What’s Up SL

  • Home
  • What’s Up SL

What’s Up SL What's Up Sri Lanka

සමහර මිනිස්සු අපේ ජීවිත වලට එන්නේ වෙස් වලාගෙන.... ඇත්ත සතාව හංගගෙන... ආදරෙයි කිය කිය රගපාගෙන  අවංක හිත් එක්ක සෙල්ලම් කරන...
20/12/2025

සමහර මිනිස්සු අපේ ජීවිත වලට එන්නේ වෙස් වලාගෙන.... ඇත්ත සතාව හංගගෙන... ආදරෙයි කිය කිය රගපාගෙන අවංක හිත් එක්ක සෙල්ලම් කරන එක.... ඇත්තටම මන් ඒ වගෙ මිනිසුන්ට කියන්න ඕන නම නම් දන්නේ නෑ... හැබැයි මට ඒවගෙ අය, මිනිස්සු කියල නම් හිතන්න අමාරුයි..... !

මගේ ජිවිතේ එක් කාල සීමාවකදි මටත් ඒ වගේ ආත්මයක් හමුවුනා..... නොසෑහෙන්න ආදරේ කරා.... විශ්වාස කරා.... මගෙ ජිවිතේ වටිනාම කියන දේවල් මට කැප කරන්න සිද්ද උනා....

ඔව්.... හැමෝම මට බැන්නා.... මාව විවේචනය කරා... මට දොස් කිව්වා... මගෙ දෙමාපියන් ට දොස් කිව්වා.. ඒ වගේම මට හොදත් කිව්වා... අවවාදත් දුන්නා... මන් දන්න නොඅදුනන ගොඩක් මිනිස්සු මට කතා කරා.... ඒ හැමෝටම ගොඩක් ස්තූතියි... මොනම හරි හේතුවකට උනත් ඇත්ත පෙන්නන්න ගොඩක් උත්සාහ කරාට.... අපි කවුරුත් අවන්කව ආදරය කරද්දි අන්ද වෙනවනේ... මටත් උනේ ඒකයි....

ඒ වගේ මිනිසුන් ට කොච්චර අපි වටිනාකමක් ආදරයක් ගෞරවයක් දුන්නත් මනුස්සකමක් ගෑවිලාවත් නැති එවුන් වගේ හැසිරෙන්නේ පවටද කියන්න මන් දන්නේ නෑ..... අවන්කව ආදරයක් ලැබෙද්දී අඩුම ඒ මනුෂ්‍යත්වය වෙනුවෙන් වත් වටිනාකමක් දෙන්නෙ නැතිව තිරිසන්නු වගේ තමන්ගේ ගැහැනිය ලගින් ඉද්දිත් කුමන හෝ අරමුණකට වෙනත් ගැහැනු හොයාගෙන යන්නේ උන්ගෙ තියන අඩු මානසිකත්වය නිසාද නැත්තන්... එක හිතක් මත්තේ නැහෙන්න වගකීම් ගන්න බැදීම වලට ගෞරවයක් දෙන්න බැරි තරම් පහත් දුර්වල පෞර්ශත්වයක් තියෙන නිසාද නැත්තන්.. කොච්චර උනත් කැලේ මාරු උනාට කොටියගෙ පුල්ලී මාරු වෙන්නේ නැති නිසා වෙන්නත් ඇති නේද... ?

මන් මෙහෙම post එකක් දාන පලවෙනි වතාව.... ඔව්... මේක මගෙ පෞද්ගලික කාරනයක් සම්බන්ධව තමයි...හැබැයි මේක මුලු රටක් කතාබහට ලක් උන social medias වල දවස් ගනන් මාස ගනන් කතා කරපු දෙයක්... ඒ නිසයි මෙහෙම post එකක් දාන්න හේතුව... මොකද මෙතනින් පස්සේවත් අනවශ්‍ය ප්‍රශ්න අහන්න හිතන් ඉන්න අයට මන් හිතනවා දැන් යමි කිසි දැනුවතය් වීමක් ඇති කියලා..... මේ සම්බන්ධයෙන් මට මිනිස්සු බැන්නත් නැවත විවේචනය කරත්.. මෙක තමයි ඇත්ත... 🙏🏻

ඉතින් ,
බොහෝ වේදනාත්මක කාල වකවානුවකට පසු මම තේරුම් ගත් එකම දේ,
අපි
ආදරේ කරන්න ඕන කැපවෙන්න ඕන
තමන්ට කියලා ආත්ම ගරුත්වයක් තියන මිනිහෙක්ට විතරයි කියලා,,…

04/12/2025

සීයාත් එක්ක Test Run එකක් ගියා 😂😂

02/12/2025

අද දිනයේ.. විපක්ෂයේ නුවර මන්ත්‍රීවරුන් එකතු වෙලා නුවර ආධාර බෙදා දිමට විරුද්ද වෙයි...නුවර කොල්ලො ටික කරන වැඩේට අකුල් හෙලන විපක්ෂය.... නුගත් මිනිසුන්ගේ ජන්දෙන් ආපු මීහරක්... මේ වගේ .. පො&-ට ජනෙදෙ දෙන්න ඉස්සලා එපාරක් නෙමේ තුන්පාරක් වත් හිතන්න.. 💔💔 පුලුවන් තරම් ශේයා කරන්න..

