09/02/2024
කොවිඩ් සමයේදී මෙරට ආනයනය කරන ලද එන්නත් පිලිබදව නැවත වරක් කතා බහක් ඇති වී තිබෙන අතර, එමගින් කොමිස් මුදල් ලබා ගැනීමක් පිලිබදව වාර්තාවක් ගැන අවධානය යොමු විය.
සමාජ මාධ්‍ය සටහන්
අහිංසක ජනතාවගේ බදු මුදල් කොමිස් ලෙස ගෙන එම මුදල් විදෙස් බැංකු ගිණුම් වල තැන්පත් කරගෙන ඉන්න තවත් තක්කඩියෙක් තමයි මේ.මොහුටත් නිතිය ක්‍රියාත්මකවනතුරු ජනතාව අවදියෙන් යන ශීර්ෂය යටතේ මෙලෙස සදහන් වී තිබිණි.
හොර බෙහෙත් ගෙන්නලා වැඩේ මාට්ටු වෙලා.
කොරෝනා වලට විදින්න ගෙනාපු බෙහෙත් මිලියන ගානක් කොමිස් මුදල් වලට ගෙනැල්ලා අන්තිමට කල් ඉකුත් වෙලා බිලියන ගානක් වටිනා බෙහෙත් විනාශ කරන්න වුණා.
මේ වැඩේ කරේ ප්‍රසන්න ගුණසේන කියන මේ හොර තක්කඩියා. මොහුගේ විදෙස් ගිණුම් පරික්ෂා කරා නම් හොරාකාපු කොමිස් කුට්ටි ඒ ගිණුම් වල ඇති. මොහුටත් නීතිය ක්‍රියාත්මක වන තුරු ජනතාව අවධියෙන්.
මුලාශ්‍ර - https://web.facebook.com/story.php?story_fbid=pfbid035TgwmzgPSmC6ft3QAvEJ59x38UmKvoJ9h895rqX4m5SCBG4fftHPRiSyBhKYuJrml&id=61556423181518&sfnsn=wa&mibextid=RUbZ1f&paipv=0&eav=AfYqOyitwrTxGjD0ppbsfs8dm7wVrHdBT75R7VZ7gA0EHYY9gQIwlo2DK9evyOw9t3w&_rdc=1&_rdr
තොරතුරු විමර්ශනය
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයෙකු ලෙස කටයුතු කරන ලද වෛද්‍ය ප්‍රසන්න ගුණසේකර මහතා ඉලක්ක කරමින් එල්ලවූ චෝදනාව පිලිබදව අප අවධානය යොමු කරන ලදී.
මෙහිදී අනාවරණය වූ ප්‍රධාන කරුණ වන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ඖෂධයක මිල තීරණය කිරීමේ කිසිදු බලයක් නොමැති බවයි. රජයේ ප්‍රසම්පාදන නීති හා රෙගුලාසි වලට අනුව මිල තීරණය කිරීම සිදු කරනු ලබන්නේ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද මිල තීරණය කිරීම සදහා පත් කරනු ලබන උසස් නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් මගිනි. එලෙස සයිනොෆාම් හා අනෙකුත් එන්නත් සදහා මිල තීරණය කරන ලද කමිටුවේ සාමාජිකයින් ලෙස
▪️ බලශක්ති අමාත්‍යංශයේ ලේකම්
▪️මුදල් අමාත්‍යාංශයේ නියොජ්‍ය ලේකම් ,
▪️සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්,
▪️සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්,
▪️වසංගත රෝග විශේෂඥ අංශයේ ප්‍රධානිය
▪️චීන තානාපති කාර්යාලයේ තානාපති තුමා සහ පළමු නිලධාරියා.
විසින් කටයුතු කරන ලද අතර, මෙම රාජ්‍ය ප්‍රසම්පාදනයේදී මිල තීන්දු කිරීමේ සම්පුර්ණ වගකීම මෙම කමිටුව විසින් දරන ලදී. එහිදී මෙම මිල තීරණය කිරීම සම්බන්දයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට හෝ එහි සේවය කරන නිලධාරීන්ට චෝදනා එල්ල කිරීම පදනම් විරහිත වේ.
මෙහිදී එල්ලවන තවත් චෝදනාවක් වනුයේ වැඩි මිලට එන්නත් මිලට ගැනීම වේ. එය සනාථ කර ගැනීමට Fact Research අප Unicef ආයතනයේ නිල වෙබ් අඩවිය පරික්ෂා කරන ලදී.
මුලාශ්‍ර - https://www.unicef.org/supply/covid-19-vaccine-market-dashboard
එහිදී අනාවරණය වුයේ ඩොලර් 15 කට වඩා වැඩි මිලකට ස්යිනොෆාම් එන්නත මිලට ගත් අතර, ශ්‍රී ලංකාව එම දත්ත අනුව අවම මිල වන ඩොලර් 15 කට මිලට ගත් බවයි. ඩොලර් 15 ක මිලට ශ්‍රී ලංකාව විසින් මාත්‍රා මිලියන 4 ක් මිලට ගත් අතර, ශ්‍රී ලංකා රජය විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව මාත්‍රා මිලියන 2 ක් නොමිලේ ලබා දීමට චීන රජය පහසුකම් සලසා දුනි.
