුණේ නෑ.හැබැයි අවසානයට එයාලට වෙන්නේ රාජපක්ෂලා ඉස්සරහා දෙකට තුනට නැමිලා පොහොට්ටුව ඇතුලට රිංගන්න.අනික තමයි රනිල් IMF පනත ජයග්‍රහණය කිරීමෙන් පස්සේ යන්න ඕනි ඊළග පියවර ගැන කතා කරන්න තිබුණ හොඳම දේශපාලන වේදිකාව රනිල්ට නැතිවෙලා තියනවා. රනිල් පොහොට්ටුවේ ප්‍රාණ ඇපකාරයෙක් විදිහට පෙනීම මැයි දිනයෙන් පස්සේ රනිල්ට මුහුණ දෙන්න වෙන බරපතල දේශපාලන අවාසියක්. වැඩේ තියෙන්නෙ දැන් මේක හරි ගස්සන්න වෙලාවකුත් රනිල්ට නෑ.ඒ නිසා රටේ රාළට රනිල්ට එක පැහැදිලි අනතුරු ඇඟවීමක් කරනවා.රටේ නිර්මාණය වෙන මේ වෙනස් තත්වයන් විසින් ඕනිම වෙලාවක අනතුරුදායකය තත්වයන් නිර්මාණය වෙන්න පුළුවන්.මොකද රනිල් විරෝධීන් වෙනමම සංවිධානය වෙද්දී රනිල් ජනාධිපති කරපු කණ්ඩායමත් රනිල්ට ආරක්ෂිත නොවන කදවුරකට ගාල්වීම රනිල්ගේ දේශපාලනයට බරපතල ලෙස අනතුරුදායකයි.

ඒ ක්‍රියාවලිය විසින් ජනමනසට යන්නේ මේක දුර්වල ආණ්ඩුවක් කියන පණිවිඩය.රටේ රාළ කියන්නේ පොහොට්ටුව ඇතුලේ තිබුණ දෝලනය තමන්ට වාසිදායක විදිහට හරවා ගන්න තිබුණ අවස්ථාවක් රනිල් අතින් ගිළිහිලා ගියා කියලයි.කොහොම උනත් පොහොට්ටුවට මහා ජනගඟක් ගලයි කියලා රටේ රාළ හීනෙන්වත් හිතන්නේ නෑ.ඒක ජවිපෙ මැයි රැලිය සහ පෙලපාලිය එක්ක සන්සන්දනය කරද්දී අහසට පොලොව වගේ වෙනස්.හැබැයි රනිල්ට මෙතනදී තෝරන්න තවත් උපක්‍රමයක් තිබුණා.අඩුම ගානේ පොහොට්ටුවට සමාන හෝ පොහොට්ටුව අභිබවා යන මට්ටමේ මැයි රැලියක් එජාපයට සංවිධානය කරන්න තිබුණා.ඇත්තටම ඒක කරන්න පුළුවන්කමත් තිබුණා. සමහරවිට මේ තත්වය මෙහෙම උනා කියන එක රනිල්ට දැනෙනවාත් ඇති.රනිල් දැන් මේ තත්වය මඟහැරියා වෙන්නත් පුළුවන්.එජාපයේ බැරිකම රටේ රාළට වැඩිය හොදට රනිල් දන්නවා. කොහොම උනත් මෙතනදී එක ඇත්තක් පිලිගන්න වෙනවා.

තවමත් මතුවෙන දේශපාලන අවස්ථා රනිල්ට වාසිදායක විදිහට කළමණාකරය කරන්න රනිල් සහ එජාපය අසමත්.ඒක මන්ත්‍රීධූර ගණනේ ප්‍රශ්නයටත් වඩා එයාලා පාව්චි කරන උපක්‍රමවල දුර්වලකමක් විදිහටයි රටේ රාළ නං දකින්නේ.මගහැරුණා මේ අවස්ථාව ගන්න දැන් රනිලට තියන එකමදේ ජනාධිපති විදිහට ජාතිය අමතමින් රටට විශේෂ ප්‍රකාශයක් කිරීම විතරයි.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.

රනිල් රාඡපක්ෂ දූෂිත ආන්ඩුව පන්නමු 2023

ප්‍රවීණ රංගන ශිල්පී ජී ආර් පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය. ඔහු අභාවප්‍රාප්ත වන විට 84 වැනි වියේ පසුවිය.
01/05/2023

ප්‍රවීණ රංගන ශිල්පී ජී ආර් පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය.

ඔහු අභාවප්‍රාප්ත වන විට 84 වැනි වියේ පසුවිය.

Address


Telephone

+94757949354

Website

Alerts

Be the first to know and let us send you an email when News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to News:

  • Want your business to be the top-listed Media Company?

Share