30/11/2025

Just a nation trying to rise😢💔

රත්නපුර පැල්මඩුල්ල ගමේ කඩේ කියන හෝටලයේ නරුමයින් විසින් මේ මහ වැස්සේ සීතලේ කුසගින්නට බත් කටක් හොයාගෙන ආපු අහිංසක බල්ලෙක්ට...
30/11/2025

රත්නපුර පැල්මඩුල්ල ගමේ කඩේ කියන හෝටලයේ නරුමයින් විසින් මේ මහ වැස්සේ සීතලේ කුසගින්නට බත් කටක් හොයාගෙන ආපු අහිංසක බල්ලෙක්ට යකඩ පොල්ලකින් 4 පාරක් ගහලා මරලා දාලා.

මේ නරුමයන්ට නීතිය ක්‍රියාත්මක කරන්නට සහය අවශ්‍යයිེ.

මේ වගේ කාලකන්නි නිසා තමයි මේ රටට මේ වගේ භයානක ස්වභාවික විපත් එන්නේ.

මේ හෝටලය වසා දමන තැනට කටයුතු කල යුතුයි.
Source - Rajapaksha

30/11/2025

අපේ රටේ මිනිස්සුන්ට තියෙන්නේ උතුරන මනුස්සකමක් ! 🥺❤️🫂

29/11/2025

එයාව බෙරගත්ත හැමොටම පින් ❤️

29/11/2025

මේ රාත්‍රිය නිමා වී හෙට ඉර උදාවන විට, මගේ පුංචි රටේ දුක් කම් කටොළු නිරාකරණය වේවා! ❤️‍🩹🥺

උඩරට දුම්රිය මාර්ගයේ "බලන" ප්‍රදේශයේ රේල් පාර "එල්ලෙන වැල් පාලමක්" වෙයි! 🚂⚠️​පවතින අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් උඩරට දුම...
28/11/2025

උඩරට දුම්රිය මාර්ගයේ "බලන" ප්‍රදේශයේ රේල් පාර "එල්ලෙන වැල් පාලමක්" වෙයි! 🚂⚠️

​පවතින අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ, බලන දුම්රිය ස්ථානය ආසන්නයේ පස් කඳු කඩා වැටීම නිසා දුම්රිය මාර්ගය මෙලෙස අහසේ එල්ලෙන අනතුරුදායක තත්වයකට පත්ව තිබේ.

​මේ දිනවල උඩරට දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා මගීන් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිවේදන ගැන අවධානයෙන් සිටින්න.

​(ඡායාරූප උපුටා ගැනීමකි - අයිතිය මුල් හිමිකරු සතුයි) 📷

27/11/2025

ඇස්වල කඳුළු පුරවන් fb ඉහල පහල යන රටවල් වල තනිවුන මන් වගේ තව කි දෙනෙක් ඇතිද 😢😢🙏🙏 ඉක්මනින් මගේ රට රැකදේවා 🙏🙏😢දෙවියනේ😢🙏

🚨 හදිසි ජල නිකුත් කිරීමේ නිවේදනයයි - වික්ටෝරියා ජලාශය​මේ වන විට වික්ටෝරියා ජලාශයේ වාර්තාගත මට්ටමේ ජල මුදා හැරීමක් සිදු ක...
27/11/2025

🚨 හදිසි ජල නිකුත් කිරීමේ නිවේදනයයි - වික්ටෝරියා ජලාශය

​මේ වන විට වික්ටෝරියා ජලාශයේ වාර්තාගත මට්ටමේ ජල මුදා හැරීමක් සිදු කෙරේ!

​🛑 තත්ත්වය: ස්වයංක්‍රීය වාන් දොරටු අටම (08) තුන්වන මට්ටම (මීටර් 4.7) දක්වා ඉහළට ඔසවා ඇත
🌊 ජල ධාරිතාව: තත්පරයට ඝන අඩි 1,26,700 ක අති විශාල ජල කඳක් පහළට මුදා හැරේ.

​⚠️ විශේෂ අවවාදයයි:
මෙම විශාල ජල කඳ හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම පහළ ප්‍රදේශවලදී හදිසියේ ඉහළ යා හැක. ගඟ දෙපස සහ පහත් බිම්වල වෙසෙන ජනතාව ඉතාමත්ම විමසිලිමත් වන්න. දරුවන් ගඟ ආසන්නයට යැවීමෙන් වළකින්න.
​කරුණාකර මෙම පණිවිඩය Share කර අන් අයව දැනුවත් කරන්න. 🙏📢

Photo : AI generated

එයාලව අමතක කරන්න එපා.හදිස්සියට උස්සන් යන්න අරන් යන්න බැරි නම් කූඩු වලින්,දම්වැල් වලින් හරි නිදහස් කරලා යන්න...🙏
27/11/2025

එයාලව අමතක කරන්න එපා.හදිස්සියට උස්සන් යන්න අරන් යන්න බැරි නම් කූඩු වලින්,දම්වැල් වලින් හරි නිදහස් කරලා යන්න...🙏

Address

Rajagiriya

Telephone

+94760930579

Website

Alerts

Be the first to know and let us send you an email when What’s Up SL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to What’s Up SL:

  • Want your business to be the top-listed Media Company?

Share