තවද එවකට ජනාධිපතිවරයාගේ විශේෂ ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීමක් ලෙස රජය විසින් මිලට ගත් සියළුම මාත්‍රා ඩොලර් 7 කට ලබා දුන් අතර, එම මිලට මාත්‍රා මිලියන 19 ක් ශ්‍රී ලංකාවට මිලට ගැනීමට හැකි විය.
ඒ අනුව සමස්ථයක් ලෙස ශ්‍රී ලංකාව සයිනොෆාම් මාත්‍රාවක් මිලට ගැනීම සදහා වැය කර ඇත්තේ ඩොලර් 7.24 ක මුදලක් වන අතර, එය චීනය විසින් වෙනත් රටකට ලබා දුන් අවම මිල ගණන් වේ. එබැවින් යම් කෙනෙකු හට වැඩි මිලට එන්නත් මිලට ගත් බවට චෝදනා එල්ල කිරීම පදනම් විරහිත වේ.
මෙහිදී පැන නැගෙන තවත් කරුණක් වන්නේ ප්‍රමාද වී එන්නත්කරණය ශ්‍රී ලංකාව ආරම්භ කරන ලද්දේ ද යන්නයි. එංගලන්තය විසින් සිය පළමු මාත්‍රාව ලබා දීම ආරම්භ කරන ලද්දේ 2020 දෙසැම්බර් මස 8 වන දින වන අතර, ශ්‍රී ලංකාව පළමු මාත්‍රාව ලබා දීම ආරම්භ කරන ලද්දේ 2021 ජනවාරි 28 වන දිනය. නමුත් තෙවන මාත්‍රාව ලබා දීම එංගලන්තය විසින් 2021 අග වන විට ආරම්භ කරන අවස්ථාවේදීම ශ්‍රී ලංකාවේ ද, තෙවැනි මාත්‍රාව ලබා දීම ආරම්භ කරන ලදී. නමුත් සිව්වෙනි මාත්‍රාව ලබා දීම එංගලන්තය ලබා දෙන විට ශ්‍රී ලංකාවේ ඒ වන විටත් සිව්වැනි මාත්‍රාව ලබා දීම සිදු කරමින් පැවතීම අගය කල යුතු වේ.
ශ්‍රී ලංකාවේ එන්නත්කරණයේ සාර්ථකත්වය පිලිබදව Fact Research විසින් පල කරන ලද ලිපිය
https://web.facebook.com/factresearch.lk/photos/pb.100064937835447.-2207520000/234608462026925/?type=3
ශ්‍රී ලංකාව විසින් වැඩිපුර මාත්‍රා ඇනවුම් කර මහජන මුදල් නාස්ති කිරීමක් ලෙස යම් චෝදනාවක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙත ඉදිරිපත් කර තිබීමද කණගාටුදායක තත්වයකි. ශ්‍රී ලංකාවට ගෙනන ලද එන්නත් වර්ගය හා ප්‍රමාණය තීරණය කරනු ලබන්නේ විශේෂ කමිටුවක් මගින් ගන්නා ලද තීරණයක් මගින් වේ. CCD (Committee for Communicable disease) කමිටුව නියෝජනය කරන විශේශඥ වෛද්‍යවරු 40 කට අධික පිරිසක් විසින් අවශ්‍යතාව හා අනාගත ඉල්ලුම, ලබා ගැනීමේ පහසුව, ආදී කරුණු සලකා බලමින් නිර්දේශ කරන්නාවූ එන්නත් හා එන්නත් ප්‍රමාණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයිම් අංශයෙන් ඇනවුමක් ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙත ලැබෙනු ඇත. එම ඇනවුමට අදාල ලිපිලේඛන හා අනෙකුත් නිර්ණායක සැකසීම පමණක් සිදු කරන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පදනම්විරහිත චෝදනා එල්ල කිරීම පුදුම සහගත වේ.
තවද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හා බැදුණු ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිරීක්ෂණය සිදු කර අල්ලස් හා දුෂණ විරෝධී වගන්ති වලට අනුකුලව පවතින බැවින් ආසියානු සංවර්ධන බැංකුව විසින් මෙම මුළු එන්නත් ප්‍රමාණයේ ම මුදල් පියවා ගැනීමට රජයට ණය මුදලක් ලබා දීම මෙම කොරෝනා එන්නත් ප්‍රසම්පාදන කටයුතු වඩාත් නිවැරදිව සිදු වූ බවට සාක්ෂියක් වන්නේ ය.
නිගමනය
කොවිඩ් එන්නත් මාත්‍රා මිලට ගැනීමේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් කොමිස් මුදල් ලබා ගැනීමෙන් රජයට පාඩුවක් සිදුව ඇති බවට චෝදනා කරමින්, පුද්ගලික නාමයන් අලලා මඩ ප්‍රචාර සිදු කරමින් සමාජ මාධ්‍ය තුළ අසත්‍ය පුවත් සංසරණය වන බවට ඉහත නිරීක්ෂණයන් හරහා පැහැදිලි වනු ඇත.