23/06/2024
ශ්‍රී ලංකාවේ අපිට සිංහල type කරන්න බොහොමයක් සිංහල keyboard apps තිබුණත් මේ වෙනකොට විශ්වසනීයත්වයෙන් යුතුව භාවිතා කරන්න පුලුවන් keyboards apps තියෙන්නෙ එකක් දෙකක් පමණයි.
අද ඉඳලා ශ්‍රී ලාංකිකයන්ට සහ සිහල භාෂාවෙන් අකුරු කරන ලොව නන් දෙස සිටින ඕනෑම කෙනෙකුට විශ්වසනීයත්වයෙන් යුතුව සිංහල අකුරු කරන්න පුළුවන් තවත් සිංහල keyboard එකක් release වෙලා තියෙනවා. ඒ Sajeewa Randula Dissanayake ප්‍රමුඛ Raybeam Digital කණ්ඩායම නිකුත් කරපු Sihala Keyboard app එකත් එක්ක.
මේක බොහොම basic keyboard එකක්. මේකෙ word suggetions පහසුකම නම් නැහැ.. මොකද මේ keyboard එකේ කිසිම access එකක් ගන්නෙ නැති නිසා. මේක හරියන්නෙ අවශ්‍ය වෙලාවට සිංහලෙන් Type කරන්න.. මොකද Word Prediction එක නැතුව මේක Primary keyboard එක විදිහට පාවිච්චි කරන්න කෙනෙක්ට අමාරු වෙයි.
දැනට iOS වලට විතරක් නිකුත් කරලා තියෙන මේ සිහල keyboard app එක නුදුරේදීම Android වලටත් ලබා දෙනවා කියල තමයි සජීව ඔහුගේ Facebook එකේ සටහනක් තියල සඳහන් කරලා තිබුනේ. iOS use කරන අයට පුලුවන් පල්ලෙහා link එකෙන් ගිහිං සිහල app එක download කරගෙන පාවිච්චි කරන්න.
https://apps.apple.com/us/app/sihala/id6504684344
මතක ඇතුව, ඔයාලට එන bugs, අදහස් යෝජනා චෝදනා direct සජීවට හරි Sihala Keyboard එකට හරි අනිවාර්යෙන් කියන්න. අළුතෙන්ම ආපු keyboard එකක් නිසා පොඩි පොඩි දේවල් තියෙන්න පුලුවන් හදාගන්න.
එහෙනම් "සි හ ල" Try කරන්න !
©️ Copied from Android වැඩකාරයෝ